Freedom Peoples Congress Media

Freedom Peoples Congress Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Freedom Peoples Congress Media, Media/News Company, no:6/9, 3rd Lane, Koswaththa, Rajagiriya, Colombo.

එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. අතුකෝරාල මහතා ඇතුළු ක්‍රියාකාරී නායකයන් "නිදහස සභාව" මාතර  දිස්ත්‍...
02/08/2023

එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. අතුකෝරාල මහතා ඇතුළු ක්‍රියාකාරී නායකයන් "නිදහස සභාව" මාතර දිස්ත්‍රික් කාර්යාලයේ දී පසුගිය සෙනසුරාදා ඩලස් අලහප්පෙරුම මහතා මුණගැසුනු අවස්ථාව. වසර 60 කට වඩා පැරණි ග්‍රාම නිලධාරීන් වෘත්තිය සඳහා මෙතෙක් සේවා ව්‍යවස්ථාවක් නොමැති වීමේ බරපතළ ගැටලුව පාර්ලිමේන්තුවේ විශේෂ අවධානයට යොමු කරන ලෙස ඉල්ලීම ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධානතම ඉල්ලීම විය. ජනතාව වෙනුවෙන් ඈත ගම් නියම් ගම් පුරා නොයෙකුත් දුෂ්කරතා මැද අතිවිශිෂ්ඨ රාජකාරියක් ඉටු කරන ඔවුනගේ සාධාරණ ඉල්ලීම් සියල්ල වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පෞද්ගලිකව මෙන්ම නිදහස සභාවේ ද සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් ගේ අවධානය ද කඩිනමින් යොමු කරන බවට මෙහිදී සහතික විය.
මාතර හිටපු පුරපති සොසීන්ද්‍ර හඳුන්ගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය, මේ මොහොතේ මුහුණ දෙන බරපතළ අර්බුද පිළිබඳව "නිදහස ජනතා සභාවේ" විශේෂ අවධානය යොමුව තිබේ. ආචාර්ය...
31/07/2023

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය, මේ මොහොතේ මුහුණ දෙන බරපතළ අර්බුද පිළිබඳව "නිදහස ජනතා සභාවේ" විශේෂ අවධානය යොමුව තිබේ. ආචාර්යවරුන් ගේ බරපතළ හිඟකම,මහපොළ නොලැබීම, නේවාසිකාගාර අර්බුදය, විභාග පැවැත්වීමේ ප්‍රමාදය සහ පාඨමාලා යාවත්කාලීන නොවීම වැනි එම ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් වූ පළමු සාකච්ඡාව ගම්පහ , යක්කල ආයුර්වේද විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය සමග පසුගිය දා ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා මන්ත්‍රීතුමන්ලා සමග පාලක ලේකම් නීතිඥ පියුම් පෙරේරා මහතා "නිදහස ජනතා සභාව" වෙනුවෙන් මෙයට සහභාගි විය.

16/07/2023
හෙලිකොප්ටරය හම්බන්තොට ක්‍රියාකාරීන්  හමුවෙයි ......ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ  පවතින දේශපාලන තත්වය පිළිබඳව  නිදහස් ජනත...
12/03/2023

හෙලිකොප්ටරය හම්බන්තොට ක්‍රියාකාරීන් හමුවෙයි ......

ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව නිදහස් ජනතා සන්ධානයේ අපේක්ෂකයන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීම් මාලාවේ තවත් සාර්ථක රැස්වීමක් හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයින් සහ ක්‍රියාකාරීන් සඳහා අම්බලන්තොට කමත හොටල් පරිශ්‍රයේදි අද(12) පැවැත්වුණා .

මෙම සාර්ථක රැස්වීම හම්බන්තොට දිස්ත්‍රික් නායක වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා සංවිධානය කර තිබුණා

මේ සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරග වදින අපේක්ෂක අපේක්ෂිකාවන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන් රැසක් සහභාගි වුණා නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරමින් මහාචාර්ය ජී එල් පීරිස් ,ඩලස් අලහප්පෙරුම නීතිඥ ඩිලාන් පෙරේරා මහාචාර්ය චරිත හේරත් ,සහෝදර පක්ෂ නියෝජනය කරමින් විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ,වීරසුමන වීරසිංහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල නිදහස ජනතා සභාවේ පාලක ලේකම් ලලිත් පියුම් පෙරේරා යන මහත්වරු සහභාගී වුණා

හෙලිකොප්ටරයේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව  මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුවත් කෙරේ... ...
11/03/2023

හෙලිකොප්ටරයේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුවත් කෙරේ...

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සහ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරිමට නිදහස් ජනතා සන්ධානය මේ වනවිට කටයුතු කරමින් සිටි.

ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරිම ඊයේ(2023/3/11)සවස මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම දැනුම්වත් කිරීමට පා.ම මහාචාර්ය ජී. එල් .පීරිස්, පා.ම ඩලස් අලහප්පෙරුම, පා.ම නීතිඥ ඩිලාන් පෙරේරා,පා.ම .වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මංත්‍රී වරුන් සහ නිදහස් ජනතා සන්ධානයේ සහෝදර පක්ෂ නියෝජිතය කරමින් පා.ම. විමල් වීරවංශ පා.ම. වාසදේව නානායක්කාර ,ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල වෛද්‍ය ජී .වීරසිංහ යන මහත්වරුන් එකව සිටියා.

2023-03-11

ජනමතයට ඉඩදෙනු..හෙලිකොප්ටරය .මහනුවර දී උද්ඝෝෂණය ක....(3/11 )..පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්වීමට ආණ්ඩුවට බල කරමින් "ජනමත...
11/03/2023

ජනමතයට ඉඩදෙනු..හෙලිකොප්ටරය .මහනුවර දී උද්ඝෝෂණය ක....(3/11 )..

පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්වීමට ආණ්ඩුවට බල කරමින් "ජනමතයට ඉඩදෙනු" මැයෙන් නිදහස් ජනතා සන්ධානය අද (11) සවස මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එම විරෝධතාවයට නිදහස් ජනතා සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් නායක පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. නීතිඥ උදයන කිරිඳිගොඩ මහතා ඇතුළු දේශපාලන නායකයින්, නිදහස් ජනතා සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන අපේක්ෂකයන් සහ මහජනතාවද එක්ව සිටියහ.

2023-03-11

ඊයේ කඹුරුපිටියෙන් ....අද වැලිගමින්....... (අද මාතර  වැලිගම  ආසනයෙන්  ඇරඹි අපේක්ෂක හමුවීම් රැළි මාලාව ......)  පළාත් පාලන...
05/03/2023

ඊයේ කඹුරුපිටියෙන් ....
අද වැලිගමින්.......
(අද මාතර වැලිගම ආසනයෙන් ඇරඹි
අපේක්ෂක හමුවීම් රැළි මාලාව ......)

පළාත් පාලන මැතිවරණය (2023) පැවැත්වීම සම්බන්ධව මතුවී ඇති නවතම තත්වය සහ වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ නිදහස් ජනතා සන්ධානයේ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ විශේෂ හමුවීම් කිහිපයක් ඊයේ (3/4) සහ අද (3/5) මැතිවරණ කොට්ඨාස මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබිණ ..
මෙහි පලමු හමුව ඊයේ (3/4) පෙරවරුවේ කඹුරුපිටියෙ න් ආරම්භ කල අතර අද දිනයේ ද මාතර දිස්ත්‍රික්කයේ අනෙකුත් ආසන වල පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අද(3/5) පෙරවරු වේදී මාතර වැලිගම ආසනේ නිදහස් ජනතා සන්ධාන අපේක්ෂක හමුව පැවැත්වී ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම , පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරුන් සහ පළාත් පාලන අපේක්ෂක යින් මේ සදහා සහභාගි වී සිටියහ.

https://youtu.be/eHe_XqyzW-4
04/03/2023

https://youtu.be/eHe_XqyzW-4

විපක්ෂය - ස ජ බ . මාලිමාව .හෙලිකොප්ටරය ඇතුළු විපක්ෂ කණ්ඩායම් රනිල්ගේ ගැටේට අහු වුණා නේද

මාතර දිස්ත්‍රික්කයේ  පළාත් පාලන  අපේක්ෂකයින් දැනුවත් කිරීම ආසන මට්ටමින් ...පළාත් පාලන මැතිවරණය (2023)  පැවැත්වීම  සම්බන්...
04/03/2023

මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීම ආසන මට්ටමින් ...

පළාත් පාලන මැතිවරණය (2023) පැවැත්වීම සම්බන්ධව මතුවී ඇති නවතම තත්වය සහ වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ නිදහස් ජනතා සන්ධානයේ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ විශේෂ හමුවීම් කිහිපයක් අද (3/4) සහ හෙට (3/5) මැතිවරණ කොට්ඨාස මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහි පලමු හමුව අද (3/4) පෙරවරුවේ කඹුරුපිටියේ දී පැවති අතර
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම , පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරුන් සහ පළාත් පාලන අපේක්ෂක යින් මේ සදහා සහභාගි විය.

Address

No:6/9, 3rd Lane, Koswaththa, Rajagiriya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Freedom Peoples Congress Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share