05/06/2021
මිනිස්සු එන්නත් නොමැතිව පණ අදියි: බ්‍රිතානයේ මහකොමසාරිස්වරිය සැප වැඩකට අර අදියි
____________________________________________________________________________________
මේ ජුනි සහ එළඹෙන ජූලි මාස වල සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්තය සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නංවාලීම හා එරට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා යයි කියමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන, රුපියල් මිලියන 6.7කට වැඩි මුදලක් වියදම් කරමින් සිදුකිරීමය යන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගෙන් බලවත් විරෝධයක් එල්ලවී ඇත.
කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වීමත් සමග ශ්‍රී ලාංකීය ජනතාව බරපතල පීඩාවකට පත්ව සිටියදී, ඇය විසින් මෙවැනි මුදලක් වැයකිරීමට යන්නේ ඇයගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා බවට ඔවුන් චෝදනා කරති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සංචාරක මණ්ඩලය හා ශ්‍රී ලන්කන් ගුවන් සේවය මුල් කරගනිමින් ඇය මෙවැනි ව්‍යාපෘතියකට අතගසා ඇත්තේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ තමාගේ සමීපතම මිතුරකු බව පවසමින් දේශපාලන බලය ද අතට ගනිමින් බව එම ශ්‍රී ලාංකිකයින් කියා සිටියි.
එරට වෙසෙන එම ශ්‍රී ලාංකිකයින් පිරිසක මෙවැනි අනාවරණයක් සිදුකර ඇත්තේ, ඇයගේ ඉතිහාස කල්ක්‍රියාවන් ද සිහිපත් කරමිනි.
ඇය මිට ඉහතදී ඇගේ ඇසේ අසාත්මිකතාවයකට වෛද්‍ය ප්‍රතිකාර සදහා රුපියල් මිලියන ගණනක් හිටපු විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහගේ නිර්දේශය මත ලබාගත් බව ද ඔවුන් සිහිපත්කර තිබේ.
බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාකික පිරිසකගේ අත්සනින් යුතුව ලංකා ලීක්ස් සංවිධානය වෙත යොමුකර ඇති ලිපිය, ඇයට පෞද්ගලික අපහාසයක් නොවන අයුරින් සංස්කරණය කර පහත පළකර තිබේ.
රවිනාථ ආර්යසිංහගේ නිර්දේශය මත සරෝජා සිරිසේනව ලන්ඩනයේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරිය ලෙස පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.
”ලන්ඩනයේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරිය ලෙස වැඩ භාරගත් පසුත් සරෝජා සිරිසේන තවමත් සිය අත්තනෝමතික ක්‍රියාකලාපයන් වෙනස් කරගෙන නොමැති බව පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තාවලින් අනාවරණය වේ.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කීප දෙනෙකුට කොරෝනා වැළඳී ඇති අවස්ථාවේ ඇය දැරූ වගකීම් විරහිත ආකාරයෙන් සහ ඒ කිසිවක් මායිම් නොකරමින් කටයුතු කර ඇත.
මේ අතර මහකොමසාරිස් කාර්යාලය නාඩගම් මඩුවක් වී ඇති ආකාරය, අමාත්‍යාංශයට බොරු කීම, විවාහක තරුණියකට මහකොමසාරිස් කාර්යාලය තුලදීම ශාරීරික හිරිහැර සිදුවීම, චක්‍රලේඛයට පිටින් වැඩකිරීම වැනි කරුණු සාක්ෂි සහිතව විවිධ සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ.
තමාව පුම්බාගැනිමේ අලුත්ම වැඩපිළිවෙල !
-----------------------------------------
මෙම කතාව ඉහත සියල්ලගේම දිගුවක් හැටියට සදහන් කල හැක .
අපට ලැබෙන නවතම තොරතුරු සහ අප ඉදිරිපත්කරන සාක්ෂි වලට අනුව ලන්ඩනයේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරිය සුදානම් වන අලුත්ම ගේම් ප්ලැන් එක සහ තමාව පුම්බාගැනිමේ වැඩපිළිවෙල ඇගේම වචනවලින් මෙසේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021 ජුනි සහ ජූලි මාසවලදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ තරඟාවලියක් සඳහා එංගලන්තයේ සංචාරය කරනු ඇත.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙය කදිම අවස්ථාවක් වනු ඇති හෙයින්, එංගලන්ත සංචාරයේ වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරිය බලාපොරොත්තු වේ.
ඒ අනුව, ජුනි 23 හෝ 24, ජුනි 26, 29 ජුනි 29 සහ 2021 ජූලි 01 වන දින එක්සත් රාජධානියේ රජයේ උසස් නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කර්මාන්ත නායකයින්, ප්‍රමුඛ සංචාරක ක්‍රියාකරුවන් සහ වෙනත් බලපෑම් කරන්නන් ඇතුළු වැදගත් අමුත්තන්ට කොමසාරිස්වරිය සමග තරග නැරඹීමට ආරාධනා කිරීමට බලාපොරොත්තු වේ.
මහකොමසාරිස්වරියට අනුව මේ පිරිස සමග මෙහිදී තරගය නරඹන අතරේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය, සංචාරක චාරිකා, තේ, වෙළඳාම සහ ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීමට ඇය බලාපොරොත්තු වන බව සදහන් කරයි.
ඉහත සදහන් පිරිස තරඟ නැරඹීම සදහා ඇය විසින් රුපියල් මිලියන 6.7ක (දල වශයෙන්) මුදලක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති අතර එය තරගයෙන් තරඟයට මෙසේය.
කාර්ඩිෆ් හි පැවතෙන T20 තරගයට එක් අයකුට වියදම රුපියල් 105,300.00 සහ මුළු වියදම රුපියල් 1,263,600.00
සවුත්හැම්ටන් හි පැවතෙන T20 තරගයට එක් අයකුට වියදම රුපියල් 145,530.00 සහ මුළු වියදම රුපියල් 1,746,360.00
චෙස්ටර් ලි ස්ට්‍රීට් හි පැවතෙන එක්දින තරගයට එක් අයකුට වියදම රුපියල්145,800.00 සහ මුළු වියදම රුපියල් 1,749,600.00
ඕවල් හි පැවතෙන එක්දින තරගයට එක් අයකුට වියදම රුපියල්161,730.00 සහ මුළු වියදම රුපියල් 1,940,760.00
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගන්වමින් ක්‍රිකට් තරඟ නැරඹීමට යාම අගය කළයුතු කරුණක් වුවද, ලංකාවේ සංචාරක අමාත්‍යංශය නොමඟ යවා ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් විදේශිකයින්ට විනෝදවීමට අවස්ථාව ලබාදීම කිසිඳු ලෙසකින් අනුමත කළ නොහැක.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සංචාරක චාරිකා වැඩිකරනවා, තේ වෙළඳාම වැඩිකරනවා සහ ශ්‍රී ලංකාව තුල ආයෝජනය වැඩිකරනවා කියා ඇය විසින් කරන ප්‍රකාශ කිසිඳු ලෙසකින් පිළිගත නොහැක්කේ ඇය සිය රාජ්‍යතන්ත්‍රීක සේවා කාලය තුළ මෙතෙක් එවැනි කිසිඳු ආකාරයේ මැදිහත්වීමක සිදුකර නොමැති තත්වයක් තුලය.
සරෝජාට ප්‍රශ්න පත්‍රයක් !
------------------------
එවැනි වටපිටාවක් තුල අපට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ගෙන් ඇසීමට ප්‍රශ්න කීපයක් ඇත. ඒවා මෙසේය.
1- ඔබතුමියට එක්සත් රාජධානියේ ඉහල රාජ්‍ය නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි ප්‍රභූන් සමග සමීප සම්බන්ධතාවයක් තිබේනම්, ශ්‍රී ලංකා රජයට එරෙහිව ජිනීවා අර්බුදයේදී ලෝර්ඩ් නෙස්බි හැර වෙනත් කිසිවකුගේ සහය ලබානොගත්තේ ඇයි ?
2- එසේ, ජිනීවා ප්‍රශ්නෙදි ඔබට එකතුකරගත නොහැකිවූ එක්සත් රාජධානියේ රජයේ ඉහල නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් ක්‍රිකට් තරග වලට ගෙන ඒමට ලැබෙන්නේ කෙසේද ?
3- මෙපමණ කලක් අප නොදුටු, ඔබ කියන එක්සත් රාජධානියේ රජයේ උසස් නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද ? නැතිනම් මෙපමණ කලක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය අවශ්‍ය වූ විටදී නිදා සිටියාද ?
4 – ඔබ කියන එක්සත් රාජධානියේ රජයේ උසස් නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහත තරග 4 බැලීම සදහා පැමිණෙන බවට ඔබට ඇති සහතිකය කුමක් ද?
5- තරඟයෙන් තරඟයට පැමිණෙන එක්සත් රාජධානියේ රජයේ ඉහල නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැතිකඩ සහ ශ්‍රී ලංකාවට ඇති ප්‍රයෝජනය සාධාරණිය කල හැකිද ?
6 – මෙපමණ කලක් Cricket hospitality activities වියදම් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අනුග්‍රහය දැක්වුවද, පවතින තත්වය තුල ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති අතර මෙකි සේවාවන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් කිරීමට තීරණය කලේ කවුරුන්ද ?
7- ශ්‍රී ලන්කන් ගුවන් සමගම මෙවර අනුග්‍රහය දැක්වීමට මැලිවූ විට ඉහත මුදල සංචාරක අමාත්‍යංශය හරහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එවන ලෙස ඉල්ලීම් කලේ මන්ද? කුමන හේතුවක් නිසාද? නැතිනම් සුපුරුදු පරිදි මෙවරත් තමන්ගේ ඇග බේරා ගෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බිල්ලට දීමට සැරසෙන්නේ ද ?
8 – ශ්‍රී ලංකාවේ වර්තමාන කොරෝනා තත්වය තුල බ්‍රිතාන්‍ය සංචරකයිනට ශ්‍රී ලංකාවට පැමිණිය හැකිද? සහ ඔබ කියන පිරිස ඒ සදහා ලබාදෙන දායකත්වය කෙබදුද ?
9- මේ වන විටත් බ්‍රිතාන්‍ය තුල ශ්‍රී ලංකාව කොවිඩ් 19 රතු ලැයිස්තුවට ඇතුලත් කර ඇති අවස්ථාවක මෙවැනි දෙයකට යොමු වන්නේ කුමන හේතුවකටද ?
10 -වර්තමාන නීතියට අනුව එංගලන්ත පුරවැසියෙකුට එංගලන්තයෙන් පිටවීමට අවසර ඇත්තේ සාධාරණ නිදහසට කරුණක් ඇත්නම් පමණක් බව මහකොමසාරිස්වරිය හැටියට ඔබ නොදන්නවාද ?.
11 – ඉහත තත්වයන් තුල ජාත්‍යන්තරය තුල සහ ක්‍රීඩා ලෝලීන් අතර මාධ්‍ය තුල මෙකි තරඟවලට තියන උනන්දුව පිළිබඳව ඔබට වැටහීමක් තිබෙනවාද? ඔබ අවසාන වශයෙන් නරබපු ක්‍රිකට් තරගය කුමද ? කුමන වසරේදීද ?
12- බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ක්‍රීඩා තරඟ සඳහා මෙතෙක් කොවිඩ් නීතිරීති වෙනස් කර නොමැති තත්වයක සහ පසුබිමක් තුල ඔබ මෙවැනි දෙයක් සංවිධානය කරනු ලබන්නේ කුමන හේතුවක් නිසාද? මීටරයක් පරතරය තබාගෙන ඔබ හිතන ප්‍රවර්ධනය කල හැකිද ?
13- සුපුරුදු පරිදි මෙවරත් ඔබ කැබිනට් අනුමැතියක් නොමැතිව විශේෂ ටෙන්ඩර් මණ්ඩලයකින් ඉහත මුදල් ඉල්ලා සිටියේ, කුමන හේතුවක් නිසාද ?
14- ඔබ කියන සම්බන්ධතා යොදා ගනිමින් එංගලන්තයේ තිබෙන සංවිධාන හරහා ශ්‍රි ලංකාවේ කොරෝනා මැඩලීමට ඔබට හැකියාවක් නැතිද ?
15- එංගලන්තය තුල සිලෝන් තේ සඳහා ඇතිවී තිබෙන තත්වය ඔබ සැබවින්ම දන්නවාද ? ඔබ බ්‍රිතාන්‍යයේ සිටි වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධනයට කළ කී දෑ මොනවාද ? එංගලන්තයේ රෝහලකට ගොස් ලංකාවේ තේ පෙට්ටි කීපයක් දී ජයාරූප කිහිපයක් අන්තර්ජාලයේ පළකලේ තමන්ගේ ප්‍රතිරූපය ඉස්මතුකරලීමේ තවත් සෙප්පඩ විජ්ජාවක්ද ?
16- ඔබ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වූ පසු ව්‍යාපාරිකයින් කීදෙනෙක් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සදහා මුලික වී තිබෙනවාද ? එය මුදල් වලින් කොපමණ මුදලක්ද ?
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නඩත්තු කිරීමට බදු ගෙවන අහිංසක ශ්‍රී ලංකික ජනතාව හදිසි කොරෝනා තත්වයන් තුල රෝහල් නොමැතිව, එන්නත් නොමැතිව අසරණව සිටින මොහොතක රෝහල් කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් නොමැති මොහොතක මහකොමසාරිස්වරියගේ ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා යෝජනා කර ඇති මෙවැනි ප්‍රචාරක ව්‍යපෘති කිසිඳු ශ්‍රී ලාංකිකයකුට අනුමත කළ හැකි ද?
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයෙකු හෝ වරියක් ඉතිහාසයේ කිසිදිනක මෙසේ හැසිරී නොමැත. කිසිම අවස්ථාවක ක්‍රිකට් තරඟ හරහා hospitalay box වල කැපී පෙනෙන්නට දැඟලුවේ නැත. මතක ඇති කලෙක මහකොමසාරිස්වරයෙකු හෝ වරියක් මෙසේ හොරපාරේ මුදල් ඉල්ලා ලංකාවට ලියුම් යවා ද නැත.
හැබැයි සරෝජා සිරිසේන නම් කියන්නේ එයා නාමල්ගේ ලගම හිතවතියක් කියාය. එනිසා කිසිවෙක් ඇයට අත නොතබන බවයි.
සරෝජා සිරිසේනට ක්‍රිකට් තරග නැරඹීමට අවශ්‍යනම් ඇයගේ වර්තමාන දොස්තර සැමියා සමග යා හැක. අප විශ්වාස නම් ඔහුහට සරෝජාට එළබෙන ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරගාවලිය නැරඹීමට ටිකට් පතක් ගැනීමට පුළුවන් කමක් තිබෙන බවට.
සරෝජා සිරිසේන, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වීමට ප්‍රථමයෙන්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසත් ඊටත් ප්‍රථමයෙන් මුම්බායිහි කොන්සල් ජනරාල් ඩූරයේ සේවය කළේය.
හිටපු අමාත්‍ය, පර්ලිමෙන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ හිටපු බිරිඳක් ද වන ඇය, විශේෂඥ වෛද්‍යවරුන් වන චන්ද්‍රා සිරිසේන සහ විමල් සිරිසේන දෙපලගේ දියණියයි. ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති ඇය, කලක් ස්විට්සර්ලන්තයේ වාසය කලාය.
ඇය තානාපති සේවයේ සිටින අතරතුරදී ඉන්දියාවේ පලවන Upper Crust සඟරාවේ 2015 දෙසැම්බර් කලාපයේ මුල්පිටුවේ වයින් වීදුරුවක් අතැතිව නිරූපිකාවක ලෙස පෙනී සිටීම නිසා, ඇය ගැන පසුගිය කාලයේ විවිධ විවේචනද සමාජය තුල පැවතුනි. (අවසාන චායාරූපය)
අනික් කරණය නම් තවදුරටත් ශ්‍රී ලංකා සංචාරක ආයතනය සරෝජාගේ ගැටවලට හසුවීම නැවතිය යුතුය. නියම ආකාරයේ ප්‍රවර්ධන සේවාවන් නිසි කලදී නිසි වේලාවට සිදුකල යුතුය. එවිට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන ඉලක්ක වලට යාමට හැකිවනු ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රික භූමිකාවන්ට මෙවැනි නිලධාරීන් පත්කර ඇති විටදී "ස" ෆේල් වන එක අහනත් දෙයක්ද ?
*බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය මුදල් ඉල්ලා යොමුකළ ලිපිය සහ මිල ගණන් පහතින් දැක්වෙයි.
(exchange rate calculate at : £1 = Rs.280)