27/06/2025
සුවිසල් එයාර්බස් 380 යානයක් අත්ලාන්තික් සාගරය හරහා ගමන් කරමින් තිබුනි. එහි නියමුවාට හදිසියේම ශබ්දයේ වේගය ඉක්මවා යන පහසුකම් සහිත යුරෝෆයිටර් යානයක් ඒ අසලින් පියාසර කරනු දකින විට, ඔහුගේ එයාර් බස් යානය අඩි 30,000 ක උසකින් පැයට කිලෝමීටර 800 ක වේගයෙන් පියාසර කරමින් තිබුණි .
සිය විසල් සහෝදර යානය දුටු ප්‍රහාරක ජෙට් යානයේ නියමුවා වේගය අඩු කලේය. සාපේක්ෂව දීර්ඝ එයාර්බස් යානයට සමාන්තරව ඉදිරියට පියාසර කල ඔහු, ගුවන් විදුලියෙන් මගී ගුවන් යානයේ නියමුවා අමතා, ආචාර කලේය :
"එයාර්බස්, කම්මැලි ගුවන් ගමනක් නේද? වෙනසකටත් එක්ක, දැන් මෙතනින් බලන්න!"
ඔහු තම ජෙට් යානය ධාවනය කරන අතර දක්ෂ ලෙස එහි පිටුපසට පෙරළීය, වේගවත් කලේය , ශබ්ද බාධකය බිඳ දමමින්, වේගයෙන් කරකැවෙන උසකට නැඟී, පසුව විශ්මයජනක කිමිදීමකින් මුහුදු මට්ටමට පාහේ පහළට ඇදුනේය.
අනතුරුව ඔහු නැවත එයාර්බස් යානය අසලට ගොස් එහි නියමුවා වෙතින් .. "හොඳයිද ? ඒක කොහොමද?" යනුවෙන් ඇසීය.
" නියමයි ", "ඉතා ආකර්ෂණීයයි, නමුත් මෙය බලන්න !"
එයාර්බස් නියමුවා පිළිතුරු දුන්නේය.
ජෙට් නියමුවා එයාර් බසය නරඹමින් සිය ජෙට් යානය ඉදිරියට ධාවනය කල නමුත් කිසිවක් සිදු නොවීය.
එය එකම වේගයකින් කෙලින්ම පියාසර කලේය .
මිනිත්තු 15 කට පසු, එයාර්බස් ගුවන් නියමු ගුවන්විදුලිය ඔස්සේ ෆයිටර් ජෙට් නියමුවා අමතා, "හොඳයි, එය කෙසේද? යයි ඇසීය.
ව්‍යාකූලත්වයට පත් වූ ජෙට් ගුවන් නියමුවා "මොකක්ද කළේ?" මා කිසිත් නොදුටුවෙමි ' යි පැවසීය .
"මම නැඟිට, මගේ කකුල් දිගු කර, වැසිකිළිය භාවිතා කිරීමට ගුවන් යානයේ පිටුපසට ඇවිද ගියෙමි, පසුව ප්‍රධාන ගුවන් සේවිකාව හා සුළු කතාබහක යෙදී, කෝපි කෝප්පයක් සහ චොකලට් ෆජ් පේස්ට්‍රි එකක් ආහාරයට ගත්තෙමි අනතුරුව නැවත පැමිණ යානයේ පාලනය මා අතට ගත්තෙමි " .
සිය පියාසැරියේදී අතිශය වේගවත් ගමණකට සැකසූ ෆයිටර් ජෙට් යානයේ කුඩා නියමු කුටියේ සෑම අවස්ථාවකදීම සිර වී පියාසැරියේ යෙදෙන ෆයිටර් ජෙට් නියමුවා නිශ්ශබ්ද වූයේය.
ඔබ තරුණ වියේදී , වේගවත් බව විශිෂ්ට යයි සිතන බව සත්‍යයකි.
නමුත් ඔබ වයසින් හා ප්‍රඥාවන්ත බවින් මුහුකුරා යන විට, වේගවත් බව අඩු වූවත්, ස්ථාවර බව, සැනසීම සහ සාමය වඩාත් වැදගත් බව ඉගෙන ගනු ඇත.
" එබැවින් දඟලන අයට දඟලන්න දී,
ඔබ ඔබේ ගමන ස්ථාවර ලෙස යන්න " .
© Wiraj Nanayakkara