Link Doctor

Link Doctor link the home Doctor

මුළු මහත් ලෝකයම විසඳුම් සොයන ප්‍රශ්නවලට, මීට වසර 2500කට පෙර බුදුන් වහන්සේ දේශනා කළ සදාතනික දහම තුළ සරල සහ ගැඹුරු රහස් බො...
03/10/2025

මුළු මහත් ලෝකයම විසඳුම් සොයන ප්‍රශ්නවලට, මීට වසර 2500කට පෙර බුදුන් වහන්සේ දේශනා කළ සදාතනික දහම තුළ සරල සහ ගැඹුරු රහස් බොහොමයක් අදටත් වලංගුයි.
මේවා රහස් වෙන්නේ, අප ඒවාට නිසි අවධානයක් නොදෙන නිසා මිස, සැඟවී ඇති නිසා නොවෙයි. මේවා ඔබේ ජීවිතයට ආලෝකයක් ගෙන එන බව මම විශ්වාස කරනවා. අද ඒ උතුම් රහස් අතුරෙන් දහයක් ගැන අපි කතා කරමු.

1. ඔයා මතක තියාගන්න ඕනි පළවෙනි රහස තමයි, 'සෑම දෙයක්ම වෙනස් වෙන බව.' කිසිම දෙයක් ස්ථිර නැහැ. සතුට, දුක, ලාභය, අලාභය මේ හැම දේම, සියල්ලම වෙනස් වෙනවා. මේ දහම තේරුම් ගත්තාම, ඔයාට දුකෙන් මිදෙන්න පුළුවන්.

2. දෙවන රහස, 'ඔයාට හැමෝම ආදරය කරන්නේ නැහැ.' ලෝකයේ ස්වභාවය එයයි. අන් අයගේ අදහස්වලට අනුව ජීවත් වීම අත්හැරියාම, ඔයාගේ හිත නිදහස් වෙනවා.

3. තුන්වෙනි රහස තමයි, 'සතුට පිට කොතැනකවත් නැහැ, සතුට තියෙන්නේ ඔයා තුළමයි.' ලෝකයේ දේවල් එකතු කරගැනීමෙන් සතුට සොයනවා වෙනුවට, ඔයාගේ හිත දියුණු කිරීමෙන් සැබෑ සතුට සොයාගන්න පුළුවන්.

4. හතරවනුව, 'ඔයාගේ තරඟකරු ඔයාමයි'. අන්න ඒ නිසා අනුන් සමඟ තරඟ කර කර ඉන්නවට වඩා, තමන් සමඟ,තමන්ගේම සිත සමඟ හොඳින් කටයුතු කරන්න.

5. පස්වෙනි රහස.? , 'ඔයා දෙන තරමට ඔයාට ලැබෙනවා.' මේ ලෝකය හේතුඵල ධර්මයට අනුව ක්‍රියා කරනවා. ඔයා අනුන්ට දෙන ආදරය, කරුණාව, සහ උපකාරය ඔයාටම නැවත ලැබෙනවා.

6. හයවෙනි රහස නම්, 'ඔයා අතහරින තරමට ඔයා සැහැල්ලු වෙනවා.' භෞතික දේවලට ඇලී සිටින තරමට ඔයාගේ හිතට බරක් එකතු වෙනවා. අත්හැරීමේ පුරුද්ද ඔබේ සිතට සාමයක් සහ නිදහසක් ගෙන දෙනවා.

7. හත් වෙනි රහස තමයි, 'ඔයාගේ මනස ඔයාගේම සතුරෙක් වෙන්න පුළුවන්.' සිත හොඳින් පාලනය කරන්න බැරි නම්, සිත ඔයාටම විරුද්ධව නැඟී සිටිනවා. ඒ නිසා, සිත කෙරෙහි අවධානය යොමු කරන්න.

8. අට වෙනියට, 'තණ්හාවෙන් කිසිම දෙයක් සුවපත් වෙන්නේ නැහැ.' ඔයාට තියෙන දේ ප්‍රමාණවත් නැහැ කියලා හිතෙන තරමට, ඔයා දුකට පත් වෙනවා. ලැබෙන දේ ගැන සතුටු වෙන්න.

9. නවවෙනි රහස නම්, 'හොඳ කතා අහනවාට වඩා හොඳයි, හොඳ ජීවිතයක් ගත කිරීම.' දැනුමෙන් විතරක් වැඩක් නැහැ. ඒ දැනුම ක්‍රියාවට නඟන්න.

10. දසවෙනි රහස තමයි, 'පින් කිරීමේ අවස්ථාව හැම මොහොතකම තියෙනවා.' දාන, සීල, භාවනා වැනි දේවල්වලට අමතරව, අනුන්ට කරුණාවෙන් සැලකීම, හොඳ වචනයක් කතා කිරීම වැනි පුංචි පුංචි දේවල් පවා උදා වෙන්නේ මහත් වූ පිනක්. මේ රහස් දහය කියවලා, අමතක කරලා දාන්න එපා. මේවා ඔබේ ජීවිතයේ පුරුදු කරගන්න. එතකොට, ඔයාට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි.!

✍️ අංහෙට්ටිගම පොඩි හාමුදුරුවෝ... (වටිනවා කියලා හිතෙනවනම් Share කරන්න.

❤️) #ජීවිතය #සාර්ථකත්වය #පෞරුෂ_වර්ධනය #ඔයාට_වෙනසක් #බුදුන්_වදාල_ධර්මය







20/06/2025
විටමින් B12 ඌනතාවය ===================================== 🔴විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ මොනවාද?🔹විටමින් B12 ඌනතාවය කායික...
20/06/2025

විටමින් B12 ඌනතාවය ===================================== 🔴විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ මොනවාද?
🔹විටමින් B12 ඌනතාවය කායික, ස්නායු හා මානසික රෝග ලක්ෂණ ඇති කරයි. 🔹විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ සෙමෙන් වර්ධනය විය හැකි අතර කාලයත් සමඟ නරක අතට හැරිය හැක.
🔹විටමින් B12 ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට රක්තහීනතාවය (ලේ අඩු විම) සහ ස්නායු රෝග ලක්ෂණ සහ/හෝ හානි ඇති විය හැක.

⭕විටමින් B12 ඌනතාවයේ සාමාන්‍ය කායික රෝග ලක්ෂණ
🔹දැඩි තෙහෙට්ටුවක් හෝ දුර්වල බවක් දැනේ.
🔹ඔක්කාරය, වමනය
🔹 බඩගිනි දැනෙන්නේ නෑ.
🔹මුඛය හෝ දිව තුවාල වීම.

⭕විටමින් B12 ඌනතාවයේ ස්නායු රෝග ලක්ෂණ
🔹 අත් සහ පාදවල හිරි වැටීම .
🔹ඇසෙහි ගැටළු.
🔹 අමතක විම
🔹 පහසුවෙන් ව්‍යාකූල වීම.
🔹ඔබ සාමාන්‍යයෙන් කරන ආකාරයට ඇවිදීමට හෝ කතා කිරීමට අපහසුවක් ඇතිවිම

🔻 දරැනු අතට හැරිමෙන් ස්නායු අබාධ නිසා එක් තැන් විම පවා සිදු විය හැකි අතර මුලින්ම හදුනා නොගතහොත් මෙම රෝග ලක්ෂණ අපසු හැරවිමට පවා නොහැකි විය හැක

⭕විටමින් B12 ඌනතාවයේ මානසික රෝග ලක්ෂණ
🔹මානසික අවපීඩනය
🔹කෝපය/තරහ යාම
🔹ඔබට හැඟෙන සහ හැසිරෙන ආකාරයෙහි වෙනසක් අත්විඳීම.

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰

🔴විටමින් B12 ඌනතාවය හඳුනා ගන්නේ කෙසේද? විටමින් B12 ඌනතාවය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන පරීක්ෂණ වන්නේ සම්පූර්ණ රුධිර පරික්ෂණය (FBC) සහ විටමින් B12 රුධිර පරීක්ෂණ මට්ටමයි.(B12 level)
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰

⭕විටමින් B12 ඌනතාවයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
🔹විටමින් B12 ඌනතාවය විටමින් B12 ගත යුතුයි
🔹ඌනතාවයට හේතුව අනුව පුද්ගලයාගේ විටමින් බී 12 මට්ටම යථා තත්ත්වයට පත් වන තෙක් පමණක් ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇත,
🔹 නැතහොත් ජීවිත කාලය පුරාම විටමින් බී 12 ප්‍රතිකාරය ගැනීමට සිදු විය හැකිය.

🟢විටමින් B12 මුඛ ඖෂධ.
🟢විටමින් බී 12 අභ්‍යන්තර මාංශ පේශි එන්නත් (මාංශ පේශි තුළට යන එන්නතක්).
©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️

⭕විටමින් B12 ඌනතාවය සඳහා අවදානම් සාධක මොනවාද?

🔹🔘දැඩි නිර්මාංශ හෝ නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කිරීම: ▪️විටමින් B12 ස්වභාවිකව දක්නට ලැබෙන්නේ මස් සහ කිරි වැනි සත්ව නිෂ්පාදනවල පමණි. මේ නිසා, සත්ත්ව ආහාර වලින් තොර හෝ නිර්මාංශ ආහාර අනුභව කරන පුද්ගලයින් විටමින් බී 12 ඌනතාවයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය.

🔹🔘ඇතැම් ඖෂධ ගැනීම ▪️: මෙට්ෆෝමින් (දියවැඩියාව පාලනය කිරීමට භාවිතා කරන ඖෂධයක්), ▪️ ගැස්ට්‍රයිටිස් සදහා බොන බෙහෙත් .ප්‍රෝටෝන පොම්ප නිෂේධක (ඔමෙප්‍රාසොල්, ඉසොම්ප්‍රසොල්,පැනටප්‍රසොල් ), .. ඔබේ ආමාශය නිපදවන අම්ල ප්‍රමාණය අඩු විම නිසා මෙය ඇති වේ ▪️ මුඛ උපත් පාලන පෙති (මුඛ උපත් පාලන ක්‍රම).

🔹🔘අධික ලෙස මත්පැන් පානය කිරීම: 🔹🔘වයස අවුරුදු 70ට වැඩි වීම: වැඩිහිටියන්ට විටමින් බී 12 ඌනතාවය වර්ධනය වීමේ අවදානම වැඩි ය, මන්ද ඔවුන්ගේ ශරීරයට බොහෝ විට විටමින් බී 12 සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරගත නොහැකි බැවිනි.

🔹🔘ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධයක් තිබීම: සිලියක් රෝගය සහ ක්‍රෝන්ගේ රෝගය වැනි ආහාර ජීර්ණ ආබාධ ඔබේ ශරීරයට විටමින් බී 12 අවශෝෂණය කර ගැනීම වඩාත් අඩු කරයි ©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️©️

🔴විටමින් B12 ඌනතාවය වළක්වා ගන්නේ කෙසේද?
🔻ඔබට විටමින් බී 12 ඇති ආහාර පාන ගැනීමෙන් විටමින් බී 12 ඌනතාවය වළක්වා ගත හැකිය.
🔻සත්ව ආහාර නිෂ්පාදන: රතු මස්, මාළු, කුකුළු මස්, බිත්තර, කිරි සහ අනෙකුත් කිරි නිෂ්පාදන සියල්ලම විටමින් B12 අඩංගු වේ. 🔻විටමින් බී 12අතිරේක: 🔘බොහෝ මල්ටිවිටමින් වල විටමින් බී 12 ඇත. (නමුත් ඉතා කුඩා ප්‍රමාණවලිනි) 🔘 විටමින් B12 පමණක් අතිරේක දතිබේ. ඔබට වඩාත් සුදුසු අතිරේකය තෝරා ගැනීමට ඔබගේ වෛද්යවරයාගෙන් උපදෙස් ලබා ගන්න 🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය බන්දුල සත්කුමාර ස්තුතියි

❤️🖋️ උපුටා ගැනීමකී

#වදන් ❤️ 🇱🇰😋😋😋😋 🇱🇰🇱🇰🇱🇰 #වදන්_ඕන_කට්ටිය_❤️එකක් 🇱🇰

19/08/2024

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Link Doctor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category