07/10/2026
සැප්තැම්බර් මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා චමරි අතපත්තු නිර්දේශ වේ. 🎖️
2026 සැප්තැම්බර් මාසය සඳහා වන ICC මාසයේ හොඳම ක්‍රීඩිකාව (ICC Women’s Player of the Month) සම්මානය උදෙසා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නිර්දේශ වී ඇති අතර ඇය සමගින් ඉන්දියාවේ ශෆාලි වර්මා සහ ශ්‍රී චරණි නාම යෝජනා ලබා සිටිති.
සැප්තැම්බර් මාසයේ පැවැති ආසියානු කුසලාන සහ ආසියානු ක්‍රීඩා උළෙල පුරාම පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද සුපිරි දක්ෂතා දැක්වූ චමරි අතපත්තු, ඉන්දුනීසියාවට එරෙහිව ලකුණු 5 කට කඩුලු 7 ක් (හැට්‍රික් එකක් සහිතව) දවාගනිමින් පන්දුවාර විස්ස ඉතිහාසයේ පස්වන හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කීවාය.
එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලේ අර්ධ අවසන් පූර්ව තරගයේදී පාකිස්ථානයට එරෙහිව පන්දු 50 කින් නොදැවී ලකුණු 83 ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දීමටත්, කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමටත් ඇය නායකත්වයෙන් පෙරමුණ ගැනීම මෙම නිර්දේශය සඳහා හේතු වී තිබේ.