Sandamadhavee Publishers

Sandamadhavee Publishers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandamadhavee Publishers, Publisher, Colombo.

18/09/2026

කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය - 2026

ඉතින් ඔන්න තව ඉතිරිව ඇත්තේ දින හතක් පමණයි..! 🤩

අලුත්ම සහ ජනප්‍රිය ඔබ සොයන විවිධ ශානරයේ නවකතා විශාල ප්‍රමාණයක් එකම තැනකදි..

ඉතින් එහෙනම් ඔන්න සඳමාධවී අපි ඉන්නවා ආදරණීය පාඨක ඔබ වෙනුවෙන්ම K ශාලාවේ කුටි අංක 20 තුළ.

සැප්තැම්බර් 25 - ඔක්තෝබර් 4 දක්වා උදෑසන නවයේ සිට රාත්‍රී නවය දක්වා..

ඉතින් එහෙනම් අපි සුපුරුදු ළෙංගතුකම් සමගින් ආයෙමත් හමුවෙමු ❤️

සියලුම විස්තර විමසීම්
සඳමාධවී ප්‍රකාශකයෝ
0764135000

17/09/2026

සහෝදරා ප්‍රී ඕඩර් කරපු අයගේ පොත් ඇතුළෙන් මේන් මෙහෙම කලූත් එබිලා බලනවලු හොඳේ ❤️

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් සඳමාධවිය වෙතින් පාඨක ඔබට පිදෙන සිව්වන ත්‍යාගයDearest Kyle - තරුමිණි වික්‍රමසිංහමිල 14...
16/09/2026

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් සඳමාධවිය වෙතින් පාඨක ඔබට පිදෙන සිව්වන ත්‍යාගය

Dearest Kyle - තරුමිණි වික්‍රමසිංහ

මිල 1400/-

වෙනස්ම ශානර වල නවකතා රැසක් ඔබට තිලිණ කළ සඳමාධවීයේ සැප්තැම්බර් මස සිව්වැන්නා.ඔයාලා හැමෝම හොලිවුඩ් ක්ලැසික් රොමෑන්ස් චිත්‍...
15/09/2026

වෙනස්ම ශානර වල නවකතා රැසක් ඔබට තිලිණ කළ සඳමාධවීයේ සැප්තැම්බර් මස සිව්වැන්නා.

ඔයාලා හැමෝම හොලිවුඩ් ක්ලැසික් රොමෑන්ස් චිත්‍රපටි බලලා ඇති...ඒත් ඒ වගේ කතාවක ලාංකික තරුණියක් ඉන්නවා දැකලා තියෙනවද?

වෙනදා හොලිවුඩ් සිනමා පටවලින් පමණක් විඳි ආදර කතාවක රසය, මේ සැප්තැම්බරයේදී සිංහල අකුරු අතරින් විඳගන්න ශ්‍රී ලාංකික පාඨක ඔබට අවස්ථාවක් ලැබෙන්නයි යන්නේ...

ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු කන්ට්‍රි සංගීත තරුවක්...

ඔහුගේ ලෝකයෙන් බොහෝ එපිට සිටින ශ්‍රී ලාංකික තරුණියක්...

සංස්කෘතීන් දෙකක්...
සමාජයන් දෙකක්...
එකිනෙකට හාත්පසින්ම වෙනස් ජීවිත දෙකක්...

ඒත් ආදරය විශ්වීය භාෂාවක් වෙද්දි ඒ ආදර කතාවට කුමක් සිදුවෙන්න ඇත්ද..

එහෙනම් අනුමාන කරමු...
සඳමාධවී වෙත මේ සැප්තැම්බරයේ අලුතින්ම එකතු වෙන අමුත්තා කවුද කියලා...

14/09/2026

දෙහි ඇටයාගෙයි කලූගෙයි ආදරේ..

සහෝදරා ❤️

එහෙනම් ඒ ආදරේ ආයෙම කියවන්න ඕනේ අය 0764135000 කියන අපේ සඳමාධවී වට්සැප් එකට මැසේජ් එකක් දාන්නකෝ.

කතෘ අත්සන එක්ක පොත එක්ක ලස්සන බුක්මාක් එකකුත් ලැබෙනවා 🤩

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් සඳමාධවිය වෙතින් පාඨක ඔබට පිදෙන සහෝදරා නවකතාව අද පටන් සඳමාධවී ප්‍රකාශකයෝ වෙතින් ඇණවුම්...
13/09/2026

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් සඳමාධවිය වෙතින් පාඨක ඔබට පිදෙන සහෝදරා නවකතාව අද පටන් සඳමාධවී ප්‍රකාශකයෝ වෙතින් ඇණවුම් කළ හැක.

ඇණවුම් කරන සෑම පොත් ඇණවුමකටම ආකර්ෂණීය වට්ටමකුත් ලබාදෙන්න අප සූදානම්.

** එක පොතක් මිලදීගත්තත් වට්ටම හිමිවේ.

*** COD පහසුම සහිතයි.

*** පෙර ඇණවුම් සඳහා බෙදාහැරීමේ ගාස්තු 400/- ක් පමණී.

වෙනස්ම ශානර වල නවකතා රැසක් ඔබට තිලිණ කල සඳමාධවීයේ සැප්තැම්බර් මස තෙවැන්නා..සහෝදරා - ඉමේෂා මාධවී මල්ලව ආරච්චිමිල 1500/-සම...
13/09/2026

වෙනස්ම ශානර වල නවකතා රැසක් ඔබට තිලිණ කල සඳමාධවීයේ සැප්තැම්බර් මස තෙවැන්නා..

සහෝදරා - ඉමේෂා මාධවී මල්ලව ආරච්චි

මිල 1500/-

සමහර සහෝදර බැඳීම් කියන්නේ ලෝකෙටම එකයි..!
--------------------------------

මම තේ එක අතට අරගෙන හවස යන කාටුන් ටික බලන්න හිතාගෙන පුටුවට පස්ස තිබ්බා විතරයි..!

“මියාව්වහ්හ්..! ව්යෑව්හ්හ්..!”

ගාගෙන මොකෙක්දෝ සතෙක් උගේ උල් දත් වලින් මගේ පස්ස හැපුවේ නැද්ද..!

මුගේ ආච්චිට හාල් හෝදගන්න..! මේ මොකෙක්ද මේ?? මම තේ කෝප්පේ දඩස් ගාලා මෙසේ උඩ තියලා පස්සේ එල්ලිලා හිටිය ඒ මළ යකා වේගෙන් ඇදලා අතට ගත්තා. හම්මට..! යකෝ මේ ඉන්නේ පූසෙක් නේද? ඒ ගමන දැන් මේ බඩු මුට්ටු කරපින්නගෙන ආව කට්ටිය මදිවට පූසෙකුත් ගෙදර ගෙනල්ලා..!

ඒ එක්කම මම බෙල්ලෙන් අල්ලගත්ත පූස් තඩියාගේ මර ළතෝනිය විශ්වය පුරාම පැතිරී විහිදී ගිය සද්දෙට සාලෙට වේගයෙන් දුවගෙන ආව දෙහි ඇටයයි අම්මයි මම බෙල්ලෙන් අල්ලගෙන ඉන්න පූසා දිහා බලාගෙන බයෙන් කටවලු‍ත් ඇරගෙන ඉන්නවා.

“අනේ අම්මේ මගේ පූසා..”

දෙහි ඇටයා තව ටිකකින් මගේ අතින් ගෙදරින් එළියට ගුවන්ගත වෙන්න නියමිත පූසාව පෙන්නලා අඬන්න ගත්තා.

“කාගෙන් අහලද මේ ගෙදෙට්ට පූසෝ ගෙනාවේ? ආහ්හ්?? එහෙන් දැලි කළු පාට එකෙක්..!” මම මගේ කාටුන් බලන මූඩ් එක සම්පූර්ණයෙන්ම කෑව අර මළ හොල්මනව බෙල්ලෙන් අල්ලලා හොල්ල හොල්ල පෙන්නලා ඇහුවා.

මේකත් ආයේ නෑ අර ගලේ ගහන රෙද්ද වගේ ඒ මේ අතට පැද්දෙනවා.

“අනේ ඒ මගේ කළු..අනේ එයාව එහෙම හොල්ලන්න එපා එයාට රිදෙයි” දෙහි ඇටයා මම හොල්ලන වේගෙට, “ඥාහැක් ඥාහැක්..ඥෝව්ව්” ගගා හීනියට ළතෝනි තියන පූසා දිහා බලාගෙන තොල් බෙරිකරගෙන කිව්වා.

“කලූ නෙමෙයි දැලි අඟු‍රු වුණත් අපේ දිහා පූසෝ හදන්න බැහැ...!” මම තිබ්බ බඩගින්නටම ආයේ නෑ වහලේ ශීට් උඩ යන්න කෑගැහුවා.

ඇයි අප්පා, ඉඳලා ඉඳලා ගෙදර ආවා විතරයි. මේ මළ යකා මගේ පස්ස හැපුවා..! ඉතින් ඔක්කොම බඩගිනි එතනින් වාෂ්ප වුණා. මම ඒ එක්කම දැනුණු තරහව පිටකරගන්න බැරිව එක පාරටම පූසා අල්ලගෙන ගිහින් සාලෙන් එළියට වීසිකරා.

“ඥාව්හ්හ්..ඥෝහ්හ්ක්”

ඌ කෑගහගෙන ගුවනින් වීසිවෙලා ගිහින් එළියේ වැරෙන්ඩා කොටසට භූමිගත වුණා.

------------------------------

“ටීචර් නවිරු අයියාගේ මල්ලි පන්තියේ අඬනවලු‍. පන්ති භාර ටීචර් ඇහුවට මොකුත්ම කියන්නේ නැහැල්ලු‍. පස්සේ විස්තර ඇහුවම අයියා ඉන්නවා කිව්වේ දොළහ ඵ2 එකේ”

යකෝ මුගේ ආච්චිගේ වස්තරේ..! ඒක අහපු සැණින් මගේ කටට ආව ඒ උත්කෘෂ්ට වදන් පෙළ මම නවත්තගත්තේ බොහොම අමාරුවෙන්.

මේ දෙහි ඇටයා නම් මාවම කන්න බලාගෙන අපේ ගෙදරට ආව මහාම මහා ඉසකුඩිච්චියක්..! මේ කුණ්ඩහට්ටිය මට සෙට් වෙන්නේ නෑ. අනේ මගේ සැනසීමට කාගේ ඇස්වහක් වැදුණද මන්දා..මම දවස් ගාණකට පස්සේ දෙහි ඇටයා එක්ක ආයෙමත් යක්ෂාරූඪ වුණා.

“මොකද්ද දරුවෝ දැන් ඔය අර දරුවා ඉන්න පන්තිය?”

“1-B ඕලු‍” ජූනියර් කොල්ලා පොඩි හිනාවක් දාගෙන කියපි..!

ඒ එක්කම සන්ධ්‍යානි ටීචර්ගේ ඇසුත් බලාගෙන ඉද්දි පිං පොං බෝල දෙකක් වගේ ලොකු වුණා.

“‍ආහ්හ්”‍

ටීචර්ටත් ඒක අහලා නම් හික් ගෑවුණා මගේ හිතේ. ඕලු‍..! මම දැන් මේකව උස්සගෙන ගිහින් ඕලු‍ විලක හිටෝලා තියනවා වැනි වැනී පිපියන් කියලා..! ඇයි අප්පා..! මූ මේ තොග පිටින් සේල් දාලා කන්නේ මගේ නම්බුව නේද??

ඒ අස්සේ 1-B ඕලු‍ කියලා ඇහෙද්දීම අපේ පන්තියේ කොල්ලන්ටත් හෙන ආතල් එක. ඉවරයි ඉතින්..ආයේ රෙද්දක් ඇඳගෙන මට මේ ඉස්කෝලේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ..!

“හ්ම්ම්..අපි මේ වැදගත් පාඩමක් කරන්නේ..නමුත් එක වසරේ කියන්නේ ඉතින් තාම පොඩි දරුවෙක්නේ. ඇරත් අඬනවා කියන්නේ ඉතින් ගිහින් බලන්නම එපැයි. කමක් නැහැ නවිරු එහෙනම් ගිහින් මල්ලිව පොඩ්ඩක් බලන්නකෝ..”

-----------------------

මේ ලෝකේ ලස්සන ආදර කතා අපේ පවුලේ ඇතුළෙත් තියෙනවා...ඒ ආදර කතා අස්සේ වලි, එතකොට කියවගැනිලි ඕනෙ තරම් ඇති..!

හැබැයි එක දවසක් එනවා ඒ බැඳීම් ලෝකෙටම තියෙන්නෙ එකයි කියලා අපිට හිතෙන ❤️

සැප්තැම්බර් පොත් වසන්තයට නිකුත් වු දියවන්නා සඳවතිය අද පටන් සඳමාධවී ප්‍රකාශකයෝ වෙතින් ඇණවුම් කළ හැක. ඇණවුම් කරන සෑම පොත් ...
12/09/2026

සැප්තැම්බර් පොත් වසන්තයට නිකුත් වු දියවන්නා සඳවතිය අද පටන් සඳමාධවී ප්‍රකාශකයෝ වෙතින් ඇණවුම් කළ හැක.

ඇණවුම් කරන සෑම පොත් ඇණවුමකටම ආකර්ෂණීය වට්ටමකුත් ලබාදෙන්න අප සූදානම්.

** එක පොතක් මිලදීගත්තත් වට්ටම හිමිවේ.

*** COD පහසුම සහිතයි.

*** බෙදාහැරීමේ ගාස්තු 400/- ක් පමණී.

සියලුම විස්තර, පොත් මිලදීගැනීම් සඳහා විමසීම්

සඳමාධවී ප්‍රකාශන

WhatsApp : 0764135000

https://wa.me/+94764135000

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් සඳමාධවිය වෙතින් පාඨක ඔබට පිදෙන දෙවන ත්‍යාගයදියවන්නා සඳවතිය - සුලක්ෂනා ධීරසේකර මිල 170...
12/09/2026

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් සඳමාධවිය වෙතින් පාඨක ඔබට පිදෙන දෙවන ත්‍යාගය

දියවන්නා සඳවතිය - සුලක්ෂනා ධීරසේකර

මිල 1700/-

11/09/2026

සැප්තැම්බර් සාහිත්‍ය මාසයට නිකුත්වෙන අලුත්ම සඳමාධවී පොත් එකතුවේ දෙවැන්න...

කොළඹ අග නගරය ඇතමෙක්ට සුරපුරයකි...අහස සිඹින තට්ටු ගොඩනැගිලි, මහල්, ප්‍රාසාද අතරේ අධි සුඛෝපභෝගී ජීවිත ගෙවන මිනිසුන් අතරේ එකී මහල් ප්‍රාසාද අතරේම තවත් කොනක ඇත්තේ මිහිපිට අපායක් බඳු කුඩා ගිනිපෙට්ටි බඳු නිවෙස් සිය දහස් ගණනකි..

කොළඹ එක් අන්තයකින් සුරපුරයක සිරි මවද්දි එහිම වූ මුඩුක්කු නිවාස එහි අනිත් අතයේ වූ අන්ත දුක්ඛික තත්වය ඔබට කියාපායි..අව්වට වේළෙන, වැස්සට උතුරණ කානු ජලය දොගොඩ තලා යන ඔවුන්ගේ ජීවිත කතා වල සතුටට වඩා ඇත්තේ දුකම පමණී.

එකී මුඩුක්කු නිවසක ඉපදුනු ඇය ඉන් මිදෙන්නට අත්තටු ලබන්නේ ඉගෙනීමේ සවියෙනි.. නීතීඥවරියක් වූ ඇය සිය ජනතාව වෙනුවෙන් නොබියව ඉදිරිපත් වූවාය..ඔවුන්ට ඇති ගැටලු වෙනුවෙන් පක්ෂ පාට බේධයකින් තොරව රජයේ මුල් තනතුරු දරන්නන් සමග නිරන්තරයේ ගැටුනාය.

අවසානයයේ ඇය සිය ජනතාවගේ මනාපයෙන් ලාබාල වියේදීම දියවන්නාවටත් පය තැබුවාය. විපක්ෂයේ වාඩිවෙමින් ආණ්ඩු පක්ෂය සමග ගැටුනාය. සිය ජීවිතය දැන දැනම අවදානමේ හෙළා ගත්තාය.

නමුත් ඇය වෙනුවෙන් වසර ගණනාවක් පෙරුම් පිරූ ඔහු දියවන්නාවට ආවේ ඇයට ප්‍රථමවය. ඒ වන විටත් ඔහු රාජ්‍ය අමාත්‍යවරයෙකි. ඔහුගේ ආදරයට පක්ෂ පාට බේද අදාළ නොවුනද දේශපාලන වේදිකාවේදි ඔවුන් දෙදෙනාටම සිදුවුනේ ගැටෙන්නටය.

අපේ රටේ දේශපාලනයේ අඳුරු පැතිකඩවල් සිසාරා ගලාගෙන ගිය අපේ කාලයේ ආදර කතාවක තතු දැනගමුද..වෙනස්ම ශානර වල නවකතා රැසක් ඔබට තිලිණ කල සඳමාධවීයේ සැප්තැම්බර් මස දෙවැන්නා ගැන අනුමාන කරමුද..

#සඳමාධවී_සැප්තැම්බර්_මස_දෙවැන්නා

Address

Colombo

Telephone

+94764135000

Website

Alerts

Be the first to know and let us send you an email when Sandamadhavee Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sandamadhavee Publishers:

Shortcuts

Share

Category