
04/04/2025
ගැ| හැණිය බලාපොරොත්තු වෙන්නෙ 🥺🌸✨
මගේ ඔළුව කකියනව කිව්වම
පැනඩෝල් දෙකක් බිව්වම හරියයි
කියන පිරිමියෙක් නෙවෙයි
වතුර එකක් එක්ක පැනඩෝල්
පෙත්ත අතට ගෙනත් දීලා
මෙන්න මේක බොන්න කියලා
ඔළුව අතගාන කෙනෙක්ව...
අනේ මගේ අත කැපුනා කියද්දි
පැත්තවත් නොබලා
ඕකත් ගනන් ගන්න ඕන දෙයක් ද
අපිට ඔයිට වඩා දේවල් වෙනවා කියන
පිරිමියෙක්ව නෙවෙයි
කෝ බලන්න කියලා
රෙදි කෑල්ලක් හරි
අතේ ගැට ගහන කෙනෙක් ව..
මට අද උයාගන්න අමාරුයි
කඩෙන් මොනවහරි ගේනවද අහද්දි
අනේ මේ මට කඩෙන් කන්න බෑ
ගෙදර බත් ඕන කියන
පිරිමියෙක්ව නෙවෙයි
හරි අද එහෙනම් කඩෙන් කමු,
ඔයත් ලෙඩවෙලානෙ ඉන්නෙ
කියන කෙනෙක් ව..
ඇඳුමක් ඇන්දම
ඔයා ඕකට ලස්සනයි කියලා
කියන්න වචන පිට වෙන්නෙ නැත් නම්..
කෑමක් හැදුවම අද කෑම ටික රසයි
කියන්න දිව නැවෙන්නෙ නැත් නම්
එහෙම පිරිමියෙක්ගෙන්
වැඩක් නෑ..
අගය කිරීම් තුළ තියෙන
හැම හැඟීමකටම
ගැහැනිය මාරම ආසයි..
තමන්ගෙ මනුස්සය එක්ක
හැමදේම කතා කරන්න
විහිළුවක් කරලා හිනාවෙන්න
උකුලට පැනලා හුරතල් වෙන්න
බිරිඳක් වුණත්,ළමයි ඉන්න
මවක් වුණත් ආසයි..
තමන්ගෙ උපන්දිනේ මතක තියාගෙන
තෑගි නැතත්,
පුංචි හාදුවක් හරි දීලා
උපන්දිනේට විශ් කරනව නම්
ඒ තරම් සතුටක් තවත් නෑ..
තමන්ගෙ උපන්දිනේ වත්
මතක නැති මනුස්සයෙක්
මොකටද..?
ආදරේ කරන කාලෙදි
විතරමද ඒ හොයා බැලීම්..
ගැහැනිය ආදරේ ,
බලාපොරොත්තු වෙන්නෙ
ඒ වගේ සුළු සුළු දේවල් වලින් පවා..
ඒ වුණත් ඒකත් මහා ලොකූ දෙයක්
ගැහැණියට..
මොකද ආදරේ මනින මිම්මක්
ඒක එයාලට .
දරුවො හිටියා කියලා නෑ
ගෑණුන්ට ඕන ආදරේ ..
දැනෙන්න විඳින්න..
බඳින්න කලින් තිබ්බ ආදරේ
අඩු වෙනව නම් බැන්දට පස්සෙ
වැඩක් තියෙද..?
අයිති අර ගත්තට පස්සෙ
පරිස්සමට ඒ ආදරේ රැකගන්න
පිරිමි අය දැන ගන්න ඕන..
අයිති කර ගන්නකන්
පුංචි ලෙඩේටත් බෙහෙත්
අරන් දුන්නු කෙනා,
පොඩි දෙයක් වුණත්
කලබල වෙලා බලන්න හනිකට
දුවන් එන කෙනා
පොතක අත්සන් කරලා
සින්නක්කරව ලියා ගත්තට පස්සෙ
වෙනස් වෙනවනම් ඒක ආදරේ
නෙවෙයි ..
හැමදාටම එක වගේ ආදරේ සෙනෙහස රැකවරණය දෙන්න ඕන..
ගැහැණිය මහා ලොකූ දේවල්
බලාපොරොත්තු වෙන්නෙ නෑ .
පුංචි සැළකිලිමත් කමක්,
හොයා බැලීමක්,
ආදරණීය ආමන්ත්‍රණයක්,
පුංචි හරි අගය කිරීමක්
මහා පරිමාණෙන්
බලාපොරොත්තු වෙනවා...
ඒක පෙන්නන්නෙ නෑ පිටට..
එහෙම කටින් කියලා කරව ගන්න
දේවල් වලිනුත්
වැඩක් නෑ ගැහැණියට...
ඇත්තටම
ආදරේ රැක ගන්න නම්
අයිති කර ගත්තට පස්සෙත්
පරිස්සම් කරන්නම ඕන...
පුංචි පුංචි දේවල් පවා
හොයා බලන්න ඕන..
අගය කිරීම් තියෙන්න ඕන..
ඒ ආදරේ රඳා පැවැත්ම තියෙන්නෙ
එතකොට...
හැමදාම ඒ ආදරේ දෙන්නගේම
හිත් තුළ රැඳේවි..
ගැහැණියට වගේම
පිරිමියත් ආසයි
ඒ ආදරේ විඳින්න 🌸🫶✨️
OSHI オシー Highlights Follow Me Creator