Raising children

Raising children HappyChild is a page for child development.Giving you some creative activities for toddlers.

20/09/2026

Hello Teachers ❤
කොච්චර ලිව්වත් බැරි වෙන Be verbs මේ වගේ TEAM GAME එකක් විදියට කරල බලන්න❤

19/09/2026

පැටව් හැමෝම එනකන් අපි කරන warmup Activitiy එකක් ❤
මේ activitiy එකෙන් කතා කරන්න පුරුදු වෙනවා විතරක් නෙවෙයි එයාල past tense එකත් පුරුදු වෙනවා💕

18/09/2026
15/09/2026

It’s DICTATION time❤️❤️

15/09/2026

💔 මගේ පුංචි අයාන් පුතා වෙනුවෙන් මේ වචන ටික ලියන්න මට අද හරිම අමාරුයි…

එදා අපි හැමෝම එකට එකතු වෙලා, පුංචි පුතාගේ ජීවිතය වෙනුවෙන් සටන් කළ හැටි මතක ඇති… 🙏

පුතාගෙ ජීවිතය බේරාගැනීමට තිබූ එකම බලාපොරොත්තුව වුණේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමයි.

2023 වසරේදී ඒ සැත්කම සිදු කළා.

එදා…

අපිට වඩා අයාන් වෙනුවෙන් බය වුණ අය හිටියා.

අපිට වඩා අයාන් වෙනුවෙන් යාච්ඤා කළ අය හිටියා.

අපිට නොහැකි වූ තැන්වලදී අයාන්ට අත දුන් අය හිටියා.

ඔයාලා හැමෝම අපේ පුතාව ඔයාලගේම දරුවෙක් වගේ ආදරෙන් වැළඳගත්තා. ❤️

ඒ ආදරය නිසා…
ඒ ආශිර්වාද නිසා…
ඒ උදව් නිසා…

අපේ පුංචි අයාන් පුතා සනීප උනා ❤️

අපි හිතුවේ දැන් අපේ පුතාගේ අමාරුම කාලය ඉවරයි කියලා…

අයාන් ආයෙත් හිනාවෙන්න පටන් ගත්තා.
ආයෙත් සෙල්ලම් කළා.
ආයෙත් අපේ ගෙදර පුංචි සතුටු හිනා හඬ ඇහෙන්න පටන් ගත්තා.අපි තුන් දෙනා ආයෙත් අලුතෙන් ජීවිතේ පටන් ගත්තා.....

අපිත් හිතුවා… "දැන් අපිට අපේ පුතාව සම්පූර්ණයෙන්ම ලැබුණා" කියලා. 😭❤️

නමුත්…

2025 නොවැම්බර් මාසය වන විට අපි කිසිම දවසක බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවුණා.

ආයෙත් සංකූලතා ඇති වුණා.

වමනය…
ශරීරයේ ලප…
අත් පා නැවීමට, දිගහැරීමට අපහසු වීම…
ඇවිදීමට පවා අපහසු තත්ත්වයක් ආවා..

අපි ආයෙත් බය වුණා.
ආයෙත් රෝහල්…
ආයෙත් පරීක්ෂණ…
ආයෙත් බෙහෙත්…
ආයෙත් ප්‍රතිකාර…

අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා වේදනාවෙන් ඉන්නවා බලන් ඉන්න එක තරම් අමාරු දෙයක් තවත් තියෙනවද? 💔

ආසිරි රෝහලේදී අයාන්ට අවශ්‍ය ප්‍රතිකාර කළත්, ඔහුට අවශ්‍ය වූ විශේෂිත ප්‍රතිකාර සහ පහසුකම් ලංකාව තුළ නොමැති නිසා ඔහුව ඉන්දියාවට රැගෙන යන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළා.

ඒ අනුව 2026 මැයි මාසයේදී අපි අයාන් පුතාව ඉන්දියාවේ Apollo රෝහලට රැගෙන ගියා.

දින 18ක්…

අපේ පුතා වෙනුවෙන් අපි ඉන්දියාවේ හිටියා.

ලංකාවේදී ලබාදීමට නොහැකි වූ, අයාන්ට ලබාදිය යුතුම වූ විශේෂිත ප්‍රතිකාර එහිදී ලබා දුන්නා.

ප්‍රතිකාරවලින් යම් සුවයක් ලැබුණා.

නමුත්…

අපේ පුතා තවමත් සම්පූර්ණයෙන් සුව වෙලා නැහැ. 💔

ඒ නිසා නැවතත් ඔහුව ඉන්දියාවට රැගෙන යන්න අපිට සිදුවෙලා.

එහිදී අයාන්ට නිර්දේශ කළ JAKAVI කියන ඉතාමත් මිල අධික ඖෂධය සඳහා පමණක් දිනකට ආසන්න වශයෙන් රුපියල් 10,000 – 12,000ක් වැය වෙනවා.

ප්‍රතිකාර සඳහා ගියවර රුපියල් ලක්ෂ 30කටත් අධික මුදලක් අපිට වැය උනා.

අයාන් පුතාගෙ සර්ජරි එක කරන්න අපිට සහෝදර සහෝදරියෝ ගොඩක් උදව් කලා.

පුතාට ඇටමිඳුලු බද්ධ කරලා දැන් අවුරුදු තුනක්…

අවුරුදු තුනක් පුරාවට අපි අපේ පුතා වෙනුවෙන් හැකි හැම දෙයක්ම කළා.

අපිට තිබුණු දේ විකුණලා හරි…
අතේ තිබුණු මුදල් වියදම් කරලා හරි…
ණය වෙලා හරි…

පුතාව බේරගන්න අපි පුළුවන් හැම දෙයක්ම කළා.

ඒත් අද…

අපිට තවත් තනියම මේ ගමන යන්න ශක්තියක් නැහැ. 😭

අයාන් පුතාව නැවතත් ඉන්දියාවට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් අවශ්‍යයි.

ඒ මුදල අද අපි ළඟ නැහැ.

අපිට ඉතිරිවෙලා තියෙන එකම බලාපොරොත්තුව… ඔයාලා. 🙏

එදා අයාන්ගේ ජීවිතය වෙනුවෙන් අපිත් එක්ක හිටපු ඔයාලා…

මේ වතාවෙත් අපේ පුතා වෙනුවෙන් අපිත් එක්ක ඉන්න පුළුවන්ද? 😭🙏

ඔබට රුපියල් ලක්ෂයක් දෙන්න බැරි වෙන්න පුළුවන්.

රුපියල් දහදාහක් දෙන්න බැරි වෙන්න පුළුවන්.

ඒත්…

රුපියල් 50ක්…
රුපියල් 100ක්…
රුපියල් 500ක්…

ඔබට හැකි කුඩාම මුදලක් වුණත්, අපිට මේ මොහොතේ ඒක මහ මෙරක් තරම් වටිනවා. ❤️

ඔබට මුදලින් උදව් කරන්න බැරි නම්,
මේ පෝස්ට් එක Share කරන්න.

ඔබේ එක Share එකක් නිසා තවත් එක් කෙනෙක් මේ පණිවිඩය දැකලා අයාන්ට අත දෙන්න පුළුවන්.

🏦 අයාන් පුතා වෙනුවෙන් උපකාර කිරීමට

D.M.N.L. RAJAKARUNA
Commercial Bank – Anuradhapura
A/C No: 8185008407

D.M.N.L. RAJAKARUNA
BOC – Kebithigollewa
A/C No: 90696568

📞 පියා: 076 383 7005

අයාන්ගේ ප්‍රතිකාර පිළිබඳ සත්‍යතාව තහවුරු කරගැනීමට අවශ්‍ය නම්, අප සතුව ඇති වෛද්‍ය වාර්තා සහ අනෙකුත් ලේඛන ලබාදිය හැකියි.

එමෙන්ම ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයෙන් අයාන්ගේ ප්‍රතිකාර පිළිබඳව තොරතුරු විමසා තහවුරු කරගැනීමටත් හැකියි.

🙏 අපි මේ ඉල්ලීම කරන්නේ කැමැත්තෙන් නෙවෙයි.

මගේ පුතා වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා…
අන්තිමට අම්මා කෙනෙක් විදිහට මට කරන්න ඉතිරිවෙලා තියෙන එකම දේ නිසායි මේ විදිහට ඔයාලගෙන් උදව් ඉල්ලන්නේ.

අයාන් කියන්නේ අපේ දරුවා විතරක් නෙවෙයි…
අයාන් තමයි අපේ මුළු ලෝකයම. ❤️

මගේ පුතා තවත් ගොඩක් කල් ජීවත් වෙන්න ඕනේ.
අපිත් එක්ක තව අවුරුදු ගණනාවක් ඉන්න ඕනේ.
ආයෙත් හිනාවෙන්න ඕනේ.
😭❤️

අපේ පුතාට ඒ අවස්ථාව ලබා දෙන්න අපිත් එක්ක එකතු වෙන්න. 🙏

අපිට මේ සටන තනියම දිනන්න බැහැ…
ඔයාලා එකතු වුණොත් අපිට පුළුවන්. ❤️🙏

කවදාවත් කිසිම අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවා වෙනුවෙන් මෙහෙම අසරණ වෙලා උදව් ඉල්ලන්න සිදු නොවේවා… 🙏😭

අයාන් පුතා වෙනුවෙන් අද ඔබ කරන පුංචිම උපකාරය, ඔහුගේ හෙට දවස විය හැකියි. ❤️🙏

අපේ පුංචි අයාන් වෙනුවෙන්…
තවත් වරක් අපිත් එක්ක හිටගන්න. 🙏❤️

8185008407
D.M.N.L.RAJAKARUNA
COMMERCIAL BANK
ANURADHAPURA

90696568
D.M.N.L.RAJAKARUNA
BOC
KEBITHIGOLLEWA











❤️🙏

13/09/2026

They born to play ,so we need to make ways to play and learn for them❤️🧒

12/09/2026

එයා කිව්ව නිල් පැහැති දිවක් තියෙන සතා කව්ද දන්නවද🙂

Address

Meegoda, Padukka
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Raising children posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share