22/07/2021
මෙරට ප්රධාන පෙළේ බැංකු දෙකකට මහ බැංකුවෙන් දඩ නියම කර තිබෙනවා.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්රියා කරන ආයතන සඳහා මූල්යමය දණ්ඩන පනවනු ලබන බවයි මහ බැංකුව පැවසුවේ.
මූල්ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි වනවා.
ඒ අනුව 2021 අප්රියෙල් 01 සිට 2021 ජූනි 30 දක්වා කාලය තුළ මූල්ය බුද්ධි ඒකකය විසින් පනවන ලද දණ්ඩන පිළිබඳ විස්තර පහත පරිදි වනවා.
දණ්ඩන පනවන ලද දිනය ආයතනය වටිනාකම (රුපියල්)
2021 මැයි 28 යූනියන් බෑන්ක් ඔෆ් කලම්බු පී.එල්.සී. 2,000,000.00
2021 මැයි 31 ඩී.එෆ්.සී.සී. බෑන්ක් පී.එල්.සී 1,000,000.00
ප්රධාන වශයෙන්, එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට අදාළ පිරික්සුම් කිරීම, ගනුදෙනුකරුවකු සමඟ පවත්වනු ලබන ව්යාපාරික සම්බන්ධතාවය මුළුල්ලේම සිදු කෙෙරන ගනුදෙනු පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, නිසි අවදානම් පාලනය සහ අවදානම් අවම කිරීමේ ක්රියා මාර්ග අධීක්ෂණය කිරීමේ හා ක්රියාත්මක කිරීමේ ක්රියාවලිය සහතික කිරීම සඳහා අවශ්ය ක්රියා පටිපාටි සහ පද්ධති ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් 2016 අංක 1 දරන මූල්ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්රියා කිරීමේ) රීති උල්ලංඝනය කිරීම් සඳහා දණ්ඩන පනවා තිබෙනවා.
ඒ අනුව, රටේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්ය බුද්ධි ඒකකය විසින් මූල්ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 අප්රියෙල් 01 සිට 2021 ජූනි 30 දක්වා කාලය තුළ පනවන ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 3.0 ක් වන අතර දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර තිබෙනවා.