
24/07/2025
2021 වසරේ කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපති දර්ශනී ළහඳපුර සහ නීතිපතිවරයා මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24 වැනිදා) තීන්දු කළේ ය.
ඊට අමතරව අදාළ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන් ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට නියම කළේ ය.
එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.