LNC - Lanka News Channel

LNC - Lanka News Channel Lanka News Channel is a Sri Lankan online news website with 24 hours of updated Sri Lankan and world

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වි...
10/09/2022

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

එම සාකච්ඡාව සඳහා ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකෝබ් මහතා ද සහභාගී විය.ඉන්දීය ආයෝජන මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සම්බන්ධයෙන් මතුව ඇති බාධා කඩිනමින් නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පසුගිය රජයන් විසින් වරින් වර නිකුත් කර ඇති චක්‍රලේඛවල ඇතුළත් විධිවිධාන සංවර්ධනයට බාධාවක් වී ඇත්නම් ඒවා කඩිනමින් නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහූ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍ර දේශයේදී වෑන් රථයක් හා යතුරු පැදි තුනක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිව...
10/09/2022

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍ර දේශයේදී වෑන් රථයක් හා යතුරු පැදි තුනක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිවල ගමන් කළ අවුරුදු 27ක් වන පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයා පොලීසිය පවසයි.

කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ දකුණු පසට බරව ධාවනය වීමේදී කෑගල්ල දෙස සිට කොළඹ දෙසට නියමිත මංතීරුවා ගමන් කළ යතුරු පැදි 03 ක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් යතුරු පැදි තුනෙක් පැදිකරුවන් තිදෙනා හා පසු පැදිකරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

එසේ රෝහල් ගත කළ අය අතරින් පැදිකරුවන් දෙදෙනෙක් හා පසු පැදිකරුවෙක් මිය ගොස් ඇති අතර තුල්හිරිය හා වේයන්ගොඩ පදිංචිකරුවන් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති අතර වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයින...
10/09/2022

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනට පැමිණියාය.

ඇය සමග දූත පිරිස ලෙස තවත් සිව්දෙනෙකු ද පැමිණ තිබේ.

ඔවුන් අද උදෑසන 09.00 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත ගොස් තිබුණි.

වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසි...
10/09/2022

වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.

ඒ අනුව රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා විශේෂ විධිවිධාන සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරු වෙත ඊයේ (09) ලිඛිත උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති විසින් පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් සිය රාජකාරී කටයුතු සිදු කරගෙන යාමේදී එම නියමයන්ට
අනුව පහසුකම් සැලැස්විය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරු වෙත මෙම උපදෙස් නිකුත් කර ඇත.
ඒ අනුව,

1-රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම වැය ශීර්ෂයක් වෙන් කෙරෙන්නේ නැත. එම රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරයෙකු පත් නොකරන අතර එක් එක් විෂය පථයට ගැනෙන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කටයුතු පහසු කිරීම වෙනුවෙන් එම අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු අතරින් ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයා යෙදවිය යුතුය. එම
අතිරේක ලේකම්වරයාට සහාය වීම පිණිස දැනට අමාත්‍යාංශයේ සිටින ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු පුර්ණකාලීනව යෙදවිය යුතුය.

2-අදාළ රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇති අමාත්‍යාංශයට දැනට අනුමත කාර්ය මණ්ඩලයෙන්ම කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාදිය යුතුය. ඒ වෙනුවෙන් නව තනතුරු ඇති කර ගැනීම සඳහා වන ඉල්ලීම් කළමනාකරණ සේවා දෙදෙර්තමේන්තුව වෙත ඉදිරිපත් නොකළ යුතුය.

3-කාර්යාල පවත්වාගෙන යාම සඳහා දැනට අදාළ කැබිනට් අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන කාර්යාල පරිශ්‍රය තුළම පහසුකම් සලසාගත යුතුය.

4-රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්වරයා වෙත පමණක් නිල වාහනයක් ලබා ගැනීම සඳහා හිමිකම් ලබන අතර, පෞද්ගලික ලේකම්ගේ නිල රියදුරුගේ අතිකාල හා සංයුක්ත දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති
චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.

5-සහාය කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරින් සඳහා පොදු වාහන 02ක් පමණක් වෙන් කර දිය යුතුය. අමාත්‍යාංශය සතු වෙනත් සංචිත වාහන එකී නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා නොකළ යුතු වේ.

6-කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරි, කාර්යාල කාර්ය සහායක සහ රියදුරු ස්ථීර රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අතරින් පමණක් තෝරාගත යුතු වේ. එම රියදුරන්ට මාසික අතිකාල දීමනා ලැබිය හැක්කේ පැය 150ක උපරිමයකට යටත්ව වන අතර ඔවුන්ගේ මාසික සංයුක්ත දීමනාව උපරිම දින 08කට හිමිකම් ලබයි.

7-පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරී සඳහා අනුමත උපරිම සීමාවට යටත්ව සන්නිවේදන දීමනාව ලබාදිය යුතු අතර, එම සන්නිවේදන දීමනාවට දත්ත භාවිතා කිරීම, ජාත්‍යන්තර දුරකථන ගාස්තු, මාසික ස්ථාවර ගාස්තු, බදු මුදල් හා අනෙකුත් ගාස්තු අයත් වේ.

8-සහාය කාර්ය මණ්ඩල සඳහා රජයේ වියදමින් ජංගම දුරකථන ලබා නොදිය යුතුය.

ඒ අනුව සීඒ/1/17/1 සහ 2010 මැයි මස 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් නිකුත් කර ඇති ලිපි සහ ඊට වරින් වර සිදු කරන ලද සංශෝධන සහිත ලිපිවල සඳහන් විධිවිධාන නැවත සංශෝධනය කරමින් මෙම නියෝගය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය.අද (08) පෙරවරුවේ  ජනාධිපති ලේක...
08/09/2022

රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය.

අද (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම සිදුවුණි.

දිවුරුම්දුන් මන්ත්‍රීවරුන් අතරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළත්වීම විශේෂත්වයකි.

දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු පහතින් දැක්වේ.

01. ජගත් පුෂ්ප කුමාර - විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. රංජිත් සියඹලාපිටිය - මුදල් රාජ්‍ය අමාත්‍ය
03. ලසන්ත අලගියවන්න - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
04. දිලුම් අමුණුගම - ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
05. කනක හේරත් - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
06. ජානක වක්කුඹුර - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
07.ෂෙහාන් සේමසිංහ - මුදල් රාජ්‍ය අමාත්‍ය
08. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
09. තේනුක විදානගමගේ - නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
10. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
11.රෝහණ දිසානායක - ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
12. අරුන්දික ප්‍රනාන්දු - නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
13. විජිත බේරුගොඩ - පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
14. ලොහාන් රත්වත්තේ - වැවිලි කර්මාන්ත
15. තාරක බාලසූරිය - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
16.ඉන්දික අනුරුද්ධ - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
17.සනත් නිශාන්ත - ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
18. සිරිපාල ගම්ලත් - මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය
19. ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය
20. අනුරාධ ජයරත්න - අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය
21 . සදාසිවම් වියාලේන්ද්‍ර - වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
22. සිසිර ජයකොඩි - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
23. පියල් නිශාන්ත ද සිල්වා - ධීවර රාජ්‍ය අමාත්‍ය
24. ප්‍රසන්න රණවීර - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
25. ඩී.වී චානක - වනජීවි හා වන සම්පත් රාජ්‍ය අමාත්‍ය
26. ඩී.බී හේරත් - පසුසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
27.ශෂින්ද්‍ර රාජපක්ෂ - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
28. සීතා අරඹේපොළ - සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
29. කාදර් මස්තාන් - ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය
30.අශෝක ප්‍රියන්ත - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
31.අරවින්ද කුමාර් - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
32. ගීතා කුමාරසිංහ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
33. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
34. සුරේෂ් රාගවන් - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
35.ඩයනා ගමගේ - සංචාරක රාජ්‍ය අමාත්‍ය
36.චාමර සම්පත් දසනායක - ප්‍රාථමික කර්මාන්ත
37. අනූප පස්කුවල් - සමාජ බලගැනීමේ රාජ්‍ය අමාත්‍ය

ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි ද්විත්වය එළිදක්වන බව නිවේදනය ක...
08/09/2022

ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි ද්විත්වය එළිදක්වන බව නිවේදනය කර ඇත.

මෙම නවතම iPhone මාදිලි හඳුන්වා ඇත්තේ iPhone 14 Plus සහ iPhone 14 ලෙසය.

ඒ අනුව අදාළ නවතම iPhone ස්මාර්ට් ජංගම දුරකථන උස ප්‍රමාණ දෙකකින් වෙළෙඳපොළට නිකුත් කිරීම විශේෂත්වයකි.

ඉන් iPhone 14 උස ප්‍රමාණයක් අඟල් 6.1 වන අතර iPhone 14 Plus දුරකථනය අඟල් 6.7කින් සමන්විතය.

නවතම ආරක්ෂණ හැකියාවකින් වෙළෙඳපොළ ආක්‍රමණයට සැරසෙන iPhone ලැයිස්තුවේ නවකයා ආකර්ෂණීය ලෙස වැඩිදියුණු කරන ලද කැමරාවකින් ද සමන්විත බවද එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

5G තාක්ෂණයේ වේගවත්ම අත්දැකීම ලබාගත හැකි මෙම iPhone 14 Plus දුරකථනය හරහා හදිසි අවස්ථාවකදී සැටලයිට් වෙත සම්බන්ධතාවය ලබාගත හැකිවන පරිදි වැඩිදියුණු කර තිබීමද තවත් විශේෂත්වයකි.

ඒ අනුව iPhone 14 ස්මාර්ට් දුරකථනය සැප්තැම්බර් මස 16 වන සිකුරාදා එළිදැක්වීම නියමිත අතර iPhone 14 Plus ස්මාර්ට් දුරකථනය ඔක්තෝම්බර් මස 07වන සිකුරාදා එළිදැක්වීමට නියමිතව ඇත.

බාලවයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කළ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වෙයි.මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි විය...
08/09/2022

බාලවයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කළ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවන දැරියකි.

මෙම වසරේ මාර්තු මාසයේ සිට ජුනි මාසය අතර කාලය තුළදී දැරිය සමූහ දූෂණයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දැරිය විසින් කළ පැමිණිල්ලකට අනුව පාදුක්ක පොලීසිය විසින් මෙම සිද්ධියට සම්බන්ධ තරුණයන් 5ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19ත් 27ත් අතර වයසේ පසුවන පිරිසකි.

ඒ අතර සිටින එක් තරුණයෙකු සමඟ අදාළ දැරිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වී ඇත.

ඒ අනුව ඔහුගේ ආරාධනයකට අනුව දැරිය පාදුක්ක වවුල්කැලේ ප්‍රදේශයට ගොස් ඇති බවත් එහිදී සෙසු සිව්දෙනාද ඔවුන් සමඟ එක්ව ඇති බවත් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වින්දිත දැරිය අවිස්සාවේල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

පාදුක්ක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවයේ නිරතවන භික්ෂූන්ට වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පොලීසිය දැනුම්දීමක් කර ...
08/09/2022

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවයේ නිරතවන භික්ෂූන්ට වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පොලීසිය දැනුම්දීමක් කර ඇත.

පොලීසිය දැනුවත් කිරීමකින් තොරව සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් එම දැනුම්දීම පොලීසිය සිදුකර තිබේ.

විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබෙනම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්...
08/09/2022

විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබෙනම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නාක මහතා පවසා සිටියේ, මේ වනවිට විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා, ‍

"පසුගිය සතිය ඇතුළත අපි කව්වාට දෛනික විදුලි කප්පාදුව පැයක් කියලා ඒ පැයවත් කැපුවේ නැහැ. පසුගිය 03 වනදා ඉඳන් අද දක්වා විදුලි කප්පාදුවක් නැහැ. ඒකට හේතුව තමයි අපිට තිබෙන විදුලිය සඳහා ඉල්ලුම අඩුවෙලා තියෙන්නේ. ඒ නිසා විදුලි කප්පාදුවක් සිදුවෙන්න ඕනේ නැහැ. 05 වනදා සැපයුම වැඩිවෙලා. අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක තුන ඇතුළත මේ ගල්අඟුරු ප්‍රශ්නය ආවේ නැත්නම් දෛනික විදුලි කප්පාදුව පැයක් තියෙනවා කිව්වොත් ඒ පැය කරන්නෙත් නැහැ. ඒ තිබෙන අවශ්‍ය ජල ප්‍රමාණය, ඒ වගේම ගල්අඟුරු ප්‍රමාණය තියෙනවා නම් එලඹෙන දෙසැම්බර් මාසය වෙනතුරු විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවට ඇතිවෙන්නේ නැහැ."

රංගන ශිල්පිනි දමිතා අබේරත්න ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (...
08/09/2022

රංගන ශිල්පිනි දමිතා අබේරත්න ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08දා) නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වූයේයැයි පොලිසිය විසින් ඊයේ (07දා) අත්අඩංගුවට ගැනුණි.

මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ සුදුහුම්පල ප්‍රදේශයෙන් රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණ...
08/09/2022

මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ සුදුහුම්පල ප්‍රදේශයෙන් රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවක ඒ අසලින් ගමන් ගත් දුම්රියකට ඔහුගේ අත හසුවීඅත වෙන්වීමෙන් පසුඔහු තනිව මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ .

මැණික් කටුව අසලින් අත අහිමිව එසේ මහනුවර ජාතික රෝහලට පැමිණ ඇත්තේ මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචි එස්. එල්. එම්. රිස්වාන්(44) නැමැතිඅයකු බව රෝහල් පොලිසිය හඳුනාගෙන තිබේ .

කෝච්චියට හසුවීමෙන් ඔහුගේ අතින් වෙන් වූ කොටස අද (08දා) පෙරවරු 7.00 ට පමණ දුම්රිය මාර්ගය අසල තිබෙනු දැක සුදුහුම්පොල ප්‍රදේශවාසීන් මිනිසෙකුගේ අතේ කොටසක් එම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් භීතියට පත්ව ඒ බව පොලිසියට දැනුම් දී ඇත.එම අතේ කොටස පොලීසිය විසින් මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාරදීමට පියවර ගෙන තිබේ .

මහනුවර ජාතික රෝහලේ දී සැත්කමකට භාජනය වී මේ වෙනවිට ප්‍රතිකාර ලබමින් සිටින අදාළ පුද්ගලයාපොලීසියට පවසා ඇත්තේ ඊයේ (07දා) රාත්‍රී 7:30 ට පමණ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී එහි පසෙක තිබූ විශාල වලකට තමන් ඇද වැටුන බවත් ඉන් ගොඩ ඒම සඳහා දකුණු අතින් රේල් පීල්ල අල්ලා ඉන් ගොඩ ඒමට උත්සහකළ අවස්ථාවේදී එක්වරම පැමිණි දුම්රියකට තම අත හසු වූ බවයි . අතින් වෙන් වූ කොටස සොයා බැලුවත් පැවැති අඳුර නිසා එය සොයාගැනීමට නොහැකි වූ බැවින් තනිවම රෝහලට පැමිණි බව ඔහු පවසා තිබේ .

මහනුවර ජාතික රෝහලේ පොලිස් ඒකකයේ ස්ථානාධිපතිඋප පොලිස් පරීක්ෂක රත්නායකමහතා තුවාලකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මහනුවර මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ .

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හා පන්දු යවන්නන් මේ දක්වා දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර වි...
08/09/2022

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හා පන්දු යවන්නන් මේ දක්වා දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සමත්ව තිබේ.

මෙහිදි කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ හා පැතුම් නිශ්ශංක සමත්ව තිබේ. විස්සයි20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පැතුම් නිශ්ශංක සමත්ව තිබෙන්නේ පිතිකරණ ‌ශ්‍රේණිගත කිරීම්වල ඔහු 8 වැනි ස්ථානයට පැමිණ ඇති හෙයිනි.

මීට අමතරව නායක දසුන් ශානක ස්ථාන 7ක් ඉදිරියට පැමිණ 39 වැනි ස්ථානයටත්, කුසල් මෙන්ඩිස් ස්ථාන 18ක් ඉදිරියට පැමිණ 42 වැනි ස්ථානයටත්, භානුක රාජපක්ෂ ස්ථාන 14ක් ඉදිරියට පැමිණ 68 වැනි ස්ථානයට පැමිණ තිබේ.

අඛණ්ඩව දින 1155 ලෝකයේ අංක එකේ විස්සයි20 පිතිකරුවා ලෙස සිටි බාබර් අසාම් දෙවැනි ස්ථානයට පත්කරමින් පාකිස්තානයේම තවත් සුපිරි පිතිකරුවෙක් වෙන මොහොමඩ් රිස්වාන් ලෝකයේ අංක එකේ විස්සයි20 පිතිකරුවා බවට පත්ව තිබේ.

මීට අමතරව විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ස්තාන තුනක් පසුපසට ගොස් තිබේ. ඔහුට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි. කෙසේ වෙතත් මහීෂ් තික්ෂණ ස්ථානයක් ඉදිරියට පැමිණ 8 වැනි ස්ථානයට පත්ව තිබේ. චාමික කරුණාරත්න ස්ථාන 14ක් ඉදිරියට පැමිණ 47 වැනි ස්ථානයට පත්ව තිබේ.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when LNC - Lanka News Channel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share