LankaAlert

LankaAlert Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LankaAlert, Media/News Company, Colombo.

ඔඩිලියා සමූහ ව්‍යාපාරය මගින් රත්නපුර බෝධිමළු විහාරය සඟ සතු කළ වගයිරත්නපුර හුණුවල, මොරවිටිවල ග්‍රාමයේ ආරම්භ කළ බෝධිමළු වි...
23/11/2024

ඔඩිලියා සමූහ ව්‍යාපාරය මගින් රත්නපුර බෝධිමළු විහාරය සඟ සතු කළ වගයි
රත්නපුර හුණුවල, මොරවිටිවල ග්‍රාමයේ ආරම්භ කළ බෝධිමළු විහාරය සඟ සතු කිරීම සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි ප්‍රධානත්වයෙන් කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය අතිපූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර නාහිමි, ආනන්ද විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති අතපත්තුකන්දේ ආනන්ද නාහිමි, ඕමල්පේ සෝභිත නාහිමි, රත්නපුරයේ නන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.

අපවත් වී වදාළ අතිපූජ්‍ය බස්නාගොඩ විමලරතන නාහිමිගේ 20 වැනි ගුණ සමරුව නිමිති කරගෙන සිදුකරනු ලැබූ මෙම මහානීය ශාසනික ව්‍යාපෘතිය ඔඩීලියා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ රෝහිත අබේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව සිදුවූ අතර, සම්බුදු සසුනට සුවිශාල සේවාවක් ඉටු කරනු ලබන රෝහිත මැතිතුමා සහ දීපානි අබේගුණරත්න මහත්මියගේ සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස හඳුන්වාදීමට හැකියි.

රෝහිත අබේගුණරත්න මහතා සහ දීපානි අබේගුණරත්න මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම විහාරය ඉදිකර තිබෙනවා.
හිතට නිවනක් උදෙසා හිසට සෙවනක් දුන් ව්‍යාපාර ජාලයක් ලෙස ඔඩීලියා සමූහ ව්‍යාපාරය හඳුන්වා දෙන්න පුළුවන්.

වෙහෙර විහාර බෝමලු ඉදිකිරීමේ මහානීය වූ ආනිශංස සිහිපත් කරමින් අතිපූජනීය වූ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු මහා විහාර පාර්ශවයේ අනු නාහිමි සඳහන් කරනු ලැබූයේ අට මහා පින්කම්වලට අයත්වන මෙම පින්කම මගින් සැමදෙනාටම ආනිශංස ලැබෙන බවත් අතීතයේ සිට රජ සිටුවරු මෙන් සම්බුදු සසුන වෙනුවෙන් ඉටු කරනු ලබන සේවාව ඉතාමත් ප්‍රශංසනීය බවයි.

18/11/2024
18/11/2024
18/11/2024

ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය

18/11/2024

මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය

18/11/2024

මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

18/11/2024

වසන්ත සමරසිංහ – වෙළෙ ඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

18/11/2024

සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය

18/11/2024

සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

18/11/2024

වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය

18/11/2024

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

18/11/2024

බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when LankaAlert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share