CEYLON FM

CEYLON FM srilanka radio
(1)

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි..ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ...
20/08/2026

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා.

1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා.

එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වෙමින් "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා.

පසුව 1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකරයන් සමඟ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, එතැන් පටන් දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළා.

ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය, 'සත්‍යයේ ගීතය', 'පවන', 'හේමන්තයේදී', 'පෙම්බර ලංකා' වැනි අතිශය ජනප්‍රිය ඒකපුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගණනාවක් රටට දායාද කළ අතර, කුඩා දරුවන් වෙනුවෙන් "සින්දු හෝඩිය" ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත්තා.

ඇගේ අභාවය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පවුලේ ඥාතීන් විසින් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති..!!!ප්‍රවීණ ගී පද රචකයකු, ගත්කතුවරයකු මෙන්ම බෞද්ධ සාහිත්‍යයට අසමසම මෙහෙවරක් ඉටු...
18/08/2026

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති..!!!

ප්‍රවීණ ගී පද රචකයකු, ගත්කතුවරයකු මෙන්ම බෞද්ධ සාහිත්‍යයට අසමසම මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වී තිබෙනවා.

'ලා දළු බෝපත්', 'සෙනෙහස පුදා', 'සඳ තරු මල්', 'සංසාරේ අපි' ඇතුළු බෞද්ධ ආගමික, සමාජීය සහ සංවේදී තේමා රැසක් ඔස්සේ අර්ථපූර්ණ ගීත විශාල සංඛ්‍යාවක් පද රචනය කරමින් උන්වහන්සේ දේශීය සුගන්ධවත් ගීත කලාව පෝෂණය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි උන්වසහන්සේ අපවත් වුණේ.

අපවත්වෙන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76ක්.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවටහිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) අල්ලස් කොමිසම විසින් ...
18/08/2026

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද (18) අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.

දැනට පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි හිටපු අමාත්‍යවරයා එම කොමිසමට ගොස් තිබුණේ.

ඔහු අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් කොමිසම සඳහන් කරමින් පැවසුවේ...

18/08/2026

✅✅✅

උඩවළව ජාතික වන උද්‍යානය තුළ පාපතරයෙකු විසින් වන අලියෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙන අයුරු...
16/08/2026

උඩවළව ජාතික වන උද්‍යානය තුළ පාපතරයෙකු විසින් වන අලියෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙන අයුරු...

13/08/2026

🙏✅👍

12/08/2026

වගා ආයෝජන වලට මුදල් ලබාගෙන ජනතාව රවට්ටන සමාගම් පිළිබදව ජනාධිපති ලේකම්ට එහි මුදල් දැමූ අගතියට පත් ජනතාවගෙන් පැමිණිල්ලක්...✅✅✅

කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවත ප්‍රදේශයේ අද (10) දහවල් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කන්ජිපානි ඉම්රාන්ගේ ඥාතියෙක් ඉලක්ක ක...
10/08/2026

කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවත ප්‍රදේශයේ අද (10) දහවල් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කන්ජිපානි ඉම්රාන්ගේ ඥාතියෙක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු වුණා.
මෙම වෙඩි තැබීමෙන් මොහොමඩ් අස්මි මොහිදීන් නැමැති 54 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

සාගර කාරියවසම් අත්අඩංගුවට ...ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ප්‍රකාශයක් ලබා ...
10/08/2026

සාගර කාරියවසම් අත්අඩංගුවට ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීමට මීට සුළු මොහොතකට පෙර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි අවස්ථාවේදීයි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළවයි ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබුණි...

10/08/2026

මගේ රටට දළදා හිමි සෙවණයි...
මගේ දැයට දළදා හිමි සරණයි...🙏🙏🙏

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when CEYLON FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category