Live Breaking News Lanka

Live Breaking News Lanka Provide the hot news all of people just time

මිනීමැරිමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පනවා ති...
07/10/2025

මිනීමැරිමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තහවුරු කළේ ය.

අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතීඥයින් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

/මිනීමැරිමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තහවුරු කළේ ය.

අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතීඥයින් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ජූලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කෙරුණු ජූලම්පිටියේ අමරේ නමැත්තාට 2019 වසරේ තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

ඉන්ධන මිළ සංශෝධනය කෙරේ..2025/09/30
30/09/2025

ඉන්ධන මිළ සංශෝධනය කෙරේ..2025/09/30

 #තාජුඩීන්_ඝාතනයට_පැමිණි_කණ්ඩායම_අතර_මිද්දෙණියේදී_ඝාතනය_වූ_කජ්ජා_සිටි_බවට_තහවුරු_වෙයිරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ...
30/09/2025

#තාජුඩීන්_ඝාතනයට_පැමිණි_කණ්ඩායම_අතර_මිද්දෙණියේදී_ඝාතනය_වූ_කජ්ජා_සිටි_බවට_තහවුරු_වෙයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනය ලක් වු අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකිව සිටි පුද්ගලයා ඔහු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය

 #ශෂීන්ද_රාජපක්ෂ_තවදුරටත්_රක්ෂිත_බන්ධනාගාර_ගත_කෙරේ.අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ම...
30/09/2025

#ශෂීන්ද_රාජපක්ෂ_තවදුරටත්_රක්ෂිත_බන්ධනාගාර_ගත_කෙරේ.
අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කළා.

සැකකරුට බන්ධනාගාර රෝහලේ දී සහ වෙනත් රෝහල් වලදී ලබා දුන් ප්‍රතිකාර පිළිබඳ පූර්ණ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

2021 වසරේ කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ ව්...
24/07/2025

2021 වසරේ කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපති දර්ශනී ළහඳපුර සහ නීතිපතිවරයා මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24 වැනිදා) තීන්දු කළේ ය.

ඊට අමතරව අදාළ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන් ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට නියම කළේ ය.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.

 #මීමුරේදී_වෑන්_රථයක්_පෙරළීමෙන්_මිය_ගියගණන_04ක්_දක්වා_ඉහළටමීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේ ඊයේ (19) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙ...
21/07/2025

#මීමුරේදී_වෑන්_රථයක්_පෙරළීමෙන්_මිය_ගියගණන_04ක්_දක්වා_ඉහළට

මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේ ඊයේ (19) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ.

මීරිගම ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා මී මුරේ ගම්මානයට ගමන් කරන අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබුණි.

අනතුරට පත් වෑන් රථය අධික බෑවුම් සහිත ප්‍රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පෙරළී ගොස් යළි ප්‍රධාන මාර්ගය අසළ නැවතී තිබේ.

අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු අයත් වේ.

එමෙන්ම තවත් කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

අනතුර සිදුවූ අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 6 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව රථයේ සිටි පුද්ගලයින් මුදවා රෝහල් ගත කිරීමටද පියවර ගැනුණි.

 #සහාකාර ප්‍රාදේශීය # #ලේකම්_ඝාතනයයාපනයේ චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලිනී සදීසන්ගේ මරණය සම්බන්ධයෙන් ඇයග...
21/07/2025

#සහාකාර ප්‍රාදේශීය # #ලේකම්_ඝාතනය
යාපනයේ චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලිනී සදීසන්ගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාව කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (19) දින යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025 පෙබරවාරි 15 වන දින, ඇය සිය නිවසේ නිදා සිටියදී ගින්නකට හසුවී පිලිස්සුම් තුවාල ලබා මියගොස් සිටි අතර, එම අවස්ථාවේදී ඇයගේ සැමියා රෝහලට සහ පොලීසියට ප්‍රකාශ කර තිබුණේ රාත්‍රියේදී මදුරු දඟරයක් දැල්වීමට යාමේදී ඇගේ සිරුරට ගිනි ඇවිලුණු බවයි.

කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් පවතින බව මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මව, පියා ඇතුළු ඥාතීන් විසින් කෝපායි පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසුව පොලිස් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇගේ සැමියා විසින් ඇගේ සිරුරට ගිනි තබා ඇයව ඝාතනය කර ඇති බවයි.

 #අස්වැසුම_අභියාචනා_පිළිබඳව_දැනුම්දීමක්අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට (21) දිනයෙන...
20/07/2025

#අස්වැසුම_අභියාචනා_පිළිබඳව_දැනුම්දීමක්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට (21) දිනයෙන් අවසන් වනවා.

අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බව සඳහන්.

අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය හැකියි.

අනතුරුව එම අභියාචනා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට යොමු කර සමාලෝචනයට ලක් කිරීමට නියමිතයි.

09/04/2025



08/04/2025
24/02/2025

😡😡ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් ලක්ෂ 1800 ක් රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක කටයුතු වලට ලබාගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

එම චෙක් සියල්ල අත්සන් කරගෙන තිබෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වූ දිනට පෙර දින දහවල් 2 න් පසුව බව අනාවරණය වී ඇත. ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති පසිදු ගුණරත්නගේ අත්සන සහිතව මෙම චෙක් පත් නිකුත් කර බවද එහිදී හෙළිවිය. සභාපතිට එහා පැත්තේ ඉන්නේ සුදුසුකම් නැතිව හොරට දේසපාලන හිතවත්කම් මත පත්විම් ගත්ත ඩැල් එකක්

සභාපතිවරයා බලපෑම් කළ නිසා වියදම් සහතික කළ බවත් එසේ නොකළේ නම් තමන්ට ස්ථාන මාරු ලබාදෙනු ඇතැයි සිතූ බවත් තරුණ සේවා සභාවේ නිලධාරීහු කෝප් කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.

මේ ආකාරයට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තරුණ සේවා සභාවට අයත් මුදල් රුපියල් කෝටි ගණනක් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරය සදහා වියදම් කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

කජු සීයා රට කාපු හැටි

උදේ පාන්දරම ,මුළු රටේම හදවත් නතරකල පුවතඋපුටා ගැනිම Newsfirst.lk
24/01/2024

උදේ පාන්දරම ,මුළු රටේම හදවත් නතරකල පුවත
උපුටා ගැනිම Newsfirst.lk

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Live Breaking News Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Live Breaking News Lanka:

Share