03/03/2025
තෙල් ප්‍රශ්නය මොකක්ද,
ඉන්ධන පිරවුම් හල් හිමියන්ට 2009 වෙනතුරු ලබා දුන්නේ පෙට්‍රල් ලීටර් එකකට 1.5%. ක කමිශන් එකක්. ඒ වනවිට පෙට්‍රල් ලීටර් එක රුපියල් 117 යි. එක තමයි එයාලාගෙ ලාභය. ඒ ලාභයෙන් එයාලා සෙවක පඩි ගෙවලා නඩත්තු වියදම් දරා ගන්න ඕනේ.
ඒ කාලේ ඉන්ධන පිරවුම් හල් හිමියෝ ඉල්ලා සිටියා සේවක පඩි, නඩත්තු වියදම් වැඩි හින්දා ඒ කමිශන් එක 3% කරන්න කියලා.
ඒකට කමිටුවක්වත් කරලා කමිටුව නිර්දේශ කරා ඉන්ධන පිරුම් හල් හිමියන්ට සීයට තුනක් දෙමු කියලා ඒ කියන්නේ එවිට රු.117 ට 3% ක් කියන්නේ රු.3.51 ක්
නමුත් එහිදී කමිටුව තිරනයක් කලා උපරිම සිමාවක් (Upper cap price) දාන්න.
3% දෙන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනවා .මොකද තෙල් මිල ඉතා ඉහල ගියහොත් 3% කියන්නේ අතිවිශාල මුදලක්. උදාහරනයක් විදියට රු500 ක් උනොත් 3% ක් කියන්නේ රු.15 ක්.
එය පෙට්‍රෝලියම් එකට දරාගන්න බැරි වෙනවා.
පෙට්‍රල් ලීටර් එකක් රු.162 වනතෙක් 3% ක කමිශන් එක දෙන්න පුලුවන් .ඒ කියන්නේ රු.4.86 ක්.නමුත් ඊට වඩා කොපමන වැඩි උනත් දෙන්න පුලුවන් 162 ට අදාල 3% තමයි.
ඒ කියන්නේ පෙට්‍රල් ලීටර් එක රු 1000 ක් උනත් දෙන්න පුලුඒන් රු.4.86 පමනයි.
ඊට පස්සේ 3% දුන්නා.
නමුත් උපරිම සීමාව සැලකිල්ලට ගත්තේ නෑ. කමිටුවේ තීරන ගනන් ගත්තේ නෑ.
රු.4.86 ගනන් නොගෙන තෙල් මිල 162 පැන්නාට දිගටම 3% දුන්නා. පෙට්‍රල් ලීටර් එක රු.420 වෙද්දීත් ඔවුන්ට නීතිය අනුව ලබා දෙන්න තිබුනේ ලීටර් එකකින් රු.4.86 ක් පමනයි. එහෙත් 420 වෙනකොට ඔවුන්ට ලීටර් එකකින් රු.12.60 ක් ගෙව්වා.
ඊට පස්සේ මුදල ප්‍රශ්න ඇතිවෙනකොට 2022 දී ආන්ඩුවෙන් කමිටුවක් පත්කලා වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයන්න.කමිටුවෙන් කිව්වා කලින් කමිටුවෙ නිර්දේශ ක්‍රියාත්මක් නොකර උපරිම සීමාව නොසකලා අවුරුදු ගානක් වැරදි විදියට වැඩිපුර මුදල ගෙවලා කියලා.
2023 දෙසැම්බර් වෙද්දී පෙට්‍රොලියම් එක විසින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ට රු කෝටි 3500 ක් වැඩිපුර ගෙවලා තියෙනවා.
මේ ඇත්තටම මහජන මුදල්. කව්ද මෙහෙම ගෙව්වේ ?, කව්ද අනුමැතිය දුන්නේ?
2023 දී රජයෙන් තීරනයක් ගන්නවා මේ ගෙවීම් වහාම නවත්වා රු.162 ට අදාල 3% එනම් රු. 4.86 පමනක් ඉදිරියට ගෙවන්න කියලා.
ඊට පස්සේ ඉන්ධනහල් හිමියන් අධිකරනයට ගියා මේ තීරනයට විරුද්ධව එවිට අධිකරනයෙන් තීන්දුවක් දුන්නා කමිටුවේ තීරනය නිවැරදියි කියලා. ඒ කියන්නේ රු. 4.86 තමයි ගෙවිය යුත්තේ.
ඊට පස්සේ ඉන්ධනහල් හිමියන් ඉහල අධිකරනයට ගියා නැවත්ත අභියාචනයක් කරලා.
ඒ නඩු තීන්දුවත් දුන්නේ කමිටු තීරනය නිවැරදියි කියලා.
ඒත් හිටපු ආන්ඩුව මෙය ක්‍රියාත්මක කලේ නෑ.
වර්තමාන රජය තීරනය කලා කමිටු තීරනය ක්‍රියාත්මක කරන්න.
අධිකරනයෙනුත් කමිටු තීරණය නිවැරදියි කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ.
ඊට පස්සේ තමයි මේ ප්‍රස්නය හට ගත්තේ.
ඉන්ධන හල් හිමියන් සහ පෙට්‍රෝලියම් එක අතර ගැටුමක් හට ගන්නේ ඊට පස්සේ.
ඕක තමයි මේ ප්‍රශ්නයේ මුල.
මෙතැනදී දෙපාර්ශවය අතර නිවැරදිව අදහස් හුවමාරු උනාදැයි මා දන්නේේ නැත.
මේ ප්‍රශ්නයට වර්තමාන පාලන අධිකාරිය දෙන විසදුම් ගැන මෙතනදී මම කතා කරන්නේ නෑ.
Copied from GM Nuwan N Wijerathna