FNC TV news

FNC TV news Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FNC TV news, Media/News Company, Colombo.

13/07/2026

මේ වගේ උන් වදපු දෙමවුපියන්ටත් සාපයක්. අහිංසක තමන්ගේ අම්මා වගේ ගුරුවරියක්ගෙන් අහන අමන කතාව. මුන් පරිවාසෙටවත් දාන්න වෙයි. කවද හරි බන්ධනාගාර ඉස්සරහ අම්මලා අඩවන්නේ මුන් තමයි.

09/07/2026

යකෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතින්න කාලේ රනිල් වික්‍රමසිංහ ඉස්සරහ දිවුරුම් දීපු නීතිපති. අනුර කුමාර දිසානායකට තව බැරිවුනා මේ රටේ හොඳ නීතිපති කෙනෙක් පත් කරගන්න ඉතින් රනිල්ගේ නඩුව අහයිද. දැන් නම් මාලිමාව ගැනත් කලකිරීගෙන එන්නේ

05/07/2026

ඔබ වහන්සේගේ මේ දාන පාරමිතාව උතුම් නිවන් පිණිසම හේතු වේවා 🙏🙏🙏

24/06/2026
නම දිනෙත් දිසානායක කිව්වා.ගන්නෝරුවෙ හමුදා කඳවුර ගාවින් ඉහළට පාරේ දිසානායක මුදලිතුමාගේ පුතා කිව්වා. දළදා මාලිගාවෙ එයාලගෙ ...
22/06/2026

නම දිනෙත් දිසානායක කිව්වා.
ගන්නෝරුවෙ හමුදා කඳවුර ගාවින් ඉහළට පාරේ දිසානායක මුදලිතුමාගේ පුතා කිව්වා.
දළදා මාලිගාවෙ එයාලගෙ පවුලෙ ඇතෙකුත් ඉන්නවා කිව්වා.
කටුනායක ගුවන් තොටුපළේ මෘදුකාංග ඉංජිනේරුවෙක් කිව්වා.
වත්තක්,හෝටලයක් තියෙනවා කිව්වා.
මේ ඔක්කොම ඇත්ත කියලා සහතික වෙන්න රඟපෑවා.

කච්චේරියෙ වැඩ කරන ගෑනු කෙනා තිළිණි පත්තරේ විවාහ යෝජනාවකින් බඳින්න හොයාගත්ත දිනිත දිසානායකව ෆිසියෝ තෙරපි වලට කියලා ශ්‍යාමා ළඟට එක්ක යන්නෙ තිළිණිමයි. ඒකෙ අමුතු ප්ලෑන් එකක් තිබ්බා කියලා හීනෙකින් වත් පේන්න තිබ්බෙ නෑ.සාමාන්‍ය සිද්ධියක් විදියට සිද්ධ වුණා..

ටික කාලෙකින් තුන්දෙනා හිතවත් වුණා. ඊට පස්සෙ දිනිත කිව්වා මමයි තිළිනියි ගැලපෙන්නෙ නෑ කියලා.ඒ දෙන්නා දුරස් වුණා. ඒකයි සාමාන්‍ය සිද්ධියක් වගේ සිද්ධ වුණා..

හෙමින් හෙමින් දිනිතයි ශ්‍යාමයි අතරේ ආදරයක් මෝදු වුණා.
ඒකත් සාමාන්‍ය සිද්ධියක් වගේ සිද්ධ වුණා..

දිනිත දිසානායක කිව්වා පෙළපත්වල පවුල්වල නොගැලපීම් හින්දා ශ්‍යාමට දිනිතගෙ ගෙදරින් කැමති වෙන එකක් නෑ කියලා..ඒත් එයා මුළු පවුලම අතෑරලා ශ්‍යාමව අරන් පිටරටකට ගිහින් ජීවත් වෙන්න කැමතියි කියලා..ඒ කියන්නේ දිනිතට මේ ලෝකෙ තියෙන හැම දේකටම වඩා ශ්‍යාමා එක්ක ජීවත් වෙන එක වටිනව කියලා..

මුලින්ම ශ්‍යාමට දැනෙන්න දුන්නා ඔයාට හම්බුනේ කුමාරයෙක්..ඔයා ඉන්නේ ඒ කුමාරයාට වඩා සෑහෙන්න පහළින් කියලා..ඒ වගේම ඔයා කොච්චර වාසනාවන්තද කිව්වොත් ඒ කුමාරයා ඔයා වෙනුවෙන් කිරුළ වුණත් අතහරින්න ලෑස්තියි කියලා..
ඒවත් හරිම සාමාන්‍ය සිද්ධි වගේ සිද්ධ වුණා..

හොයල බැලුවම නුවර ගන්න ඔරුවේ ඔය වගේ ගෙදරක් තියෙනවා. වැඩිය හොයලා බලන්න යන්නත් බෑ මොකද කොහොමත් මුල ඉඳන්ම එයාට පවුලට විරුද්ධ වෙන්න සිද්ධ වෙලා තියෙනවා..ඕනෑවට වඩා හොයන්න ගිහිල්ලා කසාදෙ නොවන ගානට වැඩ සිද්ධ කරගන්න ඕනත් නෑ..

ඒ මදිවට මේ තරුණයා මුලින් කරපු හදිසි ගනුදෙනු හරියට කළා.
අම්මට එයාගේ අම්මට වගේම සැලකුවා..යන එන හැම තැනම ඔය වැගන් ආර් එකේ ඩ්‍රෝන් එකක් තිබ්බා..ඒක උඩ යවලා ගත්ත වීඩියො පෙන්නලා පොඩි එවුන්ගෙ ඩ්‍රෝන් මාමා වුණා..

ඒවත් හරිම සාමාන්‍ය සිද්ධි වගේ සිද්ධ වුණා...

ශ්‍යාමට උසස් තත්වයේ කෑම බීම ඇඳුම් පැළඳුම් හම්බුණා.දිනිත හරිම කෙයාරින් මනුස්සයෙක්..චාමා නිවාඩුවට ගෙදර යනකොට ගිහින් දාලා ආපහු ගියා ඊට පස්සේ නිවාඩු ඉවර වෙලා යනකොට ඇවිත් ආපහු ගිහින් දැම්මා.

සනහර විට ශ්‍යාමට,
"තිහත් පැන්න නේද...දැන් ඉතින් වැඩිය දේවල් හොය හොය හරි හතරැස් මිනිස්සු හොය හොය ඉන්නැතුව මොනවහරි බලන්න" කියල කියපු මිනිස්සුන්ට " මම බඳින්න ඉන්න එක්කෙනා" කියලා කෙනෙක් පෙන්නන්න හම්බවෙන එක අනිත් ඔක්කොටම වඩා ලොකු දෙයක් වෙන්නත් ඇති...

බොරු කොණ්ඩෙ නම් අද කාලෙ ටිකක් සාමාන්‍ය දෙයක්.සමහර තරුණ අය සෙලිබ්‍රිටි ලෙවල් එකේ අය විග් භාවිතා කරන එක සාමාන්‍ය තත්වයක්. ඒක හොයන්නත් බෑ..පෙම්වතිය ඒක දැනගන හිටියා වෙන්නත් පුලුවන් ..ආදරය ඉපදුනාට පස්සෙ ඔය තට්ට බට්ට,ලට්ට ලොට්ට ,අඩු හෝ පාඩු මහ ප්‍රශ්න වගේ පේන්නෑ. සමහර අඩු පාඩු සහ ඇද කුදත් ලකේට පේන්න පටන් ගන්නවා. ආදරේ හරි කාමය හරි මොක හරි අපි කෝකත් තව එකෙක්ට මුළුමනින්ම බැඳුනම එහෙම වෙනවා. කොයි පන්ඩිතයටත් එහෙම වෙනවා.

කරුමෙට කකුල් නෑ.
පයින් එන්න ඕන්නෑ.
හුලඟ වගේ කඩං එන්ඩ
හුඟක් වෙලා යන්නෙ නෑ..

කතරගම දේවාලෙට යනකොට මෙයා දළදා මාලිගාවට සම්බන්ධ ව්‍යාපාරික සංගමයක ඉන්න කෙනෙක් හැටියට කතරගම දේවාලෙ කවුරුහරි මෙයාව අඳුනගත්තොත් ප්‍රශ්නයක් වෙයි කියලා මෙයා කියනවා..මාස්ක් එකක්වත් දාගන්න ඕන මාව අඳුන ගත්තොත් අනවශ්‍ය කලබලයක් වෙනවා කියලා කියපු මනුස්සයා,දේවාලෙදි කපු මහත්තයෙක් එක්ක කතා කරල මොකක්දෝ අමුතු වැඩක් කරලා මෙයාලව මහ දේවාලේ ඇතුලෙම පූජාවටත් දානවා..

ඒ හැමදේම හරිම සාමාන්‍ය සිද්ධි වගේ සිද්ධ වෙනවා..
ඔය සිද්ධි වනැස නාලිකාවෙ ශ්‍යාමගෙ අයියා කියනවා..

කොහොම හරි මේ වෙනකොට මේ මනුස්සයා බොරුකාරයෙක් බවත් එයාගේ බොරුවල දිග පළලත් යම් යම් මට්ටම් වලින් අනාවරණය වෙලා තියෙනවා.

ඇත්තටම ශ්‍යාමගෙ මරණය මි නී මැ රු ම ක් ද නැද්ද කියලත් හරි තීන්දුවක් නෑ.
කොහොම නමුත් හුඟක් අයගෙ හිත් කියනවා. ශ්‍යාමව මැ රු වා කියලා..

ශ්‍යාමගෙ දේහයේ කකුලේ ලේන්සුවකින් වහලා බැඳලා තිබුණා කියන කැනියුලා එක හෙට අනිද්දා අමුතු කතාවක් එලියට ගේන්නත් ඉඩ තියෙනවා.

වැගන්ආර් එකේ අයිතිකාරයා අර කච්චේරියේ වැඩ කරන තිළිනි කියලා කිව්වම හරිම සාමාන්‍යයි වගේ පෙනුණු සිත්ති ගොඩක අසාමාන්‍යම පළවෙනි සිද්ධිය...හීක් ගැවිල අපට කල්පනාවට එනවා...

ශ්‍යාමට මේ පුද්ගලයා ගැන සැක හිතෙන්නේ කොතනද කියලා අපි දන්නේ නෑ.

අදාළ කෝටි එකහමාර සම්බන්ධයෙන් ඒ දෙන්නා අතර ඇති වූ ප්‍රශ්න අපි දන්නේ නෑ..කවද හරි ඔය පුද්ගලයා අත්අඩංගුවට පත්වුණාට පස්සේ සමහරවිට පාපොච්චාරණය කරයි.

දැන් මං මේ හෑල්ල ලිව්වේ ඔය එකක්වත් කියන්න නෙවෙයි..

හුඟාක් අය මේ වෙලාවේ කියනවා "ශ්‍යාමට ඉගෙන ගත්තට මොළේ තිබිලා නෑ" කියලා.
"ඒ පවුලෙ අයවත් ශ්‍යාමවත් ඉලක්ක කරගෙන මිනිස්සු මෙච්චර මෝඩද කියලා අහනවා..

ඔය ප්‍රශ්න දෙකම අහන අපි හැමෝම දැන් දන්නවා දිනිත කියන නමේ සිට ඌ තනිකරම බොරුවක් බව. .හැබැයි ෂාම සම්බන්ධ හැම සිද්ධියක්ම සිද්ධ වුණේ "හරිම සාමාන්‍ය සිද්ධියක්" වගේ..

ඒවා මොකුත් අසාමාන්‍ය විදිහට සිද්ධ වුණේ නෑ.අසාමාන්‍ය වේගයකින් දේවල් ගමන් කරන බව ශ්‍යාමට තේරුනේ නෑ.

ඒ මොකද දන්නවද...
සාමාන්‍ය සිද්ධි දාමයක් සාමාන්‍ය විදියට ගලාගෙන යද්දී යද්දි ඒක ඇතුළෙ අසාමාන්‍ය දෙයක් සිද්ධ වුණොත් සාමාන්‍ය මිනිස්සු වෙන අපිට සාමාන්‍යයෙන් ඉවක් එනවා..

ඒත් සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරපු සිද්ධි දාමයක් ඇතුලේ අපි " ගොදුර" හැටියට ගමන් කරනකොට අපිට පෙනෙන්නෙ ඇහෙන්නෙ දැනෙන්නේ දඩයක්කාරයෝ සංවිධානය කරපු දේවල් විතරයි..

හරිම සූක්ෂම විදියට මුලදිම ඔයා මට වඩා අඩු මට්ටමක කෙනෙක් බවත් නමුත් මම ඔයා වෙනුවෙන් සියල්ල අතහරින්න සූදානම් බවත් ඒත්තු ගැන්නුවාට පස්සේ " මොනව වුණත්" කියන එක ඇවිල්ලා සමහර දේවල් ප්‍රශ්න කරන එක පවා නැවතිලා යනවා..

ශ්‍යාමා මානසික රෝගී චිකිත්සාව පවා ඉගෙන ගෙන තියෙනවා කියලා කියනවා.

ඒ මොක ඉගෙන ගත්තත් අපි කවුරුත් සැලසුම් සහගත වංචනිකයින්‍ට අහු නොවී ඉන්න ඉගෙනගෙන නෑ.

දඩයක්කාරයා ශ්‍යාමා කියන දඩයමට ආවේ පුරුදු වෙන්න නෙමෙයි..ඌ පුරුදුකාරයෙක්.පුහුණුව ලත් එකෙක්.

අනිත් අතට සමහර කාලවල අපි ඇති කරගත්ත සම්බන්ධකම් ගැන පසු කාලීනව අපිට හිතෙනවා මොන මගුලකට මං ඒ සම්බන්ධය ඇතිඇතිකරගත්තද දන්නෑ කියලා..

මොන මගුලකට මං ඒ මනුස්සයාට ලව් කළාද දන්නෑ කියලා..

ශ්‍යාමගෙ කතාව මේ ඉවර වුනු විදිහට ඉවර නොවුනා නම් ශ්‍යාමත් දවසක එහෙම හිතන්න ඉඩ තිබුණා.

උගත් බුද්ධිමත් නමුත් ඒ සිද්ධියේදි,ඒ සම්බන්ධ කමේදී මගේ උගත්කමයි බුද්ධියයි ස්වභාවික ඥානයයි ඉවයි ඔක්කොම මොන මඟුලක ගිහින් තිබ්බද කියලා හිතෙන වර්ග සම්බන්ධකම් ඇතිවුණ තව අය මේ ලෝකෙ ඉන්නවා.

වාසනාවකට වගේ එයාලගේ කතා ශ්‍යාමගෙ කතාව වගේ ජීවිතෙන් ඉවර වුණේ නෑ..ඒවා අහිමි වූ මුදලකින් හරි ජිවිත කාලයටම සුව නොවෙන මානසික තුවාලයි එක්ක ඉවර වුණා. සමහර ඒවා ඉවර වුනේ සදාකාලික අවනම්බුවක් එක්ක..ඒ කොහොම උනත් ජීවිතේ ඉතුරු වුණා..

මෙතැනදී සමහරවිට දඩයක්කාරයක් බලාපොරොත්තු නොවුණු පරිදි ශ්‍යාමගෙ කතාව ඉවරම වුණා..

මේකෙන් මට තේරුනේ කාරණා දෙකයි..එකක් සැලසුම් සහගතව මිනිස්සුන්ව දඩයම් කරන දඩයකාරයො අපි අතරම ඉන්නවා.

මට අනුව මේක සංවිධානාත්මක අපරාධයක්..
සමහරවිට අපි හිතනවට වඩා මේකෙ අක්මුල් දරුණු වෙන්න පුළුවන්..මේ වගෙ තව අය ඉන්න පුලුවන් ..

අනිත් කාරණාව තමයි සැලසුම් සහගත සංවිධානාත්මක අපරාධකාරයෙකුට අහු උන මනුස්සයෙක් කියන්නෙ "මෝඩයෙක්" නෙවෙයි.

එක්කො එයා " අහිංසක " වැඩියි.
එක්කො අපරාධකාරයා " සූක්ෂම " වැඩියි..

ඒත් නැත්තං ඔය ඔක්කොටම වඩා කර්මය ලොකුයි..

මට අනුව ශ්‍යාමා ගොදුරක්..මෝඩියෙක් නෙවෙයි..

ඇය ඇත්තටම ආදරය කරන්න ඇති.ආදරේ කරන්න ගත්තම මිනිස්සු ඇස් පියාගෙන මිනිස්සුන්ව විශ්වාස කරනවා.ඒක කොච්චර මෝඩකමක් වුණත් ඒක වෙන්නේ එහෙම තමයි. කෝටි එක හමාරක් දෙන්නෙ විසේට නෙවෙයි..ආදරේට.විවාහ වෙලා රට යන්න.විවාහ වෙන්නෙ නකි වෙලා මැරෙනකම්ම එකට ජීවත් වෙන්න..

අපිට දහසකුත් එකක් අර්ථකථන තියෙන්න පුළුවන්.ඔයාට ඒ තියෙන හැම අදහසක්ම ඔයාට අනුව හරි...

හැබැයි ශ්‍යාමා මෝඩකමට අහුවුනා කියන එක හැර ...

ශ්‍යාමා අහුවුණා නෙවෙයි ..ශ්‍යාමව අහුකළා. ඒ තැන කොච්චර සූක්ෂමද කියල කිව්වොත්..ඒ දැල වූයේ ඔයාට නම් ඔයා උනත් අහුවෙන්න පුළුවන් තරමට ඒක සියුම්..සූක්ෂමයි.

සැකයක් ඇති උනත් ඒක ප්‍රශ්ණ කරන්න ඉස්සර ඒ සැකය දුරු වෙන විදියට වැඩ කරන්න එයාලට පුළුවන්..නැත්තං ප්‍රශ්ණෙ ඇහීම කපටි කමෙන් ප්‍රමාද කරන්න එයාලට පුලුවන් .හොයන බලන එක නවත්තන්න හේතු හදලා තියෙන්නෙ.ඒවා ප්ලෑන් එකේ තියෙනවා.

අනික කර්මය ලොකු වුණාම සැක ඇතිවුණත් හොයද්දි තොරතුරු හම්බවෙන්නෙ නෑ.ඔප්පු කරගන්න සාක්ෂි හම්බවෙන්නෙ නෑ. සමහර විට හොයන්න වෙලාවක් එන්නෑ.

තව සමහර විට සැක හිතෙනකොට ඔක්කොම වෙලා ඉවරයි..

අවසානෙට ප්ලෑන් එකේ නැති දෙයක් සිද්ධ වුණ වෙලාවෙ අපරාධකාරයා අනාගත්තේ සොබා දහමෙන් නඩු අහන්න පටන් ගත්ත හින්දා වෙන්න ඇති..

ලබන ආත්මෙ ඉහේ කෙස් විතරක් නෙවෙයි පුතේ, ඇස් ඉස් මස් ලේ ඔක්කොගෙන්ම අඩු වෙලා "අයියෝ" කියවෙන විදියට ඉපදෙන්න වෙයං කියන මිනිස්සු මේ දවස්වල හිඟ නෑ..

සමහර විට උඹ පිට රටක ඇති. නැත්තං මේකෙම හැංගිලා ඇති.අද් නැත්තං හෙට අහුවෙයි..එක්කො උඹත් මැරිලත් ඇති.ඒ කොහොම වුණත් ආත්මෙට නං සැනසීමක් නෑ... කරපුවා හරි තිතට හානි පූරණය වෙනකම් ලැබෙන්නත් එපා..

මං මේක ලිව්වෙ ඇයි කියලා මම දන්නෑ.

මීට හැමදේම සාමාන්‍යම විදියට ඒත් අසමාන්‍ය වේගෙකින් සිද්ධ වෙනවා වගේ පෙනුණොත් සැකෙන් බලන්න වෙනවා. ඒ කිව්වට අපිට පේන්නෙ ඕක අනුන්ගෙ ජීවිතේක වුණොත් විතරයි.

අපේ ජීවිතේම වෙන්න ගත්තම අපට පේන්නෑ.ඇහෙන්නෑ.දැනෙන්නෙ නෑ.
මොකද
කරුමෙට කකුල් නෑ..
පයින් එන්න ඕන්නෑ.
හුළඟ වගේ කඩන් එන්ඩ
හුඟක් වෙලා යන්නෙ නෑ

මේ කවුද? මොනවද කරන්නේ? කිසිදිනෙක කිසිම වරදකට කිසීම  ආණ්ඩුවකින් දඬුවමක් නොලබන උත්තම උත්තමයෙක්,
08/06/2026

මේ කවුද? මොනවද කරන්නේ? කිසිදිනෙක කිසිම වරදකට කිසීම ආණ්ඩුවකින් දඬුවමක් නොලබන උත්තම උත්තමයෙක්,

සැකකාර හිමිනම විසින් තමා අපයෝජනයට ලක් කරන ලද බව කියන ස්ථානය අදාළ ආවාස ගෙයෙහි වමට දකුණට හැරී ගොස් දැරිය නිශ්චිතව පෙන්වා ද...
23/05/2026

සැකකාර හිමිනම විසින් තමා අපයෝජනයට ලක් කරන ලද බව කියන ස්ථානය අදාළ ආවාස ගෙයෙහි වමට දකුණට හැරී ගොස් දැරිය නිශ්චිතව පෙන්වා දී ඇති බවත්, අදාළ කාමරය තුළ තිබූ භාණ්ඩ දැරිය එලෙස ම හඳුනා ගත් බවත් අවධාරණය කළ නීතීඥ සජීවනී අබේකෝන් අනාවරණය කළේ, සැකකාර හිමිනම දැරිය සමග ලිංගිකව එක්වීමෙන් පසුව ශුක්‍රාණු පිස දැමූ පාපිස්සක් වැනි යමක් ද දැරිය පෙන්වූ බව ය.

දැරිය ඇතැම් අවස්ථාවල දින තුනෙන් තුනට ගෙන්වාගෙන අපයෝජනයට ලක් කර ඇති බවට තහවුරු වී ඇති බව ද කියා සිටි නීතිඥවරිය, දැරියට දීර්ඝ කාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චමින්ද රාජකරුණා දැරිය පිළිබඳව පැවැත්වූ ස්වකීය අධිකරණ පරීක්ෂණයේදී තහවුරු කරගෙන ඇති බව ද අවධාරණය කළා ය.

සැකකාර හිමිනම සහ දැරිය අතර, දුරකතන සංවාද 84ක් සිදුව ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා මගින් දැනටමත් තහවුරු වී ඇති බව ද කියා සිටි නීතීඥ සජීවනී අබේකෝන් ප්‍රශ්න කළේ, ආගමික බලයෙන්, දේශපාලන බලයෙන් සහ ධන බලයෙන් සපිරි මෙවැනි ප්‍රබල හිමිනමකට දුරකතන ඇමතුම් ලබා ගැනීමට තමන් සමග සාමාන්‍ය ජනතාවට හැකියාවක් පවතින්නේ දැයි ප්‍රශ්න කළා ය.

සැකකාර හිමිනම දැරිය අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව රුධිරය සහිත දැරියගේ යට ඇඳුම් වළ දමා තිබියදී සොයා ගත් බව ද ප්‍රකාශ කළ නීතීඥවරිය පැවසුවේ, මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදී පොලිසිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම කල් මරමින් උන්වහන්සේට නිදැල්ලේ වැඩ සිටීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී සිටි බව ද පැවසුවා ය. මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී පොලිසිය මේ දක්වා දැරියගේ වීඩියෝ සාක්ෂි පවා ලබාගෙන නැති බව ද කියා සිටි නීතිඥවරිය මෙම සිද්ධියට අදාළ සමස්ත විමර්ශන ක්‍රියාවලියේදී පොලිසිය නීතිය අපගමනය කරමින් නීතියට පයින් ගසා ඇති බවත් පැවසීය. සැකකාර හිමිනම මෙම අපරාධය සිදුකළ බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් උන්වහන්සේ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද විමසීම් කළ ද, ඔහු ද ඊට නිසි පිළිතුරක් ලබා නොදෙමින් කල් මරමින් සිටි බව ද සඳහන් කළා ය.

සැකකාර හිමිනමට පවතින මුදල් බලය, ආගමික බලය, නිල බලය පදනම් කරගෙන මෙම සිද්ධියට අදාළ විමර්ශන දියාරු කිරීමට පොලිසිය මේ මොහොතේත් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළ නීතීඥවරිය, රාගය, ද්වේශය, මෝහය තුරන් කරන බවට පැවිදි දිවියට පිවිසි සැකකාර හිමිනම රාගය, ද්වේශය සහ මෝහයෙන් මුසපත්ව බුදු දහමට එරෙහිව ක්‍රියා කොට ඇති බව ද කියා සිටියා ය.

බුදුන් වහන්සේ සුනීත, සෝපාක වැනි අයට මහා කරුණාවෙන් සැලකුව ද මෙම සැකකාර හිමිනම වින්දිත බාලවයස්කාර දැරියට සලකා ඇත්තේ කෙසේ ද? යන්න පිළිබඳව මෙම සිද්ධි දාමය තුළින් මනාව පැහැදිලි වන බව ද සඳහන් කළ නීතීඥවරිය, සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය වරෙන්තු නිකුත් කළ විගස මීට පෙර නොතිබූ හදිසි අසනීප තත්ත්වයක් පැන නැගී ඇති බව ද නීතීඥවරිය ප්‍රකාශ කළා ය.

සැකකාර හිමිනමට විශේෂ අසනීප තත්ත්වයක් නොමැති බවත් උන්වහන්සේට ඇත්තේ, වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට වැළඳෙන නිදන්ගත රෝග බවත් ඇය පැවසීය. වින්දිත දැරිය සිය පෙම්වතා සමග අත්අඩංගුවට පත් නොවූයේ නම් මෙම අපරාධය තවමත් රහසක් බවට පත්වන්නට ඉඩ තිබූ බව ද නීතිඥවරිය සඳහන් කළා ය. සැකකාර හිමිනමට පවතින ආගමික සහ සමාජ බලය මත බොහෝමයක් මාධ්‍ය ආයතන මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ද ඇය කීවා ය.

ආගමික නායකයින්ට දණ්ඩනීති සංග්‍රහය බලපාන්නේ නැද්දැයි තවදුරටත් ප්‍රශ්න කළ නීතීඥ සජීවනී අබේකෝන්, මෙම සිද්ධියේදී පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී නිසි නීතිමය ක්‍රමවේදය යටතේ කරුණු වාර්තා කර නොමැති බව ද පැවසුවා ය.

දැරියගේ මව තම බාලවයස්කාර දියණිය "දූෂණය කිරීම" සඳහා සැකකාර හිමිනමට මුදලට අලෙවි කළේ නම් දැරිය "දූෂණය කිරීමට" සැකකාර හිමිනම මුදලට ලබා ගැනීම වරදක් බව ද කියා සිටි නීතීඥවරිය, එහෙත් එවැන්නක් පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බව දැනුම් දුන්නා ය.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු කටයුතු මෙහෙයුම නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද යන අය පෙනී සිටියහ.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සමග ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, සජීව ගුණරත්න, චන්දන වීරකෝන්, ආරියරත්න වික්‍රමආරච්චි, මහේෂ් කොටුවැල්ල, කාලිංග රවීන්ද්‍ර, හේමන්ත ගමගේ, ධනුෂ්ක දහම්පත්, මදාරා විජේසිංහ සහ ජයලත් අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිතීඥවරුන් 20කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ. දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ස්වර්ණමාලී අනුරාධනායක සමග ජ්‍යෙෂ්ඨ නීතීඥ අසිත් සිරිවර්ධන, අතුල රණගල යන අය සමග නීතීඥවරුන් වන බානුක මලවිආරච්චි, සුරේෂ් කාරියවසම්, චානක අබේවික්‍රම සහ යාලිත් ජයසුන්දර යන අය පෙනී සිටියහ.

මෙම නඩුව දැක බලා ගැනීමට අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක, අබේගිරිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි, ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද, ථූපාරාමාධිපති ඤාණීන්ද්‍ර යන හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය විශාල පිරිසක් වැඩ සිටිනු දක්නට ලැබිණ.

මෙම නඩුව කැඳවූ අද දින අනුරාධපුර අධිකරණ සංකිර්ණය අවට සහ ඇතුළත විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ අතර, ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා තිබිණි. අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ උපපොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි අදාළ ආරක්ෂක කටයුතු නිරීක්ෂණ කරනු දක්නට ලැබිණි.

පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ, 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම සහ 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 364 (2)(ඉ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමේ චෝදනා යටතේ ය. මේ අතර, බාලවයස්කාර වින්දිත දැරියට මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ, 2006 අංක 16 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 360 (ඇ)(1)(අ) වගන්තිය ප්‍රකාරව තැනැත්තන් වෙළෙඳාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරත්න හිමියන්ට ඉහත චෝදනා සදහා ආධාර අනුබල දීම යටතේ ය.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when FNC TV news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share