
19/04/2024
වැඩිම වාර ගණනක් නැරඹූ මෙහෙයුම් පද්ධති ඡායාරූපය
වැඩිම වාර ගණනක් නැරඹූ මෙහෙයුම් පද්ධති ඡායාරූපය
අමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර ස්ථාපිත තාක්‍ෂණික දැවැන්තයා මයික්‍රොසොෆ්ට් කෝපරේෂන් (Microsoft Corporation) සමාගමයි. ලොව ප්‍රකට Windows පරිගණක මෙහෙයුම් පද්ධති (Operating System) නිෂ්පාදන සමඟමක් ලෙස විරුධාවලිය ලත් මයික්‍රොසොෆ්ට්, Windows Xp - සිය 9 වෙනි මෙහෙයුම් පද්ධතිය (OS) 2001 වසරේදී වෙළඳපලට නිකුත් කළා.
මෙම Windows Xp මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබුණ සුවිශේෂී අංගයක් ලෙස නීලවර්ණ අහසක් සහ හරිත පැහැති තැනිතලා භූමියකින් සමන්විත ‘ Desktop Background’(පරිගණකයක, ස්මාර්ට් දුරකතනයක හෝ ඩිජිටල් තිරයක එහි පසුබිමට යොදාගන්නා රූපය) දක්වන්නට පුළුවන්.
1996 වසරේදී චාල්ස් ඕ'රෙයාර් නැමති ඡායාරූප ශිල්පියා සිය කැමරාවට හසු කරගත් එම අලංකාර භූමි දර්ශනය 'Bliss' (බ්ලිස්) යන නමින් හැඳින්වූවා. ලොව වැඩිම වාර ගණනක් නරඹා තිබෙන මෙහෙයුම් පද්ධති ඡායාරූපය (Desktop Background/Wallpaper) බවට මෙකී අලංකාර භූමි දර්ශනය පත්වූවා.
එනමුත් ඡායාරූප ශිල්පී චාල්ස් ඕ'රෙයාර් හට සැලකිය යුතු මුදලක් එමඟින් උපයාගත නොහැකි වූවා. මෙකී පින්තූරය ‘කෝබිස්’ නම් (Stock Web) ස්ටොක් වෙබ් අඩවියකින් මයික්‍රොසොෆ්ට් ආයතනය මිලදී ගෙන තිබීම මෙයට හේතුවයි.