Aruna fm Sri Lanka

Aruna fm Sri Lanka Sri Lanka News Channel

  - අප්‍රේල් 25 පුංචි ඡන්දය නෑ ජනාධිපතිවරණය  නොවැම්බරයේ. -  දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි.  March 22, 2023
22/03/2023

- අප්‍රේල් 25 පුංචි ඡන්දය නෑ ජනාධිපතිවරණය නොවැම්බරයේ. -
දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි.

March 22, 2023

  - ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්. March 22, 2023   පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග තීරණාත්මක...
22/03/2023

- ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්.

March 22, 2023

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග තීරණාත්මක සාකච්ඡාවක් හෙට (23) දිනයේ පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදු කිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට දින නියම කර තිබේ.

එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බවය.

කෙසේවෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබාදීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බැවින් අදාළ දිනයන්වල මැතිවරණය පැවැත්වීම ගැටලු සහගතවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හෙට දිනයේ අවසන් එකගතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

මේ අතර තවත් මාස තුනක් ඇතුළත හෝ පළාත් පාලන මැතිවරණය පවත්වනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වූ මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

  - කොවිඩ්වලට සමාන තවත් වෛරසයක්.March 5, 2023   කොවිඩ් වෛරසයට සමාන තවත් වෛරස රෝගයක් ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින...
05/03/2023

- කොවිඩ්වලට සමාන තවත් වෛරසයක්.

March 5, 2023

කොවිඩ් වෛරසයට සමාන තවත් වෛරස රෝගයක් ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය H3N2 ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වෛරසය හේතුවෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇතිවන අතර එය දින පහත් හතත් අතර කාලයක් පවතින බව වාර්තා වේ.

Add - " එක්මත් එක වැහි දවසක " ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අවසන් වසර අධ්‍යාපනය හදාරන රශිනි වරංගනා කවිරත්න විසින් රචිත නවතම කෘතිය මැයි මස 6 වන සදුදා දින කොළඹ මහජන පුස්තකාලයේදී එලිදැක්වීමේ කටයුතු සිදු කරයි. Link - https://fb.watch/j3NxtD3bPR/?mibextid=2Rb1fB

  - COPE සහ COPF සභාපතිවරු අලුත් වෙයි. February 23, 2023  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ප...
23/02/2023

- COPE සහ COPF සභාපතිවරු අලුත් වෙයි.

February 23, 2023

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර තිබේ.

මේ අතර රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත්කර ඇත.

එම ධුරයේ මීට පෙර කටයුතු කර තිබුණේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාය.

  - ලිට්‍රෝ ගෑස් මිල ඉහළටලිට්‍රෝ ගෑස් මිල ඉහළට. February 5, 2023   අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට...
05/02/2023

- ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට.

February 5, 2023

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 134කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,904ක් වන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේය.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 883ක් වේ.

  - මේ අපේ ආදරණීය නත්තලයි.
24/12/2022

- මේ අපේ ආදරණීය නත්තලයි.

  - ශිෂ්‍යත්ව විභාගය හෙටDecember 17, 202205 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට(18) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව දි...
17/12/2022

- ශිෂ්‍යත්ව විභාගය හෙට

December 17, 2022

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට(18) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894කදී එය පැවැත්වෙනු ඇති.

මෙම විභාගය පැවැත්වීමේ වෙනසක් සිදුකර ඇති අතර ඒ අනුව පළමුව ලබා දෙන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයයි.
අනතුරුව කෙටි විවේකයක් ලබා දී පළමු ප්‍රශ්න පත්‍රය ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

  - Conditional permission to travel to Pavitra. December 17, 2022Add - ST Products චිලිපේස්ට් රත්නපුර Fb page Link - ht...
17/12/2022

- Conditional permission to travel to Pavitra.

December 17, 2022

Add - ST Products චිලිපේස්ට් රත්නපුර
Fb page Link - https://www.facebook.com/profile.php?id=100088702868353
ST Products - 0721963392 - ( Whatsapp - ST Products චිලිපේස්ට් රත්නපුර )

  - 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉල්ලයි. December 15, 2022   ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත...
15/12/2022

- 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉල්ලයි.

December 15, 2022

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටී.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ඊයේ (14) දිනය දක්වා කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 15,476 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කළේය.

ඉන් හමුදා සාමාජිකයින් 15,165 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර තිබේ.

තවත් නිලධාරීන් 194 දෙනෙකුගේ නිශ්කාශන වාර්තා ලබාගැනීමෙන් පසුව සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.

දෙසැම්බර් 31වන දින දක්වා පොදු සමා කාලය ක්‍රියාත්මක වන අතර තවදුරටත් නීත්‍යානුකුලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට එම අවස්ථාව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රවී හේරත් මහතා සඳහන් කළේය.

  - Social media activist Dylan Senanayake, who was injured after being attacked with a sharp weapon, has been admitted ...
14/12/2022

- Social media activist Dylan Senanayake, who was injured after being attacked with a sharp weapon, has been admitted to the hospital.

Add - ST Products චිලිපේස්ට් රත්නපුර
Fb page Link - https://www.facebook.com/profile.php?id=100088702868353
ST Products - 0721963392 - ( Whatsapp - ST Products චිලිපේස්ට් රත්නපුර )

  - හෙරොයින් කිලෝ 12ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවටDecember 14, 2022   පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරො...
14/12/2022

- හෙරොයින් කිලෝ 12ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

December 14, 2022

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ අංගොඩ ප්‍රදේශයේදීය.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ 12කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව ඇත.

Add - ST Products චිලිපේස්ට් රත්නපුර
Fb page Link - https://www.facebook.com/profile.php?id=100088702868353

ST Products - 0721963392 - ( Whatsapp - ST Products චිලිපේස්ට් රත්නපුර )

Address

Colombo

Telephone

+94773825230

Website

Alerts

Be the first to know and let us send you an email when Aruna fm Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aruna fm Sri Lanka:

Share