Colombo Journal

Colombo Journal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Journal, News & Media Website, Colombo.

06/10/2025
ලෝක ළමා හා වැඩි­හිටි දිනය අදට (01) යෙදී තිබේ.මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ “ආද­රෙන් සුර­කින්න- අපිට ලොව දින­න්නට“ යන්නයි....
01/10/2025

ලෝක ළමා හා වැඩි­හිටි දිනය අදට (01) යෙදී තිබේ.

මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ “ආද­රෙන් සුර­කින්න- අපිට ලොව දින­න්නට“ යන්නයි. එමෙන්ම “පර­පු­රක් තැනූ පර­පු­රක් රැක­ග­නිමු“ තේමා­වෙන් ලෝක වැඩි­හිටි දින­යත් අද දිනයේ සම­රනු ලබයි.

කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනි සරෝජා පෝල්රාජ් මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් සැම­රුම් උත්ස­වය පැවැත්වෙන අතර වැඩි­හිටි දින සැම­රුම් උත්ස­වය ශ්‍රී ලංකාවේ වැඩි­හිටි තැනැ­ත්තන් සඳහා වූ ජාතික ප්‍රති­ප­ත්තිය එළි­දැ­ක්වීම අග්‍රා­මාත්‍ය හරිනි අම­ර­සූ­රිය මෙණ­වි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි­බල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නි­ලගේ හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පිය­තිස්ස මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් උදේ 9.30ට සුහු­රු­පා­යේදී පැවැත්වීමට නියමිතයි.

ළමා දිනය වෙනු­වෙන් පසු­ගිය 25 දා සිට ජාතික ළමා දින සති­යක් ක්‍රියා­ත්මක වූ අතර වැඩි­හිටි දිනය වෙනු­වෙන් අද (01) සිට 7 දා දක්වා සැම­රුම් සති­යක් ක්‍රියා­ත්ම­කයි.

මෙරට වැඩිම දරු­වන් බිහි­කළ මව්ව­රුන්ට, දිව­යිනේ වය­ස්ග­තම මව්ව­රුන් හා පිය­ව­රුන්ට උප­හාර පිදීම, සාර්ථ­කම ග්‍රාමීය වැඩි­හිටි සමිති හා ප්‍රාදේ­ශීය වැඩි­හිටි බල මණ්ඩල සඳහා ත්‍යාග ප්‍රදා­නය, දිස්ත්‍රික් මට්ට­මින් සාර්ථ­කම වැඩි­හිටි දිවා මධ්‍ය­ස්ථා­නය ඇග­යීම, දිස්ත්‍රික් මට්ට­මින් සාර්ථ­කම ස්වයං රැකි­යා­ලාභී වැඩි­හි­ටි­යන් ඇග­යී­මද ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී සිදු කිරීමට නියමිතයි.

Google will provide its Gemini AI platform and other premium digital tools free to Sri Lankan students, following a part...
29/09/2025

Google will provide its Gemini AI platform and other premium digital tools free to Sri Lankan students, following a partnership with the Ministry of Digital Economy — a move set to boost AI literacy, innovation, and global competitiveness.

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත්...
29/09/2025

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.

හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් දිනය සමරනු ලැබේ.

ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හදවත් රෝග සැලකිය හැකි අතර ලෝක හදවත් දිනය ප්‍රකාශයට පත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ ඒ පිළිබද දැනුවත් කර එමගින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීමය.

''සෑම හෘද ස්පන්දනයක්ම වැදගත් " මෙවර හදවත් දිනයේ තේමාව වන්නේ කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා'' යන්න වේ.

ඊයේ දිනයේ ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා පැවසුවේ ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව යි.

එමෙන්ම ලෝක හදවත් දිනයේ ප්‍රධාන අරමුණක් වන්නේ වළක්වා ගත හැකි හදවත් මරණ වළක්වා ගැනීම සඳහා එක්වී කටයුතු කිරීම බවත් සරල හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම හරහා හෘද රෝග අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා කියා සිටි යි.

තවද ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම නිතිපතා කරන සෞඛ්‍ය පරීක්ෂාවන් ද මේ සඳහා වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

තිමිලාගේ සැබෑ වුන කේක් සිහිනයමගේ හීනයක් කියන අර්ථය ඇතුව මම මේ ව්යාපාරයට Dream gift & page by Madu යන නම තිබ්බා.
26/09/2025

තිමිලාගේ සැබෑ වුන කේක් සිහිනය
මගේ හීනයක් කියන අර්ථය ඇතුව මම මේ ව්යාපාරයට Dream gift & page by Madu යන නම තිබ්බා.

ව්‍යාපාරික තිමිලාගේ සැබෑ වුන කේක් සිහිනය By editor September 26, 2025September 26, 2025 0 minutes, 8 seconds Read ජීවිතයේදී අපි එක් එක් යුගවලදී අපූරු හීන මවන....

තායිවානයට වැඩි බලපෑම් එල්ල කර ඇති 'රාගසා' සුළිකුණාටුව චීනය දෙසට හමායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.තායිවානයේ...
25/09/2025

තායිවානයට වැඩි බලපෑම් එල්ල කර ඇති 'රාගසා' සුළිකුණාටුව චීනය දෙසට හමායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ හුවාලියන් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට 700mmකට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණු අතර දකුණු හා නැගෙනහිර නගරවලට 500-600mmක වර්ෂාපතනයක් ලැබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
දැනටමත් තායිවානයට වැඩි බලපෑම් එල්ල කර ඇති 'රාගසා' සුළිකුණාටුව හේතුවෙන් එහි පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් පුද්ගලයින් 124 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව වාර්තා වන්නේ.
හොංකොං කාලගුණ බලධාරීන් ඔවුන්ගේ ඉහළම ටයිෆූන් අනතුරු ඇඟවීම "T10"නිකුත් කළ අතර කුණාටුව චීන භූමියෙන් කිලෝමීටර් 150ක් නිරිත දෙසින් ගමන් කරන බවත් මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු අතර විනාශකාරී සුළං ගැන සැලකිලිමත් විය යුතු බවත් නිතර නිතර තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Address

Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when Colombo Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share