Asidisi Peramaga - ඇසිදිසි පෙරමග

Asidisi Peramaga - ඇසිදිසි පෙරමග Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asidisi Peramaga - ඇසිදිසි පෙරමග, Media/News Company, Colombo.

මෙරට පාසල් සිසුන්ට “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව....ශ්‍රී ලාංකීය සිසුන්ට ...
25/06/2024

මෙරට පාසල් සිසුන්ට “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව....

ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ශ්‍රී ලංකාවට.

දකුණු ආසියාවේ දියුණුතම, අනාගත කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” (Cambridge Climate Quest) ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව උදා වී ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ද කටයුතු කර තිබේ.

මේ අනුව 8 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” (Cambridge Climate Quest) ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලේ හැදෑරීමට අවස්ථාව උදා කර දී ඇති අතර දේශගුණය සහ තිරසරභාවය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුමෙන් ශ්‍රි ලාංකික තරුණ පරපුර සන්නද්ධ කිරීම එහි අරමුණයි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය සහ ඇගයීම් සේවයේ (Cambridge University Press and Assessments) ගෝලීය අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ඔස්ඩන් (Christine Ozden)මහත්මිය පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිය පූර්ණ සහය පළ කරන බවටද ඇය සහතික වූවාය.

දේශගුණික සහ තිරසරභාවය යන විෂය පථයන්ගේ ඉදිරියෙන්ම සිටින කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය වන “කේම්බ්‍රිජ් සීරෝ” හි (Cambridge Zero) විද්වතුන් විසින් මෙම පාඨමාලාව සම්පාදනය කර තිබෙන අතර පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට කේම්බ්‍රිජ් සහතිකයක් ලබාදීමට ද නියමිතය.

එමෙන්ම ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කොලින් ස්ටර්ලින්ග් (Professor Colin Stirling) මහතා ද පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඊට අදාළ වැඩිදුර සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත මෙම නව මණ්ඩපය මඟින් ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය, ව්‍යාපාර කළමනාකරණය, මූල්‍යකරණය, අලෙවිකරණය සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රවල උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙන යාමට නියමිත අතර එම ක්ෂේත්‍ර සඳහා වන අධ්‍යයන ප්‍රවේශ වැඩසටහන් සඳහා ද කලාපීය වශයෙන් පවතින ඉල්ලුම සපුරාලීම අපේක්ෂා කෙරේ.

ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති වෛද්‍ය හර්ෂ අලස්, අරවින්ද ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

#ඇසිදිසි

කොළඹ දී පැවැති තෙත්බිම් උද්‍යාන සමුළුවට සමගාමීව සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙසත්, පරිසර හිතක...
25/06/2024

කොළඹ දී පැවැති තෙත්බිම් උද්‍යාන සමුළුවට සමගාමීව සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙසත්, පරිසර හිතකාමී ආකර්ශනීය තිරසර සංචාරක කලාපයක් ලෙසත් ප්‍රකාශයට පත් කෙරේ.

සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය පරිසර හිතාකාමී සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
ලොව සුවිශේෂී සංචාරක සංකල්පයක් වන තිරසර සංචාරක කලාපයක් බවට පත් වු ශ්‍රී ලංකාවේ දෙවැනි කලාපය වන්නේ සීතාවක තෙත් කලාපයයි.

පසුගියදා පැවති පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත හා ආසියානු සබැදි සමුළුවට සමගාමීව සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හා සීතාවක උද්භිත උද්‍යානය පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස නම් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තෙත් බිම් සමුළුව සඳහා දිවයිනට පැමිණි රටවල් 15ක පරිසරවේදීන් සියයකට අධික පිරිසක් සීතාවක ඔඩිසි දුම්රියෙන් සීතාවක උද්භිත උද්‍යානය හා කලටුවාව ජලපිරිපහදු මධ්‍යස්ථානය ඇතුළු ආකර්ෂණීය සංචාරක ස්ථානවල විශේෂ සංචාරයකට එක්විය.දුම්රිය ගමන අතරතුරදී කොළඹ ගෝල්ෆ් ක්‍රීඩාගංණය සහ කිතුල් කන්ද ආශ්‍රීත පරිසර පද්ධතිය ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විය.

සීතාවක උද්භිත උද්‍යානයේ පිහිටුවා තිබූ සමරු පලකය නිරාවරණය කළ අමාත්‍ය ආචාර්ය බඳුනු ගුණවර්ධන මහතා සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිල වශයෙන් සනිටුහන් කළේය.

ඒ අනුව ලොව සුවිශේෂී සංචාරක සංකල්පයක් වන තිරසර සංචාරක කලාපයක් බවට පත් වු ශ්‍රී ලංකාවේ දෙවැනි කලාපය බවට සීතාවක තෙත් බිම් කලාපය පත්වේ.

නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් හා මග පෙන්වීම ද සහිතව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

විදේශ වලින් පැමිණි සියකට අධික පරිසරවේදීන් ඇතුළුව මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී වී. එස්.පොල්වත්තගේ මහතා ඇතුළු ආරාධිතයින් රැසක් මෙම උත්සව අවස්ථාව සදහා සහභාගී වූහ.

#ඇසිදිසි

2024 T 20  ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට ...
25/06/2024

2024 T 20 ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය .

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සඳහා විශාල වැය බරක් දැරීමට රජය කටයුතු කර ඇති බවත් එහිදී ජාත්‍යන්තර මට්ටමේ පරිසාධනය සපුරා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60ක් තෝරාගෙන ඔවුන්ට මසකට රුපියල් 50,000 බැගින් ද, තවත් තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 850ක් සඳහා මාසයකට රුපියල් 10,000බැගින් වන දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ” ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

පාසල් රග්බි ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් වෙත රක්ෂණ ආවරණයක් පිරිනැමීමට ද රජය කටයුතු කර තිබෙන බවද හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

වසර 75ක නිදහස් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයෙකු ගත් පළමු පියවර ලෙස “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන පෙන්වාදිය හැකියි. පෙබරවාරි මාසයේදී ආරම්භ කළ මෙම වැඩසටහන මඟින් මේ වන විට 50,000කට වැඩි පිරිසකට සින්නක්කර ඔප්පු ලබාදීමට හැකි වී තිබෙනවා. උරුමය වැඩසටහන හරහා සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා .

නමුත් ජනතාව මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම පෙනෙන්නට තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ දීමනා පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදී සින්නක්කර ඔප්පුවක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී ස්වරූපයක් ගෙන තිබෙනවා. ජනතාව මේ පිළිබඳ දැනුවත් කිරීමට මෙම සතියේ සිට ජංගම සේවයක් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙනවා. එසේම බස් රථ යොදා ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ජනතාව දැනුවත් කරමින් උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ වයඹ පළාත සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 12,000ක් සහ මාතර දිස්ත්‍රික්කයට සින්නක්කර ඔප්පු 12,000ක් ලබාදීමට අදාළ කටයුතු අවසන් කරමින් තිබෙන බවද සඳහන් කළ යුතුයි.

සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ කතා කළොත් මෙම වසර තුළ සංචාරකයින් 990,000කට වඩා මෙරටට පැමිණ තිබෙනවා. නිදහස් වීසා ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවද නුදුරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරියට පත් කිරීමට නියමිතයි.

ඉන්පසු නිදහස් වීසා ලබාදීමේ ක්‍රමවේදයත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර දියුණුවක් ඇති කළ හැකියි. මේ වනවිටත් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් 05ක් ක්‍රියාත්මක කර තිබෙනවා. චීනය, ජපානය, ඉන්දියාව සහ යුරෝපය සඳහා වෙන වෙනම ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. “must visit“ නමින් ශ්‍රී ලංකාව සංචාරකයින් අතර ජනප්‍රිය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

සංචාරක අමාත්‍යාංශය විසින් සිදුකළ ප්‍රවර්ධන වැඩසටහන් නිසා ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරට ගෙන ඒමට මේ වනවිට හැකිවී තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් 33%ක් නැවත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙනවා. එම තත්ත්වය සංචාරක ක්ෂේත්‍රයට හොඳ ප්‍රවණතාවයක්. එම නිසා සමුද්‍රීය සංචාරක ක්ෂේත්‍රය නංවාලීමටද අවධානය යොමු කර තිබෙනවා. ඒ සමගම ත්‍රිකුණාමලය සහ ආරුගම්බේ ප්‍රදේශ සමුද්‍රීය සංචාරක ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් කඩිනමින් ආරම්භ කිරීමටද බලාපොරොත්තු වෙනවා.

එසේම නව ක්‍රීඩා පනත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාවන් 73ක් තිබෙනවා. ඒ සියලුම ක්‍රීඩාවන් සඳහා නව ක්‍රිකට් පනත වලංගු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විවිධ ප්‍රචාරකරමින් ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය බිඳ දැමීමට සමහර කණ්ඩායම් කටයුතු කරමින් තිබෙනවා. මෙවර T20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විනය විරෝධී කටයුත්තක් සිදු කළා කියා ඇතැමුන් චෝදනා කරනවා. එම චෝදනා ඔප්පු කළහොත් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට මා සූදානම්. මේ වන විට ක්‍රීඩාව දේශපාලනයෙන් මුදවා ගැනීමට කටයුතු කර තිබෙනවා. නව ක්‍රීඩා පනත හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටවත් කිසිඳු ක්‍රීඩා සංගමයක නිලයක් දැරීමට හැකියාවක් නැහැ. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් සිදු කරන කාර්යයක්. ඒ නිසා එම කටයුත්තට අප කිසිඳු මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මුදල් ලබාගෙන දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකියාව තිබෙන තවත් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමටද බලාපොරොත්තු වෙනවා. ලෝක කුසලානයක් වැනි තරගාවලියක් එක රටක පැවැත්වීමට නම් දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 05ක් වත් එම රට තුළ තිබිය යුතුයි. තව එක් ක්‍රීඩාංගණයක් ඉදිකර ගැනීම තුළින් එම අවශ්‍යතාවය මෙරට තුළ සම්පූර්ණ වෙනවා. මේ සමඟ 2026 ක්‍රිකට් ලෝක කුසලානයේ තනි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

එය වගේම පාසල් රග්බි ක්‍රීඩකයන් 400 ක් රක්ෂණය කර එම දරුවන් රැකබලා ගැනීමට නව වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා. ක්‍රීඩා ශක්ති වැඩසටහන මඟින් තෝරා ගත් ක්‍රීඩකයන් 850ක් සඳහා මසකට රුපියල් 10,000 බැගින් පෝෂණ දීමනාවක් ලබාදීමටද රජය කටයුතු කර තිබෙනවා. ඉහළ පරිසාධන දක්ෂතා දක්වා තිබෙන ක්‍රීඩකයන් හැට දෙනකු තෝරාගෙන මාසයකට රුපියල් 50,000ක් බැගින් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා.

ඒ වගේම සුගතදාස ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ක්‍රිකට් ආයතනයට පවරාදී රුපියල් බිලියනයක් ලබාගෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිවයින පුරා තිබෙන ක්‍රීඩා සංකීර්ණ සුගතදාසය යටතට පවරා ගැනීමටත් ඉදිරියේදී නීති සම්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ලබන අගෝස්තු මාසයේදී සියලු ක්‍රීඩාවන් එක්කර ක්‍රීඩා සැණකෙළියක් පැවැත්වීමටද ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටිනවා.

මේ සියලු දේවල් සිදු කරන්නේ රට බංකොලොත් භාවයෙන් මුදවාගෙන යම් ස්ථාවරයකට රට ගෙන ඒමත් සමඟයි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය වැඩපිළිවෙල මහඟු පිටුවහලක් වුණා. උරුමය වැඩසටහන, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය හා ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීම සඳහා ආර්ථික ස්ථාවර භාවය විශාල ලෙස බලපා තිබෙනවා. එම නිසා ඉදිරියේදී මැතිවරණ පැවැත්වීම අනිවාර්යෙන්ම සිදුවෙනවා. එයට ජනතාව නිසි ආකාරයෙන් ඡන්දය භාවිතා කළහොත් ඉදිරි දශකය පූරවැසියාගේ දශකය බවට පත්වනු ඇති බවද සඳහන් කළ යුතුයි.

#ඇසිදිසි

කොදෙව් කාන්තා පිල සමඟ විස්සයි-20 තරඟාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි.....බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව අද (24...
24/06/2024

කොදෙව් කාන්තා පිල සමඟ විස්සයි-20 තරඟාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි.....

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව අද (24) හම්බන්තොටදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහිදී නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව තිබේ.

නම් කරන ලද කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතරට අවසන් එක්දින තරගයේදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වමත් දඟ පන්දු යවන්නිය වන සචිනි නිසංසලාවද ඇතුළත් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ. සචිනි මීට පෙර විස්සයි-20 ජාත්‍යන්තර තරග 5 කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇති අතර කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව සිටින්නීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඕෂධී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, අමා කාංචනා, රශ්මිකා සෙව්වන්දි, ඉමේෂා දුලානි, ශෂින ගිම්හානි, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා සහ කෞෂනී නුත්‍යාංගනා.

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

#ඇසිදිසි

පොසොන් සඳින් ආලෝකමත් වූ 'රාජ්‍ය හේවිසි පූජාව' රුවන්වැලි සෑ රඳුන් අභියස දී !අඛණ්ඩව 36වන වරටත් පැවැත්වූ රාජ්‍ය පොසොන් හේවි...
24/06/2024

පොසොන් සඳින් ආලෝකමත් වූ 'රාජ්‍ය හේවිසි පූජාව' රුවන්වැලි සෑ රඳුන් අභියස දී !

අඛණ්ඩව 36වන වරටත් පැවැත්වූ රාජ්‍ය පොසොන් හේවිසි පූජාව ජුනි 21 වන පොසොන් පුන් පොහෝ දින සිට 22 දින පහන්වන තුරු අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ දී පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් හතරක් නියෝජනය කරමින් මැදවච්චිය ශ්‍රී සරසවි කලායතනයේ නාවක්කුලම විශ්වවිද්‍යා රංග කලායතනය, තෝනිගල රත්නලංකාර කලායතනය, හා පලුගස්සව ඡන්දන කලායතනයේ ශිල්පීහු පනහක් සහ පාසල් වියේ පසුවන ආත්මික ශිල්පීහුද මෙම හේවිසි පූජාවට සහභාගීවිය.

සෑම වසරකම පොසොන් පොහෝ දින රාත්‍රිය පුරා අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑය අබියස පවත්වනු ලබන පොසොන් හේවිසි පූජාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කරයි.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.එම්.ජේ.කේ. රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීහු සහ සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

#ඇසිදිසි

නව වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපත...
24/06/2024

නව වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

வர்த்தக மற்றும் சுற்றாடல் இராஜாங்க அமைச்சராக பாராளுமன்ற உறுப்பினர் சதாசிவம் வியாழேந்திரன் சற்று முன்னர் ஜனாதிபதி செயலகத்தில் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க முன்னிலையில் சத்தியப்பிரமாணம் செய்துகொண்டார்.

MP Sathasivam Viyalendiran took oath as the State Minister of Trade and Environment before President Ranil Wickremesinghe at the Presidential Secretariat.

#ඇසිදිසි

දරුවන්ට වඩාත් හොඳ රටක් නිර්මාණය කර දෙනවා....🔹 උසස් පෙළ සිසුන්ට සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක...
20/06/2024

දරුවන්ට වඩාත් හොඳ රටක් නිර්මාණය කර දෙනවා....

🔹 උසස් පෙළ සිසුන්ට සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ වැඩසටහන ඇරඹේ.

🔹 සංකේතාත්මකව සිසුන් 5108කට ශිෂ්‍යත්ව.

🔹 එම අවස්ථාවේම හිඟ වාරික ද සමඟ ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරේ.

🔹 ජනාධිපති අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙම වසරේ දී රුපියල් බිලියන 04ක්.

🔹 දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිඳු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බව තමා තීරණය කළ බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට තමා කැපවුයේ ඒ වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ (19) පැවති උත්සවය අමතමිනි.

ජනතාවට ආදායමක් ලබාදීමට අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත්, භූමියේ අයිතිය ලබාදීමට උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් පැවසු ජනාධිපතිවරයා දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළ බවද සඳහන් කළේය.‍

එක් අධ්‍යාපන කලාපයකින් 2022 (2023) වර්ෂයේදී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් 60 බැගින් තෝරාගෙන, කලාප 100ක් ආවරණය වන පරිදි එක් දරුවෙකුට මාසිකව රුපියල් 6,000 බැගින් සිසුන් 6000ක් සඳහා වසර 02ක කාලයකට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම මේ යටතේ සිදු කෙරේ. 2024 මාර්තු මස සිට එම දරුවන්ගේ අ.පො.ස (උ.පෙළ) අවසන් වන තෙක් අදාළ ශිෂ්‍යත්ව ලබාදීම සිදු වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති අරමුදල විසින් දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සඳහා ද ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

එහිදී පාසලක ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව පාදක කරගනිමින් පාසලකට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව තීරණය කර ඇත. ඒ අනුව පාසලකට ලැබෙන අවම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 04ක් වන අතර උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 22කි. 2024 අප්‍රේල් මාසයේ සිට මාස 12ක කාලයක් දක්වා එක් දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3000/- බැගින් සිසුන් ලක්ෂයක් සඳහා මේ යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබයි.

ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 5108 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව හා තිළිණ ලබාදීම අද සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප්‍රදානයට එක් විය.

අනතුරුව ශිෂ්‍යත්වලාභී සිසු දරුවන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු ද විමසීය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අද මේ රටේ දරුවන්ට ඉතා සතුටුදායක දිනයක්. මෙම ශිෂ්‍යත්ව මුදල් හිමිවිම පිළිබඳ පළමුව ඔබ සියලුදෙනාට සුබ පතනවා. මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලක්ෂයක් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම උසස් පෙළ සිසුන් වෙනුවෙන් රුපියල් 6,000/ක ශිෂ්‍යත්වයක් ද පිරිනැමෙනවා. මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම වෙනුවෙන් අප ජනාධිපති අරමුදලින් රුපියල් බිලියන 04ක් වෙන් කර තිබෙනවා.

පසුගිය වසර 03 අප සියලුදෙනාටම අසීරු කාලයක් වුණා. අපි සියලුදෙනා දුක් වින්දා. ආහාර නැතිව ගියා. දරුවන්ට පාසලට යාමට ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකි වුණා. දැන් එම කාලය අවසන් වී තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස මම මේ රටේ දරුවන්ට දුක් විදීමට ඉඩ නොතබන බව තීරණය කළා. ඒ අනුව හැකි ඉක්මණින් මේ රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.

රට බංකොළොත්භාවයෙන් නිදහස් කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ තුළින් ඉදිරි වසර 05-10 තුළ දරුවන්ට වඩා හොඳ රටක් නිර්මාණය කර දීම අපේ අරමුණයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග අහිමි වුණා. ඒ අනුව අස්වැසුම වැඩසටහන හරහා පවුල් ලක්ෂ 24කට සහන ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ජනතාවට තමන් ජිවත්වන ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලබාදීම වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම නාගරික මහල් නිවාසවල ජිවත්වූ ජනතාවට එම නිවසේ අයිතිය හිමිව තිබුණේ නැහැ. ඒ නිසා රජයේ ඉඩමක ජීවත් වූ, රජයේ ඉඩමක ගොවිතැන් කළ, රජයේ මහල් නිවාසයක ජිවත් වු සියලුදෙනාට එම අයිතිය ලබා දි තිබෙනවා. ඒ වගේම රටේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් ඔබ සියලුදෙනාට මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව ජනතාවට ආදායම් ලබාදීමට, අයිතිය ලබාදීමට මෙන්ම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. එසේනම් මෙම ශිෂ්‍යත්වයෙන් නිසි ප්‍රයෝජන ලබාගෙන, තමන්ගේ අධ්‍යාපනය දියුණු කර ගන්නා මෙන් මා මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහනය මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, මේජර් ප්‍රදීප් උදුගොඩ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ.සරත් කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

#ඇසිදිසි

තැපැල් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ නවීකරණය කරන ලද හෝමාගම පළමු පෙළ තැපැල් කාර්යාලය හා එහි අභිනවයෙන් ඉදි කරන ලද Expedite...
20/06/2024

තැපැල් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ නවීකරණය කරන ලද හෝමාගම පළමු පෙළ තැපැල් කාර්යාලය හා එහි අභිනවයෙන් ඉදි කරන ලද Expedited Mail Service (EMS) මධ්‍යස්ථානය හා Cash On Delivery (COD) මධ්‍යස්ථානය, ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ ඕනෑම ස්ථානයකට ලිපි සහ පාර්සල් අවම ගාස්තුවක් යටතේ, භාණ්ඩයේ බරට පමණක් ගාස්තු අයකරමින් ලබාදෙන භාණ්ඩ බෙදා හැරීමේ සේවාව, මාර්ගගත ව්‍යාපාරවල නියැලෙන පිරිස් වෙනුවෙන් වැඩි පහසුකම් ලබා දෙන, ව්‍යාපාරික වටිනාකම රුපියල් ලක්ෂයක් දක්වා වූ භාණ්ඩ නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව බෙදා හැරීමේ- භාණ්ඩ ලැබුණු පසු මුදල් කිරීමේ සේවාව ඇතුළු නවතම සේවාවන් රැසක් නවීකරණය කරන ලද හෝමාගම නව තැපැල් කාර්යාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම ජනතාව වෙත හිමිවනු ඇත.

ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ තැපැල් කාර්යාල සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ ( cash on delivery) සේවා කවුළුව අමාත්‍යවරයා විසින් විවෘත කරන ලදී.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා, තැපැල්පති රුවන් සත්කුමාර මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතා, තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී , නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

#ඇසිදිසි

ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි....ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු සංවර්ධන ව්...
20/06/2024

ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි....

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරා දෙයි.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සිදුකරන පළමු සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටියි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුව සිදුවූ අතර දෙරට අතර ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කිරීමේ ද්විපාර්ශ්වික සාකච්ඡා ඉන් අනතුරුව ආරම්භ කෙරිණි.

මේ අතර ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරාදීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීමට පළමුව ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක් විය.

කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් ජනතාවට භාරදීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතිනි.

ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් විවෘත කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එක් විය.

මෙම සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ මධ්‍යස්ථානයක්, හම්බන්තොට උප මධ්‍යස්ථානයක් ඇතුළුව ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්ලරාව, පේදුරුතුඩුව සහ මොල්ලිකුලම් යන ප්‍රදේශ ආශ්‍රිත මිනිසුන් රහිත සවිකිරීම් ද ඇතුළත් වේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

#ඇසිදිසි

දහම් පාසල්වල පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් බුද්ධශාසන අමාත්‍යංශයේ දී !දහම් පාසල් ධර්මාචාර්ය සංගමය සහ බුද්ධශාසන, ආගමි...
19/06/2024

දහම් පාසල්වල පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් බුද්ධශාසන අමාත්‍යංශයේ දී !

දහම් පාසල් ධර්මාචාර්ය සංගමය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර සාකච්ඡාවක් බුද්ධශාසන, අමාත්‍යංශයේදී පසුගියදා පැවැත්විණි.

බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් දහම් පාසල්වල පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

දහම් පාසල්වල උගන්වන ගුරුභවතුන්ගේ ගැටළු, දීමනා, නිල ඇදුම්,දහම් පාසල් විභාග සම්බන්ධ ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. පී. රත්නායක, ආගමික කටයුතු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අසංග රත්නායක, දහම් පාසල් කොමසාරිස් වසන්ත ලියනගේ යන මහත්වරු, දහම් පාසල් ධර්මාචාර්ය සංගමයේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
#ඇසිදිසි

Industry EXPO 2024 ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කෙරුණු " ජාතික වාහන පෙරහැර "සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර...
19/06/2024

Industry EXPO 2024 ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කෙරුණු " ජාතික වාහන පෙරහැර "සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන්, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමෝදර අසල සිට ආරම්භ විය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ රථවාහන නිෂ්පාදනය , එකලස් කිරීම සහ අගය එකතු කිරීම ඇතුළු ඒ ආශ්‍රිත කර්මාන්තවල නිරත වන කර්මාන්තකරුවන්, නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින් අතිවිශාල ප්‍රමාණයක් මෙවර ජාතික වාහන පෙරහැර සඳහා සිය නිර්මාණ සහ නිෂ්පාදන එක්කර තිබිණි.

ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉංජිනේරු අංශ විසින් නිෂ්පාදනය කරන ලද සහ එකලස් කරන ලද සුවිශේෂී රථ වාහන රාශියක්, මෙරට ව්‍යවසායකයින් සහ නිර්මාණකරුවන් විසින් නිෂ්පාදනය කරන ලද, දැනටමත් මෙරට සහ විදේශීය වෙළෙඳපොළ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති නිෂ්පාදන, ඉදිරියේදී වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිත නිර්මාණ ඇතුළු රථවාහන විශාල ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා ඉදිරිපත් කර තිබුණි.

පිරිවැය සහ ඉන්ධන භාවිතය අවම කරන විදුලියෙන් ධාවනය කෙරෙන පාපැදි,යතුරුපැදි ඇතුළු මෝටර් රථ වාහන අති විශාල ප්‍රමාණයක් ගාලුමෝදර පිටිය අසලින් ආරම්භ කර කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය දක්වා මෝටර් රථ පෙරහැරක් ලෙස ගමන් කරන ලදී.

කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා, මෙරට ප්‍රමුඛ පෙලේ රථ වාහන නිෂ්පාදන ආයතන ප්‍රධානීන්, කර්මාන්ත කරුවන් ඇතුළු ආරාධිත විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

#ඇසිදිසි

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් යළි ඇරඹෙයි – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිරටේ පැවති අර්බුදකාරී තත...
19/06/2024

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් යළි ඇරඹෙයි – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

ඒ අනුව මාසයකට රුපියල් 67,500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කළ බවත්, ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විදිහට මේ වන විට අප විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඉකුත් කාලයේ පැවති විවිධ අර්බුද හේතුවෙන් විශ්වවිද්‍යාලවලින් සමත් වූ ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් ප්‍රමාද වී තිබුණා. ඒ අනුව ජුනි මාසයේ 03 වනදා සිට ආයුර්වේද සිද්ධ යුනානි උපාධිධාරීන් 207ක් සඳහා රුපියල් 67,500ක මාසික ගෙවීමක් සහිතව සීමාවාසික පුහුණුව ආරම්භ කළා.

ඒ වගේම තවත් උපාධිධාරීන් 153ක් සඳහා ද එළඹෙන අගෝස්තු මස 12 වනදා වන විට පුහුණුවීම් ආරම්භ කරනවා. ඒ අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් උපාධිධාරීන් 418 දෙනෙකු වෙනුවෙන් පුහුණුවීම ලබා දීම සිදු කරනවා. රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 320ක මුදලක් වැය කරනවා.

අප රට තුළ පැවති පාරම්පරික සහ හෙළ වෙදකම් ලියාපදිංචිය පුළුල් කිරීම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරමින් පවතිනවා. ඒ අනුව එළැඹෙන ජුනි මස 30 දක්වා ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව තිබෙනවා.

එමෙන්ම අද වින විට විවිධ වෘත්තීය සමිති විසින් නිරන්තරවම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කර තිබෙනවා. ඔවුන් තමන්ගේ යුතුකම් ඉටුකිරීම පසෙකලා, තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව කිව යුතුයි. මෙවැනි පිරිස් රටේ අනාගතය අඳුරු කරනවා.

තවද අපගේ රට ජපානය වැනි තත්ත්වයකට පැමිණිය යුතු බව ඇතැමුන් පවසනවා. නමුත් ඔවුන් ජපානයේ ජනතාව මෙන් වැඩ කිරීමට කැමති නැහැ. ඕස්ට්‍රේලියාවේ වැනි අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව ද ඔවුන් පවසනවා. නමුත් ඔවුන් ඕස්ට්‍රේලියාවේ ක්‍රමයට විශ්වවිද්‍යාලයක් පිහිටුවනවාට කැමති නැහැ. අපේ දෙමව්පියන් ඉඩකඩම් පවා විකුණමින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විදෙස්ගත කිරීමට උත්සාහ කරනවා. ඊට හේතුවී ඇත්තේ අපගේ රට තුළ විවිධ ශිෂ්‍ය සංගම් සහ ශිෂ්‍ය අරගල විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවස්ථාවක් ලබා නොදීමයි. එබැවින් ජනතාව මේ සම්බන්ධව අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතුයි.

#ඇසිදිසි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Asidisi Peramaga - ඇසිදිසි පෙරමග posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share