Colombo Media srilanka

Colombo Media srilanka srilanka puwath path menma deshapalanika thora turu danagani mapinisa weduth maddya karanayae niyalima ha den wem pra charanaya kirima

            #වලසිංහලගම   #දීප්තිකුමාර  #සමබිම      #බිග්කුච්චං            #සද්දෙට ඇහෙන News  #විජේවීරවාදය            #වා...
15/08/2026


#වලසිංහලගම

#දීප්තිකුමාර #සමබිම #බිග්කුච්චං #සද්දෙට ඇහෙන News

#විජේවීරවාදය
#වාණිජකරණය

ගියේ නැත.ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්වන විට අගවිනිසුරු ධුරයේ සිටියේ ජයන්ත ජයසූරියය. ජ....

පාස්කු ප්‍රහාර නඩුවේ හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කර ත...
31/07/2026

පාස්කු ප්‍රහාර නඩුවේ හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) තීරණය කර තිබෙනවා.

සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනීමැරීම සහ මිනීමැරීමට තැත් කිරීම යන චෝදනාවලට වරදකරු කරමින් මෙම තීන්දුව ලබාදී ඇත.

මීට පෙර එම නඩුවේම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ද එම චෝදනාවලට අදාළව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මරණ දඬුවම නියම කළා.

සමගි සේවක සංගමය ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙවෘත්තීය සංගමය විසින් අසරණ පවුලකට හිසට සෙවනක් සකස් කල වගයි.පසු ගිය දින උතුම් ඇසල...
31/07/2026

සමගි සේවක සංගමය ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙ
වෘත්තීය සංගමය විසින් අසරණ පවුලකට හිසට සෙවනක් සකස් කල වගයි.

පසු ගිය දින උතුම් ඇසල පෝය දින
සමගි සේවක සංගමය ජාතික ඉතිරිකිරීමේ බැංකුව තවත් එක් සමාජ සත්කාරයක්
අසරණ පවුලකට නිවසක් සාදා දීමේ
අරමුණ වෙනුවෙන්, සංගමයේ සාමාජිකයන්ගෙන් එක් රැස්වූ මුදලින් නිවසක් සෑදිමේ සත්ක්‍රියාවට මුල්ගල් තැබිම සංගමේ සභාපති තුමා ඇතුළු කාරක සභිකයන් විසින් මෙසේ සිදුවිය


හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහ...
31/07/2026

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මරණ දඬුවම නියම කර තිබෙනවා.

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ මගින් තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීම යන චෝදනාවලට වරදකරු කරමින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීරණයට අනුව මෙම දඬුවම නියම කෙරුණා.

මත්ද්‍රව්‍ය සමඟ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවටදෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගු...
31/07/2026

මත්ද්‍රව්‍ය සමඟ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

දෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් ගංජා සහ විදෙස් රටවල නිෂ්පාදිත දුම්වැටි ද සොයාගෙන තිබෙනවා.

අදාළ සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයෙක් බවට තොරතුරු අනාවරණය ඇති බව වාර්තා වනවා.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා 26 හැවිරිදි වියේ පසු වන අතර සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි!  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරි...
22/07/2026

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි!

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.
දශක තුනකට ආසන්න කාලයක් පුරා කැපවීම, අධිෂ්ඨානය, වෘත්තීය නිපුණතාව සහ රාජ්‍ය සේවයට දැක්වූ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයට මෙම පත්වීම හිමිව ඇත.
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උපත ලබා ඇති දිස්නා කාරියවසම් මහත්මිය මීට වසර 30කට ආසන්න කාලයකට පෙර කාන්තා බන්ධනාගාර නියාමකවරියක ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක්වූවාය.
අනතුරුව පැවැති තරග විභාය සාර්ථකව සමත්වී දෙවන පන්තියේ ජේලර්වරියක බවට පත්වූ ඇය 2014 වසරේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හදිසි හා බුද්ධි අංශයේ දෙවන පන්තියේ ජේලර්වරියක ලෙස රාජකාරි ආරම්භ කළාය.
පසුව දෙපාර්තමේන්තුවේ උසස්වීම සඳහා අවශ්‍ය දෙමළ භාෂාව, පරිපාලනය සහ ගිණුම්කරණය යන විෂයන්ට අදාළ විභාග සාර්ථකව සමත් වී පළමු පන්තියේ ජේලර්වරිය බවටත් අනතුරුව ප්‍රධාන ජේලර්වරිය ලෙසත් උසස්වීම් ලැබුවාය.
සිය සේවා කාලය තුළ ඇය ගාල්ල බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, වැලිකඩ කාන්තා අංශය, බදුල්ල බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය මහර බන්ධනාගාරය සහ බන්ධනාගාර මූලස්ථානය ඇතුළු ආයතන රැසක සේවය කර ඇත.
මේ ආදි වූ විවිධ සේවා අත්දැකීම් තුළින් ඇය සිය නායකත්ව හැකියාවන්, පරිපාලන කුසලතා, පුනරුත්ථාපන කටයුතු පිළිබඳ දැනුම සහ රාජ්‍ය සේවයට ඇති කැපවීම තවදුරටත් වර්ධනය කර ගැනීමට සමත් වූවාය.
අඛණ්ඩ ඉගෙනුමට කැපවූ නිලධාරිනියක වන ඇය ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව ඩිප්ලෝමාව සහ උසස් ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන් Prison Reforms and Rehabilitation පිළිබඳ ඩිප්ලෝමාව සහ උසස් ඩිප්ලෝමාව ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාවපිළිබඳ ඩිප්ලෝමාව ද
සම්පූර්ණ කර තිබේ.
මෙම අධ්‍යාපනික සුදුසුකම් ඇයගේ බන්ධනාගාර පරිපාලනය, පුනරුත්ථාපනය, උපදේශනය සහ වැරදිකරුවන්ගේ කළමනාකරණය පිළිබඳ වෘත්තීය දැනුම තවදුරටත් ශක්තිමත් කර කරන අතර ඊයේ දින තරගකාරී සම්මුඛ පරීක්ෂණය සාර්ථකව සමත් වීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස පත් කිරීමටද පියවර ගෙන ඇත.
මෙම පත්වීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන ඓතිහාසික ජයග්‍රහණයක් වන අතර, එය ඇයගේ වසර ගණනාවක කැපවීම, වෘත්තීයභාවය සහ නායකත්වයේ ඉහළම ඇගයීමකි.
වෘත්තීය ජීවිතයට අමතරව ඇය දක්ෂ ක්‍රීඩිකාවක ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත. මාස්ටර්ස් මලල ක්‍රීඩා තරග, අන්තර් බන්ධනාගාර මලල ක්‍රීඩා තරග සහ රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලි සඳහා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පදක්කම් සහ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දී ඇත.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප 2008 වසරේ දී කොළඹ සහ තදාසන්න්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස්...
22/07/2026

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

2008 වසරේ දී කොළඹ සහ තදාසන්න්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධිය සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
මීට පෙර නිකුත් කළ නොතිසියකට අනුව සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා අද (22) අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඉන්පසුව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට තමන් නිවැරදිකරු යැයි ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.
ඉන් පසුව නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස 09 වනදා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

17/07/2026

නිවසින් පිටව ගිය ආදරණීය තාත්තා ආපසු ආවේ
සියලුම දෙනා හඬවමින්...
වෙන්දේසි ඉඩමෙන් හමු වූ පාවහන් යුගල සහ
රුපියල් 20ක මුදල් නෝට්ටුව

මුළු හෝමාගම ප්‍රදේශයම දැඩි සේ කම්පාවට පත් කරමින්, හෝමාගම, පිටිපන, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස ඝාතනය කරන ලදැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (16) අලුයම සොයාගෙන තිබෙනවා.

ගලගාහේන ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක සිට මීටර් 45ක පමණ දුරකින් පිහිටි ඇළ මාර්ගයක තිබියදියි හෝමාගම මූලස්ථාන පොලීසිය විසින් මෙම සිරුර සොයාගෙන ඇත්තේ.

පොලිස් පරීක්ෂණවලදී අදාළ වෙන්දේසි ඉඩම පරීක්ෂා කිරීමේදී, මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් සහ රුපියල් 20ක මුදල් නෝට්ටුවක් ද හමුවී තිබීම මේ වනවිට දැඩි කුතුහලයක් මතු කර තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම, පිටිපන, කදනවත්ත, සමගි මාවතේ පදිංචිව සිටි දෙදරු පියෙක්.

ඇඟලුම් ආයතනයක සේවය කරන මෙම පුද්ගලයා, ඊයේ (15) රාත්‍රී 7ට පමණ සිය යතුරුපැදියෙන් කුලී ගමනක් (Hire එකක්) සඳහා පුද්ගලයෙකු ප්‍රවාහනය කිරීමට නිවසින් පිටත්ව ගොස් තිබූ බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. රාත්‍රියේ නිවසට නොපැමිණීම හේතුවෙන් මොහු අතුරුදන් වී ඇති බවට අද (16) පෙරවරුවේ මීගොඩ පොලිසියට ද පවුලේ ඥාතීන් විසින් පැමිණිල්ලක් දමා තිබුණා.

මළ සිරුර ඇළ මාර්ගයේ තිබීම හේතුවෙන් සතුන් විසින් ඔහුගේ මුහුණේ කොටස් කා දමා තිබූ අතර, සිරුර හඳුනා ගැනීමට නොහැකි වන අයුරින් සම්පූර්ණයෙන්ම විකෘති වී තිබූ බවයි පොලිසිය පවසන්නේ. මෙය සැබවින්ම ඝාතනයක්ද නැතහොත් වෙනත් අනතුරක්ද යන්න සෙවීම සඳහා හෝමාගම පොලිසිය මේ වනවිටත් දැවැන්ත පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වෙඩි වැදීමෙන් මියගිය හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ සිරුර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාග...
17/07/2026

වෙඩි වැදීමෙන් මියගිය හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ සිරුර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කෙරේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.






#දීප්තිකුමාර
#සමබිම


#විජේවීරවාදය







#වාණිජකරණය









පිළියන්දල කැස්බෑව බයි පාස් මාර්ගයේ තොරාගත් කඩ කිහිපයක් ඉවත් කෙරේ
23/04/2026

පිළියන්දල කැස්බෑව බයි පාස් මාර්ගයේ තොරාගත් කඩ කිහිපයක් ඉවත් කෙරේ

Address

Colombo
Colombo

Telephone

+94779030786

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Media srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share