Global Times News

Global Times News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Global Times News, Media/News Company, WTC, Padukka.

04/08/2026

මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පැහැදලි කරයි.

03/08/2026

මහර බන්ධනාගාරයේ 'නොසන්සුන්තාව' අතරතුර දේපළවලට හානි සිදුව තිබුණු අයුරු.

03/08/2026

පොතට පොත් තබා යතුරු පැදි ධාවනයේ යෙදෙන පිරිසක්.මොවුන්ට ක්‍රියාත්මක විය යුත්තේ කවර නීතියක්?

01/08/2026

මරණ දණ්ඩන තීන්දුවෙන් පසුව පූජිත ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු. යන අය බන්ධනාගාරය වෙත රාත්‍රියේම රැගෙන යනු ලැබුවා.එහි සජීවී දර්ශන..

01/08/2026

සමහර පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය ශ්‍රී ලාංකීය ජන සමාජයේ සංස්කෘතිය උඩු යටිකුරු කරයි. .
මෙය තවත් කෙනෙකු අපහසුතාවයට පත් කිරීමට දරන උත්සාහයක් නොවේ.

🔴 Breaking News - හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කෙරේපාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත...
31/07/2026

🔴 Breaking News - හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කෙරේ

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළා.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාරගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර වරදකරු කරන බවයි.

බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ''පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. අදාල කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ඉර්දින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා" යනුවෙන් සඳහන් කළ බහුතර විනිසුරු මඩුල්ල විත්තිකරු සිදුකර තිබෙන වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් සඳහන් කළා.

සුලුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විරාජ් විරසූරිය විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත් නිවේදනය කළා.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා

31/07/2026

වැලිගම ප්‍රදේශයේ ඉදිකිරීම් අතරතුර තරුණයකු අධිබලැති විදුලි සැර වැදීමෙන් මිය යන ආකාරය CCTV කැමරා තුළ සටහන් වූ සංවේදී දර්ශන..

29/07/2026

සාධූ නාද මධ්‍යයේ අලංකාර පෙරහැරකින් වැඩම කරවනු ලැබීය.

අනතුරුව ආචාර්ය දමෙන්ද පෝරගේ මැතිතුමා විසින් උත්තම බුද්ධ ප්‍රතිමා වහන්සේට ප්‍රථම පුශ්පෝහාර දැක්වීමෙන් පසු පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ ආගමික, සංස්කෘතික හා සමාජ සබඳතා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පූජ්‍ය බලංගොඩ සීලරතන හිමි සහ පූජ්‍ය ගැට අරළුවේ ඤාණානන්ද හිමි විසින් ආගමික වතාවත් ආරම්භ කරනු ලැබීය.

පංචශිලයේ පිහිටුවෙන් පසු සියලු සම්බෝධි දරුවන් හා සපැමිණි සියලු සුපින්වතුන් උදෙසා දම්සක් පැවතුම් සුත්‍ර දේශනාවෙන් පසු දම්සක් පැවතුම් සුත්‍රය ඇසුරින් ධර්ම අධ්‍යාපන සැසිය ආරම්භ කිරීමට පෙර, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ ලේඛකාධිකාරිනී ආචාර්ය ශර්මිලා මිල් රෝයි මැතිණිය ශ්‍රී සම්බෝධි දහම් පාසලේ දූ දරුවන් සමඟ සුහද සිසු පිළිසඳරක නිරත වූ අතර, එය දරුවන්ගේ චිත්ත සංවර්ධනය හා ආත්ම විශ්වාසය වර්ධනය කිරීම අරමුණු කරගත් සුවිශේෂී මනෝවිද්‍යාත්මක උපදේශන සැසියක් ලෙස පැවැත්විණි.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පාලි භාෂාවේ මූලික ආශ්‍රයන් සමඟ සරල හා ආකර්ෂණීය සිංහල බසින් දරුවන්ට හඳුන්වා දීම, ඔවුන් තුළ සදාචාරාත්මක වටිනාකම්, යහපත් ගුණධර්ම සහ ධර්මානුකූල ජීවන දැක්මක් වර්ධනය කිරීමයි. මේ තුළින් පුරාණ ඉන්දියානු ධර්මභාෂිත වු පාලි බස ඉගෙනිම පිළිබඳ ආශාව දරුවන් තුළ රෝපණය කිරීම මෙම වැඩසටහනේ දූර්දර්ශි අරමුණක් විය.

වැඩසටහන සඳහා සහභාගී වූ දූ දරුවන් ඉතා උනන්දුවෙන් හා සතුටින් සියලු ඉගෙනුම් ක්‍රියාකාරකම්වල නිරත වූ අතර, පාලි ගාථා, ධර්ම කරුණු සහ දෛනික ජීවිතයට අදාළ සාරධර්ම සරල හා ප්‍රායෝගික ආකාරයෙන් ඔවුන් වෙත පැහැදිලි කර දෙන ලදී.

29/07/2026

අකුරැස්ස බංගම පොලිසියේ බල ප්‍රදේශයේ බෝලියද්ද ප්‍රදේශයේදී තරුණයෙකුට සිදු කරන පහර දීමක් ජංගම දුරකථනයක මෙලෙස පටිගත වී තිබුණා.......

29/07/2026

කාවඩි අවසර..රණ්ඩු කරොත් හිරගෙට. ..

Address

WTC
Padukka

Telephone

+94701566000

Website

Alerts

Be the first to know and let us send you an email when Global Times News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Global Times News:

Shortcuts

Share