LBC News

LBC News Lanka Broadcasting

17/10/2025

💥💯✅සංජිව එළොව යවන්න ආ සෙව්වන්දි - රටින් පැන්න හැටි පොලිසියට වමාරයි💥💯✅
ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි එම ඝාතනයෙන් පසු මෙරටින් පලා ගොස් තිබුණේ ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති මැයි මාසයේදී බව විමර්ශකයින් හෙළි කරගෙන තිබෙනවා.
මැතිවරණ උණුසුමත් සමඟ කාර්යබහුල වූ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමුවූ අවස්ථාවක ඇය මෙලෙස ඉන්දියාවට පලා ගොස් තිබූ බව ද වාර්තා වෙනවා.
මේ වන විට ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 06 දෙනකු පොලිසියේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුවන අතර මෙම කරුණු එහිදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.
අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට ගිනි අවිය අධිකරණයට රැගෙන ගොස් තිබුණේ ඇය බව මෙම විමර්ශනවලින් අනාවරණය වී තිබුණා.
‍පොලිසිය අනාවරණය කරගත් ‍තොරතුරු අනුව මෙම ඝාතනය මෙහෙයවා තිබුණේ ඒ වන විට විදෙස්ගතව සිටි පාතාල අපරාධකරුවන් වූ කෙ‍ෙහල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද නමැති අය විසින්.
ඝාතනය වූ දිනම වෙඩික්කරු සමඟ ඉෂාරා සෙව්වන්දි ද ඉන්දියාවට පලා යෑමට සැළසුම් සකස් වී තිබුණද වෙඩික්කරු පුත්තලම පාලවියේදී පොලිස් විශේෂ කාර්ය බලකායට හසුවීමත් සමඟ ඔවුන්ගේ සියළු සැළසුම් ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය පවසනවා.
පසුව, ඉෂාරා මාස තුනක කාලයක් මෙරට තැනින් තැන සැඟව ජීවත්ව සිට තිබුණා.
මතුගම, මාතර, වව්නියාව හා තංගල්ල වැනි ප්‍රදේශවල මාස තුනක කාලයක් මෙසේ සැඟව සිටි ඇය, යාපනයට ගොස් ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට පලා යන්නේ ජේ. කේ. බායි නමැත්තා සමග බවට මේ වන විට කරන ලද විමර්ශනවලින් හෙළිව තිබෙනවා.
මේ සදහා කෙහෙල්බද්දර පද්මේ ජේ. කේ. බායි නමැත්තාට රුපියල් කෝටියක මත්කුඩු ලබාදී ඇති බව ද විමර්ශනයේදී හෙළිව තිබුණා.
පැය පහක පමණ කාලයක් විශාල බෝට්ටුවකින් මදදුරක් ගොස් අනතුරුව කුඩා බෝට්ටුවක් මගින් ඉන්දියාවට ඇතුළු වූ බවයි ඉෂාරා සඳහන් කර ඇත්තේ.
ඉන්දියාවේ සති දෙකක පමණ කාලයක් රැඳී සිට එහිදී තමිලනී නමින් ඉන්දියානු හැඳුනුම්පතක් ඇයට ජේ.කේ. බායි සකස් කර දී ඇති අතර අනතුරුව නේපාලයට ගොස් තිබෙනවා.
වැඩිදුරටත් ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා පවසා ඇත්තේ, තමන් සමග ජේ.කේ. බායිට අමතරව තවත් පුද්ගලයන් සිව්දෙනෙකු සිටි බවයි.

ඒ අනුව එම පිරිස ද අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගම්පහ බබා, නුගේගෝඩ බබී, ජැෆ්නා සුරේෂ් හා ඉෂාරාගේ රුවට සමානව පෙනී සිටි තක්ෂි නැමැත්ති බව සඳහන්.
කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පමණ පෙර ජැෆ්නා සුරේෂ් හා තක්ෂි නැමැතිතිය නේපාලයට ගුවන් මගින් පැමිණ තිබෙනවා
ඔවුන් හය දෙනාම එකම නිවසක සිට ඇති අතර පද්මේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව ස්ථාන 6කට පිරිස බෙදී ගිය බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේනවා.
එමෙන්ම තක්ෂි නැමැත්තියගේ විස්තර යොදා සෙව්වන්දිව යුරෝපා රටකට යැවීමට පද්මේ කටයුතු යොදා තිබූ බවද අනාවරණය වී ඇති අතර පද්මේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව පිරිස දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණ දී සිට ඇති බව ද පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සහ ගිහාන් සිල්වා නම් පොලිස් නිලධාරියා අදාළ මෙහෙයුම සඳහා නේපාලය බලාගොස් තිබුණේ පසුගිය ඔක්තෝබර් 10 වන දිනයි.
එහිදී නේපාලයේ නියෝජ්‍ය තානාපති සමීර මුණසිංහ මහත්මිය හා ඇයගේ සැමියා විසින් අවශ්‍ය සියලු පහසුකම් සලසා එරට පොලිසියද සම්බන්ධ කරදි තිබුණා.
අනතුරුව ක්‍රියාත්මක වූ මෙරට විමර්ශන නිලධාරීන් තවත් පාර්ශ්වයක් හරහා ජේ.කේ බායි නැමැත්තාව අත්අඩංගුවට ගැණුනා.
එහිදී රොහාන් ඕලුගල මහතා ඔහුගෙන් ඉෂාරා සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ, තමන් කිසිවක් නොදන්නා බවයි.
එහෙත් පොලිසිය ඉෂාරාගේ දුරකතන අංකය ඔහුගෙන් ලබාගෙන තිබුණා.
ඒ අනුව සිදුකළ සොයා බැලීමේදී ඉෂාරා රැඳී සිටින ස්ථානය අනාවරණය කරගෙන ඇති අතර අනතුරුව ඕලුගල මහතා හා අනෙක් පොලිස් නිලධාරියා ඇය පදිංචි නිවසට නිවාස 5ක් පමණ දුරින් ලැගුම්ගෙන විමර්ශන කර ඇති බව සඳහන්.
නේපාල පොලිසිය යොදවා අදාළ ස්ථානය සම්බන්ධයෙන් සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, ඉන්දියාවේ බැංගලෝරයේ සිට පැමිණ තමිලනී නම් කාන්තාවක් අදාළ දෙමහල් නිවසේ උඩුමහලේ කුලී පදනම මත රැඳී සිටින බවයි.
ඒ වෙනුවෙන් ඇය මසකට නේපාල රුපියල් 6,000ක මුදලක් ගෙවන බවද අනාවරණය කරගෙන තිබෙනවා.
එහෙත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ තමිලිනී නමින් පෙනී සිටින්නේ ඉෂාරා බවයි.
සියලු තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුව නේපාල පොලිසිය සමග අදාළ ස්ථානයට ගොස් ඇති ඕලුගල මහතා හා අනෙක් නිලධාරියා පහත මහලේ රැඳී සිට ඔවුන්ව ඉහළ මහලට යවා ඉෂාරා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබුණා.
ඒ අනුව නේපාල පොලිසිය ඇයව අත්අඩංගුවට ගැනීමේදී ඇය කිසිඳු ප්‍රතිරෝදයක් දක්වා නොමැති අතර අනතුරුව ඕලුගල මහතා ඇය සිටි ස්ථානයට ගොස් තිබේනවා.
එහිදී ඔහු ''කොහොමද සෙව්වන්දි ?''කියා විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පවසා ඇත්තේ, ''හොඳින් ඉන්නවා සර්.'' යනුවෙන්.
අනතුරුව ඕලුගල මහතා විසින් ''අවශ්‍ය ටික ගන්න'' යනුවෙන් පවසා ඇති අතර ඇය එහිදී ''මට මේ රට එපාවෙලා හිටියේ සර්'' යනුවෙන් සඳහන් කළ බව වාර්තා වනවා.
අත්අඩංගුවටගත් ඉෂාරා සෙව්වන්දි, ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් තක්ෂි, ජේ.කේ. බායි නැමැත්තා හා ජැෆ්නා සුරේෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබුවා.
ගම්පහ බබා නැමැත්තා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදුන් අතර නුගේගොඩ බබී නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබුවා.

゚ #සෙව්වන්දි #ඉෂාරා

🌷🙏ඔබගේ සියළු යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🌷🙏
17/10/2025

🌷🙏ඔබගේ සියළු යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🌷🙏

16/10/2025

💥💯✅චාමර අයියාට ලැබුණු සම්මානය💯💥🎯
fans

16/10/2025

🚦🚒🚑විශාල අනතුරක් වෙන්නයි යන්නේ - අයින් වෙන්න අයින් වෙන්න💥💯🚌

16/10/2025

🫦👩🔥ඉෂාර සෙව්වන්දිගේ බය කියන දේ ගැවිලාවත් නෑ 🫦👩🔥
#ඉෂාරසෙව්වන්දි

15/10/2025

💥ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස දිවයිනට ආ
⛔🔫💥නවතම දර්ශන මෙන්න🤨💯💥

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවුණා.
ඉෂාරා ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 13වනදා නේපාලයේ දී අත්අඩංගුවට පත්වූණා.
ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (15) ප.ව. 6.52ට මෙරටට ළඟාවුණා.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතයි.
එමෙන්ම සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමට නියමිතයි.
#ඉෂාරාසෙව්වන්දි

15/10/2025

🤨💯💥ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස දිවයිනට ආ නවතම දර්ශන මෙන්න🤨💯💥

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවුණා.
ඉෂාරා ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 13වනදා නේපාලයේ දී අත්අඩංගුවට පත්වූණා.
ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (15) ප.ව. 6.52ට මෙරටට ළඟාවුණා.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතයි.
එමෙන්ම සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමට නියමිතයි.
#ඉෂාරාසෙව්වන්දි

මුහුදේ පාවෙමින් තිබූ සැක සහිත පාර්සල් රැගෙන හැටි𝗪𝗔𝗧𝗖𝗛 𝗡𝗢𝗪 📺🔴 : https://youtu.be/xoEwJBxLf6E𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://lbcnews.l...
15/10/2025

මුහුදේ පාවෙමින් තිබූ සැක සහිත පාර්සල් රැගෙන හැටි
𝗪𝗔𝗧𝗖𝗛 𝗡𝗢𝗪 📺🔴 : https://youtu.be/xoEwJBxLf6E
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://lbcnews.lk/0e5r
LBC NEWS Sri Lanka's Number One News Portal
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : https://rb.gy/91bpcy
» Follow us on TikTok : https://www.tiktok.com/
» Follow us on Twitter : https://x.com/LankaBroadcast1

15/10/2025

⛔💥💯මුහුදේ පාවු මත්ද්‍රව්‍ය තංගල්ල ගෙනා හැටි මෙන්න💯💥⛔

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 51ක් පමණ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ සජිවි දර්ශණයි මේ ඔබට දක්නට ලැබෙන්නේ.
අද (14) පස්වරුවේ මෙම මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් මෙලෙස රැගෙන එනු ලැබුවා.
එලෙස රැගෙන ආ පාර්සල් 3ක හෙරොයින් ඇති බවට සැකකරන බවත් අනෙක් පාර්සල් 48 තුළ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට සැකකරන බව නාවික හමුදාව පැවසුවේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගය උනාකූරූවේ ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බවට සැකකෙරෙන බව වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 50ක් පමණ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (14) සොයා ගෙන තිබුණා.
යාත්‍රා 3ක් මගින් රට තුළට මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒමේ වෑයමක් පිළිබඳ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට ලැබී තිබුණේ ඉකුත් සැප්තැම්බර් මුලදීයි.
ඒ අනුව පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය යටතේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය දින 32ක් පුරා දෙවුන්දර සහ තංගල්ල මුහුදු තීරයේ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබුණා.
අදාළ යාත්‍රාවල පිරිස් සම්බන්ධ කරගත් ඔවුන් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබාදී තිබුණේ නැහැ.
යාත්‍රා පවතින ස්ථානය හඳුනාගැනීම සඳහා එහි සවිකර තිබූ VMS පද්ධතියද ඔවුන් ක්‍රියාවිරහිත කර තිබුණා.
මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගැනුණද අදාළ යාත්‍රා 3 පිළිබඳ තොරතුරුක් ලැබී තිබුණේ නැහැ.
゚ ゚ ゚viral

🌷🙏ඔබගේ සියළු යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🌷🙏
15/10/2025

🌷🙏ඔබගේ සියළු යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🌷🙏

14/10/2025

💜️

Anura Kumara Dissanayake அநுர குமார திசாநாயக்க NPP Srilanka JVP Srilanka Harini Amarasuriya NPP Biyagama / බියගම Mahinda NPP Mawanella - ජාතික ජන බලවේගය මාවනැල්ල NPP Galle NPP Ratnapura NPP හලාවත NPP Kotikawatta
Samantha Viddyarathna Lal Kantha Chathuranga Abeysinghe Ananda Wijepala , ආනන්ද විජේපාල ゚ ゚viral

🛑⛔️Breaking News⛔️🛑🤟👮සෙව්වන්දි නේපාලයේදී අල්ලයි💥💯සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව අ...
14/10/2025

🛑⛔️Breaking News⛔️🛑
🤟👮සෙව්වන්දි නේපාලයේදී අල්ලයි💥💯

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, මොවුන් අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයෙකු ද සිටින බවටයි පොලිසිය සඳහන් කළේ.

නඩු කටයුත්තක් සඳහා පැමිණි ගනේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුලදී වෙඩි තබා ඝාතනයට ලක්වූයේ පසුගිය පෙබරවාරි මස 19 වනදායි.

#සෙව්වන්දි #ඉෂාරාසෙව්වන්දි #ගණේමුල්ලසංජීවඅලුත්කඩේඋසාවි

Address

Colombo

Telephone

+94717998518

Website

https://www.youtube.com/c/LBCNews

Alerts

Be the first to know and let us send you an email when LBC News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LBC News:

Share