20/06/2026
🎓✨ අ.පො.ස. සාමාන්‍ය පෙළ කඩඉම ජයගත් අපේ දරුවන්ට උණුසුම් සුබපැතුම්! ✨🎓
මෑතකදී නිකුත් වූ 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින්, ASMV මාතාවගේ නාමය යළිත් වරක් බැබළවූ අපේ ආදරණීය දූ දරුවන් සැමට අපගේ උණුසුම් සුබපැතුම්!
ඔබේ දිගුකාලීන කැපවීම සහ නොපසුබට උත්සාහය අද මල්ඵල ගැන්වී ඇත. උසස් පෙළ කඩඉම වෙත පියනඟන ඔබට ජයග්‍රහණයම වේවා! 🌟👏
එමෙන්ම, යම් හෙයකින් ඔබ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙවර නොලැබුණේ නම්, කිසිසේත් පසුතැවිලි නොවන්න. විභාගයක් යනු ජීවිතයේ එක් කඩඉමක් පමණක් මිස ජීවිතයම නොවේ. අඩුපාඩු හඳුනාගෙන, නව බලාපොරොත්තු සමඟින් නැවතත් ධෛර්යයෙන් යුතුව ඉදිරියට යන්න. ඔබේ අනාගතය තවමත් ඔබේ අතේමය! 💪❤️
මේ සාර්ථක ගමනේදී දරුවන්ට නිරන්තර මඟ පෙන්වීම් ලබා දුන් අප පාසලේ ගෞරවනීය විදුහල්පතිතුමියටත්, ආදරණීය ආචාර්ය මණ්ඩලයට සහ දරුවන්ගේ පසුපසින් සිටි සෙවණැල්ල බඳු ආදරණීය දෙමාපියන්ටත් අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු. 🙏
සියලුම දරුවන්ට සුබ අනාගතයක්! 🕊️
✍️ - ASMV MEDIA UNIT -