16/09/2026
රුමේෂ් මලල ක්‍රීඩක ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 13 දක්වා ඉදිරියට 🇱🇰🔝
ලෝක මලල ක්‍රීඩා ආයතනය අද නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 13වන ස්ථානය දක්වා ඉදිරියට එන්න රුමේෂ් තරංග සමත් වුණා. ශ්‍රේණිගත කිරීම් ලකුණු 1423ක්. මේ තමයි ලංකාවේ ක්‍රීඩකයෙක් ලබපු හොඳම rank එක. ❤
මේ ලිස්ට් එකේ පළවෙනියා විදියට කාලයක් තිස්සේ ඉන්නෙ ලෝක වර්තා ලාභී මොන්ඩෝ ඩුප්ලන්ටිස්. ශ්‍රේණිගත කිරීම් ලකුණු 1561ක්.
මේක කොච්චර ලොකු ජයග්‍රහණයක්ද කියල බලාගන්න ලේසි විදියක් කියන්නද? රුමේෂ්ට පහළින් එන්න කෙනාගෙ නම බලන්න.
පළවෙනි 30ට ඉන්න එකම අසියානුවා. ✅
පළවෙනි 15ට ඉන්න එකම විසි කිරීම ක්‍රීඩකයා. ✅
පළවෙනි 60ට ඉන්න එකම හෙල්ල විසි කිරීම ක්‍රීඩකයා. ✅
Rumesh Tharanga