SRI EAGLE

SRI EAGLE socially, politically and funny

02/09/2026

8870705 කෑ ගැහුවා වගේම ඌ පාස් 👌😇

31/08/2026

😥❤️ දෙමාපිය ආදරය කියන්නේ මේකටයි…

පුස්සැලාවේ කෝවිල් උත්සවයක් අතරතුර, මේ පුංචි දරුවාට කටු ගසා එල්ල කිරීමට සූදානම් වූ මොහොතේ හදිසියේම බඹර ප්‍රහාරයක් එල්ල වෙනවා. 🐝

බඹරුන්ගෙන් බේරෙන්න වටේ හිටපු හැමෝම වගේ පණ බේරගෙන දුවද්දී…

මේ අම්මායි තාත්තයි තමන්ගේ දරුවාව දාලා දිව්වේ නැහැ. 😥❤️

බඹරු දෂ්ට කළත්, වේදනාව කොච්චර තිබුණත්, තමන්ගේ මුහුණවත් පිහිදාගන්න මොහොතක්වත් නොගෙන…
ඔවුන්ගේ එකම අරමුණ වුණේ තමන්ගේ දරුවාව බේරගන්න එක විතරයි. 🙏

තමන්ට මොනවා වුණත් කමක් නැහැ…
“මගේ දරුවා බේරෙන්න ඕනේ” කියන ඒ හැඟීම ඉදිරියේ තමන්ගේ ජීවිතය පවා දෙවැනි කරපු දෙමාපියන් දෙදෙනෙක්. ❤️‍🩹

මේ ලෝකේ හැම වීරයෙක්ම cape එකක් අඳින්නේ නැහැ…
සමහර වීරයෝ අම්මා කෙනෙක්ගේත් තාත්තා කෙනෙක්ගේත් හදවතක් අරගෙන ඉන්නවා. ❤️🙏

මේ දෙමාපියන් දෙදෙනාට අපේ හදවතින්ම උපහාරය! 🙏❤️

දෙමාපිය ආදරය කියන්නේ ඇත්තටම මේකයි. 😥❤️

#දෙමාපියආදරය #මව්පියසෙනෙහස #අම්මා #තාත්තා #උපහාරය 🙏❤️

මේ මොරගොල්ල.. පළවෙනි පිංතූරේ සූම් කරලා බැලුවොත් පෙනෙයි සයිට් එකේ ඩෝසර් සහ මැෂින් ඔක්කොම වතුරෙන් සම්පූර්ණයෙන් යටවෙලා තියෙ...
04/08/2026

මේ මොරගොල්ල.. පළවෙනි පිංතූරේ සූම් කරලා බැලුවොත් පෙනෙයි සයිට් එකේ ඩෝසර් සහ මැෂින් ඔක්කොම වතුරෙන් සම්පූර්ණයෙන් යටවෙලා තියෙන්නේ. 😌

03/08/2026

කොත්මලේ ධාරිතාව ඉක්මවා යයි සියලුම දොරට දැන් විවෘත කරමින් ඇත. තප්පරයට ඝණ අඩි දහස් ගනනින් කොත්මලා ඔයට ජලය නිදහස් කරමින් ඇත.. මහවැලි ගඟ අවට සියල්ලන්ම පරිස්සම් වන්න.

03/08/2026

කන්ද උඩරටට පතිත වන අධික වර්ශාව නිසා මහවැලි ගග පිටාර ගැලීමට ආසන්නයි. වතුර බලන්න කියලා ගිහින් නිකන් අමාරුවේ වැටෙන්න එපා පරිස්සමින් ඉන්න...! 🙏🥹

මේ දවස්වල හැමෝම කතා වෙන මොකක්ද මේ PayPal?අන්තර්ජාලය පාවිච්චි කරන, Facebook ඉන්න, එහෙමත් නැත්නම් Online සල්ලි හොයන්න ට්‍ර...
17/05/2026

මේ දවස්වල හැමෝම කතා වෙන මොකක්ද මේ PayPal?
අන්තර්ජාලය පාවිච්චි කරන, Facebook ඉන්න, එහෙමත් නැත්නම් Online සල්ලි හොයන්න ට්‍රයි කරන ගොඩක් අය අතරේ මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන දෙයක් තමයි
ලංකාවෙ අයට paypal පාවිච්චි කරන්න පුලුවන් වෙනවා කියන එක.
හැමෝම කිව්වට ඇත්තටම මොකක්ද මේ? මේකෙන් අපිට තියෙන වාසිය මොකක්ද? අද අපි ඒ ගැන කතා කරමු.
සරලවම කිව්වොත් PayPal කියන්නේ ලෝකය පුරා විසිරිලා ඉන්න බිලියන ගණනක් මිනිස්සු පාවිච්චි කරන ඩිජිටල් මුදල් පසුම්බියක් (Digital Wallet). හරියට ඔයාගේ සාක්කුවේ තියෙන පර්ස් එක වගේම තමයි, හැබැයි මේක තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ. ඔයාගේ බැංකු කාඩ්පත් මේකට සම්බන්ධ කරලා, ලෝකේ ඕනෑම රටක ගනුදෙනුවක් ඉතාම වේගයෙන් කරන්න මේක පහසුකම් සපයනවා
එතකොට මෙච්චර කල් ලංකාවේ අය PayPal පාවිච්චි කළේම නැද්ද?
නෑ, පාවිච්චි කළා. හැබැයි ඒක හරියට "ගින්දර එක්ක සෙල්ලම් කරනවා" වගේ වැඩක්. මෙච්චර කල් අපේ රටේ අයට නිල වශයෙන් PayPal පහසුකම තිබුණේ නැති නිසා, ගොඩක් දෙනෙක් කළේ වෙනත් රටවල් (උදා: පිලිපීනය, ඩුබායි) විදිහට පෙනී ඉඳලා, සමහර වෙලාවට VPN පවා පාවිච්චි කරලා හොර රහසෙ ගිණුම් හදාගත්ත එක. 🎭
එතකොට අපි PayPal පාවිච්චි කළේ ලොකු අවදානමක් අරගෙන. මොකද බොරු තොරතුරු දාලා හදපු ගිණුමක් ඕනෑම වෙලාවක Permanent Ban වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ගිණුම ඇතුළේ තියෙන සල්ලිත් එක්කමයි අපිට අහිමි වෙන්නේ. අපි කළේ නීති විරෝධී දෙයක් නිසා නීතියේ පිහිට පතන්නත් බැහැ. හැබැයි දැන් ඒ යුගය ඉවරයි!හෙට ඉඳලා ලංකාවේ අපිට එහෙම අනවශ්‍ය රිස්ක් එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
අපිට අපේ රටේ නමම පාවිච්චි කරලා paypal ගිණුමක් හදාගන්න ඉස්සරහට හැකියාව ලැබෙනවා.
Paypal ඇයි ඔච්චරටම වැදගත් වෙන්නෙ? ඇයි මිනිස්සු ඕකට ඔච්චර කැමති?
අපි දැනට සාමාන්‍යයෙන් online payment එකක් කරනවනම් කරන්නෙ අදාළ වෙබ් අඩවියට ගිහින් අපේ බැංකු කාඩ් වල විස්තර ඇතුළත් කරලා ඒ හරහා ගෙවීම් කරන එකනේ. හැබැයි එහෙම අන්තර්ජාලයේ තියෙන හැම වෙබ් අඩවියකටම ඔයාගේ බැංකු විස්තර දෙන එක අනතුරුදායකයි. අපි දෙන තොරතුරු කාගෙ කාගෙ අතට යනවද කියල අපිවත් දන්නෙ නෑ.
නමුත් PayPal හරහා ගෙවීමක් කරනවා නම්, ඔයාගේ කාඩ් පතේ අංකය විකුණන කෙනාට පේන්නේ නැහැ. ඔයාට සල්ලි දාන්න හෝ ගන්න කෙනාට දෙන්න ඕන වෙන්නෙ ඔයාගෙ email එක විතරයි.
ඔයා ඔන්ලයින් ඕඩර් එකක් දාලා ඔයා ඇණවුම් කරපු බඩුව ලැබුණේ නැත්නම් හෝ වැරදි එකක් ලැබුණොත්, PayPal හරහා පැමිණිලි කරලා ඔයාගේ මුදල් නැවත ලබාගන්න (Refund කරගන්න) පුළුවන් 100%ක්ම් නෙවෙයි. ගොඩක් වෙලාවට
ඔයා අන්තර්ජාලයෙන් මුදල් උපයන කෙනෙක් නම්, ඔයාගේ මහන්සියෙන් උපයන වැටුප ඉතාම විශ්වාසවන්තව ලංකාවට ගෙන්න ගන්න තියෙන හොඳම ක්‍රමය මේක කියල කියන්නත් පුලුවන්.
සැරින් සැරේ කාඩ් අංක ගහන්න ඕන නැහැ. එක පාරක් Setup කළාම ඔයාගේ Email එකයි Password එකයි විතරක් පාවිච්චි කරලා තත්පර ගණනකින් ගෙවීම් කරන්න පුළුවන්.
දැන් ලංකාවේ ගොඩක් බැංකු හරහා PayPal වලට සල්ලි යවන්න වගේම, පිටරටින් එන සල්ලි අපේ බැංකු ගිණුම්වලට නිල වශයෙන් ලබාගන්නත් අවස්ථාව ලබාදෙන්න සූදානමින් ඉන්නවා. මේක ඇත්තටම අපේ රටේ ඩිජිටල් ආර්ථිකයට ලැබුණු ලොකු ජයග්‍රහණයක්! 🇱🇰

Dilshan Eranga ✍️🙏

16/05/2026

මොනවද වෙන්නේ මොකද කරන්නේ..? අපිනම් දැන් මේ බොන්නයි යන්නේ..😂🍾🍺
මේ ලංකාවෙ උන්නම් හදන්න බෑ බන්..🤣👇

✨ ඔබේ හැකියාවට වටිනාකමක් ලැබෙන තැනක් සොයනවාද? ✨යුරෝපීය වෙළඳපොළ සඳහා උසස් තත්ත්වයේ Fashion Designing කරනHS ALTA MODA (PVT...
15/05/2026

✨ ඔබේ හැකියාවට වටිනාකමක් ලැබෙන තැනක් සොයනවාද? ✨
යුරෝපීය වෙළඳපොළ සඳහා උසස් තත්ත්වයේ Fashion Designing කරන
HS ALTA MODA (PVT) LTD ආයතනය සමඟ ඔබගේ අනාගතය ගොඩනගා ගන්න 🤝

🧵 පළපුරුදු සහ නවක දෙපාර්ශවයටම අවස්ථාව
💰 ආකර්ෂණීය වැටුප්
📚 නොමිලේ දැනුම සහ පුහුණුව
🏢 Professional වැඩ පරිසරයක්

Fashion Industry එකේ ඔබගේ හැකියාව ඉදිරියට ගෙන යාමට අදම අප හා එක්වන්න!

📞 වැඩි විස්තර සඳහා : 077 966 2579 (call /whatssap)

ඔබත් තවම හරියට ඇදුම් වලට ගැලපෙන හරි Fabric හොයාගන්න බැරිව දගලනවාද? ඔබට හරියන Pattern එකක් ඔබටම කියලා නිවැරදිව සදාගන්න තා...
23/04/2026

ඔබත් තවම හරියට ඇදුම් වලට ගැලපෙන හරි Fabric හොයාගන්න බැරිව දගලනවාද? ඔබට හරියන Pattern එකක් ඔබටම කියලා නිවැරදිව සදාගන්න තාම බැරි උනාද? මූලික මැහුම් ක්‍රම ටික දන්නැතිව හරි තැනට හරි මැස්ම දාගන්න බැරිව සිටින කෙනෙක්ද? 100% හරිම දේ හරිම තැනින් ඉගෙන ගන්න, එහෙනම් මෙම වටිනා අවස්තාව ඔබ වෙනුවන්මයි. 💁‍♀️💁‍♂️

ඉතාලියේ ACCADEMIA DEL LESSO විශ්වවිද්‍යාලයේ EUROPEAN HIGH FASHION කලාවේ වසර 20කට වඩා වැඩි අත්දැකීම් සහිතව ලංකාව තුල මෙතෙක් නොදුටු ක්‍රමවේදයක් ඔස්සේ ඔබේ Fashion Design සිහිනය මල්ඵල ගැන්වීමට අප සමග දැන්ම එක් වන්න. 🤝

ඉගන ගන්නා කාලය තුලදී අපෙන් ඔබට, 👇
🔰 ඔබ ලංකාව තුල මෙතෙක් නොදුටු ක්‍රමවේදයක්
🔰තනි තනි වශයෙන් අවධානය යොමු කර නිවැරදිව Guid කිරීම.
🔰අප ආයතනයේම Intern Ship එක ඔබට හිමිවීම.
🔰Internship කාලය තුලද ඔබග නව පාඩම් ඉගෙන ගැනීමට හැකිවීම.

🛑මෙම අවස්තාව හැදෑරීමට ඔබට කිසිදු පෙර දැනුමක් අවශ්‍ය නොවේ..!
ඉතා සීමිත අවස්තාවක් බැවින් ඔබත් අදම මෙම අංකයට ඇමතුමක් දී ඔබේ ආසනය වෙන්කරවා ගන්න ☎️0779662579

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SRI EAGLE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category