Sujatha Puthra Meditation Center

Sujatha Puthra Meditation Center Also Ven. thero serves the community as a visiting lecturer for the Budhist Psychatric council. After attaining monkhood he excelled in advance Budhist studies.

Ven.Kirulapana Dhammawijaya thero is a versatile Buddhist monk who has mastered Abhidharma and Vinaya, the holiest discourse of Theravada Budhism and qualified to guide both monks and laypeople. Further he is the founder and the spiritual advisor of Sujatha Puthra and Sujatha Diyani meditation center, dedicated to the spiritual and academic development of Buddhist monks and nuns. As a layman Ven.t

hero was educated at St.Jones , a reputed boys school in Colombo. Became a scholar by facing examinations conducted by Ramanya Maha Nikayaof Sri Lanka. Not only Ven.thero received the degrees saddharmācārya, vinayācārya, abhidharmācārya and abhidharma viśārada but also achieved the finest results in all above degrees immerging as the island’s first. Before becoming a monk Ven.Kirulapana Dhammawijaya thero served the Sri Lankan army. Though Ven.thero was born and raised in Colombo currently he is residing in Anuradhapura – Sujatha Puthra Forest Monastery.

15/07/2026

දානයක් දෙනවා නම් මේ වෙලාවට ප⁣ටන් ගන්න.

ඔබේ නිවසේ කොයිම වෙලේක හරි දහවල් දානයක් දෙනවා නම් භික්ෂුන් වහන්සේලාට මේ විදිය⁣ෙ කාලය කළමනාකරණය කරගන්න.

භික්ෂුන් වහන්සේලාට දානය වලඳන්න ආසන්න වශයෙන් පුළුවන් 12 වෙනකම් නිසා (එහා මෙහා වෙන දවස් තියෙනවා) උන්වහන්සේලාට 11.20 ටවත් දානය වලඳන්න ආරම්භ කරන්න ඉජ දෙන්න ඕන.. ඒ කියන්නෙ 11.10 වටවත් දන් බෙදන්න ආරම්භ කරන්න වෙනවා..

බුද්ධ පුජාව තියන්න විනාඩි පහලවක් වත් ඕන නිස දාන ගෙදර ස්වාමින් වහන්සේලාව 10.45 ට වැඩම්මුවානම් හොඳටම ඇති.

සමහරු මේ දේවල් දන්නැති නිසා දන් බෙදන්න ගොඩක් පරක්කු කරගන්නවා. සිල්වත් භික්ෂුන් වහන්සේලාට එයින් තමන්ගේ ප්‍රධාන ආහාර වේල හරියාකාරයෙන් ගන්න එක මගහැරෙනවා. අතුරුපස එහෙම වලඳන්න වෙලාව කොහෙත්ම මදි වෙනවා.

අනේ දායකයන්ට කරුණාවෙන් දානයකට වැඩම කරලා, හරියට වලඳගන්නවත් බැරිව උන්වහන්සේට නැවත වඩින්න වෙනවා. මේක මොනතරම් පාපයක් වෙන්න ඇති කියලා ද ඔබ සිතන්නෙ ?

එනිසා පහුවදා වෙනකම්ම උන්වහන්සේට පහසුවෙන් බණ භාවනාවේ වැඩ ඉන්න නම් අපි නියම වෙලාවට දන් බෙදන එක වැදගත්.

උන්වහන්සේලා එයින් පහසුවෙන් වළඳලා නැවත තම තමන්ගේ ශාසනික අභිමතාර්ථය සිද්ධ කරගන්නට විහාරවලට වැඩම කරාවි.

වටිනවා කියන්නෙ මාරම වටිනවා ❤️
07/07/2026

වටිනවා කියන්නෙ මාරම වටිනවා ❤️

කාන්තාවක් භික්ෂුන් වහන්සේ නමකට කියා පිරිත් නූලක් බැඳගැනීම සුදුසු ද ?

ඇත්තෙන්ම සරල උත්තරය නම් නෑ. කාන්තාවත්ට භික්ෂුන් වහන්සේ නමකට කියලා පිරිත් නූලක් බැඳගන්න ඇත්තටම පුලුවන්. හැබැයි පරිස්සම් වෙන්න ඕන තැන් කීපයක් තියෙනවා.

01. ඔබේ අතේ පිරිත් නූල බඳින ස්වාමින් වහන්සේගේ ශරීරයේ ස්පර්ශ නොවී සිටීමට වග බලාගන්න. අවම තරමින් පිරිත් නූල බඳින අතවත් උන්වහන්සේ ගේ ඇඟිලිවල වත් ස්පර්ශ නොවී තිබීමට වග බලා ගන්න. (අත හොඳටම පහත් කරන්නෙ නැතිව පිරිත් නූල බඳින්න පුළුවන් මට්ටමට ඔසවලා දුන්නොත් ස්වාමින් වහන්සේලා පරිස්සමෙන් පිරිත් නූල බඳිනවා)

ඇයි එහෙම ?

මොකද ස්වාමින් වහන්සේලාට ටිකක් බරපතළ සිල් පදයක් තියෙනවා.

යම් භික්ෂුවක් {රාගී අදහස් ඇතිව} පෙරලී ගිය සිතින් අතින් ඇල්ලීම් ආදිය කිරීම, (අවම වශයෙන් කෙසේ ගසක් හෝ) අතින් කාන්තාවගේ අවයවයන් පරාමර්ශනය කිරීම වශයෙන ස්ත්‍රියක හා කයින් කය ස්පර්ශ කෙරේ ද, (ඕහට) සඟවෙසෙස් ඇවැත් වේ.

කියලා. මේක සංඝාදිශේෂාපත්තියක් නිසා අනිත් ඇවත් වගේ ටක් ගාලා තව කෙනෙකුට කියලා පිරිසිදු වෙන්න පුළුවන් ඇවතක් නෙවෙයි.

මේකට කිසිම භික්ෂුවක් කිසිසේත්ම කැමති නැති කයටත් මනසටත් දෙකටම ටිකක් බලපාන ආකාරයේ දඬුවමක් බුදුරජාණන් වහන්සේ භික්ෂුවට දාලා තියෙනවා.

එහෙම වෙන්නත් ඕන. මොකද භික්ෂුවක් පැවිද්දෙ ඉන්නවා නම් කන්නෙ බොන්නෙ ගිහියන්ගෙන්. ගොඩක්ම අම්මලා අක්කලා තමයි භික්ෂුවට ආහාර ටික සකස් කරන්නෙ.

එහෙම අරගෙන කාලා ඒ අත්වලින්ම රාගී සිතින් ඒ කාන්තාවක් ස්පර්ශ කිරීම භික්ෂුවකට සුදුසු නැහැ. මෙතන රාගී සිත කියන එක ඉතා වැදගත්.

නිකම් පිරිත් නුල බැඳ බැඳ ඉන්නකොට ඇඟේ වැදෙන එකෙන් මේ ඇවත වෙන්නැ. ඒ කියන්නෙ භික්ෂුන් වහන්සේ නමක් අචේතනිකව (රාගී සිතින් තොරව) ස්ත්‍රියකගේ ඇගේ වැදුණට මුකුත් වෙන්නෑ.

මං පිළිගන්නවා මේක සම්පූර්ණයෙන්ම භික්ෂුන් වහන්සේලා ගේ පැත්තෙන් පරිස්සම් වෙන්න ඕන සහ පුළුවන් කාරණයක් කියලා. ඒත් මේක ගිහි පින්වතුන්ගේ පැත්තෙන් කරන්න පුළුවන් වෑයමක් නිසා කරාට පවු නෑ.

ඔය කුඩා ගැහුණු ළමයින් වඩගද්දිත් මේ සිල්පදය ඒ විදියටම බලපානවා. ඒ නිසා තමන්ගේ පොඩි ගැහැනු ළමයි භික්ෂුන් වහන්සේලාගේ අතට දෙද්දි පරිස්සම් වෙන්න අම්මලා.

භික්ෂුවකට නෙවෙයි සාමාන්‍යයෙන් අපේ සංස්කෘතියේ හැදිච්ච වැඩිච්ච අම්මලා පිට කෙනෙකුට තමන්ගේ ගැහැනු ළමයි වඩා ගන්න දෙන්නෑ.

සිරිතක් විරිතක් හිරි ඔත්තප්පයක් තියෙන මිනිස්සු අනුන්ගේ ගැහැනු ළමයි එහෙම ලැජ්ජාවක් නැතිව වඩා ගන්නෙත් නෑ.

කාන්තාවක් භික්ෂුවක⁣ට වඳිනකොට වුණත් නොගෑවි වඳින්න පරිස්සම් වෙන්න ඕන. භික්ෂුවත් සිහියෙන් ඒ වන්දනාව පිළිගන්න ඕන වන්දනා කරන අයට ආයු වර්ණ සැප බල ප්‍රාර්ථනා කරමින්.

මේවා දැනගෙන ඉන්න එක කොයි කාටත් වැදගත්.

සුජාත පුත්‍ර පුණ්‍ය භූමියේ වසර ගණනක් විදර්ශනා යෝගීව ගුණ පිළිවෙත් පුරමින් සිටි පූජ්‍ය තඹුත්තේගම නීග්‍රෝධවංශ ස්වාමීන් වහන්...
25/06/2026

සුජාත පුත්‍ර පුණ්‍ය භූමියේ වසර ගණනක් විදර්ශනා යෝගීව ගුණ පිළිවෙත් පුරමින් සිටි පූජ්‍ය තඹුත්තේගම නීග්‍රෝධවංශ ස්වාමීන් වහන්සේ සහ පූජය කොස්ගම සාරදවංශ යන ස්වාමින් වහන්සේලා දෙනම උපසම්පදා භූමියට පත්වීමේ අවස්ථාවේ සේයා රූ කිහිපයක්..

14/06/2026

උපසම්පදා උත්සවය | 2026..

මෙතෙක් කල් ඔබට පොඩි හාමුදුරුවො කෙනෙක් වෙච්චි උන්වහන්සේ හෙට ඉඳන් තව දුරටත් පොඩි හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි..වසරණ අටක් පමණ ස...
13/06/2026

මෙතෙක් කල් ඔබට පොඩි හාමුදුරුවො කෙනෙක් වෙච්චි උන්වහන්සේ හෙට ඉඳන් තව දුරටත් පොඩි හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි..

වසරණ අටක් පමණ සාමණේර ශික්ෂණය ලබමින් සිට උපසම්පදා භූමියට පත් වෙච්ච පරිණත භික්ෂුන් වහන්සේ නමක්..

නිදුක් නිරෝගී චිර ජිවනය වේවා අපේ පින්වත් ස්වාමින් වහන්සේට..

වෙසක් කූඩුවක් කියන්නේ හරි අපූරු සංකේතයක්. උණ බට කපලා ඒවා එකට එකතු කරලා, සැකිල්ලක් හදලා, ඒ උඩින් සරසන්න සව් කොළ අලවලා, රැ...
30/05/2026

වෙසක් කූඩුවක් කියන්නේ හරි අපූරු සංකේතයක්. උණ බට කපලා ඒවා එකට එකතු කරලා, සැකිල්ලක් හදලා, ඒ උඩින් සරසන්න සව් කොළ අලවලා, රැළි අලවලා හරි ලස්සනට හදනවා. ඊට පස්සේ රාත්‍රී යාමයේ ඉටිපන්දමකින් ආලෝකමත් කරලා ඒ වුණ මහන්සියේ අවසන් ප්‍රතිඵල භුක්ති විඳිනවා.

කාලය ගෙවී යනකොට ඉටිපන්දම සව් කොළවල ගැවීමකින් හෝ වැස්සකින් හෝ වෙනත් ආබාධයකින් හෝ මේ වෙසක් කූඩුව විනාශ වී යනවා. මහත් වූ පරිශ්‍රමයකින්, හෙමින් හෙමින් ඉවසීමෙන් සැරසිලි කරපු කූඩුව එක මොහොතකින් විනාශ වෙනවා. නැත්නම් කල් යත්ම අව්වට අහු වී වර්ණය වියැකිලා යනවා.

මේකත් හරියට අපේ ජීවිත වගේ. උඩින් ආටෝප කරමින් සරසපු ඇටසැකිල්ලක් වසාගෙන සෑදුණු මේ රූපය ඇත්තෙන්ම විනාශ වෙමින් යන දෙයක්. මිනිස්සු මහා බලාපොරොත්තු තියාගෙන ටිකෙන් ටික සරසන ජීවිත කාලයාගේ ඇවෑමෙන් තිබුණු බවක්වත් සොයාගැනීමට නොහැකි විදියට අභාවයට යනවා.

පාලුවේ තනිපංගලමේ වෙසක් කූඩුවක සව්කොළය මැද්දෙන් හීනියට පෙනෙන ගිනි දැල්ලේ දැඟලිල්ල බලාගෙන සිටින අයෙක්ට ඒ ගිනිදැල්ල නිසා මේ කූඩුවට වන්නටහැකි හානිය පෙනෙන්නාක් මෙන්, ඒ කූඩුවෙහි දුර්වල බව පෙනෙන්නාක් මෙන්, ජීවිතය දිහා නිමග්නව බලා සිටින්නෙකුට මෙහි ඇති දුර්වල බව, අන්තරාදායක බව මොනවට පෙනෙන්නේ ය.

අවසානයේ ගිනිබත්ව පොළොව සිඹින වෙසක් කූඩුවක් අපට කියා දෙන්නේ හරි අපූරු පාඩමක්.

හෙමින් හෙමින් සැරසෙන අපි සෑම මොහොතකම දරා සිටින්නේ ගිනිබත්ව වැනසී යන ඉරණමක්.

30/05/2026
18/05/2026

ධර්ම මාර්ගයේ යන ඔබට ඔබේ කල්‍යාණ මිත්‍රයාගෙන් ලැබුණු වටිනා උපදෙසක් ඔබේ මතකයේ තිබේ ද ?

ඒ මොකද්ද ? කාගෙන් ද ?

17/05/2026

ඔබ ගේ සිතට ඉතාම තදින් කා වැදි ඇති සංසාරයේ තතු නිතර මතක් කරවන සුළු

ධරිම පර්යායක්, බණ පදයක්, පාලි වචනයක් ති⁣බේ ද ?

⚠️ භික්ශූන් වහන්සේලාට  නින්දා අපහාස කරන්නන් මරණාසන්න මොහොතේදී දැඩි බියට පත්වන අතර, සිහිය විකල් වී (මුළා වී) මරණයට පත්වන ...
16/05/2026

⚠️ භික්ශූන් වහන්සේලාට නින්දා අපහාස කරන්නන් මරණාසන්න මොහොතේදී දැඩි බියට පත්වන අතර, සිහිය විකල් වී (මුළා වී) මරණයට පත්වන බව සද්ධර්මප්පජෝතිකා අටුවාවේ විස්තර වේ.

📜 සමණේසු අප්පදුට්ඨෝ සම්මූළ්හෝ කාලං කරෝති.

🔎 සිංහල තේරුම: ශ්‍රමණයන්ට දොස් පවරන්නා (සිහිය) මුළා වී කළුරිය කරයි (මිය යයි).

📚 මූලාශ්‍රය: චුල්ලනිද්දේස අටුවාව (සද්ධර්මප්පජෝතිකා).

❓ එතකොට යම් භික්ෂුවක් දුසිල්වත් නම් නරක නම් එහෙම කරාට කමක් නෑනේ කියල සමහරු කියනවා එහෙම දුසිල්වත් භික්ෂුවකට ගිහියන්ට තමන් කැමති පරිදි ගරහන්න පුළුවන්ද ?

1️⃣ 😔 යම් භික්ෂුවක් පරාජිකා වී සිටියද, ඔහු පිළිබඳ සැබෑ තතු නොදැන ද්වේෂයෙන් බැණවැදීමෙන් ගිහියා අකුසල් රැස් කරගන්නා බව සමන්තපාසාදිකා විවරණය කරයි.

📜 දුස්සීලස්සපි අක්කෝසන්තෝ පාපං පසවති, අත්තනෝ චිත්තස්ස දූසිතත්තා.

🔎 සිංහල තේරුම: දුශ්ශීලයාට වුවද බැණවදින්නා තමාගේ සිත දූෂණය කරගන්නා නිසා පව් රැස් කරගනී.

📚 මූලාශ්‍රය: විනය අටුවාව - සමන්තපාසාදිකා.

2️⃣ 🟡 භික්ෂුව පුද්ගලිකව වැරදි කළද, ඔහු දරා සිටින කාසාය වස්ත්‍රය (සිවුර) බුදුරජාණන් වහන්සේගේ ධජය (ඉසිධජ) වේ. එයට නිග්‍රහ කිරීම බුදුරජාණන් වහන්සේට කරන නිග්‍රහයක් බඳුය.

📜 කාසායධජෝ හි අරහන්තං ධජෝ, තස්ස අපසාදනං මහාපරාධෝ හෝති.

🔎 සිංහල තේරුම: සිවුර යනු රහතන් වහන්සේලාගේ (ආර්යයන්ගේ) ධජයයි, එයට අපහාස කිරීම මහා අපරාධයකි.

📚 මූලාශ්‍රය: මිලින්ද පඤ්ඤ - ලක්ඛණ පඤ්ඤ

❓ දුසිල්වත් හෝ සිල්වත් වුණත් භික්ෂූන්ට ගරහන අයට මරණින් මත්තෙ කුමක් වෙයිද කියලා පැරණි පොත්පත්වල සටහන් වෙන්නේ මොනවද ?

😨 ජාතක අටුවාවේ සහ පේතවත්ථු ප්‍රකරණයේ සඳහන් වන පරිදි, භික්ෂූන්ට බැණවදින පුද්ගලයන් මතු ආත්මවලදී කටින් දුගඳ හමන, මුඛයේ පණුවන් ගසන හෝ විරූපී මුහුණු ඇති ප්‍රේතයන් වී උපදියි.

📜 මුඛං තේ පූති ගන්ධං වායති, කීළා වා මුඛේ ඛාදන්ති.

🔎 සිංහල තේරුම: (පරිභව කිරීමේ විපාක ලෙස) තාගේ කටින් කුණු ගඳ වහනය වේ, කට ඇතුළේ පණුවෝ තාගේ මස් කති.

📚 මූලාශ්‍රය: පේතවත්ථු පාලි - පූතිමුඛ පේතවත්ථු

🔍 භික්‍ෂූන්ට ගරහන අයට සසරට කුමක්ද වෙන්නේ? කියලා සඳහන් වෙන තැන අපි බලමු

🌑 භික්ෂුවක් පෘථග්ජන වුවද, උන්වහන්සේ දරන බුද්ධ ධජයට (සිවුරට) ගරු කළ යුතු බවත්, එයට නිග්‍රහ කිරීමෙන් සසර අඳුරු වන බවත් මෙහි සඳහන් වේ.

📜 කාසායධජෝ හි පණ්ඩිතානං පූජනීයෝ හෝති, තස්ස අවඥා මහාදුක්ඛස්ස හේතු.
(සිංහ)

(උපුටාගැනීමකි)

Address

Colombo

Telephone

+94703421083

Website

Alerts

Be the first to know and let us send you an email when Sujatha Puthra Meditation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sujatha Puthra Meditation Center:

Shortcuts

Share