Amila Prabodha

Amila Prabodha Choose a Chance to CHANGE..! 🖤🌹🖤

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් "සාරා ජස්ම...
07/01/2026

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් "සාරා ජස්මින්" මියගොස් ඇති බවට මීට පෙර පැවති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළද, ඇය මියගොස් නැති බවට වන කරුණු මේ වනවිට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

සාරා ජස්මින් මෙරටින් පලාගොස් ඇති බවට සැක පවතින පසුබිමක ඇය සම්බන්ධයෙන් පවතින විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා.

ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, සාරා ජස්මින් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නම්, විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඇය ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද, ඒ පිළිබඳව ගැඹුරු විමර්ශන ක්‍රියාත්මක වන බවයි ඔහු පවසන්නේ.

පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නව රජය යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ආනන්ද විජේපාල මහතා පෙන්වාදෙනවා.

විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින්, ඇතැම් සංවේදී තොරතුරු මේ මොහොතේ පාර්ලිමේන්තුවට හෙළි කළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

සාරා ජස්මින් ඉන්දියාවේ සිටින බවට වත්මන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවා විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කළ බව පෙන්වා දුන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා, විදේශගතව සිටින පාතාල සාමාජිකයන් ගෙන්වීමට කටයුතු කරන ආකාරයටම ඇය සම්බන්ධයෙන්ද විවෘත වරෙන්තුවක් ලබා නොගන්නේ මන්දැයි ප්‍රශ්න කළා.

එමෙන්ම, ඉන්දීය ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මේ පිළිබඳව කරුණු මතු කළේද යන්නත් ඔහු විමසා සිටියා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වෙනුවෙන් පිළිතුරු ලබාදුන් ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග සහ වරෙන්තු ලබාගැනීමට රජය පසුබට නොවන බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :

“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. සාරා ජස්මින් මිය ගියේ නැති බවට යම් යම් තොරතුරු මේ වෙනකොට විමර්ශන අංශයෙන් අනාවරණය වෙලා තියෙනවා. අපිට කිසිදු තොරතුරක් වාර්තා වෙලා නැහැ සාරා ජස්මින් ඉන්දියාවේ ඉන්නවයි කියලා. නමුත්, විමර්ශන දිගින් දිගට පැවැත්වෙනවා වගේම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර තොරතුරු අනුව අධිකරණ ක්‍රියාමාර්ගත් මේ වෙනකොට අරන් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවේදැයි යන්න පිළිබඳ විමර්ශන තමයි නව රජය යටතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේකෙදී ගැඹුරු විමර්ශනයක් සිද්ධ වෙමින් පවතිනවා.

සමහර කාරනා විමර්ශනයට බාධාවක්. ඒ හින්දා මම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ හෙළි කරන්න අදහස් කරන්නේ නැහැ. ඉතින්, විමර්ශන සිද්ධ කරනවා. අවශ්‍යනම්, සාරා ජස්මින්ට වරෙන්තුව ගන්න අපි කටයුතු කරනවා.”

මීට පෙර සාරා ජස්මින් මියගොස් ඇතැයි විමර්ශන අංශයන් විසින් ඇතැම් වාර්තා පළ වූ අතර, සාරා ජස්මින් පණ පිටින් සිටින බවට ඇතැම් විචාරකයන් සහ මාධ්‍යන් විසින් අනාවරණය කර තිබුණා.

© Iri News

පසුගිය Ditwah සුළි කුණාටු තත්ත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ නිල්ලඹ ගුරුකැළේ, නව නිල්ලඹ, මොරහේන, මස්ගොල්ල යන ප්‍රදේශවල ආ...
06/01/2026

පසුගිය Ditwah සුළි කුණාටු තත්ත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ නිල්ලඹ ගුරුකැළේ, නව නිල්ලඹ, මොරහේන, මස්ගොල්ල යන ප්‍රදේශවල ආපදාවට ලක් වූ දරුවන්ට සහ බන්ධනාගාර රැඳවියන්ගේ අදාළ ප්‍රදේශවල ආපදාවට ලක් වූ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථී Nuwan Abeyrathna සහෝදරයා විසින් පසුගියදා සාර්ථකව සිදු කෙරුණා.

පොරොන්දු වූ පරිදිම අදාළ ප්‍රදේශවල ග්‍රාමසේවක නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ආපදාවට ලක්ව, සහන ලැබිය යුතුම දරුවන් තෝරාගැනීම සිදු වූ අතර, රු.ලක්ෂ 3.5 ක පමණ වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටල ප්‍රමාණයක් දරුවන් 200 කට පමණ බෙදාදීම සිදුව තිබුණා.

ඒ සඳහා උපකාර කරනු ලැබූ සියල්ලන්ටත්, ඒ වෙනුවෙන් සිය පෞද්ගලික කාලය - ශ්‍රමය සහ ධනයද කැප කරමින් වෙහෙස වූ නුවන් අබේරත්න සොයුරාටත් හෘදයාංගම ස්තූතිය!

🙏❤️ 🇱🇰

         ゚viralシ
06/01/2026

゚viralシ

"යළි පුබුදන නුවරඑළිය" - ශ්‍රම මෙහෙයුමජනවාරි 10 සිට 14 දක්වා කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත ප්‍රදේශයන්හිදී. Ditwah සුළි කුණාටු...
06/01/2026

"යළි පුබුදන නුවරඑළිය" - ශ්‍රම මෙහෙයුම
ජනවාරි 10 සිට 14 දක්වා කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත ප්‍රදේශයන්හිදී.

Ditwah සුළි කුණාටුවෙන් අපදාවට පත්වූ සුන්දර නුවරඑළිය යළි පුබුදන්නට එකතු වෙමු! 🌪️⛈️🇱🇰

⚠️️ ලංකාවේ මාර්ගවල තත්ත්වය සහ ගැටලු සම්බන්ධව ජනතාවට තොරතුරු වාර්තා කළ හැකි නියමු ව්‍යාපෘතියක්. 👇https://road-lk.org     ...
06/01/2026

⚠️️ ලංකාවේ මාර්ගවල තත්ත්වය සහ ගැටලු සම්බන්ධව ජනතාවට තොරතුරු වාර්තා කළ හැකි නියමු ව්‍යාපෘතියක්. 👇

https://road-lk.org

"අනුරගේ තීරණයට උදව් කරනවා!", "ආණ්ඩුවේ තීරණයට උදව් කරනවා!" වගේ පතෝල කතා නොකියා, අනිත් පක්ෂත් කොන්ද කෙළින් තියාගෙන තමන්ගේ ...
06/01/2026

"අනුරගේ තීරණයට උදව් කරනවා!", "ආණ්ඩුවේ තීරණයට උදව් කරනවා!" වගේ පතෝල කතා නොකියා, අනිත් පක්ෂත් කොන්ද කෙළින් තියාගෙන තමන්ගේ ස්ථාවරය කෙළින්ම කිව්ව නම් පැහැදිළියි නේද.? 🙂

යුද්ධෙ කාලේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අපේ රටට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගේන වෙලාවේ Venezuela, Cuba වගේ රටවල් හිටියේ ...
06/01/2026

යුද්ධෙ කාලේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අපේ රටට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගේන වෙලාවේ Venezuela, Cuba වගේ රටවල් හිටියේ ඊට විරුද්ධව.

Venezuela කියන්නේ ඉතිහාසයේ ඉඳන්ම අපි වෙනුවෙන් පෙනී සිටි රටක්.

ලෝකය ගැන මෙලෝ අවබෝධයක් නැති, අමෙරිකන් හමුදාවේ වීරකම් පෙන්වන Hollywood Films බලලා ලෝක සිතියමේ අමෙරිකාව තියෙන්නෙේ කොහෙද කියලවත් නොදන්න අයට මෙවා පැහැදිළි කරන්න යන එකත් මෝඩකමක්.!👍

අධිරාජ්‍යවාදය අමු හෙළුවෙන්!නිර්ධන පංති ජාත්‍යන්තරවාදය මර නින්⁣දේ!!
05/01/2026

අධිරාජ්‍යවාදය අමු හෙළුවෙන්!
නිර්ධන පංති ජාත්‍යන්තරවාදය මර නින්⁣දේ!!

🇰🇵 ලෝකයේ ආරක්ෂක තත්ත්වය දිනෙන් - දින අස්ථාවර වෙමින් පවතින බව උතුරු කොරියානු නායක Kim Jong Un ප්‍රකාශ කරයි.අමෙරිකාව විසින...
05/01/2026

🇰🇵 ලෝකයේ ආරක්ෂක තත්ත්වය දිනෙන් - දින අස්ථාවර වෙමින් පවතින බව උතුරු කොරියානු නායක Kim Jong Un ප්‍රකාශ කරයි.

අමෙරිකාව විසින් විවිධ රටවලට එරෙහිව සිදුකරන හමුදා තර්ජන හේතුවෙන් තම රටටද දැඩි තර්ජනයක් ඇතිවෙමින් පවතින බව උතුරු කොරියානු නායක Kim Jong Un ප්‍රකාශ කළ අතර, ඔහුගේ සෘජු නිරීක්ෂණය යටතේ උතුරු කොරියාව නවතම, ඉතා වේගවත් හා Missiles ආරක්ෂණ පද්ධතිවලට අල්ලාගැනීමට අපහසු Hypersonic Missiles පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇති බව වාර්තා වෙයි.

උතුරු කොරියාව විසින් මෙම පියවර ගෙන ඇත්තේ, අමෙරිකාව විසින් වෙනිසියුලාවේ සිදු කළ හමුදා ක්‍රියාමාර්ග වැනි සිදුවීම් හරහා ලෝකයට පෙන්වන බලය භාවිතා කරන දේශපාලනයට ප්‍රතිචාරයක් ලෙසත්, විදේශීය පීඩනය, බලහත්කාරයෙන් ආණ්ඩු මාරු කිරීම හෝ ආක්‍රමණ වළක්වා ගැනීමට ශක්තිමත් පියවරක් අත්‍යාවශ්‍ය බව පෙන්වීම සඳහාත් ගත් ක්‍රියාමාර්ගයක් ලෙස බව විදේශ මාධ්‍ය සහ ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

මුලාශ්‍රය | Reuters, Associated Press (AP), Al Jazeera, The Independent (January 2026)

© Copied

ඉතින්, අපිට පාන්ද.? 🍞 😁😂🤣
05/01/2026

ඉතින්, අපිට පාන්ද.? 🍞 😁😂🤣

කාන්තාවක් විවාහ නොවීම නිසා සමලිංගික යැයි උපකල්පනය කරනවා නම්, විවාහ නොවූ මේ පුරුෂයන් දෙදෙනාත් සමලිංගිකද.? 🤔© Copied
05/01/2026

කාන්තාවක් විවාහ නොවීම නිසා සමලිංගික යැයි උපකල්පනය කරනවා නම්, විවාහ නොවූ මේ පුරුෂයන් දෙදෙනාත් සමලිංගිකද.? 🤔

© Copied

දැන් පේනවද.? 😁😂🤣
05/01/2026

දැන් පේනවද.? 😁😂🤣

Address

Colombo
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Amila Prabodha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share