HitZnews.lk

HitZnews.lk Welcome to HitZnews on Facebook - a hub for latest news in Sinhala. Like our page and connect with Sri Lanka's News Service.

මුදල් වෙන් කළේ ජනපතිවරණයට විතරයි අයවැයෙන් මුදල් වෙන් කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව...
23/07/2024

මුදල් වෙන් කළේ ජනපතිවරණයට විතරයි

අයවැයෙන් මුදල් වෙන් කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට පවසා තිබෙනවා.

තමන් ජනාධිපතිවරණය කල් දැමීමට සූදානම් වන බවට විපක්ෂ මත පළ කළද අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවද ජනාධිපතිවරයා එහිදී සහතික වී ඇති බව සඳහන්.

පාකිස්ථානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද සටනේ 2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09වන තරගය අද(23) දඹුල්ල ජ...
23/07/2024

පාකිස්ථානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද සටනේ

2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09වන තරගය අද(23) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ අනුව පැවැත්වෙන තරගය අද පස්වරු දෙකට පාකිස්ථානය හා එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය අතර පැවැත්වීමට නියමිතයි.

#2024

හිරුණිකාට ඇපබරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ...
22/07/2024

හිරුණිකාට ඇප

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද(22) නියම කළා.

මෙම තීන්දුව ලබාදී ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්.

ඒ අනුව රුපියල් 50,000ක මුදල් හා 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකාරිය මුදා හැර තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ විදෙස් ගමන් තහනම් කරන බවයි ඇප නියෝග ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව හා මැලේසියාව අද පිටියට කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ 7වන තරගය අද ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර පැවැත්වෙනවා....
22/07/2024

ශ්‍රී ලංකාව හා මැලේසියාව අද පිටියට

කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ 7වන තරගය අද ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර පැවැත්වෙනවා.

තරගය අද පස්වරු 02ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ තරග සියල්ල සජීවීව සුප්‍රීම් සහ TNL නාලිකා මගින් ඔබට නැරඹිය හැකියි.

ජනපති සටනින් බයිඩ්න් ඉවත් වෙයිඅමෙරිකානු ජනාධිපතිවරණ සටනින් තමා ඉවත් වන බව වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්  මහතා ප්‍රකාශ කරනවා...
22/07/2024

ජනපති සටනින් බයිඩ්න් ඉවත් වෙයි

අමෙරිකානු ජනාධිපතිවරණ සටනින් තමා ඉවත් වන බව වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශ කරනවා.

මෙම තීරණය ගත්තේ ඩිමොක්‍රටික් පක්ෂයට සහ රටට යහපතක් ලෙස සලකා ගත් බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව ඉදිරි සතියේ දී ජාතිය අමතන බවද සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Microsoft PC මෙහෙයුම් පද්ධතියේ බිඳවැටීමක් ප්‍රධාන බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ලොවපුරා ආයතන සමූහයක මහා පරිමා...
19/07/2024

Microsoft PC මෙහෙයුම් පද්ධතියේ බිඳවැටීමක්

ප්‍රධාන බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ලොවපුරා ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් ගුවන් සමාගම් කිහිපයක් ලොව පුරා ගුවන් ගමන් නතර කර ඇති අතර තවත් බොහෝ ගුවන් ගමන් ප්‍රමාදයන්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ හදිසි සේවාවලට බලපෑම් එල්ල වී ඇති ඇති අතර, ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් වල ක්‍රියාකාරීත්වය අඩපණ වී තිබෙනවා.

එමෙන්ම රටවල් කිහිපයක මාධ්‍ය ආයතනවලටද මෙය බලපා තිබෙනවා.

තොරතුරු තාක්ෂණ පද්ධතිවල බිඳවැටීම හේතුවෙන් එංගලන්තයේ ස්කයි නිවුස් තාවකාලිකව විකාශනය කිරීමට නොහැකි වූ බව සඳහන්.

කෙසේවෙතත් තාක්ෂණ බිඳවැටීමට හේතුව අනාවරණය වී නොමැති අතර බොහෝ දෙනෙක් එය Microsoft PC මෙහෙයුම් පද්ධතියේ හටගත් දෝෂයක් ලෙස පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වඳවී ගිය සියම් කිඹුලන් නැවතත් කාම්බෝජයේ මෙම සියවසේදී වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සියම් කිඹුලන් 60දෙනෙකු කාම්බෝජයේ උපත ලබා...
19/07/2024

වඳවී ගිය සියම් කිඹුලන් නැවතත් කාම්බෝජයේ

මෙම සියවසේදී වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සියම් කිඹුලන් 60දෙනෙකු කාම්බෝජයේ උපත ලබා තිබෙනවා.

මෙය සියම් කිඹුල් පැටවුන් බිහි කිරීමේ වාර්තාවක් වන අතර සංරක්ෂකයින් එය හඳුන්වා ඇත්තේ බලාපොරොත්තුවේ සැබෑ සලකුණක් ලෙසින්.

වසර 20 කට වැඩි කාලයක් කාම්බෝජයේ දුරස්ථ කඳුකරයේ උරගයින්ගේ සංඛ්‍යාව පුනර්ජීවනය කිරීමට ගත් උත්සාහයෙන් පසුව මෙම උපත වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔලිව් කොළ පැහැති උරගයාගේ මීටර් 3 ක් හෝ අඩි 10 ක් පමණ දක්වා වර්ධනය වනවා.

සියම් කිඹුලන් අග්නිදිග ආසියාවේ බොහෝ ප්‍රදේශවල ජීවත් වන නමුත් දශක ගණනාවක් තිස්සේ දඩයම් කිරීම සහ ඔවුන්ට අයත් වාසස්ථාන අහිමි වීම නිසා ඒවා වඳවී යාමේ තර්ජනයට ලක්ව සංරක්‍ෂණය කළයුතු සත්ත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබුණා.

ලෝකයේ ඉතිරිව ඇත්තේ ඔවුන්ගෙන් 400 ක් පමණ වන අතර ඉන් බොහොමයක් කාම්බෝජයෙන් හමුවනවා.

ඒ අනුව සියම් කිඹුලන්ගේ ගහණයේ අඩුවීම සැලකිල්ලට ගෙන, නව කිඹුලන් 60 ක් බිහි වීම විශේෂ වන බවයි කාම්බෝජයේ සංරක්ෂණ කණ්ඩායමේ නිලාධාරීන් සඳහන් කරන්නේ.

නෙල්සන් මැන්ඩෙලා සමරන ජාත්‍යන්තර දිනය අදයි සෑම වසරකම ජූලි 18 වන දින,  නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් වෙන්කර ඇති ජාත්‍යන්තර දි...
18/07/2024

නෙල්සන් මැන්ඩෙලා සමරන ජාත්‍යන්තර දිනය අදයි

සෑම වසරකම ජූලි 18 වන දින, නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් වෙන්කර ඇති ජාත්‍යන්තර දිනය සමරනවා.

වර්ෂ 1918 ජූලි 18 උපත ලැබූ නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකානු වර්ණභේද විරෝධී ක්‍රියාකාරිකයෙක්, දේශපාලනඥයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ අතර ඔහු 1994 සිට 1999 දක්වා දකුණු අප්‍රිකාවේ පළමු ජනාධිපතිවරයා ලෙස සේවය කළා.

ඔහු රටේ ප්‍රථම කළු ජාතික රාජ්‍ය නායකයා වූ අතර පූර්ණ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත් වූ ප්‍රථමයාද වූ බව සඳහන්.

ලෝකය යහපත් අතට හැරවීමේ හැකියාව සහ වගකීම සෑම කෙනෙකුටම ඇති අතර ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනය යනු සියලුදෙනා තුළ වෙනසක් ඇති කිරීමට නම් කර ඇති දිනයක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

නෙල්සන් මැන්ඩෙලා දිනයේදී මූලික වශයෙන් අධ්‍යාපනය, ආහාර සහ පෝෂණය, සනීපාරක්ෂාව, නවාතැන් මෙන්ම ක්‍රියාකාරී පුරවැසිභාවය යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකරනු ලබනවා.

"It’s still in our hands to combat poverty and inequity" එනම් ''දරිද්‍රතාවය සහ අසමානතාවයට එරෙහිව සටන් කිරීම තවමත් අප සතුයි" යන්න මෙවර නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනයේ තේමාව වී තිබෙනවා.

මේ වෙනුවෙන් ලොවපුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.

''Cartoon Network'' වහන්නේ නැහැ - පැතිරෙන කතා සියල්ලම බොරු  Warner Bros. Discovery සමාගමට අයත්  අමෙරිකානු කේබල් රූපවාහින...
18/07/2024

''Cartoon Network'' වහන්නේ නැහැ - පැතිරෙන කතා සියල්ලම බොරු

Warner Bros. Discovery සමාගමට අයත් අමෙරිකානු කේබල් රූපවාහිනී නාලිකාවක් වන Cartoon Network, 90 ගණන්වල සිට ළමයින්ගේ ළමා කාලයේ අනිවාර්ය අංගයක් වන බව අපි සියලුදෙනා අත්දකිනවා.

Scooby-Do, Tom and Jerry සහ Johnny Bravo වැනි කාටුන් ඉතා විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ ළමයින් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ බව නොරහසක්.

කෙසේ වෙතත්, X යෙදුමෙහි හි නව hashtag ට්‍රෙන්ඩ් එකක් වන මගින් Cartoon Network නාලිකාව වසා දමන බව ප්‍රචලිත වී තිබෙනවා.

කෙසේ වෙතත්, එම සමපේක්ෂනයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි එම නාලිකාව පසුව පැහැදිලි කර ඇත්තේ.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නාලිකාව තවදුරටත් ක්‍රියා නොකරනු ඇතැයි උපකල්පනය කරමින් මෑතකදී මෙම හෑෂ්ටැග් එක ආරම්භ කර තිබුණා.

මෙය ආරම්භ වූයේ සජීවිකරණ(Animation) කටයුතු සිදුකරන්නන් විසින් “කාටූන් ජාලය මිය ගොස්ද?” එනම් “Cartoon Network is dead? යන පණිවිඩය සහිත වීඩියෝවක් පළ කිරීමෙන් පසුවයි.

ඔවුන් මෙය හෑෂ්ටැග් එක නිර්මාණය කර ඇත්තේ සජීවිකරණ කර්මාන්තය තුළ බොහෝ දෙනෙකුට රැකියා අහිමි වීම හා කාටුන් කලාව තුළ දරුවන්ට නුසුදුසු ආකාරයේ නිර්මාණ බිහිවීමත් සමගයි.

මේ සියලු ප්‍රවෘත්ති සම්බන්ධයෙන් නාලිකාව නිවේදනයක් නිකුත් කර සඳහන් කර ඇත්තේ, Cartoon Network හෝ එහි studio වසා දමන බවට පැතිර යන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදය ලබාදෙන සහ ප්‍රබෝධමත් සහ නව්‍ය අන්තර්ගතයන් සඳහා අඛණ්ඩව නිර්මාණ ගෙන ඒමට කැපවී සිටින බවද එහි සඳහන්.

තේ කෝප්පෙන් හමුවූ සයනයිඩ් - අභිරහස් මරණ  හයක් -තායිලන්තයේ Grand Hyatt Erawan හෝටලයේදී  මියගිය පුද්ගලයින් 6 දෙනාට සයනයිඩ්...
17/07/2024

තේ කෝප්පෙන් හමුවූ සයනයිඩ් - අභිරහස් මරණ හයක් -

තායිලන්තයේ Grand Hyatt Erawan හෝටලයේදී මියගිය පුද්ගලයින් 6 දෙනාට සයනයිඩ් ශරීරගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අයගෙන් එක් අයෙකු වස පානය කිරීම පිටුපස සිට ඇති අතර ඔහු ණය බරින් පීඩා විඳිමින් සිටි අයෙකු බව සඳහන්.

තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි Grand Hyatt Erawan හෝටලයේදී මියගිය හයදෙනා ඊයේ(17) සවස සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ වන විට ඔවුන් මියගොස් පැය 24ක් ගතවී ඇති බවයි.

මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී ඔවුන්ගේ තේ කෝප්පවල සයනයිඩ් තිබූ බව හෙළිවී තිබෙනවා.

හය දෙනාගෙන් දෙදෙනෙක් ආයෝජන අරමුණු සඳහා එම කණ්ඩායමේ සිටි තවත් අයෙකුට Thai Baht මිලියන 10ක් ණයට දී තිබූ බව සඳහන්.

Thai Baht මිලියන දහයක වටිනාකම ඩොලර් 280,000ක් පමණ වනවා.

කෙසේ වෙතත් මෙම මරණ 06 තවමත් අභිරහසක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජීවිතය ඉසුරුමත් කරන ගණ දෙවියන්ගේ  ''ශ්‍රී ගණ දෙවි'' කතාව දැන් Supreme නාලිකාවෙන් ප්‍රඥාවේ ප්‍රදීපය දල්වමින් ජීවිතය ඉසුරු...
16/07/2024

ජීවිතය ඉසුරුමත් කරන ගණ දෙවියන්ගේ ''ශ්‍රී ගණ දෙවි'' කතාව දැන් Supreme නාලිකාවෙන්

ප්‍රඥාවේ ප්‍රදීපය දල්වමින් ජීවිතය ඉසුරුමත් කරවන දෙවියන් ලෙස ගණ දෙවියන් හඳුන්වනවා.

තම බැතිමතුන්ට අසීමිත ලෙස ආදරය, කරුණාව, ලබාදෙන ගණ දෙවිඳුන් ඔවුන්ගේ යහපත් ඉල්ලීම් සියල්ල ඉෂ්ට කරදෙන බවයි බොහෝදෙනා විශ්වාස කරන්නේ.

ගණ දෙවිඳුගේ පියා ශිව දෙවිඳුද මව පාර්වතී දේවියද වන අතර කතරගම දෙවියන් ඔහුගේ සොහොයුරා වනවා.

විනෝදයට ප්‍රිය ඉතා මිත්‍රශීලී ගණ දෙවිඳුන්ගේ පෙනුම ගජ ශීර්ෂයකින් හා මිනිස් ශරීරයකින් යුක්තවීම අනෙක් දෙවිවරුන් හා බලන කළ ඉතා සුවිශේෂීයි.

ගණ දෙවි උප්පත්ති කතාව එක් එක් ග්‍රන්ථවල විවිධ ආකාරයට රචනා වී තිබුණත් ඒ සියල්ල ඉතා රසබර කතා වනවා.

ඒ අනුව ගණ දෙවියන්ට ගජ ශීර්ෂයක් ලැබුණු ආකාරයත් ඉතිහාස කතාවල විවිධ ලෙසින් වාර්තා වී තිබෙනවා.

ඒවායින් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ශිව දෙවියන්ගේ ත්‍රිශූලය වැදී ගණ දෙවියන්ට ශීර්ෂය අහිමි වීමෙන් පසු නැවතත් ශීර්ෂයක් බද්ධ කිරීමට හේතුවූ කතා පුවතයි.

එය නැරඹීමට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිංහලෙන් හඬකවා Supreme නාලිකාව ඔස්සේ විකාශය වන ගණ දෙවිදුන්ගේ වික්‍රමය පිරි ''ශ්‍රී ගණදෙවි'' කතාව සතියේ දිනවල රාත්‍රී 09ට Supreme නාලිකාව හා Supreme යූටියුබ් චැනලය https://www.youtube.com/channel/UC5IejD1ntMKFJ8_dcfNaQ_w ඔස්සේ එකතු වන්න.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when HitZnews.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share