Gayan Danushka Bandara

Gayan Danushka Bandara service by sri lanka

ඔයාට මොකක්ද හිතෙන්නේ?🥰
04/06/2026

ඔයාට මොකක්ද හිතෙන්නේ?🥰

 #ආදරය ....කවදා හෝ දවසක තනි වේවි ඔබත්  මමත්.. 🥰
04/06/2026

#ආදරය ....කවදා හෝ දවසක තනි වේවි ඔබත් මමත්.. 🥰

06/05/2026

🪷 දෙව් සැප ලැබූ ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා 🪷

ඔහු විසුවේ සේතව්‍ය නුවරයි. ඡත්ත ඔහුගේ නමයි. පියා විසින් උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් ගුරුතුමා වෙත ශිල්ප හැදෑරීම පිණිස ඔහු පිටත්කර යවනු ලැබුණා. ඉතා දක්ෂ සිසුවකු වූ ඡත්ත කෙටි කලකදී සියලු ශිල්ප උගෙන ශාස්ත්‍රය නිමා කළා.

“ගුරුතුමනි, මා සියලු ශිල්ප හදාරා අවසානයි. මවුපියන් වෙතට යෑමට සිතමි. ගුරු පඬුරු වශයෙන් කුමන පූජාවක් ඔබ වෙනුවෙන් කළයුතු වේද?”

“ඡත්ත ගුරු පූජාව ශිෂ්‍ය යාගේ වත්කම අනුව සිදුවිය යුතුයි.”

ඡත්ත මානවකයා ගුරු පඬුරු ගෙන ඒමට තම ගම බලා පිටත් වුණා. පඬුරු පූජාව පියාට දැන්වීමෙන් පසු ඔහුට ඒ සඳහා කහවනු දෙදහසක් ලැබුණා. කහවනු පොදිය රැගෙන ඡත්ත එදාම උක්කට්ඨා නුවරට පිටත් වුණා.

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන විට ඡත්තට සිදුවන විපත දුටුවා. ඡත්ත තරුණයා තිසරණ සරණෙහි පිහිටියහොත් දෙව්ලොව ඉපදීමට හැකියාව තිබෙන බව දුටු මුනීන්ද්‍රයන් වහන්සේ, ඡත්ත ගමන් කරන අතර මග ගසක් මුල වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ දුටු ඒ තරුණයා ඒ අසලට ගොස් උන්වහන්සේට වන්දනාමාන කළා.

“ඡත්ත මානවකය, මේ අවේලාවේ ඔබ යන්නේ කොහෙද?”

“ස්වාමීනි! ගුරු පඬුරු රැගෙන මා උක්කට්ඨා නුවර පොක්කරසාති ගුරුතුමා හමුවීමට යන්නෙමි.”

“මානවකය ඔබ තිසරණ පන්සිල් දන්නවා ද?”

“ස්වාමීනි, මම නොදනිමි, එය ඉගෙනීමෙන් මට යම් ප්‍රයෝජනයක් වේද?”

“ඡත්ත, මා විසින් මේ ධර්මය දේශනා කොට ඇත්තේ මුල, මැද, අග පිරිසුදු ලෙසින්. ඔබ තිසරණ පංචශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත්ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්යන් තුන මතක තබාගෙන එය සිහි කරමින් ගුරුවරයා වෙත යන්න”යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.

"යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපේහී"

කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.

"රාග විරාග මනේජ මසෝකං – ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපේහි"

ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.

"යත්ථ ච දින්නමහප්ඵල මාහු – චතුසු සුචීසු පුරිසයුගේසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ – සංඝමිමං සරණත්ථ මුපේහි"

යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න.

ඡත්ත ගාථා තුනේ තේරුම ඉගෙනගෙන ගමන සඳහා පිටත් වූවා. සොරුන් කණ්ඩායමකට ලැබුණු ඔත්තුවක් අනුව ඔවුන් ඡත්ත එන මඟ රැක සිට මහ වනයේ දී විස පෙවූ ඊතලයක් විද ඡත්ත මරා මුදල් රැගෙන පලා ගියා. තිසරණ සරණ සිහි කරමින් ගිය ඡත්ත මිය යනවාත් සමඟ නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව යොදුන් විස්සක ආලෝකය පතුරවමින් උපත ලැබුවා.

ඡත්තගේ හදිසි අභාවය අසා සියලුම දෙනා එතැනට රැස් වුණා. සියල්ලෝම චිතකයක් සාදා මෘත ශරීරය දවාලන්නට කටයුතු පිළියෙළ කළා.

භාග්‍යවතුන් වහන්සේ ද ඡත්ත ගේ ආදාහන කටයුතු කරන තැනට වැඩියා. ඡත්ත දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයෙන් මුළුපරිසරයම ඒකාලෝක කරමින් සහපිරිවරින් දේව විමානයත් සමඟ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට එහි පැමිණියා.

“මොහු දෙවියෙක් ද? බ්‍රහ්මයෙක් ද”? අවට සිටියවුන් කලබල වූවා.

ඡත්ත දිව්‍යපුත්‍රයා කළ පින්කම් රැස්ව සිටි අයට ප්‍රකට කරවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ විචාරණු ලැබුවා.

“මේ දිව්‍ය විමානය අහසෙහි බබළන හැටි ඉතාම ප්‍රභාෂ්වරයි. මෙබඳු වූ දිව්‍ය ඓශ්චර්යයක් සහිතව දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුරු ද?”

ඒ විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පවා පරදවනවා. යොදුන් විස්සක විතර දුරට රැස් විහිදෙනවා. දහවල් කාලයේ වගේම රෑටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසුදු යි. නිර්මල යි. සුන්දර යි.

විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම්, ඒ වගේ බොහෝ නෙළුම් තිබෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිලා තිබෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තිබෙනවා. ඉතාම පිරිසුදු රත්තරනින් හැදුණු දැල් විමානේ වටේට තිබෙනවා. හිරු මඩලක් වගෙයි අහසේ බබළන්නේ.

රතුපාට, කහපාට, දිව්‍ය සළුවලින් සරසලා තිබෙන්නේ. සඳුන් සුවඳින් යුක් තයි. රන්වන් පාටින් බබළන දිව්‍ය අප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරා ගත් ගගන තලය වගේ. මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් මල්වලින් සැරසිලා. දිව්‍යාභරණයන් සැරසිලා. සතුටු සිතින් ඉන්නේ. ඒ දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් බොහෝ දෙනකු ගේ කේශ කලාපයන් ලස්සනට සරසලයි තිබෙන්නේ. මඳ සුළඟට සෙලවෙන රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා. “

“දිව්‍යපුත්‍රය, මේ පුණ්‍ය විපාකය ලැබුණේ මොන වගේ සංවරකමක්, දමනය වීමක් නිසාද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයකින් ද?” භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරනු ලැබුවා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එක්තරා මානවකයෙක් මහමඟ යමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ, ඔහු මුණගැහිලා අනුශාසනා කළා. ඒ මහාර්ඝ රත්නය වන නුඹ වහන්සේ ගේ ධර්මය අසා පිළිපදිනවා කියලා ඒ ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා කිව්වා. ස්වාමීනි, පරමෝත්තම වූ ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ යන්න, ධර්මය, භික්ෂු සංඝයා සරණ යන්න කියල වදාළ වෙලාවේ මම පළමුව කිව්වේ ඒ ගැන නොදන්නා බවයි. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහලා තෙරුවන් සරණ ගියේ.

ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.

අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.

අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.

අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.

හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.

ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.

ශීල සංවරය ඇතිකර ගත්තේ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාකය බලනු මැන. මා දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මා වගේ කෙනෙක් වෙන්නයි කැමැති වෙන්නේ.

සුළු දේශනාවක අසිරිය බලනු මැන. මම සුගතියට ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් ඒ අය දුක, බිය රහිත අමා නිවන ස්පර්ශ කරනු නිසැකයි. තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ පිහිටලා යමක් කළ විට මහා විපාකයන් ලැබෙනවා. විපුලඵල ලැබෙනවා. පින් කරගත් මා දෙස බලන්න. හිරු මඬල බබළනවා වගේ මා දෙව්ලොව බබළනවා. මේ කුසලය මොන වගේ දෙයක්ද? මොන වගේ යහපතෙහි ද හැසිරිය යුත්තේ කියලා ඇතැම් දෙවිවරුන් සාකච්ඡා කරනවා.

භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනේ මා සිටි තැනට වැඩමවාලූ සත්‍ය නාම වූ බුදුරජුන් කරා මා පැමිණුනා. මට අනුකම්පා කරන සේක්වා. ආයෙත් අසන්නම්, මේ ශාසනයේ යමෙක් කාමරාග දුරුකරනවා නම්, භව රාගයන් දුරු කරනවා නම්, මෝහයත් දුරුකරනවා නම් උන්වහන්සේලා ආයේ කවදාවත් මව්කුසක පිළිසිඳ ගන්න එන්නේ නැහැ. පිරිනිවීමට පත්වෙලා එයින් නිවී සැනසුම ලබනවා”

ඒ ඡත්තමානවක දිව්‍ය පුත්‍රයාගේ කතාව යි.

03/05/2026
25/01/2026

Walpola Gothama Thero 🙏

ආදරනීය හදවත් .. 💕...💕
20/01/2026

ආදරනීය හදවත් .. 💕...💕

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Gayan Danushka Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share