Lanka Headline

Lanka Headline Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Headline, News & Media Website, Colombo.

17/11/2025
නියමයි මෙන්ඩා ❤️💪🇱🇰 අපේ කොල්ලෝ ටික Super 4 qualified 😍😍
18/09/2025

නියමයි මෙන්ඩා ❤️💪🇱🇰
අපේ කොල්ලෝ ටික Super 4 qualified 😍😍

විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කරන බව පවසා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 23,000 ක් වත්මන් රජය විසින් අනාථ කර ඇති බව විපක්...
18/09/2025

විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කරන බව පවසා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 23,000 ක් වත්මන් රජය විසින් අනාථ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වත්මන් රජය බිහි කිරීමට රටේ රාජ්‍ය සේවකයන් විශාල ජනවරමක් ලබා දුන් බවයි සමගි ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එවකට මැතිවරණ වේදිකාවේදී රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විශාල ලෙස කතා කළ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ සේවකයන් 23,000කගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කිරීමට කොන්දක් නොමැති බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන්, ඉදිරි පළාත් සභා මැතිවරණයේදී රජයට පාඩමක් උගන්වන ලෙසට තමා ඉල්ලා සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ප්‍රධාන සගයෙක් අත්අඩංගුවට
08/09/2025

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ප්‍රධාන සගයෙක් අත්අඩංගුවට

සංචාරක පැමිණීම ලක්ෂ 16 පනී2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබේ.ශ්...
08/09/2025

සංචාරක පැමිණීම ලක්ෂ 16 පනී
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ (07) වන දින වනවිට 1,604,018ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ අතර, සැප්තැම්බර් මාසයේ මුල් දින හත තුළ සංචාරකයින් 37,495ක් මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 10,171ක් පැමිණ ඇති අතර එය 27.1%කි.

තවද, එක්සත් රාජධානියෙන් 3,033ක්, ජර්මනියෙන් 2,426ක්, ඔස්ට්‍රේලියාවෙන් 1,806ක් සහ චීන ජාතිකයින් 1,803ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ අතර, 2025 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවෙන් පුද්ගලයින් 335,766ක් ඉන්දියාවෙන් පැමිණ ඇත.

තවද, 2025 දී එක්සත් රාජධානියෙන් සංචාරකයින් 154,174ක් පැමිණ ඇති අතර රුසියාවෙන් සංචාරකයින් 119,592ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි යන අයගේ සහෝදරිය පොලිසියට එරෙහිව මානවහිමිකම් යයි.
08/09/2025

සම්පත් මනම්පේරි සහ
පියල් මනම්පේරි යන අයගේ සහෝදරිය
පොලිසියට එරෙහිව මානවහිමිකම් යයි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Headline posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share