Pradeep

Pradeep Online

මේවා කරනවනම් හොද වැඩ.. ​ ​ ​ ​ ​
11/06/2026

මේවා කරනවනම් හොද වැඩ..




අද ඩිජිටල් යුගයේ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා බොහෝ දෙනා සමාජ මාධ්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත්, එය දරුවන්ගේ ...
10/06/2026

අද ඩිජිටල් යුගයේ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා බොහෝ දෙනා සමාජ මාධ්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත්, එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බවත් වාර්තා වේ.

විශේෂයෙන් අන්තර්ජාලය හරහා දරුවන්ට එරෙහිව තර්ජන, බිය ගැන්වීම් සහ අනතුරුදායක හැසිරීම් ඉහළ යමින් පවතින බව දෙමාපිය පාර්ශවය විසින් අවධාරණය කර ඇත.

මෙම තත්ත්වය හමුවේ, එක්සත් රාජධානියේ එක්සත් රාජධානිරජයට දෙමාපියන් විසින් දැඩි නියාමන ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින බවද වාර්තා වේ. මේ අතර, ඕස්ට්‍රේලියාව වැනි රටවල් දැනටමත් වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව එක්සත් රාජධානියේ අගමැති කෙයර් ස්ටාර්මර් දැඩි නියාමන තීරණයක් ගැනීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට හානිකර ලෙස සැලකිය හැකි සමාජ මාධ්‍ය වේදිකා භාවිතය සීමා කිරීම හෝ තහනම් කිරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල තාක්ෂණික සමාගම්වලට එරෙහිව කටයුතු කිරීමටද රජය පසුබට නොවන බව අගමැතිවරයා පවසා ඇති බවද සඳහන් වේ.

"අපි යුක්තිය ඉෂ්ට කරනකන් කට වහගෙන බලාගෙන ඉන්න." - ලක්මාලි හේමචන්ද්‍ර
09/06/2026

"අපි යුක්තිය ඉෂ්ට කරනකන් කට වහගෙන බලාගෙන ඉන්න." - ලක්මාලි හේමචන්ද්‍ර

09/06/2026

#

09/06/2026

09/06/2026

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වසර 4 බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග.

මේ මවට පැම්පස් සහ බිස්කට් කිරිපිටි ලබා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් දන්වන්න.🙏🙏😊මීට මාසයකට පමණ පෙර කාත්කවුරුත් නොමැති ...
09/06/2026

මේ මවට පැම්පස් සහ බිස්කට් කිරිපිටි ලබා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් දන්වන්න.🙏🙏😊

මීට මාසයකට පමණ පෙර කාත්කවුරුත් නොමැති මේ මවට අවශ්‍ය පැම්පස් කිරිපිටි බිස්කට් වර්ග පින්වත් මහත්ම්යකගේ සහ මහත්මියකගේ දායකත්වයෙන් ලබා දුන්නා...මේ වන විට ඒවා සියල්ල අවසන් වී ඇත.බොහෝ අය ඒ මවට අවශ්‍ය දේවල් ලබා දෙන්න අහලා තිබුනා.නමුත් එකවර ගොඩක් ද්‍රව්‍ය ඒ නිවසට ගිහින් දෙන එක හේතූන් කීපයක් නිසා භාරගත්තේ නෑ.නමුත් මේ වන විට ඒ ගිහින් දුන් පැම්පස් බිස්කට් වර්ග කිරිපිටි අවසන් වී ඇත.

තනිවම ඒ නිවසේ ජීවත් වන මේ මවට අවශ්‍ය පැම්පස් මාසයකට පමණ ප්‍රමාණවත් වන ලෙස හෝ හැකි අයුරින් ලබා දෙන්න පුලුවන් කෙනෙක් දන්වන්න.🙏🙏

ඇයට උදව් කරන්නෙ අසල්වැසියන් .අවිවාහක මවක්.🥹🥹ඉන්නෙ පොල්ගහවෙල ප්‍රදේශයේ

මේ මව ඉන්න තැන දැනගන්න උදව් කරන්න පුලුවන් කෙනෙක් පමණක් විස්තර දැන ගන්න් මැසේජ් එකක් දාන්න..හේතූන් කීපයක් නිසා පෝස්ට් එකේ දාන්න හැකියාවක් නෑ..

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය තවදුරටත් ඉදිරියට රැගෙන ගියහොත් ඔහුගේ ජීවිතයට ද...
08/06/2026

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය තවදුරටත් ඉදිරියට රැගෙන ගියහොත් ඔහුගේ ජීවිතයට දැඩි අවදානමක් පවතින බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා අවධාරණය කළේ, "එතුමා මේ මාරාන්තික උපවාසය තව දවස්, තව පැය 24ක් 48ක් නොකඩවා පවත්වාගෙන ගියොත්, අනිවාර්යයෙන්ම එතුමාගේ ජීවිතයට හානියක් වෙන්න ඉඩ තියෙනවා" යනුවෙනි.

සුරේෂ් සලෙයි මහතාගේ ජීවිතයට යම් අනතුරක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් රජය විසින් භාරගත යුතු බවද සුගීෂ්වර බණ්ඩාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ඒ මහතා ආණ්ඩුවට ඍජුවම චෝදනා කරමින් කියා සිටියේ, "එහෙම ජීවිතයට හානියක් වුණොත් ඒකෙ වගකීම මේ අනුර, හරිනි, ටිල්වින් ආණ්ඩුව බාරගන්න ඕනේ" යනුවෙන් ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳවයි.

මේ සම්බන්ධයෙන් රජයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් නව ජනතා පෙරමුණේ නායකයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම උපවාසය හේතුවෙන් කිසිදු ආකාරයකින් සුරේෂ් සලෙයි මහතාට අනතුරක් වීමට ඉඩ නොතැබිය යුතු බවයි. "මොකද ආණ්ඩුවට කියනවා, සුරේෂ් සලෙයි මහත්මයාගේ මයිලකට හරි කරදරයක් වුණොත්, මේ උපවාසය තුළින් සුරේෂ් සලෙයි මහත්මයාට යම් ප්‍රශ්නයක් වුණොත්, අනිවාර්යයෙන්ම මේ රටට ආදරය කරන දේශප්‍රේමී, ජාතිමාමක බලවේග ටික අනිවාර්යයෙන්ම පාරට එනවා" යැයිද ඒ මහතා අවසාන වශයෙන් අවධාරණය කර සිටියේය.
@

06/06/2026

06/06/2026

ලංකාවේ දුප්පත් සාමාන්‍ය මිනිස්සු ඉන්නේ,මෙට්‍රෝ බස් ගෙනල්ලා ෂෝ දාන්න මේක යුරෝපය නෙවෙයි - බස් ගැමුණු

Address

Colombo

Telephone

+94717449916

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeep posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pradeep:

Shortcuts

Share