30/08/2026
☢️ | Blake Lively Awarded $400,000 in Legal Fees in Defamation Lawsuit Against Justin Baldoni...
It Ends With Us චිත්‍රපටයේ ප්‍රධාන නළුවා මෙන්ම අධ්‍යක්ෂක Justin Baldoni සමඟ පැවති මාස 18ක දැවැන්ත නීතිමය සටනකින් පසුව, Blake Lively ට ඇමෙරිකානු ඩොලර් 400,000 කට ආසන්න නීතිමය ගාස්තු මුදලක් ලබාදෙන ලෙසට ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා...
Blake Lively ගේ නීතිඥයින් විසින් මේ නඩුව වෙනුවෙන් වැයවුණු ඩොලර් මිලියන 8කට ආසන්න මුදලක් Justin Baldoni ගෙන් ඉල්ලා සිටියත්, විනිසුරු Lewis Liman තීරණය කර ඇත්තේ එම ඉල්ලීම අසාධාරණ එකක් බවයි. ඒ අනුව ඇයට හිමිවී ඇත්තේ ඉල්ලූ මුදලින් 5% ක පමණ ප්‍රතිශතයක් වෙන ඩොලර් 407,451 ක මුදලක් පමණයි...
මේ අර්බුදය ආරම්භ වුණේ 2024 වසරේ දෙසැම්බර් මාසයේදී Blake Lively විසින් Justin Baldoni ට එරෙහිව ලිංගික හිරිහැර කිරීමේ සහ අන්තර්ජාලය හරහා ඇයට එරෙහිව මඩ ප්‍රචාර ගෙන ගිය බවට චෝදනා කරමින් නඩු පැවරීමත් සමගයි...
ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් Justin Baldoni විසින් Blake Lively ට සහ ඇගේ සැමියා වෙන Ryan Reynolds ට එරෙහිව ඩොලර් මිලියන 400ක දැවැන්ත අපහාස කිරීමේ නඩුවක් ගොනු කළා. ඔහු පැවසුවේ ඔවුන් දෙදෙනා චිත්‍රපටයේ පාලනය තමන්ට ලබාගැනීමේ අරමුණින් මෙලෙස බොරු චෝදනා එල්ල කරන බවයි...
මේ නීතිමය සටන පසුගිය මැයි මාසයේදී උසාවියට යාමට පෙර දෙපාර්ශවයේම එකඟතාවයෙන් සමථයකට පත්වුණු අතර, ඉතිරිව තිබුණු එකම ගැටලුව වූ නීතිඥ ගාස්තු ගෙවීමේ ප්‍රශ්නයත් මේ නවතම අධිකරණ තීන්දුවත් සමගම අවසන් වී තිබෙනවා...
The Cinematic Universe