TMWSL - The Media World Sri Lanka

TMWSL - The Media World Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TMWSL - The Media World Sri Lanka, Media/News Company, Colombo.

මැලේසියාවේ රජු සහ රැජින ප්‍රවෘත්ති නිවේදනයටමැලේසියාවේ රජු වන සුල්තාන් අබ්දුල්ලා අහ්මඩ් සහ ඔහුගේ බිරිඳ වන ටුන්කු අසිසාහ් ...
21/01/2024

මැලේසියාවේ රජු සහ රැජින ප්‍රවෘත්ති නිවේදනයට

මැලේසියාවේ රජු වන සුල්තාන් අබ්දුල්ලා අහ්මඩ් සහ ඔහුගේ බිරිඳ වන ටුන්කු අසිසාහ් අමිනාහ් මායිමුනාහ් ඉස්කාන්දාරියාහ් පසුගියදා එරට Media Prima ආයතනයට අයත් TV3 රූපවාහිනි නාලිකාව වෙත සංචාරයක නිරත වූ බව වාර්තා වෙයි.

එහිදී ඔවුන් දෙදෙනා රාත්‍රී 08 ප්‍රවෘත්ති විකාශය සඳහා දායකත්වය ලබාදුන් බව වාර්තා වෙයි. මෙහිදී ඔවුන් දෙපළ එක්ව විනාඩි 10ක පුවත් විකාශයක් ලෙස පටිගත කෙරුණු ප්‍රවෘත්ති ප්‍රකාශ තුනක් මෙහිදී රාත්‍රී පුවත් විකාශයේදී යොදා ගැනීමට එම නාලිකාව කටයුතු යොදා තිබේ.

මෙම සංචාරයේදී දෙපළ Media Prima සමාගමට අයත් Radio City සහ Hot FM ගුවන් විදුලි නාලිකා වෙත ගොස් එහි නිවේදකයන් හමුවී තිබේ.

වජිර ජයවර්ධන ‘චරණ‘ ට සමුදෙයිශ්‍රීලංකා ටෙලිකොම් පියෝටීවී (PeoTV) සමාගමේ චරණ ටීවී නාලිකාවේ වැඩසටහනක් කළමනාකරුවා ලෙස එහි ආර...
03/10/2023

වජිර ජයවර්ධන ‘චරණ‘ ට සමුදෙයි

ශ්‍රීලංකා ටෙලිකොම් පියෝටීවී (PeoTV) සමාගමේ චරණ ටීවී නාලිකාවේ වැඩසටහනක් කළමනාකරුවා ලෙස එහි ආරම්භයේ සිට කටයුතු කළ ප්‍රවීණ නිවේදක වජිර ජයවර්ධන මහතා එම තනතුරින් සහ එම නාලිකාවෙන් ඉවත්ව ඇතැයි පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසය මැදදී මෙලෙස ඔහු මෙලෙස ඉවත්වීම සිදුව තිබේ. 2017 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් විෂන්කොම් සමාගම හා සම්බන්ධ වී ඇති වජිර ජයවර්ධන මහතා පසුගිය වසර කිහිපය පුරාම චරණ ටීවී නාලිකාවේ දියුණුව වෙනුවෙන් අතිවිශාල කාර්ය භාරයක් ඉටු කළේය.

මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති ඒ මහතා,

යන්න වෙලාව හරි ; ඒ ගෞරවයට ස්තූතියි...🙏

කාලය ආවම සමුදෙන්න ඕන; ඒත් ඒ සමුගැනීම විශිෂ්ට කරන්න පුලුවන් කළ දේ වෙනුවෙන් ලැබෙන ඇගයීමකට. මම හිතන්නේ වසර 23 ක මගේ වෘත්තීය ජීවිතයේ විශිෂ්ට වසර 6ක් මම නිමා කළා. මම VisionCom ( PEO TV) එකේ අවුරුදු 6 ක් ඉන්නකොට චරණට අවුරුදු 5 ක්.

මම PEO TV එකට එන්නේ චැනල් එකක් පටන් ගන්න නෙමෙයි. ඒත් එතනින් යනකොට ලංකාවේ ටෙලිවිෂන් වංශ කතාවේ නමක් හදපු ගමනකට ප්‍රධාන හවුල්කාරයෙක් වෙන්න ලැබුන සතුට අරගෙන එන්න ලැබීම කොයිතරම් දෙයක්ද. ITN , රූපවාහිනී,සිරස පසුව දෙරණ වගේම චරණ කියන්නෙත් TV නැරඹුම් කලාවේ හැරවුමක් කියලා රට කතා වෙනකොට ඒ සතුට අප්‍රමාණයි.

ආසාවක් චැනල් එකක් කරන්න වෙහෙස වුන ගමනේ වෙහෙසක් නොදැනෙන මොහොතක, සමුගැනීමේ සටහනක් තියන එක කෙනෙකුට පුදුමයක් වෙන්නත් පුලුවන්. ඒ වගේම තවත් කෙනෙකුට මේක News එකක් වෙන්නත් පුලුවන්. කොහොම වුනත් වැඩසටහන් සැළසුම් සහ නිෂ්පාදන කටයුතුවලින් සහ වගකීම් වළින් සමුගෙන මම චරණ වෘත්තීය කටයුතු වලට නිල වශයෙන් පහුගිය 15 වෙනිදා සමුදුන්නා. ඉදිරි කටයුතු ගැන නිදහසේ දැනුවත් කරන්නම්. ඒත් ඔබට "කවි 10ට ගී 10ක්" නොවැම්බර් අග වෙනතුරු නැරඹිය හැකියි.

මට සමුගන්නා මොහොතේ ලබාදුන් උත්තම ගෞරවයට හද පත්ලෙන්ම ආචාරය පුද කර සිටිනවා. ඒ ගැන වචන වළින් විස්තර කරන්න දරන උත්සාහය ඒ ඉහළ ඇගයීමට කරන මදි කමක්. කෙනෙක් සමුගන්න මොහොතක ආදරයෙන් වැළදගෙන ආයෙත් එන්න හිතෙන තැනක් හදන්න පුලුවන් හදවතක් තියන CEO, රුචිර වීරකෝන් මහතා, වාසනා මැඩම් ඇතුළු ඔබ හැමෝම හදවතේ ආදරය පිරුණ මිනිස්සු.

අවසාන වශයෙන් මම PEO TV වෙත කැඳවූ අජන්ත සෙනවිරත්න මහතාට මගේ ප්‍රමුඛ ස්තූතිය. දවසක පොතක ලියන කතා මට SLT එක එක්ක තියනවා. ඒ ගැන දවසක පොතකින්ම කියවමු. Speed up කතා ඇතුලු මා ඇතුලේ යම් නිර්මාණකරුවෙක් හිටිය නම් ඒකට එළියට එන්න වේදිකාව හැදුවේ එතුමන්. ඒ සඳහා ගෞරවය හිතේ අදටත් එළෙසින්ම තියනවා. ඒ වගේම මට මේ දක්වා ඉන්න රැකවරණය හැදුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරිනී වාසනා පෙරේරා මැතිණිය. ඇය මව් ගුණයෙන් අදටත් මම එක්ක ඉන්නවා. ඉදහිට කන් රත් වෙන්න බණිනවා. ඒ වගේම දියුණුවට උපදෙස් දෙනවා. දිරිගන්වනවා. හරි මග පෙන්වනවා. පුදුම ආදරණීය චරිතයක්. ඇගේ රැකවරණය මට සන්නාමයක් විදියට ගෞරවයෙන් නික්මෙන්න අවස්ථාව හැදුවා. මීට කළිං මේ සටහන තියන්න තිබුන අවස්ථාවන් ඇය ඉතාම පරෙස්සමෙන් කළමනාකරණය කළා. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජිත බණ්ඩාරගේ සහෝදර ගුණය අමතක නොකරම බැහැ. වර්තමාන ප්‍රධාන විධායක නිළධාරි රුචිර වීරකෝන් මහතා ප්‍රමුඛ සියලු කළමණාකාර කණ්ඩායම සහ පවුලක පුරුක් වගේ හිතට යා වෙලා ඉන්න සියය ඉක්ම වූ හිත මිතුරු PEO TV සමූහය කවදත් මට සතුටම අරගෙන ආ පිරිසක් බව නොකියා කොහොමද. දැනට අවසරයි.

චරණ නුවණැසි චාරිකාව : දින දින දිනේවා !

චරණ නාලිකාවෙන් සමුගන්නා වජිර ජයවර්ධන මහතාගේ ඉදිරි මාධ්‍ය කටයුතු වෙනුවෙන් TMWSL - The Media World Sri Lanka අපගේ සුබපැතුම්.

සංගක්කාරගේ META 11 කෘත්‍රිම බුද්ධි ක්‍රීඩකයන් සහිත ෆැන්ටසි ක්‍රිකට් තරගාවලියක් අරඹයිශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු න...
26/09/2023

සංගක්කාරගේ META 11 කෘත්‍රිම බුද්ධි ක්‍රීඩකයන් සහිත ෆැන්ටසි ක්‍රිකට් තරගාවලියක් අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ කුමාර් සංගක්කාරගේ සම නිර්මාතෘත්වයෙන් ආරම්භ කෙරුණු Behaviol Pty. ඩිජිටල් සමාගමේ META 11 ක්‍රිකට් ක්‍රීඩා වැඩසටහන මගින්, කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු ක්‍රීඩකයන්ගෙන් සමන්විත නවතම ෆැන්ටසි ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (25දා) දිනයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මෙම නව තරගාවලිය නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙහිදී ප්‍රේක්ෂකයන් වෙත මෙම ක්‍රීඩාවේදී තරගවදිමින් ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ඇති අතර, එහි ඉහළට නගිමින් ඩොලර් ලක්ෂයක් (100,000ක්) දක්වා වූ ත්‍යාග මුදලක් දිනා ගැනීමේ අවස්ථාවද හිමි වෙයි.

මෙම නවතම ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කුමාර් සංගක්කාර, “ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ සෑම විටම අලුත් වන දෙයක්. META 11 සමගින් අපි ප්‍රේක්ෂකයන් වෙත ක්‍රීඩාව සමගින් සම්බන්ද වෙන්නට අලුත් අවස්ථාවන් නිර්මාණය කරනවා. “ යනුවෙන් පවසා තිබේ.

මෙහිදී සැප්තැම්බර් 26 (අද) සිට ක්‍රීඩකයන්ට සිය ලකුණු රැස් කිරීමේ අවස්ථාව ලබාදී ඇති අතර, ඉදිරියේදී එම ලකුණු මුදල් බවට හුවමාරු කිරීමේ හැකියාවද ලබා දී තිබේ. එසේම ඊට සම්බන්ධ වන ක්‍රීඩකයන් සතු කෘත්‍රිම බුද්ධි ක්‍රීඩකයන්ද හුවමාරු කළ හැකිය.

Jurassic Park 30 වැනි සංවත්සර සිනමාපටය මෙරට සිනමාහල් 25කදී  1993 වසරේදී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද සුප්ර...
03/09/2023

Jurassic Park 30 වැනි සංවත්සර සිනමාපටය මෙරට සිනමාහල් 25කදී

1993 වසරේදී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද සුප්ර5සිද්ධ ජුරාසික් පාර්ක් සිනමාපටයේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන ජුරාසික් පාර්ක් 30 වැනි සංවත්සර සිනමාපටය මෙරට සිනමාහල් 25කදී තිරගත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව Liberty by SCOPE, Liberty by SCOPE – කිරිබත්ගොඩ, Colombo City Centre, PVR cinemas, Majestic SUPERIOR – කොළඹ, Regal දෙමටගොඩ, Regal නුවරඑළිය, Regal ගම්පහ, Regal BRONZE – යාපනය, Regal කටුබැද්ද, Regal බණ්ඩාරවෙල, Savoy PREMIRE – රාජගිරිය, Savoy METRO – ගම්පහ, Savoy 3D – කොළඹ, Sky Lights – මාළඹේ, NIT – කුරුණෑගල, NIT – රත්නපුර, Milano DIAMOND – කෑගල්ල, Kandy City Centre, Amity Lite – මහරගම, Vista Lite - ජාඇල, Sky Lite – මාතර, MaXX Lite – මොරටුව, City by Lite - ගල්කිස්ස and VoXX Lite – අවිස්සාවේල්ල යන සිනමාශාලාවලදී මෙම තිරගතකිරීම සිදු කෙරේ.

එක්සත් ජනපද ඩොලර්ම මිලියන 63ක වියදමක් දරා නිපදවූ මෙම ජුරාසික් පාර්ක් සිනමාපටය එක්සත් ජනපද ඩොලර් බිලියන 1කට අධික ආදායම් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

Lyca Productions Sri Lanka වැඩ අරඹයි - සිංහල සිනමාපට 5ක් සහ එක් දමිළ සිනමාපටයක් නිෂ්පාදනයටLyca සමූහය හිමි සුභාෂ්කරන් අල්...
23/08/2023

Lyca Productions Sri Lanka වැඩ අරඹයි - සිංහල සිනමාපට 5ක් සහ එක් දමිළ සිනමාපටයක් නිෂ්පාදනයට

Lyca සමූහය හිමි සුභාෂ්කරන් අල්ලිරාජා මහතාට අයත් සිනමා නිෂ්පාදන සමාගම වන Lyca Productions ශ්‍රී ලංකාව තුළ Lyca Productions Sri Lanka හි මෙහෙයුම් ඇරඹීම ඊයේ දිනයේදී සිදු විය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මෙරට සිනමා නළු නිළියන් රැසකගේ සහභාගිත්වයෙන් වූ දැවැන්ත උත්සවයක්ද ඊයේ රාත්‍රියේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණි. Lyca සමූහයේ සභාපති සුභාෂ්කරන් අල්ලිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය විය.

මේ අතර ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ආරම්භ කරමින් සිංහල සිනමා පට පහක් සහ එක් දමිළ සිනමාපටයක් නිෂ්පාදනයටද Lyca Productions Sri Lanka සැලසුම් කර තිබේ. ඒ අනුව එම නිෂ්පාදනයන්ට අදාළ එකඟතාවන් වෙත පිවිසීමද මෙහිදී සිදුවිය. එහිදී මෙම අවස්ථාව සංකේතවත් කිරිම සඳහා අල්ලිරාජා සුභාෂ්කරන් මහතා සහ අදාළ අධ්‍යක්ෂවරුන් අතර ක්ලැපර් පුවරු හුවමාරු කරගැනීමක්ද සිදු විය.

Lyca Productions Sri Lanka සඳහන් කරන ආකාරයට ප්‍රියන්ත කොළඹගේ, ජයන්ත චන්ද්‍රසිරි, චන්න පෙරේරා, රංජන් රාමනායක සහ අශෝක හඳගම යන අධ්‍යක්ෂවරුන් මෙම සිනමාපට අධ්‍යක්ෂණය කරයි.

මේ අතරින් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන සිනමාපටය ලොව ප්‍රකට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග වෙනුවෙන් නිර්මාණය කිරීමට නියමිතව තිබේ. එය Mali - The Yorker King ලෙස නම් කර ඇත. මෙහිදී ලසිත් මාලිංග වෙනුවෙන් ඉන්දියානු නළුවෙකු යොදා ගැනීමටත් සැලසුම් කර ඇතැයිද කොළඹගේ මහතා මෙහිදී සඳහන් කළේය.

ජයන්ත චන්ද්‍රසිරි මහතා ‘දේවි කුසුමාසන‘ නමින් සිය Lyca Productions Sri Lanka සමගින් සිය මීළග සිනමාපටය නිර්මාණය සූදානම්ව සිටියි. මෙහිදී කුසුමාසන දේවියගේ චරිතය සඳහා උදාරි වර්ණකුලසූර්ය තෝරාගන ඇතැයි මෙහිදී අනාවරණය විය.

මීට අමතරව චන්න පෙරේරා මහතා විසින් ළමා චිත්‍රපටයක් නිර්මාණයට සූදානමින් සිටියි. අශෝක හඳගම මහතා මෙම අවස්ථාවට සහභාගි වී නොසිටියේය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වා සිටි Lyca Productions Sri Lanka හි උප සභාපතිනිය වන සිනමා නිළි ජානකී සිරිවර්ධන මහත්මිය, මෙම සිනමාපට දැවැන්ත නිෂ්පාදන වන බවත්, ඒවායේ ආදායම් උපයා ගැනීම මෙරට තුළ ප්‍රදර්ශනය හරහා පමණක් සිදු කළ නොහැකි බවත්, පවසා සිටියාය. ඒ අනුව Lyca සමූහය සතු මැදපෙරදිග, යුරෝපය ඇතුළු රටවල සම්බන්ධතා හරහා ඒවා එම රටවල ප්‍රදර්ශනයටද කටයුතු කරන බව ඇය පැවසුවාය.

එසේම මෙම සිනමාපට හයට අමතරව ඉදිරියේදී ඩිජිටල් මාධ්‍ය වෙනුවෙන් වූ නිර්මාණ වෙනුවෙන්ද නිෂ්පාදනයෙන් දායකවීමට Lyca Productions Sri Lanka කටයුතු කරන බවත් ඇය අනාවරණය කළාය.

Traditional Food Home යූටියුබ් නාලිකාවට සිල්වර් ප්ලේ බටන් හිමිවෙයිමෙරට සාම්ප්රFදායික ආහාර සහ පාන සම්බන්ධයෙන් වීඩියෝ පට ඉ...
12/03/2023

Traditional Food Home යූටියුබ් නාලිකාවට සිල්වර් ප්ලේ බටන් හිමිවෙයි

මෙරට සාම්ප්රFදායික ආහාර සහ පාන සම්බන්ධයෙන් වීඩියෝ පට ඉදිරිපත් කරන Traditional Food Home යූටියුබ් නාලිකාව වෙත යූටියුබ් සමාගම මගින් පිරිනමන Silver Play Button හිමිව ඇතැයි පවසයි.

එම නාලිකාව වෙත එක්ව සිටින සබ්ස්ක්ර්යිබර්වරුන් සංඛ්යාපව 250,000 ක් ඉක්මවීමත් සමගින්ම මෙම පිළිගැනීම ඒ වෙත හිමිව තිබේ.

2015 වසරේදී ආරම්භ කර ඇති මෙම Traditional Food Home නාලිකාව මගින් මෙරට එළවලු, පළතුරු යනාදිය යොදා ගනිමින් වෙනස්ම ආකාරයේ ආහාර වර්ග සහ පාන වර්ග සැකසීම පිළිබඳ වීඩියෝ ඉදිරිපත් කරයි.

නාලිකාව පවත්වාගෙන යන අඹුසැමි දෙපළ විසින් එම Silver Play Button අතෙහි දරා සිටින ආකාරය ඡායාරූපයේ දැක්වෙයි.

Triad 30 වැනි සංවත්සරය සමරයිමෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ දිශානතිය වෙනස් කිරීමට දායක වූ ප්රිමුඛ පෙළේ දැන්වීම් නිර්මාණ ආයතනයක...
11/03/2023

Triad 30 වැනි සංවත්සරය සමරයි

මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ දිශානතිය වෙනස් කිරීමට දායක වූ ප්රිමුඛ පෙළේ දැන්වීම් නිර්මාණ ආයතනයක් වන Triad ආයතනය ආරම්භ කර අද දිනට වසර 30ක් සපිරෙයි.

එහි සම නිර්මාතෘවරයෙකු වන වරුණි අමුණුගම ප්රතනාන්දු මහත්මිය විසින් අද දිනයේදී සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම 30 වැනි සංවත්සරය පිළිබඳව සිය මතකය අවදි කර සිටියි.

එහිදී ඇය Triad ආයතනය ආරම්භ කළ අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප කිහිපයක්ද ප්ර්සිද්ධියට පත් කර ඇත. එවකට නීති ශිෂ්‍යයන් වූ වරුණි අමුණුගම, දිලිත් ජයවීර සහ ඉෂිනි වික්රඳමසිංහ යන තිදෙනාගේ එකමුතුවෙන් Triad ආයතනය ආරම්භ විය.

“අදින් වසර 30කට පෙරාතුව, අද වගේ දවසක, ‘ශ්රී ලංකාවට පුළුවන් (Sri Lanka Can) යන දැක්මෙන් යුක්තව අපි Triad ආරම්භකළේ ශ්රීස ලංකාවේ සන්නිවේදන කර්මාන්තයේ හැඩය වෙනස් කිරීමේ අරමුණින්.”

විශේෂයෙන්ම ගෝලීයව ක්රි්යාත්මක දේශීය සමාගමක් (GLOBAL LOCAL) බවට පත්වීම සඳහා වූ ගමන බොහෝ අභියෝග, ජයග්රරහණ සහ මහත් පීඩාවන් රැසක් සහිත වූ ගමනක් වූ බවත් ඇය මතක් කරදෙයි.

එසේම මෙම 30 වැනි සංවත්සරය සමරන අවස්ථාවේදී තමන්ට සහයෝගය දුන් ගනුදෙනුකරුවන්, හවුල්කරුවන්, සැපයුම්කරුවන්, සුභපතන්නන්, සහයෝගය ලබා දෙන්නන් සහ සැබෑ මිතුරන් ඇතුළු සියලු දෙනාටම මෙම අවස්ථාවේදී ස්තූතිය පුද කරන බවත්, ඔවුන්ගේ සහයෝගය නොමැති වුවා නම් මෙම ගමන සාර්ථක නොවන බවත් ඇය පවසයි.

“අද අපි අවුරුදු 30කින් ශත්තිමත් ආයතනයක්. Triad වෙත සතුට සහ සැපත පිරි උපන්දිනයක් වේවා. ඉදිරි වසර 30ත් අපි අපේ වැඩ පෙන්නමු.” යනුවෙන්ද වරුණි ප්රතනාන්දු මහත්මිය සිය සටහනේ පවසා තිබේ.

30 වැනි සංවත්සරය සමරන Triad ආයතනයට TMWSL - The Media World Sri Lanka අපගේ උණුසුම් සුභ පැතුම්.

සියත ඇයි මෙහෙම?මේ FB Post එක මුලින්ම දැම්මේ සිත ඊයේ (17), ඊට පස්සේ අද (18) සියත මේ පෝස්ට් එකම දානවා ඩිසයින් එක වෙනස් කරල...
18/02/2023

සියත ඇයි මෙහෙම?
මේ FB Post එක මුලින්ම දැම්මේ සිත ඊයේ (17), ඊට පස්සේ අද (18) සියත මේ පෝස්ට් එකම දානවා ඩිසයින් එක වෙනස් කරලා,

සියත ඇයි මෙහෙම?.....

තුර්කි රූපවාහිනි නාලිකා අටක් එකට එක්ව භූකම්පනයෙන් අවතැන් වූ ජනතාවට ඩොලර් බිලියන 6ක් රැස් කරලාතුර්කියේ ක්රිියාත්මක රූපවාහ...
16/02/2023

තුර්කි රූපවාහිනි නාලිකා අටක් එකට එක්ව භූකම්පනයෙන් අවතැන් වූ ජනතාවට ඩොලර් බිලියන 6ක් රැස් කරලා

තුර්කියේ ක්රිියාත්මක රූපවාහිනි නාලිකා අටක් එක්ව පසුගිය බදාදා දිනයේදී නොකඩවා සිදුකළ සමගාමී රූපවාහිනි විකාශයක් හරහා තුර්කි භූකම්පනයෙන් අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 6ක ආධාර ප්රුමාණයක් රැක් කරගැනීමටද සමත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී තුර්කියේ ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 සහ TV 8 යන නාලිකා එකට එක්ව මෙම සමගාමී විකාශය සිදු කර තිබේ.

මෙම ආධාර එකතු කිරීමේ වැඩසටහන ඔවුන් %Turkiye One Heart% ලෙස නම් කර ඇත. මෙම වැඩසටහන අතරතුරදී එරට ජනතාව සිය ජංගම දුරකතන හරහා ආධාර මුදල් ලබාදී ඇති අතර, ඊට පහසුකම් සැලසීම සඳහා QR කේතයක් යොදාගෙන තිබේ.

ඒ අනුව මෙහිදී ලැබී ඇති සමස්ත දුරකතන කෙටි පණිවුඩ සංඛ්යාාව මිලියන 09ක් බව පැවසෙයි. ඒ හරහා රැස් කර ගෙන ඇති මුදලේ වටිනාකම තුර්කි ලිරා බිලියන 115.1ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1කි.

මෙම සමගාමී රූපවාහිනි විකාශය සඳහා තුර්කියේ සුප්රනකට කලාකරුවන්, චරිත, ව්යා පාරිකයන්, ක්රී ඩා තරු ඇතුළු බොහෝ පිරිසක් සම්බන්ධ කරගෙන තිබේ.

මෙම අවස්ථාවේදී දුරකතනය හරහා සජීවීව සම්බන්ධවී ඇති තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩොගාන්, මෙලෙස එකතු කරගත් සෑම සතයක්ම භූකම්පනයෙන් හානි වූවන්ගේ සුභසාධනය වෙනුවෙන් යොදවන බව පවසා තිබේ.

ක්රියකට් ක්රීsඩා විකාශනයට රූපවාහිනි නාලිකාවක් සහ ගුවන් විදුලි නාලිකාවක් බදු ගැනීමට ශ්රීද ලංකා ක්රිටකට් ආයතනය සැරසෙයිශ්රී...
16/02/2023

ක්රියකට් ක්රීsඩා විකාශනයට රූපවාහිනි නාලිකාවක් සහ ගුවන් විදුලි නාලිකාවක් බදු ගැනීමට ශ්රීද ලංකා ක්රිටකට් ආයතනය සැරසෙයි

ශ්රීය ලංකා ක්රි කට් ආයතනය දිගු කාලීන බදු පදනමක් මත රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවක් ලබා ගැනීම සඳහා අභිලාශය කැඳවීමක් සිදු කර ඇතැයි පවසයි.

ශ්රී ලංකා ක්රිදකට් ආයතනයේ ප්ර ධාන විධායක නිලධාරියා විසින් ඊයේ දිනයේදී ප්රාසිද්ධ මාධ්යහ හරහා දැන්විමක් පළ කරමින් ශ්රීය ලංකා ක්රි‍කට් ආයතනය මේ බව දැනුම් දී සිටියි.

ඒ අනුව ශ්රීය ලංකාව තුළ ක්රිිකට් ක්රීාඩාව සඳහා රූපවාහිනි නාලිකාවක් සහ ගුවන් විදුලි නාලිකාවක් ක්රිධයාත්මක කිරීම අරමුණු කරගනිමින් මෙම අභිලාශය කැඳවීම සිදු කර තිබේ.

එහිදී ශ්රීණ ලංකාවේ දැනට ක්රිකයාත්මක වන දේශීය රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවලින් මෙම දීර්ඝ කාලීන බදු පදනම යටතේ අභිලාශ කැඳවන බව ශ්රීි ලංකා ක්රිශකට් ආයතනය පවසයි.

ඒ අනුව මේ සඳහා උනන්දු දක්වන සමාගම්/සංවිධාන එම අභිලාශ ප්රටකාශන ලිපිය ලබන මාර්තු 01 වැනිදා දහවල් 12ට හෝ ඊට පෙර [email protected] යන විද්යු ත් ලිපිනයට එවිය යුතු බවත් එම ආයතනය සඳහන් කරයි.

01/02/2023
‘අපේ අම්මා‘ යූටියුබ් නාලිකාව ශ්රීෙ ලංකාවේ වැඩිම ආදායමක් ඉපැයූ නාලිකාව බවට පත්වෙලා?ශ්රීඅ ලංකාවේ වඩාත් ජනප්රිරයතම ඉවුම්පිහ...
31/01/2023

‘අපේ අම්මා‘ යූටියුබ් නාලිකාව ශ්රීෙ ලංකාවේ වැඩිම ආදායමක් ඉපැයූ නාලිකාව බවට පත්වෙලා?

ශ්රීඅ ලංකාවේ වඩාත් ජනප්රිරයතම ඉවුම්පිහුම් යූටියුබ් නාලිකාවක් වන ‘අපේ අම්මා‘ නාලිකාව එතෙක් මෙතෙක් එම වේදිකාව හරහා වැඩිම ආදායමක් උපයා ඇති ශ්රීු ලාංකික යූටියුබ් නාලිකාව බවට පත්ව ඇතැයි එක්සත් ජනපදයේ CashnetUSA.com නම් සමීක්ෂණ ආයතනයක් පවසයි.

එහි සඳහන් ආකාරයට ‘අපේ අම්මා‘ යූටියුබ් නාලිකාව ආරම්භයේ සිට ගත වූ කාලසීමාව තුළදී උපයා ඇති ආදායම ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 962,386ක් එනම් ඩොලර් මිලියන 1කට ආසන්න වෙයි.

SocialBlade නම් විශ්ලේෂණ සේවාවක දත්ත අනුව මෙම සමීක්ෂණය සිදුව තිබේ. කෙසේ වෙතත් මෙම වටිනාකම් මෙතෙක් පැහැදිලිව ස්ථිර කෙරී නැත.

අද වනවිට මෙම යූටියුබ් නාලිකාව සතුව දායකත්ව නරඹන්නන් (සබ්ස්ක්ර්යිබර්ස්) ලක්ෂ 27කට අධික සංඛ්යාිවක් සිටියි.

ඒ අනුව මෙම නාලිකාව වෙත එක් කරන වීඩියෝවක් වෙනුවෙන් ඇතැම් අවස්ථාවලදී නැරඹුම්වාර මිලියන 3ත් 5ත් අතර සංඛ්යාවවක් හිමිවන බව ගණන් බලා තිබේ. මෙය ශ්රීර ලාංකික යූටියුබ් නාලිකාවක් සතු ඉහළම අගය ලෙසින්ද සැලකෙයි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when TMWSL - The Media World Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share