Sri Lanka News

Sri Lanka News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka News, Media/News Company, Colombo.

පවතින නියඟය හේතුවෙන් පවුල් 34500 කට පානීය ජලය අහිමි වෙයි .පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 35,169කට අයත් පුද්ගලයින...
08/09/2026

පවතින නියඟය හේතුවෙන් පවුල් 34500 කට පානීය ජලය අහිමි වෙයි .

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 35,169කට අයත් පුද්ගලයින් 115,586 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පිරිස දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 35ක පැතිරි සිටිනා බව එම දෙපාර්තමේන්තුව පවසයි .

මෙම තත්ත්වයත් සමඟ පානීය ජල ගැටලුවට මුහුණ දෙන ජනතාවට අඛණ්ඩව ජලය බෙදාහැරීමට කටයුතු කිරීමට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය කටයුතු කර ඇත. ඒ අනුව දිස්ත්‍රික්ක හතක පවුල් 34,628ක අයත් පුද්ගලයින් 113,406කට පානීය ජලය බෙදාහැරීම සිදු කෙරේ.

ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ලංකාවේ දිදින නිළ සංචාරයක් අරඹයි .ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල සංචාරයක් සදහා අද...
08/09/2026

ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ලංකාවේ දිදින නිළ සංචාරයක් අරඹයි .

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල සංචාරයක් සදහා අද (08)දිවයිනට පැමිණීමට නියමිතය .
ඔහු ලබන 10 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත බවත්, එම කාලය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පෙළේ පිරිසක් හමුවී සකච්චා කිරීමට නියමිතය .

දෙරට අතර අත්සන් තබා ඇති ආරක්ෂක සහයෝගීතා ගිවිසුම් පිළිබඳව මෙහිදී සාකච්චා කිරීමට නියමිත බව වාර්තා වෙයි .

යුධ සෙබළාගේ ඝාතනයට බිරිඳ අත්අඩංගුවට .විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු 2018 වසරේදී පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද...
08/09/2026

යුධ සෙබළාගේ ඝාතනයට බිරිඳ අත්අඩංගුවට .

විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු 2018 වසරේදී පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2018 වසරේ සැප්තැම්බර් 09 වැනිදා කිරිඳිවැල ප්‍රදේශයේදී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අඛණ්ඩ විමර්ශන සිදුකරමින් සිටිනා ලදි . එදිදී ලද තොරතුරකට අනුව, අවශ්‍යව සිටි සැකකාරිය ඊයේ (07) දහවල් නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් සැකකාරිය 49 හැවිරිදි නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය මරණකරුගේ බිරිඳ බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

අම්පිටියේ සුමනරතන හිමියෝ රිමාන්ඩ් .ඊයේ දිනයේදී මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලද  පූජ්‍...
08/09/2026

අම්පිටියේ සුමනරතන හිමියෝ රිමාන්ඩ් .

ඊයේ දිනයේදී මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලද පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අද (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ලංගමට අලුතින් AC බස් 600 ක් ගේනවා .මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනි...
08/09/2026

ලංගමට අලුතින් AC බස් 600 ක් ගේනවා .

මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මෙට්‍රො බස් සේවාවට පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම ඒකාබද්ධව කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

එම පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ ඉදිකරන ලද කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (2026.09.07) සිදුකෙරිණ. මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක , ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගි විය .

මෙට්‍රො ව්‍යාපෘතිය යටතේ ඉදිකල පළමු ඩිපෝ අංගනය පසුගිය 04 වන දින බත්තරමුල්ල්‍ර්‍ර්දී විවෘත කරන ලද අතර, මෙම දෙවන ඩිපෝ අංගනය ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර මැතිවරණ කොට්ඨාශයේ, කඩවත - ගණේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවට ආසන්නව ස්ථාපනය කර ඇත.

මෙට්‍රො බස් ව්‍යාපෘතියේ සේවා ධාරිතාව වැඩිකිරීම සඳහාත් පරිපාලන, මෙහෙයුම් හා නඩත්තු කටයුතු පවත්වාගෙන යාම සඳහාත් පළමු අදියර යටතේ නව ඩිපෝ 04 ක් ඉදිකිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම සැලසුම් කර ඇත. ඒ යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පළමු ඩිපෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙට්‍රො බස් රථ සේවාවේ ධාවන මාර්ග අංක 01 යටතේ මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරේ. මෙම මාර්ගයේ නව මෙට්‍රො බස් රථ 15 ක් යොදා ජනතාවට අවශ්‍ය සුවපහසු ප්‍රවාහන පහසුකම් ලබාදීම විධිමත් කිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම, මෙම නව ඩිපෝ මධ්‍යස්ථාන පිහිටුවීමෙන් කටයුතු කරයි.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මෙලෙස පැවසීය .

''මෙට්‍රො බස් සේවාව මේ මාසය තුලදී බස් 122 ක් දක්වා වර්ධනය වෙනවා. එමගින් නාගරික ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ලබාදීමට හැකිවෙනවා. මෙට්‍රො සේවයට තවත් බස් 50 ක් මිලදී ගන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තියෙනවා. මේ වසර අවසන් වනවිට හෝ ලබන වසරේ මුල හෝ මෙට්‍රො සේවාව බස් රථ 172 ක් දක්වා වර්ධනය කරනවා. මෙම සේවාව බස්නාහිර පලාතෙන් ඔබ්බට ක්‍රියාත්මක කරමින් ගාල්ල, මහනුවර සහ යාපනය ප්‍රදේශවලටත් ව්‍යාප්ත කරනවා.

මෙට්‍රො ආයතනය සමග ගිවිසුම්ගතව බස් සේවාව ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අංශයටත් ඉදිරියේදී අවස්ථාව ලබාදෙනවා. පොදු ප්‍රවාහනයේ විශාල කොටසක් ඉටුකරන ලංගම ගොඩනගන්නව. ලංගම තමයි පණ, ලංකාවේ පොදු ප්‍රවාහනයේ. ලංගම ලබාදෙන සේවය වෙන කාටවත් කරන්නත් බෑ. කරන්නෙත් නෑ. මේ වසර අග වෙනකොට ලංගමට අලුතින් AC බස් 600 ක් ආනයනය කරන්න කටයුතු කරනවා. ඊට අමතරව ලංගම සල්ලිවලින් තවත් බස් රථ 200 ක් ගේනවා’'.

කොස්මල්ලීගේ මස්සිනා කපා කොටා මරා දමයි .ඊයේ පස්වරුවේ දෙහිවල පොලිස්වසමේ අංක 38/1 ඕබන් පෙදෙසේ සිදුවූ ගැටුමකදී බරපතල තුවාල ල...
08/09/2026

කොස්මල්ලීගේ මස්සිනා කපා කොටා මරා දමයි .

ඊයේ පස්වරුවේ දෙහිවල පොලිස්වසමේ අංක 38/1 ඕබන් පෙදෙසේ සිදුවූ ගැටුමකදී බරපතල තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයෙක් කළුබෝවිල රෝහලේදී මියගොස් ඇත .

නාඳුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී මෙලෙස ඝාතනය කර ඇත්තේ කොස් මල්ලි නැමැති අයගේ සහෝදරියගේ සැමියා වන කොම්පඤ්ඤගේ දමිත් ප්‍රසාද් ෆොන්සේකා යන අය බව වාර්තා වේ . බරපතල කැපුම් තුවාල සහිතව කලුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු එහි ප්‍රථිකාර ලබමින් සිටියදී ඊයේ සවස් වරුවේ මියගොස් ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්මල්ලීද මීට වසර කිහිපයකට පෙර ඝාතනය කරනා ලදි.

කතරගම වාසනාට තහනමක් .ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජනීය කරඬුව වැඩම කරවන "වාසනා" හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා ...
07/09/2026

කතරගම වාසනාට තහනමක් .

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජනීය කරඬුව වැඩම කරවන "වාසනා" හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන ඓතිහාසික සිද්ධස්ථාන හැර වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා ලබා නොදීමට තීරණය කළ බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන පෙරහැර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බවත්, එලෙස විවිධ ස්ථාන වෙත දීර්ඝ ලෙස රථවලින් ප්‍රවාහනය කිරීම නිසා ඇතාට දැඩි වෙහෙසක් හා පීඩාවක් සිදුවන බවත් බස්නායක නිලමේවරයා පෙන්වා දෙයි. ඒ අනුව මෙම තීරණය හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සළකා ගත් එකක් බව බස්නායක නිළමේවරයා සඳහන් කරයි .

මේ වන විට 58 වැනි වියෙහි පසුවන වාසනා හස්තියා, දිවයින පුරා ජනතාවගේ දැඩි ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ හස්තියෙකි.

බන්ධනාගාරයේ සිටිනා නාමල් පාර්ලිමේන්තුවට . රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේ...
07/09/2026

බන්ධනාගාරයේ සිටිනා නාමල් පාර්ලිමේන්තුවට .

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ හෙට සිට ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීමට අපේක්ෂා කරනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය .

ඒ අනුව ඊට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඉල්ලා මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර වෙත හෙට දිනයේ ලිපියක් යොමුකිරීමට නාමල් රාජපක්ස මන්ත්‍රීවරයා කටයුතු කරනු ඇතිබව වාර්තා වේ.

ඒ අනුව අගහරුවාදා (08) සිට ලබන 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත පර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී වීමට නාමල් රාජපක්ෂ හට අවස්ථාව හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකශකයෙක් පැවසීය .

එයාර් බස් ගනුදෙනුවේදී අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

12 රැළිය ගැන ජොන්ස්ටන් ලොකු රහසක් හෙළිකරයිශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නිය...
07/09/2026

12 රැළිය ගැන ජොන්ස්ටන් ලොකු රහසක් හෙළිකරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනරැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැමිණීමට නියමිත බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍යට පවසයි .

එහෙත් හිටපු ජනාධිපතිවරයා ජන රැළිය ඇමතීම හෝ ප්‍රධාන වේදිකාවේ අසුන් ගැනීම නොකරන බවත් ඔහු ඉදිරි පෙළ අසුනක සිට රැළියට එක්වනු ඇති බවත් ඔහු පැවසීය .

පසුගිය සිකුරාදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනා ලදි . ඒ අනුව ඔහුට රැළියට සහභාගී වීමට නොහැකි වන බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපතිවරයා කැඳවීමට තීරණය කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසයි .

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් අද (07) උදෑසන මාර්ගයෙන් ...
07/09/2026

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් අද (07) උදෑසන මාර්ගයෙන් ඉවතට ධාවනය වී ආරක්ෂිත වැටේ ගැටී අනතුරට පත්ව තිබේ. දොඩංගොඩ කිලෝමීටර් 32.4 ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මෝටර් රථයේ සිටි කාන්තාවක් සුළු තුවාල ලබා ඇත .

අනතුරට පත් රථය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් නැවත මාතර බලා යමින් සිටියදී නඩත්තු කටයුතු සඳහා දමා තිබූ ආවරණ මාර්ග බාධකවල ගැටී ඉදිරියට ධාවනය වී මාර්ගය මැද ඇති ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටට සහ මාර්ග බාධකවලට මෙන්ම මෝටර් රථයටද දැඩි හානි සිදුව ඇත.

Address

Colombo
BORALLA

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka News:

Shortcuts

Share