SL update

SL update Local News, Arts , Gossips , Politics , Education ,World News, Fun Facts all you need to know to com

18/03/2020

Italy, on Wednesday, reported 475 new deaths, the highest one-day toll of any nation.

18/03/2020

coronaviruses are a family of viruses that cause disease in animals. Seven, including the new virus, have made the jump to humans, but most just cause cold-l...

අපි රටක් ලෙස LockDown විය යුතුද ?රටක් එක පාරටම ලොක්ඩවුන් කරනවා කියන්නේ. ආර්ථික චක්‍රය හිටිවනම නැවැත්වීමක්. මෙහි අනිවාර්ය...
17/03/2020

අපි රටක් ලෙස LockDown විය යුතුද ?

රටක් එක පාරටම ලොක්ඩවුන් කරනවා කියන්නේ. ආර්ථික චක්‍රය හිටිවනම නැවැත්වීමක්. මෙහි අනිවාර්ය දරුණු අතුරු ඵල සහිතයි. ඒ තීරණය ගන්න, හේතු වෙන්න ඕනේ. එයින් වෙන හානියට වඩා වයිරස් ආසාදනයෙන් වෙන හානියේ බර වැඩිද කියල මිසක් ෆේස් බුක් රැලි නෙමෙයි.

සාමානයෙන් වසංගත රෝග තත්වයකදී සක්‍රිය රෝගීන්/ නව රෝගීන්ට එදිරිව කාලය හමුවේ වක්‍රයක් ඇන්දොත් එය ලාක්ෂණික බෙල් හැඩය ගන්නවා. ඊට හේතු වෙන්නේ. මේ ස්වභාවික ක්‍රියාවලින් බොහෝදුරට සංඛ්‍යාන විද්‍යාවට අනුව පොයිසෝන්, ජියෝමට්‍රික් හෝ බයිනොමියල් අනුකුලතා පෙන්වීම. ඒ බව මේ දිනවල සංසරණය වෙන ප්‍රස්ථාරය උදාහරණ විදිහට ගන්න පුළුවන්. උදා: වක්‍රය 1.

රටක් එය මර්ධනයට ක්‍රියාමාර්ග ගන්නවද නැද්ද, ඒ ක්‍රියාමාර්ග ඵලදායිද කියන එක අනුව, මෙහි h උස, d1 දුර, d2 දුර, 1මු/2වන අර්ධයන්ගේ හැඩය (උත්තල හෝ අවතල වීම) තීරණය වෙනවා.

දැන් ප්‍රශ්නේ තියෙන්නේ, රටක් විදිහට ලොක් ඩවුන් තිරනය ගත යුත්තේ ඇයි කොතනදීද කියන කාරණය.

ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර හොයාගත්තොත් කොතනදීද කියන ප්‍රශ්නයටත් පිළිතුර ලැබෙනවා.

අපි ලොක්ඩවුන් කිරීමේ තීන්දුව ගැනීමට සාධක කීපයක් සැලකිය යුතු වෙනවා.
එය වසංගතයක් ලෙස රාජ්‍ය පාලනයෙන් මිදිලා, රාජ්‍ය සම්පත් යොදාගෙන රෝගීන් ලුහු බැඳීමේ (track) සිමාව පැනිම.

මෙය බාහිරට නිරීක්ෂණය වෙන තත්වයක් තමයි රෝගීන් ගණන ඉතාම ඉක්මනින් 50 (මගේ විශ්වාසය අනුව)
- වාහක 50 වීම (රෝගීයෙක් කියන්නේ ඔහු වාහකයෙක් වෙනනත් පුළුවන් නොවෙනන්ත් පුළුවන්) සහ
- එහි එක් වාහකයෙක් අවම 5ක් වූ වාහක පිරමිඩයක් නිර්මාණය කිරීම
යන සීමාවට පැමිණීම සහ බෙල් වක්‍රය අවතල හැඩයක් ගැනීම. උදා වක්‍රය 2.

මේකට හේතුව තමයි. සාමානයෙන් වයිරස් වසංගතයක වාහකයෙක් සහ ආසාධිතයෙක් ඉන්නවා. ආසාධිතයෙක් තමන්ටම ආවේනික රෝගී පිරමිඩයක් නිර්මාණය කරනවා (බෝ කරනවා). දැන් අපි බලන්න ඕනේ. ලංකවේ මෙතෙක් සොයාගත් ආසාධිතයින් වාහකයින් ලෙස ඔවුන්ගේ පිරමිඩය සහ එම පිරමිඩය තව දුරටත් රාජ්‍ය පරිපාලනයට ලුහු බැඳීමේ (track) කිරීමේ සීමාවේද තියන්නේ කියල.

ඕනේ කෙනෙක් දැනුවත්. මෙතෙක් සොයාගත් රෝගීන් හුදකලා (රැන්ඩම්), ඔවුන්ට දේශීයව පිරමිඩයක් හැදීමේ හැකියාව උපරිමයෙන් අවමයි (හේතුව ඔවුන් ගුවන් තොටුපලෙන්ම නිරෝධානය කරා රැගෙන ගියා) සහ සොයා නොගත් රෝගීන්ගේ එම විය හැකියාවන්. මගේ විශ්වාසය රජය මේ වෙනවිට, ඔවුන්ගේ පිරමිඩය හොදින් පාලනය කරනවා සහ විය හැකියාවන්ට ඇති ඉඩකඩ වසා තියෙනවා. රුපය 5.

මෙන්න මේ අනුව, විශේෂඥයන්ට පුළුවන්. පෙරයිමේ දත්ත ප්‍රස්තාරයක්අදින්න. ඒ අනුව ඉදිරි දින කීපය වක්‍රය අවතල වෙනවා නම් අනිවාර්යෙන්ම ලොක්ඩවුන් කල යුතුයි. එසේ නොවෙනවා නම්, ලොක් ඩවුන් කරා කියල අලාභයක් මිසක් ලාභයක් නැහැ. හොදට මතක තියාගන්න, අපි තාම ඉන්නේ මේ බෙල් හැඩයේ වක්‍රයේ මුල. මගේ පෙරයිම අනුව, අපිට අවම මාස 2ක් වත් මේ ගමන ඇදගෙන යන්න ඕනේ.

රෝගීන් සතියක් තුල 22ක් වෙලා අපි දැන්මම ඒ තීරණයට යනවා මේ රෝගීන් ගණන 50 වෙද්දී. 100 වෙද්දී ගන්න ඕනේ තීරණ මොනවද? ඊට පස්සේ ඉතුරු වෙන්නේ එක එකා මුහුදට පනින එක හෝ රටක් විදිහටම මුහුදේ ගිලින එකද?

------------------

ජපාන උදාහරණය: https://covid19japan.com/

ජපානයේ මේ වනවිට 2020 ඔලිම්පික් උළෙල වෙනුවෙන් විශාල බලාපොරොත්තු ඇතිව ක්‍රියාත්මක වෙන රටක්. එය නැති වුනොත් ඔවුන්ට විය හැකි පාඩුව ඇ $ බිලියන 20 අධිකයි. සමස්ත පාඩුව 30 ඉක්මවයි. ජපානෙත් අපිට කලින් මේ වයිරස් වසංගතයට මුහුණ දුන්නා. ඔවුන්ගේ නව රෝගීන් සංඛ්‍යාව 661යි. ඔවුන් ගත්තු ක්‍රියාමාර්ග

1. පාසල් නිවාඩු දීම
2. පොදු සෙනග රැස්වීම අවලංගු කිරීම
3. කාර්යාල හැකි තරම් ගෙදර සිට වැඩ කිරීමට උනන්දු කිරීම
4. තෝරාගත් රටවලට සංචාරක සිමා (අදියර 1, 2 සහ 3 ආදී ලෙස) පැනවීම.
5. කාර්යාල තුල රැස්වීම් සාමාන්‍ය එකතුවීම් 5 හෝ ඊට වැඩි නම් ඒවා නැවත්වීමට යෝජනා කිරීම

මේ සුළු ක්‍රියාමාර්ග ටිකට පිං සිද්දවෙන්න, ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. බෙල් වක්‍රයේ උත්තල (වේගය මන්දනය කරගැනීමට) කරගැනීමට අමතරව ඉදිරි දින කීපය තුල එහි අපගමන දිශාවට ලඟා වීමට.

ඔලිම්පික් වල ඇති වැදගත්කම නිසාවෙන් රටම ලොක් ඩවුන් කරල කොරෝනා ව්‍යාප්තිය වලක්වන්න පුළුවන් නම් ඔවුන් ඒ තීරණය අරගන්නේ මිට සැහෙන්න දවසකට කලින්. නමුත් ඒ එක්කම මේ වසංගත සිමාවෙන් පසු දුවන්න රටක ආර්ථිකයේ අත්‍යවශ්‍ය කාරණා සක්‍රියව තියාගන්න ඕනේ.

චීනයත් එහෙමයි. ඔවුන් අර රෝහල් වහල ලොකු ප්‍රචාරණයක් අරන් ගියෙත් ඔවුන්ට තව දුරටත් ලෝක්ඩවුන් වෙලා යාමේ සිමාව පැන්නුව නිසා. ඔවුන් ඔය රෝහල් වහන් ප්‍රචාරණය දෙනකොටත් ඔවුන්ගේ සක්‍රිය රෝගීන් 20,000 හිටියා. කවුරුත් සුදු ගෑණු ටිකක් මුඛවාඩම් ගලවගෙන ආතල් දෙන එකෙන් චුන් වුනා මිසක් හොයුඅල බැලුවේ නැහැ අර 20,000 ඉන්නේ කොහෙද කියල. ඇත්තටම ඔවුන් කරේ එක අතකට, ජාත්‍යන්තරයට මානසික ප්‍රයෝගයක් කියලයි මම හිතන්නේ. ඔවුන්ටත් ලොක්ඩවුන් කරලා අල්ලන් යන්න බැරි එකේ අපි ගැන කවර කථාද...?

ඉතාලිය: ලොක් ඩවුන් කරේ මාර්තු 9. ඒ වනකොට ප්‍රමාදයි නමුත් ඔවුන් ඒ වෙනකොට රෝගීන් > 7500 වාර්තා කරල තිබුනා.
ජපානය පවත්නා තීරණ යටතේ, රෝගය අද වෙනකොට උපරි සීමාවට ඇවිල්ල. ඉදිර දින කීපය එහි 2න අර්ධයට පැමිණේවි.

ලොක් ඩවුන් කිරීමට වඩා වැදගත් මිනිස්සුන්ගේ ස්වයං විනය පවත්වා ගැනීම. ස්වයං විනය පවත්වාගන්න බැරි රටකට ලොක් ඩවුන් කරා කියල කරන්න පුලුවන් දෙයක් නැහැ. ජපානයේ වුනේ ස්වයං විනය ඉතාම ඉහල වීම. ඉතාලියේ එවුන් ස්වයං විනය පනවා ගත්තේ පෙරහැර ගියාට පස්සේ.

දැන් අපි කරන්න ඕනේ. අපි ජපානයේ මාර්ගය තොරගන්නවද, ඉතාලියේ මාර්ගය තොරගන්නවද කියල. ඒ තිරනය වෙන්නේ. අපි වගකීම සහගත වෙන ප්‍රමාණය මත.

https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SL update posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL update:

Share