
21/01/2024
මැලේසියාවේ රජු සහ රැජින ප්‍රවෘත්ති නිවේදනයට
මැලේසියාවේ රජු වන සුල්තාන් අබ්දුල්ලා අහ්මඩ් සහ ඔහුගේ බිරිඳ වන ටුන්කු අසිසාහ් අමිනාහ් මායිමුනාහ් ඉස්කාන්දාරියාහ් පසුගියදා එරට Media Prima ආයතනයට අයත් TV3 රූපවාහිනි නාලිකාව වෙත සංචාරයක නිරත වූ බව වාර්තා වෙයි.
එහිදී ඔවුන් දෙදෙනා රාත්‍රී 08 ප්‍රවෘත්ති විකාශය සඳහා දායකත්වය ලබාදුන් බව වාර්තා වෙයි. මෙහිදී ඔවුන් දෙපළ එක්ව විනාඩි 10ක පුවත් විකාශයක් ලෙස පටිගත කෙරුණු ප්‍රවෘත්ති ප්‍රකාශ තුනක් මෙහිදී රාත්‍රී පුවත් විකාශයේදී යොදා ගැනීමට එම නාලිකාව කටයුතු යොදා තිබේ.
මෙම සංචාරයේදී දෙපළ Media Prima සමාගමට අයත් Radio City සහ Hot FM ගුවන් විදුලි නාලිකා වෙත ගොස් එහි නිවේදකයන් හමුවී තිබේ.