VAPA TV

VAPA TV ශික්ෂානන්දයේ නාලිකාව " VAPA TV "

17/08/2026
15/08/2026

අපරාධ වාර්තාකරණයේ දී මාධ්‍ය සතුව වගකීම මෑතකාලීනව අභියෝගයට ලක්ව තිබේ. ලංකාවේ නීතියට අනුව උසාවියකින් යම් තැනැත්තෙකු වරදකරුවෙකු බවට ඔප්පු කරන තුරු ඔහුගේ නිර්දෝෂි භාවය ඔප්පු කිරීම සදහා ඔහුට හැකියාව ඇත. නමුත් යම් සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්තඩංගුවට ගත් පමණින් මාධ්‍ය මගින් ඔහුගේ පවුද්ගලිකත්වය ඇතුළු සියලු දේ හෙළි කරයි. අවසානයේ වරද කරුවා වී ඇත්තේ වෙනත් පාර්ශව කරුවෙකි. උදාහරණ ලෙස සේයා දැරියගේ ඝාතනය පෙන්වා දි හැකිය. කහවත්ත ඝාතන සිද්ධිය ද උදාහරණ වේ. නිවැරදිකරු අපරාධකරුවෙකු ලෙස මාධ්‍ය මගින් වාර්තා කළ ද එය නිවැරදිකර වාර්තා කිරීමක් ලංකාවේ මාධ්‍ය භාවිතය තුළ දක්නට නැත. මෙවර අපරාධ හෝරාව වෙන්වන්නේ අපරාධ වාර්තාකරණය පිළිබදව යි.ඒ සදහා සම්පත්දායකත්වය ලබාදෙන්නේ ආචාර්ය එදිරිවීර ගුණසේකර මහතා යි. මෙම වැඩසටහන සෑම සෙනසුරාදාවකම රාත්‍රී 07.00ට PEO TV 123න් සහ VAPA TELEVISION යූ ටියුබ් නාලිකාව ඔස්සේ සමගාමි විකාශයක් ලෙස නරඹිය හැක.

07/08/2026

චෙක්පත් යනු කාලයක් පුරා මුදල් ගනුදෙනු කිරීමේ විශ්වාසදායි සහ ආරක්ෂක ක්‍රමවේදයක් ලෙස සළකනු ලැබුවා. චෙක්පත් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ඇමෙරිකානුවෙකු ගැන කියැවෙන Catch Me If You Can (2002) චිත්‍රපටය සමහරවිට ඔබ නරඹා ඇත. බොහෝවිට අපේ සමාජයේ චෙක්පත් හරහා සිදුවන වංචා තියා ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් පවා ඇත්තේ අවම දැනුවත් භාවයකි. සමහරවිට ඔබේ නොදැනුවත් භාවය ඔබ වරදකරුවෙකු වීමේ අවධානම වැඩි කෙරෙනු ඇත. අපරාධ හෝරාව වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වන්නේ අපරාධයක් වීමට පෙර එයින් මිදීම සදහා ඔබව දැනුවත් කිරීමයි. මෙවර වැඩසටහනින් සංවාදයට ගැනෙන්නේ චෙක්පත් ආශ්‍රිතව සිදුවන වංචා සහ ඒ සම්බන්ධව පවතින නීති සම්බන්ධයෙනි. ඒ සදහා සම්පත්දායකත්වය ලබාදෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය නිරෝෂිකා ලියන මුහන්දිරම්. මෙම වැඩසටහන සෑම සෙනසුරාදාවකම රාත්‍රී 07.00ට PEO TV 123න් සහ VAPA TELEVISION යූ ටියුබ් නාලිකාව ඔස්සේ සමගාමි විකාශයක් ලෙස නරඹිය හැක. https://youtu.be/XhquWxbn2Dw

05/08/2026

මානව ශිෂ්ටාචාරයේ පූර්ව අවදියේ සිට මේ දක්වා තමා සතු බලය රාජ්‍ය වෙත පවරා දී එහි හැසිරවීමේ බලය තවත් පිරිසකට රාජ්‍ය නමින් පවරා මිනිසා කලානුරූපව තමාගේ අහිමි නිදහස සොයමින් අරගල කරයි. නිදහස යන්න අර්ථකතනය කළ හැක්කේ කුමකට සාපේක්ෂව ද? උපරිම නිදහස යනු මිනිසාට හිමි දෙයක් ද? එය තීරණය කරන්නේ කුමන සාධක මතද? ලිබරල්වාදය යනු මිනිසාගේ පූර්ණ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නක් ද? එය වෙළදපළ බලවේග විසින් ක්‍රියාත්මක වන්නක් ද? මෙකී සියළු ප්‍රශ්න වලට පිළිතුරු සමගින් මෙවර අර්ථ වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබාදෙන්නේ කථිකාචාර්ය රංග මනුප්‍රියයි. PEO TV 123න් සහ VAPA Television යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකිය. https://youtu.be/1oReJqJQ_2M
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු ප්‍රථම සහ එකම රූපවාහිනී නාලිකාව VAPA TELEVISION

Dear Mr. Chamara Nugaliyadda, Your dedication and friendship will always be remembered. Wishing you continued good healt...
31/07/2026

Dear Mr. Chamara Nugaliyadda,

Your dedication and friendship will always be remembered. Wishing you continued good health, lasting happiness, and every success as you embark on this wonderful new chapter of your life.

30/07/2026

සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෑත කාලීනව වැඩි කතාබහක් සමාජය තුළ අසන්න දක්නට ලැබුණ සංසිද්ධියකි. මෙය දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද පුද්ගලික මෙන්ම රාජ්‍ය මට්ටමින් ද මුහුණ දීමට සිදුවී ඇති තර්ජනයකි. AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමග මිනිසාගේ ‌පෞද්ගලිකත්වය අර්බුදයට ලක්ව තිබේ. මේ සදහා බලපාන නීතිරීති, ඒ තුළින් ආරක්ෂාවීම සහ දැනුවත් භාවය පිළිබදව ඇත්තේ ද අවම සාක්ෂරතාවයකි. අද අපරාධ හෝරාව වෙන්වන්නේ මේ පිළිබදවයි. මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබා දෙන්නේ සයිබර් ආරක්ෂණය පිළිබදව පර්යේෂකයෙකු සහ බහුමාධ්‍ය කලාව සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ද වන ආචාර්ය සමිත් හේරත්. ම්පූර්ණ වැඩසටහන සෙනසුරාදා රාත්‍රී 07.00ට PEO TV 123න් සහ VAPA Television යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකිය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු ප්‍රථම සහ එකම රූපවාහිනී නාලිකාව VAPA TELEVISION

Address

Colombo

Telephone

+94113461871

Website

Alerts

Be the first to know and let us send you an email when VAPA TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VAPA TV:

Shortcuts

Share

Category