Titanz e-sports

Titanz e-sports A Sri Lankan Esports organisation
Join with us on Teamspeak: www.titanz.lk
If you wish to join with

ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි,සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්, #සුබ__නව__වසරක්__වේවා ! 🙏🙏🙏☸️✝️🕉☪️May joy, peace, and success ...
31/12/2022

ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි,
සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්,
#සුබ__නව__වසරක්__වේවා ! 🙏🙏🙏
☸️✝️🕉☪️

May joy, peace, and success follow you everywhere you go and whatever you do. Have a wonderful new year with your family and friends.
❤️🧡💛💚💙💜🖤🤍🤎

සුබ නත්තලක් වේවා ඔබ සැමට ☃️🌲🥰
24/12/2022

සුබ නත්තලක් වේවා ඔබ සැමට ☃️🌲🥰

පින්බර උදුවප් පොහොය දිනයක් වේවා 🙏 උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.සිරිමා බෝ සමිඳුන් වැඩමවීම ත් මෙරට භික්ෂුණ...
07/12/2022

පින්බර උදුවප් පොහොය දිනයක් වේවා 🙏

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.සිරිමා බෝ සමිඳුන් වැඩමවීම ත් මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භයත් සිදු වූ දිනය ලෙස උදුවප් පුර පසළොස්වක පෙහොය බෞද්ධ සැදැහැවතුන්ට වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි, දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මශෝක රජතුමාගෙන් කළ ඉල්ලීම අනුව සංඝමිත්තා තෙරණය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදී ය.

දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයක ම ආගමික වතාවත් සංවිධානය කර අතර වසරේ අවසන් පොහෝ දිනය වන අද ශ්‍රී ලාංකේය බෞද්ධ සැදැහැවත්හු දාන, සීල, භාවනාදී පිං දහම්වල නිරත වෙමින් නව වසරේ උදාවට සූදානම් වෙති.

මේ අතර සිරිපා වන්දනා සමය ද අදින් ආරම්භ වේ.

🙏   #පින්බර_ඉල්_පෝය_දිනයක්_වේවා!!! 🙇 ඉල් පෝය දිනයේ ශාසනික වැදගත් කම..🙏👉 ලෝ වැසියන් ගේ හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්ඩ...
07/11/2022

🙏 #පින්බර_ඉල්_පෝය_දිනයක්_වේවා!!! 🙇

ඉල් පෝය දිනයේ ශාසනික වැදගත් කම..🙏

👉 ලෝ වැසියන් ගේ හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්ඩායම පිටත්කර හැරීම..

👉 බුදුහිමියන් විසින් තුන් බෑ ජටිලයන් දමනය කිරීම...

👉 අග්‍ර ශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය ...

👉 මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකට මඟ පෑදූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි...

👉 බුදුහිමියන් සම්බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතනාරාමයේදී ප්‍රථම ධර්මදේශනාව පැවැත්වීමෙන් පසු බුදු සසුනේ පළමු පැවිදි පිරිස සැට නමක් විය .ඒ පස්වග තවුසන් සහ යස කුලපුත්‍රයා ප්‍රමුක යහළුවන් පිරිස එක් වීමෙනි .මෙම භික්ෂූන් වහන්සේලා සඳහම් චාරිකාව ඇරඹුවේ අදවන් ඉල් පොහොය දිනකය .

👉 උරුවෙල් දනව්වේ නේරංජනා ගඟ අසබඩ අසපු තනා ගෙන වාසය කළ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප ,ගයා කාශ්‍යප යන ජටිලයන් ඇතුළු එක්දහස් පන්සියයක් දෙනා බුදු හිමියන්ගෙන් බණ අසා පැවිදි වූයේ ද අද වැනි දිනයකයි .

👉 සැරියුත් මහරහතන් වහන්සේ තම උපන් ගමට ගොස් මවට ධර්මය අවබෝධ කරදී පිරිනිවන් පෑ වදාළේ ද අද වැනි පොහෝ දිනයක ය .

👉 තුසිත දෙවිලොව වස් විසූ බුදුහිමියන් දඹදිව සංකස්ස පුරයට රන් හිණි මගකින් වැඩම කරද්දී එම අසිරිය දැකබලා ගන්නට බොහෝ දෙනෙක් එහි පැමිණියහ. එවකට සිරිවර්ධන නම් සිටුවරයා ගේ පුතකු ව ඉපිද සිටි මෙත් බෝසතුන් මෙම අසිරිය දැකබලා ගන්නට පැමිණියහ. පසුව බුදු සසුනේ පැවිදි වූ උන්වහන්සේ තමාට දායකයින් පිදූ වස්ත්‍ර යුගලයක් බුදු හිමියන්ට පූජා කළහ. එහි ආනිසංසයෙන් ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රිය නමින් මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බව පවසා බුදු හිමියෝ නියත විවරණ දුන්හ ...

👉 පසු වස් පවාරණය සහ කඨින චීවර පූජා පින්කම සිදු කළ හැකි අන්තිම දිනයද ඉල් පෝය දාට යෙදී තිබීම මෙම පෝය දිනයේ විශේෂත්වයකි .

තෙරුවන් සරණයි ....🙏❤️

වප් පුර පසළොස්වක පෝය දිනය අදයි... 🙏ඔබ සැමට පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා...🙏- වප් පොහොය දිනයේ ඇති වැදගත්කම -* බුද්ධත්...
09/10/2022

වප් පුර පසළොස්වක පෝය දිනය අදයි... 🙏

ඔබ සැමට පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා...🙏

- වප් පොහොය දිනයේ ඇති වැදගත්කම -

* බුද්ධත්වයෙන් සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොව වස් විසූ බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍යරාජයන් වෙත තුන්මසක් පුරා අභිධර්මය දේශනා කර සෝවාන් ඵලය ලබාදී වස් පවාරණය සිදුකොට දිව්‍ය හරසර මැද තව්තිසා දෙව්ලොවින් නික්ම "දේවාවරෝහණයෙන්" නැවත දඹදිව සංකස්ස නුවරට වැඩම කිරීම.

* අගසව් දෙනම අතරින් දකුණත් සව් ලෙස වැඩසිටි සැරියුත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥා ලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත්වීම.

* කල්ප ලක්ෂයකින් මතුයෙහි බුදු වීමට සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදු සසුනෙහි පැවිදිවීම.

* අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදි කරවීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලාත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් මෙරටට වැඩම කරවීම සඳහා අනුබුදු මිහිඳු හිමියන්ගේ නියමයෙන් දෙවන පෑතිස් රජු විසින් අරිට්ඨ ඇමතිවරයා ඇතුළු දූත පිරිසක් දඹදිවට පිටත්කර හැරීම.

* ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මහ බෝධියෙන් වෙන් වී සකස් කර තිබූ රන් කටාරම තුළ පිහිටන්නට වීම.

* මිහිඳු මහා රහතන් වහන්සේගේ අනුදැනුම මත අරිට්ඨ මහා රහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහා රහතන් වහන්සේලා විසින් ථූපාරාමයේදී විනය පිටකය සංඝායනා කිරීම.

* තෙමසක් පුරා වස් වසා වැඩසිටි භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම.

* අටමහා කුසලයන්ගෙන් උතුම්ම කුසලය වන කඨින චීවර පූජාවන් සිදු කිරීමේ සමාරම්භක දිනය හෙවත් චීවර මාසය ආරම්භ වීම.

Titanz e-sports අපේ එකම පැතුම ❤️
01/10/2022

Titanz e-sports අපේ එකම පැතුම ❤️

  💥🥳  🇱🇰🏏❤️
11/09/2022

💥🥳
🇱🇰🏏❤️

පින්බර බිනර පුන් පොහෝ දිනය .... ! 🙏භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක්  බිනර පුන් පොහෝ ද...
10/09/2022

පින්බර බිනර පුන් පොහෝ දිනය .... ! 🙏

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් බිනර පුන් පොහෝ දිනයෙ යෙදී තිබේ.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකේ..

මෙදින කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයකි. අෂ්ඨ ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකදී බව බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි..

බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි මෙරට බෞද්ධයන්ට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම පොහෝ දිනයේදී සිදු වීමය..

පිංබර නිකිණි පොහොයක් වේවා !!!
11/08/2022

පිංබර නිකිණි පොහොයක් වේවා !!!

ඔබ සැමට පිංබර ඇසළ පොහොයක් වේවා !!! 🙏
13/07/2022

ඔබ සැමට පිංබර ඇසළ පොහොයක් වේවා !!! 🙏

Congratulations on your    May the joy of this ritual enhance your spirit with excitement and grace for the rest of your...
09/07/2022

Congratulations on your
May the joy of this ritual enhance your spirit with excitement and grace for the rest of your life

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Titanz e-sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Titanz e-sports:

Share