ලැවෙන්ඩර් - Lavender

ලැවෙන්ඩර් - Lavender සුසිනිඳු ලැවෙන්ඩර් මල් පෙත්තක් මත ලියමි 💜
(4)

දැන් මට අවුරුදු 28 යි 🌸සැප්තැම්බර් තිස් වෙනිදා, ඊයේ කියන්නේ මගේ විසි අටවෙනි උපන්දිනය ! මගේ උපන්දිනය වෙනුවෙන් මට හම්බුණු ...
01/10/2025

දැන් මට අවුරුදු 28 යි 🌸

සැප්තැම්බර් තිස් වෙනිදා, ඊයේ කියන්නේ මගේ විසි අටවෙනි උපන්දිනය ! මගේ උපන්දිනය වෙනුවෙන් මට හම්බුණු ලස්සනම තෑග්ග දෙන්නේ මගේ අම්මා, පළවෙනි එක මේ මගේ ජීවිතය, දෙවෙනි එක මෙන්න මේ පුංචි කාඩ් එක🌸 මගේ ජීවිතේ ලොකුම inspiration එක වෙන්නේ මගේ අම්මා ! මේ ලෝකේ කරුණාවන්තම හදවතක් තියෙන ආදරේ විතරක්ම දීපු හොඳ දේ විතරක්ම උගන්නපු අම්මා 🥹
ඉස්සර චූටි කාලේ මැටිල්ඩා පොත කියවද්දී මට හැමතිස්සෙම මතක් වෙන්නේ අපේ අම්මාව ! ලොකුම පුදුමය තමයි ! දවස තිස්සෙම මහන්සී වෙලා කිසිම අඩුපාඩුවක් නොකර හැම වැඩ රාජකාරියක්ම අහවර කරපු අපේ අම්මාට පොත් කියවන්නත් වෙලාවක් තිබුණු එක ! තේකක් බොන ගමන් අහුවෙන හිස් කඩදාසියක හරි ලස්සනට portraits අඳින්නත් වෙලාව හදාගත්තු එක ! අපි හැමෝටම කිසිම වෙනසක් නොකර හැමෝම ගැන හොයලා බලන්න, ආදරේ දෙන්න, කෑවද බිවුවාද කියලා හොයන්න, රසම රස කෑම හදන්න මේ පැය විසිහතරක් ඇතුළේ අමුතුවෙන්ම වෙලාව හදාගන්නේ කොහොමද කියන එක මට හරි පුදුමයි. අදටත් අම්මා එහෙමමයි !
හොඳම කතාව තමයි, හැම ඉරිදාටම වගේ පුරුදු පරිදි ගමේ පුස්තකාලයට මාවත් එක්කගෙන ගියපු අම්මාට අන්තිමට ඒ පුස්තකාලයේ කියවන්න පොත් නැතිව ගියපු එක !
පොත් කියවන ගමන් අම්මා මේ ලෝකේ නොගියපු, නොදැකපු තැනක් නැති තරම්. චිලී රටේ ඉසබෙල් අය්යන්දේ, හරුකි මුරකාමි, ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස්, විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය, කුෂ්වාන්ත් සිං මේ හැම ලේඛකයෙක්ගේම වගේ පොත් ගැන හොඳ කියවීමක් අම්මා ළඟ තිබුණා. මේ සැරේ බුක් ෆෙයාර් එක ඇතුළේ කොච්චර නම් ඇවිද්දත් මේ හැම stall එකකම වගේ තිබුණු ලෝකේ හැම රටකම වගේ හොඳම ලේඛකයන් ගේ පොත් බහුතරයකම ගැන වගේ හරි ආසාවෙන් රහ කරලා කතා කරනකොට මට පුදුමත් හිතුණා !
චූටි කාලේ මට නින්ද යනකල්ම අම්මා ලස්සන කතාන්දර කියලා දෙනවා. අන්තිමට කියලා කියලා කියන්න කතාන්දරයක් ඉතිරි නොවුණු දා පටන් එයා කියලා දීලා තියෙන්නේ එයාම ගොතපු සුරංගනා කතා කියලා කීවේ මට ටිකක් තේරෙන වයසකට ආවාම පහු කාලෙක.
හැන්දෑවට ඉර බහිනකොට ඒ අහසේ පාට වෙනස් වෙලා යනකොට ටක්ගාලා කුස්සියේ ජනේලේ ළඟට වෙලා මාත් එක්ක
අහස දිහා බලන් ඉන්න පුරුද්දක් අම්මාට තිබුණා. අපේ මිදුලේ කොහේහරි පුංචි ලස්සන මලක් පිපුණත්, පාට පාට සමනලයෙක් ආවත්, චූටි කුරුල්ලෙක් ගහක උන්නත් හෙමින් වගේ මට කතා කරලා ඒ ලස්සන දකින්න, රස විඳින්න මට කියලා දුන්නේ අම්මා ! උපන්දිනයකට වුණත් සිබිල් නැන්දාගේ ලස්සනම ලස්සන කතන්දර පොත් අම්මයි තාත්තායි තෑගි කළා.
මේ ලෝකේ අද වෙනකොට මගේ මේ නිර්මාණශීලිත්වය නිසා කොහේ හෝ ආදරණීය හදවතක් අස්සේ පොඩි හරි inspiration එකක් ඇති කළා නම් ඒ හැමදෙයක්ම පිටිපස්ස්සෙම ඉන්න ලස්සනම හදවත මගේ අම්මා !

මේ ලෝකේ ආදරණීය, නිර්මාණශීලී, සංවේදී දරුවෙක් ඉබේ බිහිවෙන්නේ නැහෑ, එහෙම බිහිවෙනවා නම් ඒ නිර්මාණශීලීත්වය, සංවේදීත්වය ඇතුළේ කොහේ හෝ මුල්ලක ආදරණීය අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් ඉන්නවා.

ලැවෙන්ඩර්
01.10.2025

2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ H33 රසකතා කුටියෙන් ලැවෙන්ඩර් මල් පෙත්තක සුවඳ බලලා යන්න එන්න.. 🤍Rasakatha.lk - Rasa...
30/09/2025

2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ H33 රසකතා කුටියෙන් ලැවෙන්ඩර් මල් පෙත්තක සුවඳ බලලා යන්න එන්න.. 🤍

Rasakatha.lk - Rasakatha Pvt Ltd
fans

What’s one small thing that fills your cup 🌸 ?
27/09/2025

What’s one small thing that fills your cup 🌸 ?

මගේ Youtube Journey එකට අවුරුද්දයි 💌Lavender_diaries 🤍🍃  කාලය කියන දේ හරි පුදුමාකාරයි. ගෙවුණු අවුරුද්දක් ඇතුළත ජීවිතේ අප...
26/09/2025

මගේ Youtube Journey එකට අවුරුද්දයි 💌
Lavender_diaries 🤍🍃

කාලය කියන දේ හරි පුදුමාකාරයි. ගෙවුණු අවුරුද්දක් ඇතුළත ජීවිතේ අපි නොහිතන තරම් දුරක් අපි පහුකරන් යනවා. මීට අවුරුද්දකට කලින් කාලයක් තිස්සේ හිතේ හිර කරන් හිටපු ඔක්කොම insecurities ටික පැත්තකින් තියලා අහම්බයකින් වගේ පටන් ගන්න ආස හිතුණු, මේ වෙනකොට මගේ ජීවිතේ ආසම කොටසක් වුණු මගේ Lavender diaries - Youtube Journey එකට හරියටම අවුරුද්දකුත් වුණා !!
If you have a good circle around you !!! Trust me you have everything 🌸
Youtube වගේ platform එකක් ඇතුළේ, මං ආස කරන මගේ vibe එක content series එකක් විදිහට document කරන එක මගේ ජීවිතේ passion එක 🌸. ඉතින් Lavender diaries ආදරයෙන් වැළඳගත්තු, මගේ ආදරණීයම Lavender family එකට අනේකවාරයක් ස්තූතියි 🤍✨

අද vlog එක මගේ ආදරණීය Lavender community එක වෙනුවෙන්මයි !!!! හරියටම අද හවස 5 ට !!!

Link : https://youtu.be/8tjGjjoxlPc?si=dJK_Zu7yPUP8i9qt

With love always
Lavender

How I love being a woman 🌸🍃✨   ගැහැණියක වීම කියන්නෙම මේ ලෝකේ සොඳුරුතම හැඟීම් අතුරින් එකක් !!! එහෙව් ගැහැණියක් මල් උයනක් ...
24/09/2025

How I love being a woman 🌸🍃✨

ගැහැණියක වීම කියන්නෙම මේ ලෝකේ සොඳුරුතම හැඟීම් අතුරින් එකක් !!! එහෙව් ගැහැණියක් මල් උයනක් ! ආදරේ දැනෙනකොට, ආදරේ විඳිනකොට ගැහැණු හින්දාම හරි ලස්සනට මල් පිපෙනවා.

ආදරණීය ගැහැණියක්, මේ සොබාදහමේ සුන්දරම, ලයාන්විත නිර්මාණයක් ...

ගෙයක් බිත්ති හතරක් වුණාට එතනින් එහාට ගිහින් ගෙයක් නිවෙන, සැනැසෙන, තැනක් වෙන්නේ ආදරණීය ගැහැණියක් හින්දා ! ගැහැණු නිසා ගෙයකට වුණත් එළිය වැටෙනවා, ඒ ගේ පිරෙනවා. පාට වෙනවා. සුවඳ වෙනවා. අන්ධකාරය මැකිලා යනවා. මේ ලෝකේ තාත්තලා වුණත් වැඩිපුරම ආදරේ දුවලට කියලා කියන්නේ කතාවට විතරක්ම නෙවේ.

ගැහැණු හින්දාම කොහේ හෝ තියෙන පුංචිම පුංචි හිස් මිදුලක් වුණත් මල් උයනක් වෙනවා ! කොහේ හෝ තියෙන පුංචි කුස්සියකින් උණුසුම් සුවඳක් එනවා. හැන්දෑ වරුවකට නොවරදවාම වගේ කෝපි කෝප්පයකින් දුම් දමනවා. ජනෙල් පඩියක වුණත් එක පෙළකට ලස්සනට පුංචි මල් පිපෙනවා. දිස්නේ ගහනකල් මැදලා සෝදපු සෙරමික් කෝප්ප පෙළක් රාක්කයක තියෙනවා. හැම සතිඅන්තයකටම වගේ නොවරදවාම සුවඳ හමන මල් මල් ඇතිරිල්ලකට මාරු වෙනවා. දවස ගාණේ කැබිනට්ටුවේ කොනක මල් පෝච්චියක් කැලෑ මල් කිණිත්තකින් පිරෙනවා.

ලැවෙන්ඩර්
24.09.2025

It's the little things, always 🍃✨ජීවිතේ එක් කාල සීමාවක් පහුකරලා අවසන් වුණාම අපි තේරුම් ගන්නවා, මේ අපේ ජීවිතේ බොහෝසෙයින්ම...
22/09/2025

It's the little things, always 🍃✨

ජීවිතේ එක් කාල සීමාවක් පහුකරලා අවසන් වුණාම අපි තේරුම් ගන්නවා, මේ අපේ ජීවිතේ බොහෝසෙයින්ම සන්තෝෂයට හේතුවෙන්නේ අතිශයින්ම සියුම් කාරණා කියලා...
අහලා තියෙනවානේ කතාවක්, Life is all about little things කියලා... නමුත් ශෝකයට හේතුව නම්, මේ කරුණු කාරණා බොහෝදුරට underrated !!! මේ සියුම් මොහොතවල්, මේ පුංචි පුංචි කරුණු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැති තරම් !
My loving child, please be thankful !!!! You are still alive 🥹🤍
සොබාදහමේ ලස්සනම මොහොතවල් තේරුම් කරන්න වචන නෑ ! හැන්දෑව වෙනකොට රත්තරන් පාටට හුරු උණුසුම් හිරු එළිය ගස්කොළන් හරි ආදරයෙන් වැළඳගන්නවා. හරි සනීපයට හුළං පාරකුත් කොහෙන්දෝ වගේ පාවෙලා එනකොට රූස්ස ගස් වල පුංචි පුංචි කොළ එක හුස්මට අමුතු සන්තෝෂයකින් නැළැවෙනවා. සොබාදහමේ ආශ්චර්යය ! මහ පොළොව පුරාවටම තියෙන්නේ මේ පුංචි පුංචි සෙවණැලි !!!
හැන්දෑවට ජනෙල් කවුළුවකින් වැටෙන හිරු එළිය හරි සනීපයි ! ඒ දිස්නය හරි ලස්සනයි... ඉර බැහැගෙන යනකොට මුළු අහසම එක එක පාටට හැරෙන හැටි බලාගෙන ඉන්න ඉන්න ආසයි !
මං හිතන්නේ අපිට හුඟක් දේවල් මග ඇරිලා ... ඒත් තව කල් ගන්නෙපා ! බලාගෙන ඉන්නත් එපා ! Life is not about waiting for the perfect moment !!!! It is about finding the beauty even in the smallest moment.

Lavender
22.09.2025

Cozy Home Guide | Part I 🤍🍃✨රැඳෙන්න, නිවෙන්න ආසම තැන ගෙදර කරගමු ද ? මේ ලෝකේ මනුස්සයෙක්ට නිවෙන්න පුළුවන් හොඳම තැන වෙන්න ඕ...
21/09/2025

Cozy Home Guide | Part I 🤍🍃✨
රැඳෙන්න, නිවෙන්න ආසම තැන ගෙදර කරගමු ද ?

මේ ලෝකේ මනුස්සයෙක්ට නිවෙන්න පුළුවන් හොඳම තැන වෙන්න ඕනා එයාගේ ගෙදරයි. සමහර හැඟීම් තියෙනවා අපිට වචන වලින් තේරුම් කරලා දෙන්නෙ අමාරුයි, සමහර වෙලාවට ඒ හැඟීම් වලටම කියලා ලෝකේ කිසිම ශබ්දකෝෂයක නියමිත හෝ ඊට ආවේණික වචනයක් නැහැ. නමුත් එහෙම හැඟීම් වගේම ඒ වගේ මොහොතවල් සමුදායක් අපි අත් විඳිනවා සේම අපේ ජීවිතේට මේවා බොහොම සමීපයි ! ඉතින් අද කතා කරමු, මේ වගේ නමක් නැති හැඟීම් සහ මොහොතවල් එක්ක කොහොමද ඉන්න ඉන්න ආස හිතෙන, නිවෙන, සැනසෙන ගෙයක් සරලවම හදාගන්නේ කියලා...

Textures & Materials

ඔයාගේ ගෙදර පුංචි corner එකක් හොයාගෙන පුංචි ලස්සන indoor plant එකක් හදාගන්න ! Plants make the vibe !!!!! ආදරයෙන් සාත්තු කරනකොට, පුංචි පැළය ටික ටික ලොකු වෙනකොට ඔයාට දැනේවී, හිස් වුණු space එකක් වුණත් සොබාදහමේ කොළ පාටින් කොයිතරම් නම් ලස්සන වෙනවාද කියලා ! Nature is magical !!!! මේ පැළයට rattan woven basket එකක් එකතු කරලා බලන්න ... නිකන්ම නිකන් ප්ලාස්ටික් මල් පෝච්චියක් ඇතුළේ හැදෙන පැළයකට වඩා වෙනස්ම විදිහේ cozy, aesthetic vibe එකක් ලැබෙනවා. ඔයාගේ space එකට soft textures එකතු කරන්න.. ඔයා ආසම හිත නිවෙන පාටකින් එන curtain එකක්, නිකන්ම තියෙන floor එකට ආසම විදිහේ rug එකක් එකතු කරලා බලන්න. Sofa එකක් වගේ නම් ටිකක් cozy විදිහේ Wool, linen මේ ඕනෙම material එකකින් throw blanket එකක්, pillows ටිකක් තියන්න.

Plants !!!! More plants !!! 🪴

ඔයාගේ ගේ ඇතුළට සොබාදහමින් බිඳක් ආදරයෙන් අරන් එන්න. ආදරයෙන් බලාගන්න. ගෙයක් වුණත් හුස්ම ගන්නවා. පණ තියෙනවා. ඉතින් පුංචි පැළ ටිකක් ආදරයෙන් සාත්තු කළා කියලා නම් කිසිම පාඩුවක් නැහැ. ගහක් කොළක් කියන්නෙම සැනසීමක් ! ඔයාට පෞද්ගලිකව සාත්තු කරන්න පහසු විදිහේ indoor plants ටිකක් හොයාගන්න. Golden Pothos කියන්නේ වැඩි සැලකිලි බලාපොරොත්තු වෙන්නේ නැති indoor plant එකක්. ඔයාට වතුර දාන්න දවසක් දෙකක් අමතක වුණා කියලා pothos ලා එක පාරටම තරහා වෙන්නේ නෑ. ඒ වගේම අලුත් පැළ හදාගන්නත් හරිම ලේසියි. Monstera deliciosa කියන්නේ ගෙදරක aesthetic vibe එක මිලියන ගුණයකින් වැඩි කරන්න පුළුවන් ඒ වගේම ටිකක් පරිස්සමට ආදරයෙන් බලාගන්න ඕනා පැළයක්. Snake plants කියන්නෙත් දවස ගාණේ වතුර දාන්න, සාත්තු සප්පායම් බලාපොරොත්තු වෙන්නේ නැති විදිහේ, ලේසියෙන් නඩත්තු කරන්න වගේම බෝ කරගන්න පුළුවන් plant එකක් !

Candles & Lighting 🕯️

Light some scented candles ! Soft lighting is key ! candles කියන්නේ cozy home එකක අනිවාර්යයෙන්ම තිබිය යුතුම essential දෙයක් ! ඔයාගේ ගෙදර පුංචි ලස්සන corner එකක් හදාගන්න ! මේක පුංචි පොත් රාක්කයක් වෙන්න පුළුවන්, ඔයාගේ study table එක වෙන්න පුළුවන්, coffee table එක වෙන්න පුළුවන් ! ඒ වගේ corner එකක් ලස්සනට හදාගෙන දවසකට පැය බාගයක් හරි මේ විදිහේ candle එකක් පත්තු කරලා තියලා බලන්නකෝ. ඔයාට දැනේවී අන්න ඒ මොහොත, මේ ලෝකේ වචන වලට පෙරළන්න බැරි විදිහේ හැඟීම් වලින් එකක් කියලා.කාලෙකට කලින් මේ විදිහට Glass jars වල එක එක සුවඳින් එන ඉටිපන්දම් කියන්නේ ටිකක් luxury home decor එකක් වුණා. හැබැයි දැන් එහෙම නැහැ, ඔයාගේ ගෙදර වෙනුවෙන් ඔයාගේ මානසික නිදහස වෙනුවෙන් යම් මුදලක් invest කරන එකේ කිසිම ගැටලුවක් නෑ... ඔයා ආසම සුවඳකින් glass jars වල එන scented candles කීපයක් මිලදී ගන්න . ආසයි නම් පොඩි vintage vibe එකක් දෙන විදිහේ candle holder එකක් අරන් බලන්න. Glass jar එකක එන candle එකක් කියන්නේ නිකන්ම නිකන් ඉටිපන්දමකට වඩා අපේ ගෙදර cozy vibe එක ගොඩාක් වැඩි කරන්න පුළුවන් විදිහේ magical home decor item එකක්.

Personal Touch 🎞️

ගෙදරක් කියන්නේ ප්‍රීතිමත් හැඟීමක් ! ආදරයෙන්, කාරුණිකත්වයෙන් සහ සන්තෝෂයෙන් නිර්මාණය වෙන තැනක් ! ඉතින් ගෙයක් වුණත් හුස්ම ගන්නවා ! පණ තියෙනවා ! ඉතින් ඒ අවකාශය ඇතුළේ ඔයාගේ ආදරණීයයන් සහ ඒ මතකයන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉඩක් නිර්මාණය කරන්න. මොකද, එහෙම ඒ මතකයන් ඔයා ජීවත් වෙන තුරාවටම දකින වාරයක් පාසා ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න ඔයාට හේතුවක් හොයාගන්න පුළුවන් වේවී. අනිවාර්යයෙන්ම ගෙදරකට personal touch එකක් ඕනා ! ලස්සනම මතකයන් රාමු කරන්න. පුංචි photo wall එකක් හදාගන්න. මේක lifetime ඔයාට සිහිවටනයක් වේවී ! ඔයා creative කෙනෙක් නම් ඔයාගේ painting එකක් වෙනුවෙන් ඔයාගේ ගේ ඇතුළේ ඉඩක් වෙන් කරන්න. ඔයා ආසම mugs ටිකක් ඔයාගේ kitchen එකේ පොඩි ඉඩක් අරගෙන ලස්සනට arrange කරගන්න. මේවා සල්ලි කීයක් දීලාවත් මේ ලෝකේ වෙන කොහෙන්වත් ගන්න බැරි විදිහේ therapies 🤍

Cozy home එකක් කියන්නේ හුඟක් දෙනෙකුගේ ලස්සනම හීනයක් ! කතා කරන්න නම් තව ගොඩාක් දේවල් තියෙනවා. දිගටම බලාගෙන ඉන්න lavender diaries වලින් මේ වගේ ලස්සන දේවල් ගැන ඉස්සරහට ලියන්නම් !

Video Link : https://youtu.be/YQHh5-MZtmk?si=PPlVO_L-yzVrhZlk
Youtube Aesthetic Vlogs | Lavender diaries

ලැවෙන්ඩර්
21.09.2025

September Diaries 🤍🍃   අපි ටිකින් ටික පරිණත වීමත් සමඟ අවබෝධ කරගන්නවා, අපේ මානසික නිදහස තරම් ප්‍රීතිමත් මෙන්ම සුවදායක හැඟ...
18/09/2025

September Diaries 🤍🍃

අපි ටිකින් ටික පරිණත වීමත් සමඟ අවබෝධ කරගන්නවා, අපේ මානසික නිදහස තරම් ප්‍රීතිමත් මෙන්ම සුවදායක හැඟීමක් තවත් නෑ කියලා.. තමුන් තමුන්ටම කාරුණික වීම තරම් ආශ්චර්යක් තවත් නෑ කියලා....
මේ මොහොත වෙනකොට අපේ ජීවිතයේ ලොකුම සන්තෝෂය, අතිශයින්ම වෙහෙසකර සතියක් අවසානයේදී කිසිම සැලසුමකින් තොරව ගත කරන උදාසීනම ඉරිදා හවස් වරුවක් වෙන්නත් පුළුවන්.

The Art of Noticing Details 🤍🍃✨මේ සොබාදහමේ තියෙන අතිශයින්ම සාමාන්‍ය අංශුමාත්‍රික දෙයක පවා තියෙන්නේ හරිම අපූරු ආශ්චර්යයන්...
18/09/2025

The Art of Noticing Details 🤍🍃✨

මේ සොබාදහමේ තියෙන අතිශයින්ම සාමාන්‍ය අංශුමාත්‍රික දෙයක පවා තියෙන්නේ හරිම අපූරු ආශ්චර්යයන් ! සොබාදහම කියන්නෙම අපූරුවත්වය !
හිරුඑළිය, වැහබිංදු, මල්පෙති, මේ මහපොළොව, ගහකොළ මේ හැමදෙයක්ම ආශ්චර්යයන් !
ඒ හැමදෙයකම තියෙන සුන්දරත්වය මගේ ගැලරි එකට එකතු කරගත්තු එක තමා මගේ comfort hobby එක !

ගෙදර කියන්නේ සදාකාලිකවම නවාතැනක් ද ? නැතිනම් ඊට එහා ගිය ලස්සන හැඟීමක් ද ? ඒක ඇත්තටම සුන්දරම නිවීමක් 🍃✨
15/09/2025

ගෙදර කියන්නේ සදාකාලිකවම නවාතැනක් ද ? නැතිනම් ඊට එහා ගිය ලස්සන හැඟීමක් ද ?

ඒක ඇත්තටම සුන්දරම නිවීමක් 🍃✨

ජීවිතේ වෙනස්ම විදිහකට document කරනවා කියන දේ ඇතුළේ තියෙන්නේ හරිම අපූරු හැඟීමක් ! Lavender diaries, aesthetic content වලට...
14/09/2025

ජීවිතේ වෙනස්ම විදිහකට document කරනවා කියන දේ ඇතුළේ තියෙන්නේ හරිම අපූරු හැඟීමක් !
Lavender diaries, aesthetic content වලට ආස අය හැමෝටම 💌✨

https://youtube.com/?si=tjb7L_9tWTtXhlfz

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when ලැවෙන්ඩර් - Lavender posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ලැවෙන්ඩර් - Lavender:

Share