07/11/2025
අවසානයට කෙනෙක් මන් දිහා
ආදරේන් බලපු කාලයක් මට මතක නෑ
මගෙ ඇස් වල මාව හෙව්ව මනුස්සයෙක්
දැකපු කාලයක් මට මතක නෑ.!" 🙂🥀
අඬන්න උරහිසක් හෙව්ව
දුක හිතුනම තුරුල් වෙන්න පපුවක් හෙව්ව,
ඇත්තටම මට එහෙම
ආදරණීය මනුස්සයෙක් හිටියද කියලවත්
දන්නෙ නැති තරමට
මට ඉස්සර හිටපු මාවම දැන් අමතකයි..💔
එහෙම මනුස්සයෙක්
ජීවිතේ නෑ කියලා දැනෙද්දි
දැනෙන තනිකම වේදනාව,
ඒවා දරාගන්න අමාරුම තැන්,
මනුස්සයෙක්ට නොදැනෙන්න ඕනම තැන්..🙂
මනුස්සයෙක් ට ආදරේයි කියන්න
මලක් දෙන්න
හග් එකක් දෙන්න
ඇවිදින්න යන්න
කයියක් ගහන්න
ආස දෙයක් දෙන්න
අඩුම එක ආදරනීය
පනිවිඩයක් දෙන්න පරක්කු වෙන්න එපා..
සමහරවිට අපි හිතන්නෙවත් නැති මිනිස්සු
අපිව බලාපොරොත්තු වෙනවා පුළුවන්
හරියට අපි වගේම..😊❤️🩹
ඉතින්
ඒ අඩුව පුරවන්න
හිස් වුන මනුස්සයෙක් ට පන දෙන්න
මේ ජීවත් වෙන ටික කාලෙ
අමතක නොවෙන ආදරණීය මනුස්සයෙක් විදියට
ජීවත් වෙන්න..
කවදාවත් අමතක කරන්නෙපා.!" ❤️🩹😇✨