LBC News

LBC News Lanka Broadcasting

⚖️💥ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බදු ප්‍රශ්නයට අභියාචනාධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න⚖️💥ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ...
31/08/2026

⚖️💥ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බදු ප්‍රශ්නයට අභියාචනාධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න⚖️💥

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (31) රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගතව සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් එම ආයතනයේ සේවකයින් සේ සලකමින් ඔවුන්ගෙන් මෙලෙස පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව ශ්‍රී ලංකා එක්දින, ටෙස්ට් සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉකුත් වසරේදී පෙත්සම් කිහිපයක් ගොනුකර තිබිණි.

එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේවෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේදී ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග සහ තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝගය නිකුත් කරන බවද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

🛑Breaking News🛑⚖️💥🚔අල්ලස් කොමිසම මගහැර සිටි රවී කරුණානායක අද හදිසියේම කොමිසම හමුවට!💰⚖️💥අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමි...
31/08/2026

🛑Breaking News🛑

⚖️💥🚔අල්ලස් කොමිසම මගහැර සිටි රවී කරුණානායක අද හදිසියේම කොමිසම හමුවට!💰⚖️💥

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීම් කිහිපයක් මගහැර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු සිය දේශපාලන කටයුතු සඳහා යොදවා ගනිමින් රජයට පාඩු සිදුකළ බවට වන චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මීට පෙර අවස්ථාවලදී ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙස කළ දැනුම්දීම් මන්ත්‍රීවරයා විසින් මගහැර තිබූ අතර, අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පසුගියදා ඔහුගේ නිවසට පවා ගොස් තිබුණි. කෙසේවෙතත් එම අවස්ථාවේදීද නිවසේ නොසිටි මන්ත්‍රීවරයා, සිය දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් ප්‍රකාශයක් ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ලබාදුන් නව දිනයට අනුව රවී කරුණානායක මහතා අද මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇත.

🏏✈️ ක්‍රිකට් පිටියයි, අහස් යාත්‍රාවයි එකතු වුණු ඒ ආදරණීය කැදැල්ලේ පැවති උපන්දින සැමරුම! ❤️🎉
30/08/2026

🏏✈️ ක්‍රිකට් පිටියයි, අහස් යාත්‍රාවයි එකතු වුණු ඒ ආදරණීය කැදැල්ලේ පැවති උපන්දින සැමරුම! ❤️🎉

🎶⚠️📢"රෑට සවුන්ඩ්ස් දාන අයට පොලිසියෙන් ලොකු රතු එළියක්!🚓💥මේවා දැනගත්තේ නැත්නම් බඩුත් එක්කම පොලිසි යන්න වෙයි!"🚨🔊🎶මහජනතාවගේ...
30/08/2026

🎶⚠️📢"රෑට සවුන්ඩ්ස් දාන අයට පොලිසියෙන් ලොකු රතු එළියක්!🚓💥මේවා දැනගත්තේ නැත්නම් බඩුත් එක්කම පොලිසි යන්න වෙයි!"🚨🔊🎶

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධා වන පරිදි අධික ශබ්දයෙන් යුතුව ශබ්ද විකාශන යන්ත්‍ර (Loudspeakers) සහ ඇම්ප්ලිෆයර් භාවිතා කරන අයට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා. 🚓📢

ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් මෙන්ම රෝගීන් සඳහා මෙම ශබ්ද දූෂණය බරපතල සෞඛ්‍ය හා මානසික ගැටලුවක් බවට පත්ව ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

⚠️ ඔබ දැනගත යුතු නීතිමය තත්ත්වය සහ කාලසීමාවන් මෙන්න:

📌 නඩු තීන්දුව සහ නීතිය:
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 නියෝගයට අනුව, මහජනතාවට පීඩාවක් වන පරිදි ශබ්ද උපකරණ භාවිත කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ 'මහජන පීඩාවක්' ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

📌 අවසර නොමැති සාමාන්‍ය වේලාවන්:
සාමාන්‍යයෙන් රාත්‍රී 10.00 සිට පසුදින පෙ.ව. 06.00 දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර හිමි වන්නේ නැත. (ආගමික හෝ විශේෂ අවස්ථාවලදී නීත්‍යානුකූල අවසර ලබාගත හැක.)

📌 පොලිස් අවසර සහිත අවස්ථාවන්හිදී හිමිවන වේලාවන්:

සඳුදා සිට බ්‍රහස්පතින්දා: රාත්‍රී 10.00 දක්වා පමණි.

සිකුරාදා සහ සෙනසුරාදා: අලුයම 01.00 දක්වා පමණි.

ඉරිදා: අලුයම 12.30 දක්වා පමණි.

🚨 වඩාත්ම වැදගත් කරුණ:
මෙම කාලසීමාවන් බලපත්‍රලාභීන්ට ලැබෙන ස්වයංක්‍රීය අයිතියක් නොවන අතර, අවසර පත්‍රයක් තිබුණද ශබ්දය අදාළ පරිශ්‍රයට/ පරිශ්‍රය ඇතුළතට පමණක් සීමා විය යුතුය!

අවසර ලබාදී ඇති අවස්ථාවලදී කොන්දේසි කඩකරන්නේදැයි සොයා බැලීමට පොලිස් නිලධාරීන් යොදවන අතර, මහජන පැමිණිල්ලක් ලැබී ශබ්දය පීඩාවක් බව තහවුරු වුවහොත් එම අවස්ථාවේම ශබ්ද විකාශනය නතර කිරීමට දැනුම් දෙනු ඇත. පොලිස් දැනුම්දීම නොතකා කටයුතු කළහොත් අදාළ ශබ්ද උපකරණ (Sound Systems) පොලිස් භාරයට ගැනීමට කටයුතු කරනු ලබයි.

🔊 ඔබගේ ප්‍රදේශයේත් මෙලෙස නීතිවිරෝධී ලෙස හෝ මහජනයාට පීඩාවක් වන පරිදි අධික ශබ්ද නිකුත් කිරීම් සිදුවන්නේ නම්, ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118 / 119 හදිසි ඇමතුම් අංක වෙත වහාම දැනුම් දෙන්න!

👉 ඔබේ යහළුවන්වත් දැනුවත් කරන්න මෙම පෝස්ටුව Share කරන්න!

👩‍🎓💥🤦‍♀️BMICH එකේ උපාධි ප්‍රදානෝත්සවය අස්සේ කෙල්ලව උස්සන්න හදපු එකාගේ රෙදි ගැලවෙයි: පොලිසියෙන් වෙඩි තියලා ඇත්තම කතාව එළි...
30/08/2026

👩‍🎓💥🤦‍♀️BMICH එකේ උපාධි ප්‍රදානෝත්සවය අස්සේ කෙල්ලව උස්සන්න හදපු එකාගේ රෙදි ගැලවෙයි: පොලිසියෙන් වෙඩි තියලා ඇත්තම කතාව එළියට ගනී! 🚨😱👩‍🎓

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැති රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වී සිටි තරුණියක් මෝටර් රථයකින් පැහැරගෙන යාමට තරුණයෙකු දැරූ උත්සාහයක් සම්බන්ධයෙන් දැඩි ලෙස සමාජයේ අවධානය යොමු වී තිබෙනවා.

නාරාහේන්පිට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය නැවැත්වීමට අණ කර තිබුණත්, එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

පසුව පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයට නාරාහේන්පිට – නාවල මාර්ගයේදී පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එහිදී රියදුරු මෝටර් රථය අතහැර දමා පලාගොස් තිබෙනවා.

පොලිසිය මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සිටි තරුණිය මුදාගෙන ඇති අතර, පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇයව පැහැරගෙන යාමට උත්සාහ කර ඇත්තේ වෙනත් අයෙකු නොව ඇයගේම පෙම්වතා බවයි!

වැඩිදුරටත් අනාවරණය වන තොරතුරුවලට අනුව:
🔹 මොවුන් දෙදෙනාම මාතර, වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
🔹 තරුණිය සිය පෙම්වතාට නොදන්වා පවුලේ ඥාතීන් සමඟ උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ තිබේ.
🔹 ඇයව පැහැරගෙන යන බවට පොලිසියට දැනුම් දී ඇත්තේ ඇගේ පියා විසිනි.
🔹 විශේෂිතම කරුණ වන්නේ පැහැරගැනීමට භාවිත කළ මෝටර් රථය පෙම්වතාගේ එකක් වන අතර, එය උපාධි ප්‍රදානෝත්සවය සඳහා රැගෙනවිත් ඇත්තේද තරුණියගේ පියා විසිනි!

පැහැරගැනීමට ලක්වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කර ඇති අතර, අදාළ මෝටර් රථය කුරුඳුවත්ත පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

පලාගිය පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වන විට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. 🚨

📌 වැඩිදුර තොරතුරු දැනගන්න අපගේ පිටුව Follow කර තබාගන්න.

💁❤️‍🩹🧑‍🎓පෙම්වතාට හොරෙන් උපාධිය ගන්න ආපු පෙම්වතියව BMICH එකෙන් පැහැරගනී🚦🛑පස්සෙන් පැන්නූ පොලිසියෙන් නාවල පාරේදී වෙඩි ප්‍රහ...
29/08/2026

💁❤️‍🩹🧑‍🎓පෙම්වතාට හොරෙන් උපාධිය ගන්න ආපු පෙම්වතියව BMICH එකෙන් පැහැරගනී🚦🛑පස්සෙන් පැන්නූ පොලිසියෙන් නාවල පාරේදී වෙඩි ප්‍රහාරයක්⚡🚗🚨

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති උපාධි ප්‍රදානෝත්සවයකදී සිදුවූ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් ව්‍යර්ථ කිරීමට නාරාහේන්පිට පොලිසිය සමත්වී තිබෙනවා.

මාතර වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචි මෙම පෙම්වතිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වී ඇත්තේ සිය පෙම්වතාට නොදන්වයි.

එම අවස්ථාවේදී BMICH පරිශ්‍රයට පැමිණි පෙම්වතා විසින් තරුණියව බලහත්කාරයෙන් මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තිබෙනවා.

තරුණියගේ පියා විසින් වහාම මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමත් සමඟ ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිසිය, නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ SP CAI - 7562 අංකය සහිත මෝටර් රථය නතර කිරීමට අණ කර ඇතත්, එය නොතකා ධාවනය කිරීම නිසා පොලිසිය මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

💥 අනාවරණය වූ තොරතුරු:

වෙඩි ප්‍රහාරයෙන් පසු රියදුරා මෝටර් රථය දමා පලාගොස් ඇති අතර, රථය තුළ සිටි තරුණිය ආරක්ෂිතව මුදාගෙන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර ඇත.

පැහැරගැනීමට භාවිත කර ඇත්තේ තරුණියගේ පියා විසින් උපාධි ප්‍රදානෝත්සවයට පැමිණීමට රැගෙන ආ, පෙම්වතාට අයත් මෝටර් රථය බවයි හෙළි වී ඇත්තේ.

පලාගිය පෙම්වතා මත්ද්‍රව්‍ය භාවිතය සහ අලෙවිය සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.

අදාළ මෝටර් රථය කුරුඳුවත්ත පොලිසිය භාරයට ගෙන ඇති අතර, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

29/08/2026

🤔💥💯අධිකරණ ඇමතිට කෙන්ති ගියාද..?😡ආණ්ඩුවක් ගත්තේ සෙල්ලම් කරන්නද..?♟️🤦🏻‍♀️⚖️

#හර්ෂණනානයක්කාර #අධිකරණඇමති ゚

🚨 ⚠️24 හැවිරිදි තරුණයාගේ ජීවිතය බිලිගත් ගාල්ලේ ඛේදනීය සිදුවීම🗡️🚔ගාල්ල පොලිස් වසමේ ගල්වල ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රී කාලයේ...
29/08/2026

🚨 ⚠️24 හැවිරිදි තරුණයාගේ ජීවිතය බිලිගත් ගාල්ලේ ඛේදනීය සිදුවීම🗡️🚔

ගාල්ල පොලිස් වසමේ ගල්වල ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රී කාලයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් තියුණු ආයු^ධයකින් පහරදී 24 හැවිරිදි තරුණයෙකු ඝා©_{^තනය කර තිබේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ තරුණයා ගාල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මි^©®_යගොස් ඇති බව ගාල්ල පොලිසිය තහවුරු කරයි.

මියගිය තරුණයා ගාල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මෙම ගැටුමේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 29 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

29/08/2026

💥💯👱‍♀️ඇයගේ සුන්දරත්වය beauty💥💯👱‍♀️

🚧🚔🚦රියදුරුට තත්පර ගණනකට ගිය නින්දෙන් මංගල ගමන මැදදී සිදුවූ මහා විපතක්!🚦🚌🚔වැල්ලවායේ සිට නාවලපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විව...
29/08/2026

🚧🚔🚦රියදුරුට තත්පර ගණනකට ගිය නින්දෙන් මංගල ගමන මැදදී සිදුවූ මහා විපතක්!🚦🚌🚔

වැල්ලවායේ සිට නාවලපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයක් සඳහා පිරිසක් රැගෙන ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (29) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අවාසනාවන්ත අනතුරක් සිදු වී තිබෙනවා.

ගිනිගත්හේන - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක්පිටිය ප්‍රදේශයේදී උදෑසන 8:15 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 27 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව වන්නට ඇති බවට නාවලපිටිය පොලිසියේ රථවාහන අංශය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when LBC News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LBC News:

Shortcuts

Share