Social eye

Social eye සඟරාමය ෆේස්බුක් පිටුව

දෙ වන ලෝක යුද සමයේදී නාසි සිර කඳවුරකදී අනන්ත වූ දුක්‌ විඳ මිය ගිය යුදෙව් ජාතික දැරිය 'ඈන් ෆ්‍රෑන්ක්‌' පිළිබඳ අසා නැති අය...
23/08/2025

දෙ වන ලෝක යුද සමයේදී නාසි සිර කඳවුරකදී අනන්ත වූ දුක්‌ විඳ මිය ගිය යුදෙව් ජාතික දැරිය 'ඈන් ෆ්‍රෑන්ක්‌' පිළිබඳ අසා නැති අයෙකු වෙතොත් ඒ කලාතුරකිනි.

ඈන් ෆ්‍රෑන්ක්‌ගේ දිනපොත (The Diary of a Young Girl) අද ද ලොව පුරා අලෙවි වන්නේ මිලියන ගණනිනි.

ජර්මනියේ, ෆ්‍රෑන්ක්‌ෆර්ට්‌ හිදී 1929 ජුනි මස 12 වැනි දින උපත ලද ඈන් ෆ්‍රෑන්ක්‌ (Annelies Marie Frank) 1941 දක්‌වාම ජර්මනියට අයත් දැරියක වූවාය.

එහෙත් 1933 මාර්තු 13 වැනි දින ජර්මනියේ නාසි (N**i Party) පක්‍ෂය ජය ලබා ඇඩොල්ෆ් හිට්‌ලර් රාජ්‍ය පාලනයේ සියලු බලතල අත්පත්කර ගනිද්දි බොහෝ ජර්මානුවාසීන් භීතියෙන් ඇලලී ගියහ. ඔහු තම විරුද්ධ පාක්‍ෂිකයන්, ආබාධිතයන් සහ ජර්මන් ආර්යයන් නොවූ සියලුම යුදෙව් ජාතිකයින් ද සමූල ඝාතනය කිරීමේ බිහිසුණු කර්තව්‍ය ආරම්භ කළේය. ඔහු මේ සඳහා යොදාගත්තේ ගෙස්‌ටාපෝ (Gestapo) නම් වූ රහස්‌ පොලිස්‌ සේවාවයි.

යුදෙව් ජාතික ජර්මානු පවුලක්‌ වූ බැවින් බියපත් වූ ඈන්ගේ පියා, ඔටෝ ෆ්‍රෑන්ක්‌ තම බිරිඳ දරුවන් සමග ඇයගේ මහ ගෙදරට පිටත් කොට හැරියේය. පසුව නෙදර්ලන්තයේ ඇම්ස්‌ටර්ඩෑම් කරා සංක්‍රමණය වූ ඔටෝ ෆ්‍රෑන්ක්‌ එහි ව්‍යාපාරයකට සම්බන්ධ විය.

එහෙත් කුරිරු නාසිවාදීහු 1940 මැයි මාසයේදී නෙදර්ලන්තය ද යටත් කොටගත්හ. යුදෙව් දරුවන්ට යුදෙව් පාසල් පමණක්‌ විවර විය. චිත්‍රපට ශාලා සාමාන්‍ය ප්‍රවාහන සේවා යුදෙව් ජාතිකයන්ට තහනම් කෙරිණි.

මේ වනවිට ඈන්ගේ සොයුරිය 'මාර්ගෝ' ඉගෙනුමට අති දක්‍ෂ දැරියකි. ඈන් කියවීමට හා ලිවීමට අතිශයින් ඇළුම් කරන, සෘජුව කතා කරන, ශක්‌තිමක්‌ දැරියක වූවාය.

රටෙහි පැවැති අයහපත් තත්ත්වය යටතේ ඔටෝ තම ව්‍යාපාර අන් අයට පවරාදුන්නේය. 1942 වසරේදී යුදෙව් විගමන මධ්‍යස්‌ථානය මගින් 'මාර්ගෝ' වැඩ කඳවුරකට කැඳවා තිබිණි. වහා ක්‍රියාත්මක වූ ඔටෝ ෆ්‍රෑන්ක්‌ තම දරු පවුල ද රැගෙන 'Opekta' කාර්යාල පරිශ්‍රයෙහි වූ කුඩා රහස්‌ උපගෘහයක පදිංචියට ගියේය. කුඩා කාමර දෙකකින්, නාන කාමරයකින් සහ අටුවකින් යුක්‌ත වූ රහස්‌ නිවහන ඈන් හට සිරගෙයක්‌ නොවූයේ ඇය කියවන්නටත්, ලියන්නටත් කාලය වැය කළ බැවිනි.

එහෙත් නිවහන හැර එන්නට මසකට කලින් සිදුවූ ආච්චිඅම්මාගේ මරණයත්, තම සුරතල් පූසා 'මුවර්ට්‌' අතැර ආ ශෝකයත් ඈන්ගේ කුඩා සිත දැඩිව පෙළමින් තිබිණි.

ගමන් මලු ගෙන ආ නොහැකි බැවින් ඇඳුම් කිහිපයක්‌ එකවර හැඳ බොහෝ දුර පා ගමනින් පැමිණිය ද ඈන් සතු සුවිශේෂ යමක්‌ තිබිණි. ඒ ඇය 13 වැනි උපන්දිනය සැමරූ දා පියා ඇය හට ලබා දුන් තිළිනය වූ සමරු පොතයි. රතු, සුදු කොටු රෙද්දකින් පිටකවරය නිමවා තිබූ එහි ඉදිරිපස අගුලක්‌ ද විය. කලින් දිනයක ඈන් එම පොත සාප්පුවෙහි තිබියදී තම පියාට පෙන්වා තිබුණේ එය තමා සතු කරගැනීමේ බලාපොරොත්තුව ද ඇතිවය.

රහස්‌ නිවහනේ ජීවිතය ආරම්භ කළ වහාම ඈන් තම සමරු පොත දිනපොතක්‌ කරගත යුතුයෑයි තීරණය කළාය. 1942 ජුනි 12 වැනි දින සිට 1944 අගෝස්‌තු 01 දා දක්‌වා ලියෑවුණු ඈන්ගේ දින පොත ඇගේ ජීවිතයේ දුක්‌ඛ දෝමනස්‌සයන් පමණක්‌ නොව ඇඩොල්ෆ හිට්‌ලර්ගේ නපුරු නාසිවාදී පාලනය ගැන ද බොහෝ දැ ලොවට හෙළිකළේය. කුඩා කල නිළියක්‌ වීමේ සිහිනය සිත දරා සිටි ඈන්ගේ පසුකාලීන සිහිනය වී තිබුණේ පුවත්පත් කලාවේදිනියක වීමයි. ඒ බව ඇය දිනපොතේ සටහන් කොට තිබුණේ මෙසේ ය.

'ඉස්‌කෝලෙ නොගියොත් මට මෝඩ ගෑණියෙක්‌ වෙන්නට සිද්ධවේවි. මට උවමනා පුවත්පත් කලාවේදිනියක්‌ වෙන්නටයි. ඒ මට ලියන්නට පුළුවන් නිසා. පොත්පත් ලියන්නට, ලිපි ලියන්නට මට හපන්කමක්‌ නැත්නම්, මම මං වෙනුවෙන්ම ලියන්නම්. ඒත් මට උවමනා අම්මා වගේ වෙනත් ගැහැණු උදවිය වගේ හැම තිස්‌සේම වැඩ කර කර ඉන්නට නෙමෙයි. මිනිස්‌සුන්ට ප්‍රයෝජනවත් ඒ අය සතුටුකරන යමක්‌ කරන්නට මට අවශ්‍යයි. මරණයෙන් පස්‌සෙත් ජීවත්වෙන්නට මට පුළුවන්නම්....

මගේ ආත්මය මගේ සිතුවිලි මේ විදියට මුදාහරින්නට මට ශක්‌තිය ලබාදුන් දෙවියන් වහන්සේට ස්‌තූතියි. ඒත් ලොකුම ප්‍රශ්නයá මට පුළුවන්කමක්‌ ලැබේවිද කවදා හෝ ලේඛිකාවක්‌ වෙන්නට?'

1944 අප්‍රේල් දා.

(ඈන් ෆ්‍රෑන්ක්‌)

ආරක්‍ෂාව පතා පසුව තම රහස්‌ නිවහනේම පදිංචියට පැමිණි පවුලක සිටි පීටර් නම් තරුණයකු සමග ඇතිවූ තාවකාලික ප්‍රේම සම්බන්ධයක්‌ පිළිබඳවද ඈන් දිනපොතෙහි ලියා තිබිණි. නාසි පාලනය යටතේ සාමාන්‍ය ජන ජීවිතය උඩු යටිකුරු වී ගිය අයුරු ඇගේ දින සටහන් තුළින් මනාව හෙළි කැරිණි. වරෙක තම මව පිළිබඳව අමනාපයෙන් ලියූ ඇය තවත් වරෙක එසේ ලිවීම පිළිබඳ පසුතැවිල්ලට පත් වී සිටියාය. දිනපොතේ ලියන්නට ඈ බොහෝ කරුණු අසා දැනගත්තේ ඔවුනට නිතර උදව් උපකාර කළ ව්‍යාපාරයේ සේවකයන්ගෙනි. ඔවුන්ගෙන් කිසිවෙක්‌ නිවසට පැමිණෙන තුරු ඇය මග බලාගෙන සිටියාය.

ඈන් තම දිනපොතේ අවසාන සටහන තබා ඇත්තේ 1944 අගෝස්‌තු මස පළමුවැනිදාය. අගෝස්‌තු 4 වැනි දා කවුරුන් හෝ ලබාදුන් ඔත්තුවක්‌ මත ෆ්‍රෑන්ක්‌ පවුල ගෙස්‌ටාපෝ රහස්‌ පොලිස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි.

ලක්‍ෂයක්‌ පමණ වූ යුදෙව්වන් අතර සිරගතව සිටි ෆ්‍රෑන්ක්‌ පවුල 1944 සැප්තැම්බර් මාසයේදී දින 3 ක අප්‍රසන්න දුම්රිය ගමනකින් අවුෂ්විට්‌ස්‌ (Auschwitz) වධ කඳවුර වෙත පිටත් කෙරිණි. දුම්රිය තුළ වූ 1,019 ක්‌ වූ සිරකරුවන්ගෙන් වයස 15 ට අඩු දරුවන් 549 ක්‌ වෙන් කැරුණු අතර ඔවුන් සියලු දෙනාම කෙලින්ම යවනු ලැබුවේ ගෑස්‌ කුටි තුළටය. අවුරුදු 15 ඉක්‌මවා මාස 3 ක්‌ ගෙවී තිබුණු බැවින් ඈන් අයත් වූයේ වැඩිහිටියන්ගේ කණ්‌ඩායමට ය.

හිස මුඩු කොට සිරුර නිරුවත් කොට විෂබීජ නාශකයකින් නහවා සිරකරු අංකය හංවඩුගසා බැරැක්‌කයකට යවනු ලැබූ ඈන් අනෙකුත් සිරකරුවන් මෙන්ම උදේ සිට රෑ වන තුරු වෙහෙසව වැඩ කළාය. ගල් අදින්නටත්, තණ පිඩැලි කපන්නටත් ඈන් හට සිදුවිය. කඳවුරට ගිය විගස ගැහැණුන් හා පිරිමින් වෙන් කැරුණු බැවින් ඈන් හට නැවත කිසිදාක ඇගේ පියා මුණගැසුනේ නැත.

පසුව සමේ රෝගයකින් පෙළුණු ඈන් සහ ඇගේ සොයුරිය මීයන්ගෙන් පිරුණු ගිලන් හලට මාරුකොට යෑවිණි. ඒ දිනවල ඔවුන්ගේ මව ගිලන් හලේ බිත්තියක තැනූ සිදුරක්‌ තුළින් ඇගේ ආහාර කොටස දියණියන් හට ලබාදී නිරාහාරව සිටියාය.

ඔක්‌තෝබර් 28 වැනි දින ඈන් සහ මාර්ගෝ තවත් අටදහසක්‌ කාන්තාවන් සමග 'Bergen Belsen' සිර කඳවුරට මාරුකොට යවනු ලැබූ අතර මව අවුෂ්විට්‌ස්‌ කඳවුරේදී නිරාහාරවම මිය ගියාය. Belsen සිර කඳවුරේ දී ඈන් හට ඇගේ කිට්‌ටු පාසල් මිතුරියන් දෙදෙනකු වූ 'හනෙලි' සහ 'නැනේ' ද මුණ ගැසී තිබිණි.

1945 මාර්තු මාසයේදී කඳවුරේ සිටි 17,000 ක්‌ සිරකාරියන් හට ටෛෆස්‌ (typhus) නම් වූ උණ වසංගතයක්‌ වැළඳුණි. මාර්ගෝ සහ ඈන් දෙදෙනාම ටෛෆස්‌ උණෙන් මිය ගියහ. ඈන් මිය ගොස්‌ තිබුණේ බ්‍රිතාන්‍ය හමුදාවන් මගින් සිරකරුවන් ගලවාගන්නට දින කිහිපයකට පෙරාතුවය.

1945 අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍ය හමුදාව සිර කඳවුරුවල දුක්‌ විඳින ජනතාව ගලවා ගන්නා විට නෙදර්ලන්තයෙන් ගෙන ආ අයගෙන් ඉතිරිව සිටියේ 5.000 ක්‌ පමණි. ගෙන ආ මුළු සිරකරුවන් සංඛ්‍යාව 1,07000 ක්‌ විය.

එහෙත් පන්දහසක්‌ වූ ගැලවුම් ලැබුවන් අතර ඔටෝ ෆ්‍රෑන්ක්‌ ද සිටියේය.

රහස්‌ නිවහනේදී ෆ්‍රෑන්ක්‌ පවුල රැක බලාගත් අයෙකු වූ 'ගී' (ඨසැ) නමැති මහත්මයෙක්‌ ඈන් ලියූ සියලු දැ ඇගේ දින පොතද සමගින් ඉතා සුරක්‍ෂිත ලෙස තබා තිබුණේ නැවත ආපසු ආ දිනෙක ඇය වෙත දෙන බලාපොරොත්තුවෙනි. ඔටෝ ෆ්‍රෑන්ක්‌ මහතා තම බාල දියණිය පිළිබඳව බොහෝ දැ දැනගත්තේ ඇගේ දිනපොත සහ අනෙකුත් සටහන් කියවීමෙන් අනතුරුවය.

ලේඛිකාවක්‌ වන්නට ඇය තුළ තිබූ අභිමතාර්ථය අවබෝධ කොටගත් ඔහු ඈන්ගේ දින පොත මුද්‍රණය කිරීම සඳහා කටයුතු යෙදුවේ ය. එය සිදු කෙරුණේ පියාට අවැසි පරිදි සංශෝධනය කිරීමෙන් අනතුරුව ය. ලන්දේසි භාෂාවෙන් ලියෑවුණු එහි පළමු මුද්‍රණය නිකුත් වූයේ 1947 දීය.

ලොව පුරා මහත් ආන්දෝලනයක්‌ ඇති කළ ඈන් ෆ්‍රෑන්ක්‌ දිනපොත ජපානයේ පළමු මුද්‍රණයෙහි පමණක්‌ පිටපත් ලක්‍ෂයක්‌ අලෙවි විය. ඈන් ෆ්‍රෑන්ක්‌ දිනපොත කිහිප වතාවක්‌ම උසාවියට ද ගියේය. 'ඈන් ෆ්‍රෑන්ක්‌' නම් දැරිය අත්අඩංගුවට ගත් පොලිස්‌ නිලධාරියා ද අත්අඩංගුවට ගත යුතුයෑයි පොත කියෑ වූ බොහෝ අය බලපෑම් කළහ. අවසානයේදී ඔහු සිර භාරයට ගෙන ප්‍රශ්න කෙරිණි. මෙවැන්නක්‌ වයස 13 ක 14 ක දැරියකට ලිවිය නොහැකි යෑයි ප්‍රසිද්ධියේ පැවසූ ගුරුවරයකුට විරුද්ධව තවත් වරෙක ඈන්ගේ පියා නඩු පැවරුවේය.

ඈන් සැඟවී සිටිමින් දිනපොත ලියූ ඇම්ස්‌ටර්ඩෑම්හි 'ඈන් ෆ්‍රෑන්ක්‌ නිවස්‌ දකින්නට දෙස්‌ විදෙස්‌ ජනතාව දිනපතා දහස්‌ ගණනින් ඇදී එති. ඇය වෙනුවෙන් කඳුලක්‌ සුසුමක්‌ හෙළන්නට ඒ කිසිවෙකුත් අමතක නොකරති. ඈන් ප්‍රාර්ථනා කළ පරිදිම ඇය මරණයෙන් මතු සදාකාලිකවම ජීවත් වේ.

තවත් කෙනෙක්ට දකින්න ශෙයාර් කරන්න
හැමදාම අලුත් දෙයක් දකින්න එන්න social eye ෆේස්බුක් පිටුවට

Like ☑️ comment ☑️ share ☑️
@ social eye

ඔබ දන්නවාද? ඇමරිකා එක්සත් ජනපදයේ ජනපද 50 අතුරින් සිව් වන අවම ජනගහනයක් සහ අවම ජන ඝනත්වයක් සහිත ප්‍රාන්තය වන ඇලස්කාව,මෙන්ම...
16/08/2025

ඔබ දන්නවාද? ඇමරිකා එක්සත් ජනපදයේ ජනපද 50 අතුරින් සිව් වන අවම ජනගහනයක් සහ අවම ජන ඝනත්වයක් සහිත ප්‍රාන්තය වන ඇලස්කාව,මෙන්ම ස්භාවික වායුව,තෙල් සම්පතින් පොහොසත් මෙය, ඇමරිකා එක්සත් ජනපදය විසින් වර්ෂ 1867 මාර්තු 30 වන දින රුසියානු අධිරාජ්‍යයයෙන් ඇලස්කාව $ මිලියන 7.2 කට මිල දී ගන්නා ලද අතර එය අක්කරයක් සඳහා ආසන්න වශයන් ඩොලර් ශත 2 ($4.74/km2) කි.

කෙවින් කාටර්..  ඡායාරූපයක් පිටුපස කතාවක්.   ( Kevin Cater)(සූඩාන දැරිය හා ගිජු ලිහිණියා)ඒ තරම් සතුටු හිතෙන කතාවක් වත් .....
16/08/2025

කෙවින් කාටර්..
ඡායාරූපයක් පිටුපස කතාවක්. ( Kevin Cater)
(සූඩාන දැරිය හා ගිජු ලිහිණියා)

ඒ තරම් සතුටු හිතෙන කතාවක් වත් .. වීරයෙක ගැනවත් නෙමේ මේ කියන්න යන්නෙ.
නමුත් කෙවින් ගත්ත මේ පිංතූරෙ ( පලවෙනි පිංතූරය) නොදැකපු කෙනෙක් නැති තරම්.

කෙවින් ඉපදෙන්නෙ 1960දී දකුණු අප්‍රිකාවෙ ජොහැන්නස්බර්ග් නගරයේ.

පුංචි කාලෙ ඉඳන්ම චිත්‍ර අඳින්නත් පිංතූර ගන්නත් ආස කරපු කෙවින් යුද හමුදා සේවයෙන් අයින් වෙන්නෙ සිදුවෙන අසාධාරණය ඉවසන්න බැරි නිසා.
1984 දි කෙවින් එයාගෙ පලවෙනි ඡායාරූප ප්‍රදර්ශණය පවත්වනව.
කුසගින්න .. නියඟය.. දුප්පත්කම වගේ දේ තමයි බොහෝ විට මේ ඡායාරූප වලට විශය වෙන්නෙ.
මේ සාර්ථකත්වයත් එක්ක ජොහැන්නස්බර්ග් ස්ටාර් පුවත්පතේ ඡායාරූප ශිල්පියෙක් විදිහට කාටර්ට රැකියාවක් ලැබෙනව.
‍යුද්ධ.. සාගත.. මාෆියා හා දේශපාලන අසාධාරණය තමයි තවදුරටත් කෙවින්ගෙ ඡායාරූප වලට විශය වෙන්නෙ.

1993 වසරෙදි දකුණු සූඩානයේ සාගතය හා අනාථ කඳවුරු සම්භන්ධ ලිපියකට පිංතූර ගැනීමට කෙවින් යනව සූඩානයට.

එතනදි තමයි මේ පොඩි සාගතයෙන් පෙලෙන දරුවෙක් හා කාන්තාර උකුස්සෙකුගේ ( ගිජු ලිහිණියා) පිංතූරය ගන්න කෙවින්ට අවස්ථාව ලැබෙන්නෙ.
( දකුණු සූඩානයෙන් ඇවිත් ලෝකය දිනන්න බලාපොරොත්තු වෙන එතින්ග්ව මතකයිනෙ)

ඒ ලෝකයේ විශාලතම අනාථ කඳවුර ඇතුලෙදියි.

මේ පිංතූරය පැය ගණනක් ඇතුලත හැමදෙනාගෙම කතා භහට ලක්වෙනව.
ලෝක ප්‍රසිද්ධ නිව් යෝක් ටයිම්ස් පුවත් පත මේ පිංතූරය මිළදී ගන්න ඉදිරිපත් වෙන්නෙ දෙපාරක් නොසිතාම.
1993 මාර්තු 26 වෙනිද මේ පිංතූරය නිව්‍ යෝක් ටයිම්ස් පුවත් පතේ පලවෙන්න්නෙ බලන හැමෝගෙම ඇස් උඩ ඉන්දමින්.

ලෝකෙ වටේ ඉන්න විවිධ තරාතිරමේ මිනිස්සු මේ පුවත් පතට කතා කරල විස්තර අහනව.. චෝදනා කරනව... බනිනව..
වැඩි දෙනාගෙ චෝදනාව .. මේ පිංතූරෙ ගත්ත මිනිහ හිතාමතාම මේ පොඩි එකීව උකුස්සට බිලි වෙන්න ඉඩ අරිනව.. උඹල වගේ ජඩ මාධ්‍ය කරන්නෙ මේ පිංතූර පලකරල ජනප්‍රිය වෙන එක යන්නයි.

පුවත් පත උත්සාහ කරනව කියන්න .. මේ දරුවව ඡායාරූප ශිල්පිය විසින් බේරගත්ත කියල.
නමුත් කවුරුත් ඒක පිලිගන්න සූදානම් නැහැ.

මේ පිංතූරෙ නිසා කෙවින්ට හොඳ මුදලක් වගේම පුලිට්සර් ප්‍රයිස් නම් ඉතාම අගය කරන්න පුළුවන් සම්මානය ලැබෙනව.

නමුත්.. ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙන්නෙ කෙවින් කාටර් කියන්නෙ ජඩ මාධ්‍ය වේදියෙක්.. අර පුංචි කෙල්ලව මැරෙන්න ඇරල ජනප්‍රිය වුණු අමනුස්සයා කියල.
මුලින් මුලින් කෙවින් මේ චෝදනා වලට පිළිතුරු දුන්නත් පසුව ඒ කතා නොඇසුනා වගේ ඉන්න තීරණය කරනව.

දකුණු සූඩානයේ ගැටුම්..යුද්ධ.. සාගත නිසා පහසු නෑ මේ කතාව ඇත්ත නැත්ත හරියටම හොයා ගන්න.

කාටර් කොයිතරම් නම් අපහාස වලට ලක්වුනාද කියනව නම් එයා මානසික අවපීඩනයට ගොදුරු වෙනව.

1994 ජූලි මාසෙ 27 වෙනිද කෙවින්ගෙ සිරුර හමුවෙනව එයා පුංචි කාලෙ සෙල්ලම් කරපු පිට්ටනියෙ තිබිල.

සාගතය.. පොඩි දරුවො.. යුද්ධය ගැන පිංතූර ගත්ත කෙවින්ට සූඩාන දැරිය සම්භන්ධයෙන් ආපු චෝදනා ඉවසගන්න බැහැ.
ඒ නිසාමයි කෙවින් තීරණය කරන්නෙ සියදිවි නසාගන්න.

කෙවින්ගෙ කතාව එතනින් මතු සම්භන්ධයි 2011 වෙනතෙක්.

බොහෝ දෙනා කියන්නෙ පොඩි එකී මැරෙන්න ඇරිය මිනිහට ලැබුණු තෑග්ග තමයි මේ කියල.

2011 වසරෙදි ස්වේච්චාවෙන් ඉදිරිපත් වුණු ඡායාරූප ශිල්පීන් කීප දෙනෙක් දකුණු සූඩානයට යනව මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න.

එයාලට හමු වෙනව කොන්ග් නියොන්ග් ගෙ තාත්තව. කවුද මේ කොන්ග් නියොන්ග්..?
කොන්ග් තමයි කෙවින්ගෙ පිංතූරෙ ඉන්න පුංචි දරුව. ඇත්තටම ඒ පිරිමි දරුවෙක්.

කොන්ගෙ තාත්ත කියන විදිහට අනාථ කඳවුරේ කෑම දෙන වෙලාවෙදි කොන්ග් දණගාගෙන එලියට ගිහින් තියනව.
කෑම සුවඳට ඉව අල්ලන වටු උකුස්සාගේ ( ගිජු ලිහිණියා විය යුතුයි) කොන්ග් ලක්වෙන්නෙ මේ වෙලාවෙයි.
අහම්බෙන් මෙතනින් ගිය පත්තර කාරයෙක් කොන්ග්ව බේරගෙන ආපහු එයාගෙ අම්මට භාර දීපු බව තමයි නියොන්ග්ගෙ තාත්ත කියන්නෙ.
අවාසනාවකට නියොන්ග් අවුරුදු දාහතේදී උන රෝගයට ගොදුරු වෙලා මෙලොවෙන් සමු අරගෙන.
ඒ බව මරණ සහතිකයෙන් ඔප්පු වෙන්නෙ කෙවින් ගැන කිසිම සැකයක් ඉතුරු නොකර.

නමුත් පරක්කු වැඩියි... කිසිම වරදක් නොකරපු කෙවින්ග් යන්න ගිහින් අවුරුදු දහයකටත් කිට්ටුයි.

තමන් විසින් බේරගත්ත පොඩි එකෙක් මැරෙන්න ඇරල ප්‍රසිද්ධ වුනා කියන කතාව දරාගන්න තරම් කෙවින් සංවේදී වැඩි වෙන්න ඇති.

මේ ගැන දුකක් ආවත්.. සමාජයේ පදනමක් නැති හදිසි චෝදනා.. දරුවන් හෝ දුප්පතුන් ගැන ඇති සෝභන ආදරේ.. රැල්ලට ගිහින් හදන කතංදර එක්ක සුන්දර මිනිසුන් කී දාහක් නම් දුක් විඳින්න ඇතිද කියන එකයි මට එන ප්‍රශ්ණය.

අද තියන ජඩ මාධ්‍ය කලාව නිසා සැබෑම ඡායාරූප ශිල්පීන්..
සැබෑ මාධ්‍ය වේදීන් හඳුන ගන්න අමාරුයි.

ඒ ජඩයන් නිසා අපිට අහිමි වෙන්නෙ කෙවින් වගේ සැබෑ මිනිස්සු.

Malcom sang මහතාගේ සටහනක්

( Gang bang club is a wonderful novel )
Pictures. Johannesburg star, wikipedia.

ලෝකයට මානව හිමිකම් උගන්වන ඇමරිකාව එදා වියට්නාමයේ හැසිරුනේ මානවහිමිකම් බල්ලට දමාය..වියට්නාම වීරෝධාර ගරිල්ලා භටයන්ගේ ගරිල්...
10/08/2025

ලෝකයට මානව හිමිකම් උගන්වන ඇමරිකාව එදා වියට්නාමයේ හැසිරුනේ මානවහිමිකම් බල්ලට දමාය..

වියට්නාම වීරෝධාර ගරිල්ලා භටයන්ගේ ගරිල්ලා ප්‍රහාර හමුවේ පරාජය දරාගත නොහැකිව දණ්ඩෙන් පහර කෑ නාගයකු සේ කිපුණු ඇමරිකානුවන් උතුරු වියට්නාමය යටත් කරගැනීමට උත්සහ දැරුවේ තිරිසන් ක්‍රම ඔස්සේය...

තවකෙකුගේ ආහරයට වස දැමීම තරම් පහත් ක්‍රියාවක් මිහිපිට නොමැති තරම් ය..එහෙත් ලෝකයට කරුණාව දක්වන ඇමරිකාව එදා එසේ කලේ ය..

ඉතාප්‍රභල 2,4,5 - T අම්ලය හා 2,4 -D අම්ලය මිශ්‍රකල විට දරුණු රසායනිකයක් නිර්මාණය වන අතර එය agent orange නම් වේ.. මෙය ඇමරිකානුවන් වියට්නාම් යුද්ධය දී උතුරු වියට්නාමයට හා වියට්කොං ගරිල්ලන්ට එරෙහිව භාවිත කලේය..
මින් ශාක වල පත්‍ර හලා ඵල නොසෑදෙන තත්වයට පත් කල හැකිය..

වනාන්තර වල වියට්කොං ගරිල්ලන් සැගවී සිටි ස්ථාන එලිකරගැනීමටත් ඔවුන්ගේ ආහර මූලාශ්‍ර විනාශ කරගැනීමටත් ඇමරිකන් හමුදා පුරා වසර නමයක් වියට්නාමයේ ඒජන්ට් ඔරේන්ජ් රසායනිකය ගැලුම් මිලියන 13ක් වාර 6000කට අධික සංඛ්‍යාවකින් වියට්නාමය පුරාම ඉසින ලදී...

මෙම ඔරේන්ජ් ඒජන්ට් බලපෑම නිසා වියට්නාම් ජාතික නිරායුද අහිංසක ගොවි ජනතාව ලක්ෂ 4ක් පමණ මිය ගොස් ඇත..

පහත් ඇමරිකානුවන් ඒජන්ට් ඔරේන්ජ් ඉස්සේ වියට්නාමයට පමණක් නොව ලාඕසය කාම්බෝජයේ කෙත්වතුවලට පවා මොවුන් ඉසින ලදී...
ඔවුන් මෙම ඒජන්ට් ඔරේන්ජ් ඉසින කලාපයේ ගම්මාන 3000ක් පමණ ආවරණය විය.එහිදි අහිංසක මිනිසුන්ගේ ආහාරවලට මෙම රසායනිකය මිශ්‍ර විය.එමෙන්ම ජලමූලාශවලට මිශ්‍ර විය ජල මූලාශ්‍ර තුල මෙම විෂ රසායනික වසර 100ක් පමණ පවතින බව පර්යේෂකයන් පෙන්වාදෙයි..එසේනම් තවත් වසර ගණනාවක්ම ඒ බලපෑම පවතිනු ඇත. ඒජන්ට් ඔරේන්ජ් බලපෑම නිසා මිලියන භාගයක් පමණ දරුවන් උපතින්ම විකෘති විය,පිලිකා,චර්ම රෝග ,ආමාශගත රෝග නිසා පීඩා විදි සංඛ්‍යාව දහස් ගණනකි ..

ඒජන්ට් ඔරේන්ජ් ඉසින ලද ප්‍රදේශවල පසුව ශාක සිටුවීමට තැත් කලත් එය අසාර්ථක විය ඒ විෂ ඒ තරම් ප්‍රභලය...
අද වියට්නාම යුද්ධය අවසන් ය එහෙත් ඒජන්ට් ඔරේන්ජ් වල ජානවලට හානි පැමිණිමේ හැකියාව නිසා අදටත් වියට්නාමයේ විකෘති වූ දරු උපත් ර්‍ රැසක් සිදුවේ...
මේ අහිංසකයන් කල වරද කිමද ???

ලෝකය සෑමවිටම සාධාරණ නැත...!අවශ්‍යම මොහොතේ කෙතරම් උත්සහ කලත් නොලැබුණ අවධානය ඔහුට වසර ගණනාවක් පමා වී ජීවිතයේ සැදෑ සමයේ දී ...
09/08/2025

ලෝකය සෑමවිටම සාධාරණ නැත...!
අවශ්‍යම මොහොතේ කෙතරම් උත්සහ කලත් නොලැබුණ අවධානය ඔහුට වසර ගණනාවක් පමා වී ජීවිතයේ සැදෑ සමයේ දී කයින් වියපත් වූ මේ මිනිසාට එක් රැයකින් මිලියන 10කටත් වඩා නැරඹුම් වාර සමගින් ලැබුනි..
මිත්‍රවරුනි, ජීවිතයේ ඇතැම් දේ අපට අවශ්‍යම මොහොතේ නොලැබෙනු ඇත ඒත් පමා වී ඕනෑවටත් වඩා වැඩියෙන් ලැබෙනු ඇත...ලෝකයේ ස්භාවය එසේය...
ගාමිණී ජිවරත්න 💜 නම් මේ සොදුරු මිනිසාට දීර්ඝායු වේවා...!!!

මේරි ඇතින්නිය එල්ලා මැරීමමේ සිද්ධිය වෙන්නේ 1916 කාලයේදි ඇමරිකාවේදි....මේ කතාව කියවලා මිනිස්සු එදත් අදත් කොච්චර අකාරුණිකද...
06/08/2025

මේරි ඇතින්නිය එල්ලා මැරීම

මේ සිද්ධිය වෙන්නේ 1916 කාලයේදි ඇමරිකාවේදි....මේ කතාව කියවලා මිනිස්සු එදත් අදත් කොච්චර අකාරුණිකද කියලා ඔයාලම තේරුම් ගන්න..

මේරි කියන්නේ විශාලත්වයෙන් වැඩි කීකරු ඇතින්නියක්..ඇත්තටම ඇය වහල් සේවිකාවක් කීවොත් තමා හරි....ඇගේ ශ්‍රමය ඇත්තටම සූරා කන්නේ Sparks World Famous Shows කියන සර්කස් කන්ඩායම...ඉස්සර මේ සර්කස් කන්ඩායම ඇමරිකාවේ ගොඩක් ප්‍රසිද්ධයි කියලා තමයි කියන්නේ ..

ඇත්තටම මේරි බෙහෙවින් කීකරු ඇතින්නියක් ....දවසක් ඇය පාරේ යමින් ඉද්දි කොමඩු ගෙඩියක් දැකලා යන ගමන පැත්තක තියලා කොමඩු ගෙඩිය ගන්න යනවා..

නමුත් ඇගේ පිට මත උන්නු ⁣නුපුහුණු ඇත්ගොව්වට අවබෝධයක් තිබුන් නෑ ආපහු මේරිව පාර පැත්තට හරව ගන්න..ඔහුට ඇත්තටම ඇතින්නක් ආම්බාන් කරලා පලපුරුද්දක් නැ..ඔහු හෝටල් රැකියාවක් කල කෙනෙක්..

ඇතින්නව හරියට පාරට ගන්න බැරි වෙද්දි ඔහු ලඟ තිබුණ හෙන්ඩුවෙන් මේරිගේ කන පිටි පස්සට අනිනවා..එයින් ඇය විශාල වේදනාවකට පත්වෙන අතර ඇය කලබල වෙනවා..ඇය හොඬ වැලෙන් ඇත් ගොව්වාව අරගෙන පොලවේ ගහනවා...ඇත් ගොව්වාව බිම පාගලා ඔළුව චොප්ප කරලා එතනම මරා දානවා..

මේ සිද්ධිය නගරේ මිනිස්සු ඇස් දෙකටම දැක්කා..ඔවුන් කලබල වෙනවා..මේරිට විරුද්ධව හැමෝම හඬ නැඟුවා..

"මේරිව මරන්න"

හැමෝම එක හඬින් කීවා..

මිනිස්සුන්ගේ විරෝධය වැඩි වෙද්දි හාම්පුතුන් කලබල වෙනවා..මේරිව නඩු ව්භාගයකින් නැතිව එල්ලා මරන්නැයි හැමොම එක හඬින් කියනවා..

මේ විරෝධතා එක්ක Sparks සර්කස් කන්ඩායම අන්තිම අඩියට වැටෙද්දි මේරිව නගරයේ බලධාරීන්ට බාර දෙනවා....අන්තිමට ඇයව එල්ලා මරන්න තීරණය කරනවා..

ඇයව එල්ලා මරන්න ඔවුන් යොදා ගන්නෙ දොඹකරයක්....ඇත්තටම මේරි හීලැ ඇතින්නියක් ..එල්ලලා මරන්න දම්වැල් බෙල්ලට දාද්දිත් ඇය නිසොල්මනේ ඉන්නවා...අන්තිමට ඇය දොඹකරෙන් උඩට ගනිද්දී බෙල්ල හිර වෙද්දි ඇය කලබල වෙනවා...පලවෙනි පාර මේරි බිමට වැටෙනවා...ඇගේ කොඳු ඇට පේලිය බිඳෙනවා..ඇය වේදනාවෙන් කෑ ගහන්න ඇති...ඇත්තටම මේරි කෑ ගහලා...එයින් නොනැවතුන ඔවුන් දෙවැනි පියවර සාර්ථක කරගෙන ඇයව එල්ලා මරනවා🐘🐘🐘🐘🐘

🔗🔗🔗🔗🔗🔗🔗

මම මේ විස්තරේ කියෙව්වේ පත්තරෙන්...ඇත්තටම හිතට පුදුම කම්පනයක් දැනුනා.....අන්තර්ජාලයෙන් විස්තර හෙව්වා...මේ කතාව ඇත්ත...මේරිව ඝාතනය වුණේ එර්වින් හිදි....ඔය පිංතූරේ ගත්තේ අන්තර්ජාලයෙන් ..

එදත් අදත් මිනිස්සු කොච්චර කෲරද....අමානුෂික විදිහට සලකලා මේරිගෙන් සල්ලි හම්බ කරගෙන අන්තිමට මරලා දානවා...මේරිට වෙච්ච අසාධාරණේ කාටවත් පෙනුන් නැ...අදටත් එහෙමයි...සත්තුන්ට මිනිස්සුගෙන් වෙන අකටයුතුකම් වලට කතා කරන්න කිසිම උසාවියක් නෑ😥😥

උපුටා ගැනීමකි ....

බුද්ධිමත් වානරයාඅප්‍රිකානු කලාපයේ වනාන්තර වල වෙසෙන තරමක් විශාල ශරීරයක් හිමි වානර විශේෂයක් වෙන බැබුන් (Baboon) සත්වයෙක් ක...
31/07/2025

බුද්ධිමත් වානරයා

අප්‍රිකානු කලාපයේ වනාන්තර වල වෙසෙන තරමක් විශාල ශරීරයක් හිමි වානර විශේෂයක් වෙන බැබුන් (Baboon) සත්වයෙක් කුඩා සිංහ පැටවෙක්ව කටින් ඩැහැගෙන සිටින මේ ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානය තුළදීයි.

බිළාල කුලයට අයිති මාංශභක්ෂකයන් වන සිංහයින් විසින් මෙම බැබුන් වානරයන්ව ගොදුරු කරගන්නා අතර අවස්ථාවක් ලැබුණු විට බැබුන් වානරයෝ කුඩා සිංහ පැටවුන්ව පැහැරගෙන ගස් උඩට ගෙනගොස් මරා දැමීම සිදුකරනවා.
ඒ අනාගතයේ දිනක මේ කුඩා සිංහ පැටවුන් විශාල සිංහයන් බවට පත්ව තමන්ව ගොදුරු කරගන්නා බවට මේ බැබුන් වානරයින්ට වැටහීමක් තිබෙන නිසා බවයි සත්ත්වවේදීන් පවසන්නේ...
උපුටාගැනීමකි

සෞදියේ  "නිදන කුමරා" Sleeping Prince ලෙස නම් දැරූ අල්වලීද් බින් ඛාලිද් කුමරා වසර 20ක් පුරා කෝමා තත්ත්වයේ ප්‍රථිකාර ලබමින...
20/07/2025

සෞදියේ "නිදන කුමරා" Sleeping Prince ලෙස නම් දැරූ අල්වලීද් බින් ඛාලිද් කුමරා වසර 20ක් පුරා කෝමා තත්ත්වයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය බව දැනුම් දී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 36 කි.

ඔහුගේ මරණය පිළිබඳ නිවේදනය ඊයේ (19) දිනයේ ඔහුගේ පියා වන කලීද් බින් තලාල් කුමරු විසින් සිදු කරන ලදී.

අවමංගල්‍යය අද (20) රියාද් නුවර ඉමාම් ටර්කි බින් අබ්දුල්ලා පල්ලියේ දී සිදු කිරීමට නියමිතය.

1990 අප්‍රේල් මස උපත ලද අල්වලීද් කුමරු, කලීද් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, ප්‍රකෝටිපති ව්‍යාපාරික අල්වලීද් බින් තලාල් කුමරුගේ බෑණනුවන් ද විය.

පසුගිය අප්‍රේල් 18 වනදා ඔහුගේ 36 වැනි උපන්දිනය බව සඳහන් වේ.

2005 වසරේ ලන්ඩනයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පසු කෝමා තත්ත්වයට පත්වී දශක දෙකක් පුරා මෙලෙස කෝමා තත්ත්වයෙන් සිටියේය.

මෙම අනතුර සිදුවන විට අල්වලීද් කුමරාට වයස අවුරුද 15ක් වූ අතර ඔහු ඒ වන විට එක්සත් රාජධානියේ හමුදා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිට තිබේ.

මෙම අනතුරෙන් කුමරාගේ මොළයට බරපතළ තුවාල සිදුවී අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇත.

එබැවින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත්, පසුව ඔහුව සෞදියේ රියාද් නුවර පිහිටි කිං අබ්දුල් අසීස් රෝහලට ගෙනවිත් ඊයේ දිනයේ ඔහු මියයන තුරුම වසර 20ක් පුරා නිරන්තර වෛද්‍ය අධීක්ෂණය යටතේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක මත ප්‍රථිකාර ලබමින් සිට තිබුණි.

ඒ අනුව ඔහුව "Sleeping Prince" ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.

අල්වලීද් කුමරු බොහෝ දුරට කෝමා තත්ත්වයේ සිටි නමුත් ඉඳහිට සියුම් චලන දැක්වූ බව සඳහන් වේ.

2019 වසරේදී එනම් අනතුරට මුහුණ දී කෝමා තත්ත්වයට පත්වීමෙන් වසර 14කට පසු ඔහු එක් අතක ඇඟිලි ඉහළට ඔසවා චලනය කළ වීඩියෝවක් දැකගත හැකි විය.

ඔහුගේ පියා වන කලීද් කුමරු කිසිවිටෙකත් සිය පුත් කුමරුගේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක ඉවත් කිරීමට එකඟ වී නොමැති බව සඳහන් වේ.

ඔහු පවසා ඇත්තේ මරණය සිදුවන මොහොත තීරණය කරන්නේ දෙවියන් වහන්සේ පමණක් බවය.

කොල්ලෙක් මිනිහෙක් වෙන තැනදි තේරෙනව ජීවතේ විඳින්න තියා පණපිටිං දිගටම ඉන්නව කියන්නෙම ප්‍රශ්න ගොඩක එකතුවක් කියල.තාත්ත කියන්...
18/07/2025

කොල්ලෙක් මිනිහෙක් වෙන තැනදි තේරෙනව ජීවතේ විඳින්න තියා පණපිටිං දිගටම ඉන්නව කියන්නෙම ප්‍රශ්න ගොඩක එකතුවක් කියල.

තාත්ත කියන්නෙත් කාලෙක ඒ වගේම ප්‍රශ්න ගොඩකට පැටලුණ කොල්ලෙක් “සමහරවිට” අපිට තරම්වත් දැනුමක් ආදායමක් අධ්‍යාපනයක් නැතුව 💁🏻‍♂️
🫂

රණවිරුවන් 1500ක් මහපොලව යට සැතපූ මුලතිව් සටනට අදට වසර 29යි...!!-----------------------මුලතිව් යුදහමුදා කඳවුර ශ්‍රී ලංකා ...
18/07/2025

රණවිරුවන් 1500ක් මහපොලව යට සැතපූ මුලතිව් සටනට අදට වසර 29යි...!!
-----------------------

මුලතිව් යුදහමුදා කඳවුර ශ්‍රී ලංකා හමුදාවෙන් ගිලිහී ගියේ 1996 ජූලි මාසයේදීය. මෙම කඳවුර ඇදවැටීම හමුදාවට විශාල හානියක් වූයේ එය සේනාංක මූලස්ථානයක්ද වීම නිසාය. කඳවුර මුදා ගැනීම සඳහා විශේෂ බළකා සෙබළුන් ගුවනින් ගොඩ බැස්සවීමට දරණ ලද උත්සාහය ද ව්‍යර්ථ වූයේ ඒවනවිට සමස්ත කඳවුරමක කොටි සංවිධානය අත්පත් කරගෙන සිටි බැවිනි.විශේෂ බළකා සෙබළුන් ගුවන් හමුදාව සහ නාවික හමුදාව සමග එක්ව කළ වික්‍රමාන්විත මෙහෙයුම කෙටියෙන් මෙමඟින් විස්තර කෙරේ.

1994 සිට බල සේනා මූලස්ථානය බවට පත්වුණු මුලතිව් යුධ හමුදා කඳවුර ඒ වනවිට යුධ නාවික හා පොලිස් භටයින් 1500ක් පමණ පිරිසක් රඳවා සිටියේය.නාවික හමුදා රේඩාර් මධ්‍යස්ථානයක්ද මෙහි ස්ථානගත කොට තිබිණි.පොලිස් කණ්ඩායම් සිටියේ පරිපාලන කටයුතු සඳහා සහය ලබාදීමට ය.

ත්‍රස්තවාදීන්ගේ බලකොටුව වූ යාපනය අර්ධද්වීපයට රිවිරැස මෙහෙයුම හරහා මේ වන විට හමුදාව අතට පත්වීම කොටි නායක ප්‍රභාකරන්ට දරාගත නොහැකි කාරණයක් විය. මේ නිසා තමන්ට වූ පාඩුව පිරිමසා ගැනීමට කොටි නායකයන්ට අවශ්‍යවිය.මුලතිව් කදවුරේ ස්ථාන ගතකර තිබූ කාලතුවක්කු පැහැරගැනීම ප්‍රභාකරන්ගේ මූලික අරමුණ විය.

ඒ අනුව ප්‍රභාකරන් ඊට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කළේය දිනය 1996 ජූලි 18 වන බදාදා ය. අළුයම 1ට පමණ අඳුර මැදින් මුලිතිව් වෙරළ රත් පැහැ ගන්වමින් දරුණු වෙඩි වරුසාවක් සමග LTTE ත්‍රස්තවාදීන්ගේ මුහුදු කොටි බළකාය මුලතිව් යුධ හමුදා කඳවුර වෙත කඩා පැන්නේය. මරාගෙන මැරෙන කළු කොටි මුලතිව් මුහුදු වෙරළ හරහා පැමිණ කඳවුරට කඩා වැදී බංකර තුලට පැන බෝම්බ පුපුරුවා ගත්තේ එහිතුල සිටි සෙබළුන්ද සමගය.හතර වටින්ම මුලතිව් කඳවුර වටකර පහර දෙන්නට වූයේ නිමේෂයකිනි.

මෙම ප්‍රහාරය එල්ල වන විට බලසේනාධිපති ලෙස කටයුතු කළ කරන කල කර්නල් ලෝරන්ස් ෆර්නැන්ඩු රාජකාරි කටයුත්තක් සඳහා කොළඹ බලා පිටත්ව ගොස් සිටියේය
කඳවුරේ උතුරු කොටස ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණේ 9වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී වූ ලුතිනන් කර්නල් ගුණරත්න හටය. ඔහුද පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා නිවාඩු ලබා සිටියේය .එහි කටයුතු සිදුකරනු ලැබූයේ දෙවන අණදෙන නිලධාරී මේජර් හිරාන් දබරේරා විසින්ය.

කඳවුරේ දකුණු කොටස ආරක්ෂා කිරීම පැවරුණේ වැඩ බලන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ මේජර් අලිබා ගේ නායකත්වයෙන් යුත් හයවන විජයබාහු රෙජිමේන්තුවටය .

පන්දහසක පමණ කොටි පිරිසක් කඳවුර වටකරගෙන පහර දුන්හ.නොසිතූ මොහොතක එල්ල වූ දරුණු ප්‍රහාරය හමුවේ සෙබළුන් වික්ෂිප්ත වූහ. ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින් ආරක්ෂක වළලු බිඳගෙන කඳවුර තුළට ඇතුළුවීම නවතා ගැනීම අසීරු විය.කඳවුරේ සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ මේජර් අලිබා පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් කුරුණෑගල බෝයගනේ වූ තම රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සබඳතා තබා ගනිමින් ආධාර ඉල්ලා සිටියේය.

කඳවුරට උතුරින් හා දකුණින් ආරක්ෂක වළල්ල කඩාගෙන කොටින් ඇතුලූ වූ වී සිටියේය.මෙවැනි ප්‍රහාරයක් සඳහා ඉහළ නිලධාරීන්ගේ සූදානමක් නොවූයෙන් කඳවුරේ ආරක්ෂක වළලු කඩාගෙන පැමිණි ත්‍රස්තවාදීන්ට මිමි 122 කාලතුවක්කු දෙකද අත්පත් කරගැනීමට හැකිවිය.

'මුලතිව් කඳවුරට ප්‍රහාරයක් එල්ල වෙනවා වහාම කඳවුරට වාර්තා කරන්නැයි' ජූලි 18 දා පාන්දර 3.00ට පමණ මින්නේරිය කඳවුරේ සිටි බළගණ නායක කපිල වනිගසූරියට ලැබුන දැනුම්දීමක් මත ත්‍රිකුණාමල චීනවරාය ගුවන් හමුදා කඳවුර බලා පැමිණියේ සටන් පෙරමුණට යාමටය. ඒ වන විටත් චීනවරාය කඳවුරට තවත් ප්‍රහාරක යානා කිහිපයක් ගෙන්වාගෙන තිබුණේය.

මුලතිව් කඳවුරේ තත්ත්වය දරුණු වූයෙන් වහාම ප්‍රහාරක යානා මුලතිව් බලා පියාසර කළේය. කොටින්ට නොදැනෙන්නට ඝණ කැලෑවේ ගස්වල ගෑවෙන නොගෑවෙන මට්ටමින් හා මුහුදු වෙරළ ඔස්සේ පැමිණ සතුරු ඉලක්ක සොයා පහර දෙන්නට වූයෙන් මුලිතිව් කඳවුරේ සෙබළුන්ට එය මහත් අස්වැසිල්ලක් විය. මේ වනවිටත් මුහුදු කොටින්ගේ ග්‍රහණයේ තිබූ මුලතිව් මුහුදු තීරයේ කොටි යාත්‍රා, ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් පුපුරුවා හැරීමටද ගුවන් හමුදා නියමුවන් සමත් වූහ.

බ්‍රිගේඩියර් ජානක පෙරේරා හා එවකට කමාන්ඩෝ හා විශේෂ බළකා භාරව සිටි ස්වාධීන බළසේනාධිපති බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු මුලතිව්වලට කාලතුවක්කු සහාය මෙන්ම ගුවනින් හා මුහුදින් භට පිරිස් යැවීමට සැලසුම් කළේය. එම සැලසුම් ක්‍රියාත්මක වන්නටත් පෙර ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් මුලතිව් යාමට තීරණය කළේ මුලතිව්වල ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත සහෝදර සෙබළුන්ට දිරිය දෙන්නටය.

MI17 හෙලිකොප්ටර් හයක නැගුණු ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් ඇතුළු පළමුවැනි විශේෂ බළකා භට කණ්ඩායම් උදෑසන අට පමණ වනවිට ත්‍රිකුණාමල, චීනවරාය ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන එනු ලැබූහ. ගුවන් පථයේ දී බළඇණිය යළි ‍පෝලිම් කර ඉදිරි මෙහෙයුම සඳහා දැනුවත් කරන්නට සෙසු නිලධාරීන්ට භාර දී ලුතිනන් කර්නල් ලෆීර් එම කඳවුරේ පැවැති හමුදා ප්‍රධානීන්ගේ සාකච්ඡාවට එක්විය.ගුවන් හමුදා මෙහෙයුම් මැදිරියට එක් වූ හමුදා ප්‍රධානීන් ඉදිරි සැලසුම් ගැන උපදෙස් දෙමින් විශේෂ බළකාය සටන්බිමට යද්දී කාලතුවක්කු සහායත්, සහායට පාබළ සේනාංකත් එවන බවට ‍පොරොන්දු විය.

මුලතිව් බලා යන මුල්ම කණ්ඩායම සමග යාමට කර්නල් ලෆීර් ද එක්විය. බලඇණියේ අණදෙන නිලධාරියා සටන් පෙරමුණට යාම නිර්භීත නිලධාරින්ට පමණක් උරුම වූ දෙයකි.ගොල්ෆ් හා චාලි බලඝන දෙක සමග ඉර බැස යන මොහොතේ (Last Fight) උපක්‍රමික ලෙස අලම්පීල්වලට ගොඩබැසීමට සැලසුම විය. බලපන්ති ලුතිනන් ශිරාන් පෙරේරා ඇතුළු ගුවන් නියමුවෝ අභියෝගාත්මක ගුවන් මෙහෙයුමට දායක වූහ.මෙවර මුලතිව්වලට කිලෝමීටර් හතරක් දකුණින් අලම්පිල් වෙරළ තීරයට යාමට ගුවන් නියමුවන්ට පැවරිණි.

සවස 4.30ට ත්‍රිකුණාමලයෙන් ඉහළට නැංවුණු MI17 හෙලිකොප්ටර් යානා හයක 30 බගින් වූ විශේෂ බලකා සෙබළුන් හා මුලතිව් කදවුරේ *අණදෙන නිලධාරීන් දෙදෙනාද විනාඩි හතළිහක් පමණ ඇතුළත අලම්පිල් බලා ළඟාවූහ. කර්නල් ලෆීර් හා මේජර් රත්නායක දෙවැනි හෙලිකොප්ටරයේ වූහ.MI17 හෙලිකොප්ටරයක සෙබළු තිස්පහක් රැගෙන ගිය අතර හෙලිකොප්ටරය ‍පොළොව ආසන්නයට ළංවත්ම තප්පර විසිඑකකට කලින් සියලු දෙනා බැසගැනීමට පුරුදු කර තිබිණි.

විශේෂ බළකා සෙබළුන් ගුවන්ගත වෙනවාත් සමඟම MI24 ප්‍රහාරක ගුවන් යානා සහ මිග් යානා ගමන් ගත් අතර ත්‍රස්තයන්ට ප්‍රහාරදීම ආරම්භ කළහ. එසේ පහරදෙන අතරතුර විශේෂ බළකා සෙබළු රැගෙන ගිය හෙලිකොප්ටර් මුහුදු තීරයට පහත් කරන්නට විය. ඒ දෙසටද සතුරා වෙඩි තියන්නට වූවේය.

මුලතිව් වෙත ළඟා වෙද්දී කඳවුරෙන් නැගෙන වෙඩි හඬත්, අහසට නැගෙන කළු දුමාරයත් හැර වෙන කිසිවක් ගුවන් නියමුවන්ට දැකගත නොහැකි විය. මුලතිව් මහ වනාන්තරයට ඉහළින් වට කිහිපයක් ගිය ශිරාන්ට කඳවුරේ දකුණින් වූ වැලි තලාවක් සහිත තැනක් නිරීක්ෂණය විය. වහාම සිය හෙලිකොප්ටරය පහත් කරනවාත් සමග නියමුවාට වෙනසක් තේරිණි. මුහුදු වැල්‍ලේ වළවල් කපාගෙන සිටි කොටින්ගේ ෆයිව් සීරෝ අවි ඇටවූ තිප්‍පොළක් මතට යානය පහත්කර ඇතැයි පසක් වනවිටත් යානයට වෙඩි තබන්නට අර අඳින කොටි ත්‍රස්තයාගේ හිස මතට යානය පහත්කර යටකර මරාදමා යානයේ අවර පෙතිවලින් වැලි කුණාටුවක් මෙන් ඇවිස්සෙන තෙක් ළං කළේය. සිනිඳු වැලි තලාව වැලි කුණාටුවක් මෙන් කොටි ත්‍රස්තයන්ගේ දෑස් වැසෙන තරමට වැලි ඉහළට නගිද්දීත් ත්‍රස්තයන් හතර වටේට වෙඩි තබන්නට වූහ.

එහි දී යානයේ කෙළවරක සිටි කෝප්‍රල් ලන්දේකුඹුරගේ අත පසාරු කරගෙන ⁣ත්‍රස්තවාදීන්ගේ වෙඩි උන්ඩ පියාබා යද්දී එයින් කුපිත වී ගොඩබිමට පැනගත් කෝප්‍රල් මංජුල සෝමසිරි ඇතුළු දෙදෙනකු කොටි ත්‍රස්තයන් එකිනෙකා මරා දමමින් කොටි සතු ෆයිව් සීරෝ අවියක් ද සටන්බිමට ගොඩබට වහාම අත්පත් කරගෙන එයින්ම සතුරාට පහරදුන්හ.තත්පර ගණනක් ඇතුළත සියල්ලම සිදු වූ අතර හෙලිකොප්ටර් යානා දෙකක පැමිණ භට කණ්ඩායම් හා අණදෙන නිලධාරියාට පමණක් ගොඩබසින්නට හැකි විය. කොටි ත්‍රස්තයන් පවා නොසිතූ මොහොතක සටන් බිමට විශේෂ බළකා භට පිරිස් ගොඩබැසගත් අතර සෙසු හෙලිකොප්ටර් හතරේ සෙබළුන් ත්‍රස්ත ප්‍රහාර නිසා ගොඩබැස්සවීමට නොහැකි වූ බැවින් යළිත් ත්‍රිකුණාමලය බලා පියාසර කළේය.

ත්‍රිකුණාමලය බලා ගිය හෙලිකොප්ටර් යළිත් විශේෂ බළකායේ ඉතිරි භට කණ්ඩායම් රැගෙන යළිත් ගුවනට නැගුණේ ඝන අඳුරේය. එම පිරිසට කපිතාන් නාලක ද සිල්වා, කපිතාන් ස්ටැන්ලි සිරිමාන්න ඇතුළු කණ්ඩායම ද අයත් වූහ. එම හෙලිකොප්ටර් මුලතිව් කැලෑවේ ගස්වල ගැටෙන නොගැටෙන මට්ටමට ගොස් වෙරළ තීරයට ළං වූයේ රාත්‍රි 1.00ට පමණය.

මුලතිව් කඳවුරට කිලෝමීටර් තුනක් පමණ දකුණට වන්නට මෙම පිරිස ගොඩබැස්සවීමට සූදානම් වෙද්දී යළිත් කොටින්ගේ ෆයිව් සීරෝ වෙඩි උණ්ඩ හතර වටේට නිකුත් වන්නට වූයේය.තප්පර ගණනක් ඇතුළත යළි හෙලිකොප්ටර් පහෙන් ආ සෙබළුන් හා නිලධාරීන් තැන් කිහිපයකට ආරක්ෂිතව ගොඩබැස්සවූ අතර එක් හෙලිකොප්ටරයකින් මීටර් දහයක් පමණ උඩ දී කොටසක් පැනගත් අතර කපිතාන් නාලක ද සිල්වා ඇතුළු පහළොවක් හෙලිකොප්ටරයේ තබාගෙන යළිත් හෙලිකොප්ටරය ඉහළට නැංවිණ.

1996 ජූලි 19 දින, කඳවුරට ආසන්නයේ උස්බිමක පරණ ලිදක් අසල වතුර ටැංකියේ ජෙනරේටරය තැබිමට වූ අඩි හතරක පමණ කොටසේ ඒ වනවිටත් කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දුගේ සංඥා භාර නිලධාරි කපිතාන් නිහාල් එතැන සිට පණිවුඩ හුවාමරු කර ගනිමින් සිටියේය.එම සංඥා නිලධාරියා උපයෝගී කරගෙන ඉදිරි සටන් බිමට කාලතුවක්කු සහාය ගැනීම කර්නල් ලෆීර්ගේ සැලසුම විය.කර්නල් ලෆීර් වතුර ටැංකිය යටට ගොස් මේ සෙට් එකෙන් මට වැලිඔයට කතා කරන්න පුළුවන්ද කියා විමසද්දී කපිතාන්වරයා තම මූලස්ථානය හරහා වැලිඔය කඳවුරට සම්බන්ධ කර දෙන්නට කටයුතු කළේය.

වැලිඔය සිට අණදෙන බ්‍රිගේඩියර් ජානක පෙරේරා ලවා හැකි ඉක්මනින් කාලතුවක්කු සහායත් පණිවුඩ හුවාමරු සක්‍රීය කරවා ගැනීමත් කර්නල් ලෆීර්ගේ අරමුණ විය.
“ළමයා මම කර්නල් ලෆීර්” කියා වැලිඔය කඳවුරේ පණිවුඩ හුවමාරු යන්ත්‍රය හා සම්බන්ධ වෙත්ම මිලිමීටර් 60 වර්ගයේ මෝටර් උණ්ඩයක් පුපුරා ගියේ පළාතම වැලිවලින් වසා ගනිමිනි.පුපුරා ගිය මෝටාර් බෝම්බයේ කැබැල්ලක් කර්නල් ලෆීර් ගේ මුහුනේ වැදී බරපතළ තුවාල සිදුවූ අතර ස්වල්ප වේලාවකින් ඔහුගේ අවසන් හුස්ම පොද ලක් දෙර⁣ණේ වාතලයට මුසු ⁣විය.

විශේෂ බලකා භටපිරිස් වලට එල්ල වූ ප්‍රහාර එන්න එන්නම දරුණු වූයෙන් ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වූ දෙවන විශේෂ බලකා අඅණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රාජ් විජේසිරි හැටක පමණ සෙබළුන් පිරිසක් රැගෙන MI17 හෙලිකොප්ටර් දෙකක නැගී සටන් බිමට පිවිසුණාය.ගොඩ බැස ගත් මෙම පිරිස ද කොටින්ගේ දරුණු ප්‍රහාරයකට ලක්වූ අතර එම ප්‍රහාරවලින් කර්නල් රාජ් විජේසිරි තුවාල ලැබීය.

මේ ආකාරයටම යුද්ධය මෙහෙයවමින් සිටි 2වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරියා වූ කර්නල් රාජ් විජේසිරි ද ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූවේය. ඔහුගේ පපුවම ත්‍රස්තයාගේ ඉලක්කය වූ අතර එය දරුණු ප්‍රහාරයක් විය.
ලෙෆ්ටිනන් මහින්ද රණසිංහ සහ ලෙෆ්ටිනන් ඊරියගමට නැවතත් 2වැනි විශේෂ බළකා සෙබළුන්ගේ මානසික තත්ත්වය ගොඩ නගමින් සටනට මුහුණදීමේ කටයුතු සැලසුම් කරන්නට සිදුවිය. ඒ වනවිටත් රාත්‍රිය උදාවෙමින් තිබූ අතර විශේෂ බළකා සෙබළුන්ට සමීපවීමට තිබුණේ කිලෝමීටරයක පමණ ප්‍රමාණයකි.

එහෙත් කර්නල් රාජ් විජේසිරිට වෙඩි වැදීමෙන් පසු ඔවුන් මඳ වේලාවක් නිහඬවී වෙරළ ආසන්නයට ගොස් තුවාල ලත් සෙබළුන්ට ප්‍රතිකාර කරමින් රැය පහන් කරන්නට වූහ.
කර්නල් ලෆීර්ගේ මරණයත්, කර්නල් රාජ් විජේසිරිගේ තුවාල වීමත් විශේෂ බළකා සෙබළුන්ට සුවිශාල පාඩුවක් වූ අතර ඒ වනවිට විශේෂ බළකා පුහුණු පාසලේ අණදෙන නිලධාරියාව සිටි මේජර් ප්‍රසන්න සිල්වා ස්වේච්ඡාවෙන්ම යුද පිටියට පැමිණීම භාර ගත්තේය.

කර්නල් රාජ් විජේසිරි රැගෙන යාමට එන හෙලිකොප්ටරයට ගොඩනැගුණු මේජර් ප්‍රසන්න සිල්වා මුලතිව් සටන් භූමියට සම්ප්‍රාප්ත වූවේය.රාත්‍රි අඳුරේම මුලතිව් මුහුදු තීරයට බලපන්ති ලුතිනන් දුෂ්‍යාන්ත හෙට්ටිආරච්චි පැදවූ ගුවන් යානාව ගොඩ බැස්සවූවේය. ඒ වනවිටත් තුවාලවලින් බඩට ලේ බහිමින් සිටි රාජ් විජේසිරි දුර්වල තත්ත්වයේ පසුවූ අතර මේජර් ප්‍රසන්න සිල්වාගේ පැමිණීම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හේතු වූවේය.

LTTE ත්‍රස්තයන්ගේ නොමඟ යැවීමේ විදුලි සංඥාවලට සාර්ථකව මුහුණ දුන් ගුවන් නියමුවා මෝටාර් ප්‍රහාර මධ්‍යයේ ක්ෂණිකවම හෙලිකොප්ටර් යානය ගොඩබස්වා කර්නල් රාජ් විජේසිරි ඇතුළු අනතුරට ලක්වූ සෙබළුන් රැගෙන යළි ගුවන් ගත වූවේය.

"මමත් තව දෙසීයක් විතර භට පිරිසක් කඳවුර අල්ලාගෙන සිටිනවා.පිටින් ආධාර නාවොත් ඒ අයත් විනාශ වෙන්න පුළුවන්" මේජර් අලිබා දිගින් දිගටම පණිවිඩ හුවමාරු යන්ත්‍රය හරහා කතා කරමින් දන්වා සිටියේය. එය මුලතිව් කඳවුරෙන් එවන ලද අවසාන පණිවිඩය විය.

මේජර් ප්‍රසන්න සිල්වා සමඟ එකතු වීමට විශේෂ බළකායේ ධාවන පැදි බළගණයේ කැප්ටන් උදය ප්‍රියන්ත නිලමේ සහ කැප්ටන් මානව යහම්පත් ඇතුළු පිරිසක් නාවික හමුදා LCM යාත්‍රාවකින් පැමිණ මුලතිව් සටනට සම්බන්ධ වූහ.නාවික හමුදා සෙබළුන් විශේෂ බළකා සෙබළුන් රැගත් යාත්‍රාවෙන් වෙරළට ළඟාවෙද්දී LTTE මරාගෙන මැරෙන බෝට්ටු විශාල තර්ජනයක් වූවේය.LCM යාත්‍රාවන්ට ආරක්ෂාව සැපයූ රණවිරු නෞකාව එහි සිටි නාවික හමුදා සෙබළුන් 35 දෙනෙකු සමග LTTE ත්‍රස්තයන් අතින් විනාශ වූ අතර LCM යාත්‍රාව බේරා ගැනීම විශාල සටනක් කිරීමට සිදුවිය.
( මේ පිළිබඳව විස්තර කෙරෙන ලිපියක් කලින් පලකර ඇත )

එබැවින් මේජර් හරේන්ද්‍ර රණසිංහයන් එකෝ බළගණය සහ හොටෙල් බළගණය දෙපැත්තක සිට LTTE මරාගෙන මැරෙන බෝට්ටුවලට පහරදීම සඳහා මෙහෙයවූවේය. ඔහුගේ කාර්යභාරය සාර්ථක විය.LCM යාත්‍රාවට පහරදීමට LTTE යාත්‍රා රාශියක් පැමිණි අතර මරාගෙන මැරෙන කුඩා බෝට්ටුවක්ද ඒ අතර විය. මීටර් 50 පමණ දුරක තිබියදී එම කුඩා බෝට්ටුව විනාශ කිරීමට නාවික හමුදා සෙබළුන් සමත්වූ අතර ඒ LCM යාත්‍රාවේ පැමිණි 300ක පමණ සෙබළුන්ගේ ජීවිත බේරුණි.

මේ අතරතුර පළමුවන විශේෂ බලකා බලඇණියේ සිට නිවාඩු ගොස් සිටි කපිතාන් සිරිමාන්න ඇතුළු පිරිසක් පතරොම් සහ අවශ්‍ය උපකරණ රැගෙන හෙලිකොප්ටරයකින් පැමිණ තම සගයන් අතරට බැස ගත්තේය.ඒ සමගම තම ආරක්ෂක භටයින් විස්සක් පමණ එක් කරගත් *බලසේනාධිපති වරයා සිරිමාන්න පැමිණි හෙලිකොප්ටරයේ නැගී තමනුත් තුවාල ලබා ඇතිබව පවසා එතැනින් පලා ගියේය.රොහල් ගතකර පරීක්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනාගේ සිරුරුවල කිසිදු තුවාලයක් නොතිබූ බව වාර්තා විය.

ජූලි 19වන දින දහවල් වනවිට මුලතිව් කඳවුරේ ප්‍රධාන රේඩියෝ සංඥා කුළුණටද ත්‍රස්තවාදීන් පහරදී විනාශ කළේය.ඒ හමුදා සෙබළුන්ගේ සහයට අතිරේක බල ඇණි පැමිණීම වලකාලීම මෙහි අරමුණ විය.මේ මොහොත වනවිට මුලතිව් කඳවුරේ සහයට ගිය විශේෂ බලකායේ සෙබළුන් පිටතින් කිසිදු සහයක් නොමැතිව කොටින්ගේ දරුණු ප්‍රහාරයන්ට ලක්ව සිටියේය.විශේෂ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් ඇතුළු විශේෂ බලකායේ සෙබළුන් 36 දෙනෙකු මෙහිදී මරණයට පත්ව සිටියහ .

මේ අතර මේජර් ජයන්ත රත්නායක අත තිබූ ත්‍රස්තවාදීන්ගෙන් අත්පත්කරගත් ගුවන් පණිවුඩ යන්ත්‍රයකට සවන්දීමෙන් ඉතා වටිනා තොරතුරු රැසක් අනාවරණය කර කරගැනීමට හැකි විය.එදින රාත්‍රියේ එතරම් තර්ජනයක් නොතිබූ හෙයින් පසුදින උදෑසන ජයන්ත රත්නායක සමඟ සිටි පළවන විශේෂ බලකායේ භට පිරිස් සහ ii විශේෂ බලකායේ භට පිරිස් එකට එකතු වූහ.මෙහිදී මුහුදෙන් පැමිණෙන ආධාරක භට පිරිස් වලට ගොඩ බැසීම සඳහා මුහුදු වෙරළ ආරක්ෂා කිරීමට ඔවුන් කටයුතු කරන ලදී.

බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු සමඟ භට පිරිස් ත්‍රස්තවාදී ප්‍රහාර මධ්‍යයේ ගොඩබැස විශේෂ බලකායේ භට පිරිස් සමග එකතු වීමඅනුව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු සමඟ භට පිරිස් අති විශාල ත්‍රස්තවාදී ප්‍රහාර මධ්‍යයේ ගොඩබැස විශේෂ බලකායේ භට පිරිස් සමග එකතුවීම 23 දින දිවා කාලයේදී සිදුවිය.ඒ අනුව පසුදින එනම් 24 වන දින මුලතිව් කඳවුරට යාම සඳහා පිටත්වන ලෙස ඔවුන්ට මේජර් ජෙනරාල් ජානක පෙරේරා ගෙන් උපදෙස්අනුව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු සමඟ භට පිරිස් අති විශාල ත්‍රස්තවාදී ප්‍රහාර මධ්‍යයේ ගොඩබැස විශේෂ බලකායේ භට පිරිස් සමග එකතුවීම 23 දින දිවා කාලයේදී සිදුවිය පසුදින එනම් 24 වන දින මුලතිව් කඳවුරට යාම සඳහා පිටත්වන ලෙස ඔවුන්ට මේජර් ජෙනරාල් ජානක පෙරේරා ගෙන් උපදෙස් උපදෙස් ලැබුනේ ය. එම උපදෙස් එසේම ක්‍රියාත්මක විය.

එහෙත් ත්‍රස්තවාදීන්ගේ ගුවන්විදුලි පණිවුඩ වලට සවන් දීමෙන් අනතුරුව මුලතිව් හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදීන් අත්පත් කරගෙන අවසන් බව තහවුරු විය.ඒ දෙසට යාමේදී ත්‍රස්තවාදී ප්‍රහාර වලින් තව තවත් සෙබළුන් මිය යාමත් තුවාල වීමත් සිදුවිය හැකි බැවින් එම ගමනනවතා දමන ලද අතර එදින රාත්‍රියේ දී පැවති සාකච්ඡාවෙන් පසු සියලුම බට පිරිස් නැවත ගෙන්වා ගැනීමට තීරණය විය.

මෙහිදී අනෙක් භට පිරිස් වලට LCM යාත්‍රාවන්ට ගොඩ නැගීමට ඉඩ ලබාදීම සඳහා උතුරු දිශාව ආවරණය කරමින් විශේෂ බලකා භට පිරිස් අතරින් කුඩා කණ්ඩායම් තුනක් ලුතිනන් සංජීව හොරවලවිතාණ, ලුතිනන් එරන්ද රත්නායක හා කපිතාන් මානද යහම්පත් යන නිලධාරීන්ගේ මෙහෙය වීම යටතේ ඉතා දරුණු සටනක නියැලුණු අතර ත්‍රස්තවාදීන් වෙරළ තීරයට එම ප්‍රමාධ කලේය.මෙම කුඩා කණ්ඩායම් තුන සතුරා සමඟ අභීතව සටන් කරද්දී අනෙක් භටපිරිස් LCM යාත්‍රාවලට ගොඩවීම සඳහා ක්‍රියාත්මක විය .

නාවික හමුදාවේ LCM යාත්‍රා දෙකක් LTTE මුහුදු කොටි යාත්‍රා වලින් එල්ල කරන ප්‍රහාර මධ්‍යයේ ⁣නාවිගක හමුදා ඩෝරා ප්‍රහාරක යාත්‍රා වලින් එල්ල කරන ආවරණ වෙඩි ප්‍රහාරයෙන් වෙරළට පැමිණි ඉතිරි භට පිරිස් නංවා ලදී. මේ සඳහා පැමිණි LCM යාත්‍රා දෙකට භට පිරිස් ගොඩවීමේදී කමාන්ඩෝ සහ හත්වන ගැමුණු භට පිරිස් දකුණින් පැමිණි යාත්‍රාවටත් ,විශේෂ බලකාය සහ vi පාබල බලඇණ⁣යේ සෙබළුන් උතුරට පැමිණි LCM යාත්‍රාවටත් ඉතාම දුෂ්කර තත්ත්වයන් සහ දරුණු සතුරු ප්‍රහාර මධ්‍යයේ ගොඩ වූහ .

මෙහිදී සෙබළුන් පිරිසකට නාවික හමුදා යාත්‍රා වලට ගොඩනැගීමට නොහැකි වූ අතර ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි අද දක්වාම දැනගැනීමට නැත.තවත් සමහරෙක් සතුරු ප්‍රහාර මධ්‍යයේ අවි සහ පතුරම් සමග මුහුදට බැස නාවික යාත්‍රා වලට නැගවලට නැගීමට දරන ලද උත්සාහයේ දී මුහුදේ ගිලී මියගියහ. මේ සමඟම මුලතිව් කඳවුරත්,එය බේරා ගැනීමට කරන ලද උත්සාහයේත් අවසානය සනිටුහන් විය.

මේ ආකාරයට ජූලි 18 සිට 26 දක්වා මුලතිව් හි පැවැති දරුණු සටනින් යුද පිටියේ අභීත සෙන්පතියකුවූ කර්නල් ලෆීර් ඇතුළු විශේෂ බළකා සෙබළුන් 35 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතයෙන් සමුගත් අතර කර්නල් රාජ් විජේසිරි ඇතුළු 100 ට අධික වි⁣ශේෂ බලකා භට පිරිසක් තුවාල ලැබූහ. එසේම ඒ වනවිටත් මුලතිව් කඳවුරේ සිටි 1400ට වැඩි පිරිස සටනේදී මියගොස් හෝ පසුව ඝාතනය කර දමා හෝ තිබුනි.

මෙම සටනේදීමිය ගිය තවත් 800කට අධික සෙබලුන් පිරිසකගේ මළසිරුරු කිලිනොච්චියේදී ප්‍රදර්ශනය කිරීමෙන් පසු ,දිසාපති වරයා විසින් රතුකුරුස සංවිධානය හා එක්ව වළ දැමූ බව කියැවේ.

මිමි 122 කාලතුවක්කු අවි දෙකක් සමග එම උණ්ඩ 610ක්,මිමි 120 මෝටාර් අවි 4ක් හා උණ්ඩ 377ක්.සන්නද්ධ රථ , වෙනත් අවි ආයුධ ඇතුළු රුපියල් කෝටි ගණනක අවි ආයුධ හා නාවික හමුදාව සතු රේඩාර් යන්ත්‍රයක්ද කොටි මෙහි දී පැහැර ගත්ත. ඉතිහාසයේ නොවූ විරූ අන්දමේ පරාජයක් ශ්‍රී ලංකා හමුදාවට අත් වූවා පමණක් නොව, ඊලාම් යුද්ධයේදී බලසේනා මූලස්ථානයක් කොටි ග්‍රහණයට පත් වූ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක්විය. එමෙන්ම දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුද කඳවුරකට විශාල පහර දීමක් සිදුකර,කඳවුරක් මුළුමනින්ම අත්පත් කර ගත්තේ ද මෙම ප්‍රහාරයෙන් බව එවකට වාර්තා විය.

එවන් වූ වාතාවරණයකදී තම ජීවිතය නොතකා ඉදිරියට ගොස් සිය සහෝදර සෙබළුන් බේරා ගැනීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේ වික්‍රමාන්විතය ප්‍රශංසනීයය.

සටහන: Buddika Dissanayake

(උපුටා ගැනීම් මූලාශ්‍ර : රිවිර ,ලංකාදීප ,Sunday Times පුවත්පත්,TR.Perera, අන්තර්ජාල තොරතුරු)
උපුටා ගැනීමේදී කතෘත්වය සුරකින්න.

Address

Colombo
60620

Website

Alerts

Be the first to know and let us send you an email when Social eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share