Forensic Medicine

Forensic Medicine Forensic medicine is just not about the dead people. අධිකරණ වෛද්‍ය විද්‍යාව

22/05/2026
12/05/2026

විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක්, දන්ත වෛද්‍යවරියකට ලිංගික හිරිහැර කිරීමේ නඩුවේ තීන්දුව පසුගියදා ලැබුණා. ලංකාවේ විශ්ව විද්‍යාල තුළ සිදුවන ලිංගික හිරිහැර ගැන මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ගැඹුරින් සාකච්ඡා කෙරුවා. වැරදි කීපයකටම අදාලව මෙම මහාචාර්යවරයා වැරදිකරු බවත් සනාථ උනා. ඔහුට යළි අධ්‍යාපන ආයතනයක රැකියාව කිරීමත් මේ තීන්දුවෙන් තහනම් කෙරුවා.

කාට ද මොකක්ද උනේ? ඇයි මේ නඩුව වැදගත්? අපි දැන් නඩුව සවිස්තරාත්මකව කතා කරමු.

මේ නඩුව ගොනුකර තිබුණේ වෛද්‍ය W.A.M.U.L.අබයසිංහ මහත්මිය විසින්. ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියේ නිළධාරීන් කිහිප දෙනෙක්ට විරුද්ධව. මේ නිළධාරීන් අතර මහාචාර්ය W.M.තිලකරත්න මහතාගේ නමත් තිබුණා.

මේක අංශ ගණනාවකින් වැදගත් නඩුවක්. පළමුවැන්න තමයි, ලංකාවෙ අධ්‍යාපන ආයතනවල කාන්තාවන්ට සිදුවන කරදර ගැන ගැඹුරින් කතා කිරීම. දෙවැන්න තමයි මේක අපරාධ නඩුවක් නොවී, මූලික අයිතිවාසිකම් නඩුවක් ලෙස සිද්ධ වීම. තුන්වැන්න තමයි මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය යුතු “මාසයක“ කාල සීමාවට පසුව මේ නඩුව පැවරීම නිසා විශේෂ තීන්දුවක් ලබාදීම.

අපි බලමු සිදුවීම සහ තීන්දුව ගැන.

මේ නඩුව පවරපු ‘අබයසිංහ‘ මහත්මිය, දන්ත වෛද්‍යවරියක්. ඊට අමතරව දෙවැනි ශ්‍රේණියට උසස්වීම් ලද විශ්ව විද්‍යාල ආචාර්යවරියක්. ඇය ඉගැන්නුවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක දන්ත වෛද්‍ය පීඨයේ.

නඩුවට අදාල ලිංගික හිරිහැරය සිද්ධ වෙනකොට ඇය පරිවාස ආචාර්යවරියක් (Probationary Lecturer). ඊට කලින් සහකාර ආචාර්යවරියක් විදිහටත් ඇය සේවය කරලා තිබුණා. ඊටත් අමතරව මේ කාලයේ ඇය, මේ පීඨයේම M.Phil.එකට ඉගෙනගනිමින් හිටපු ශිෂ්‍යාවක්.

කාට විරුද්ධවද මේ නීති ප්‍රශ්නය ආවෙ?

නඩුවේ නම් වග උත්තරකරුවන් ගණනාවක් හිටියා.

හැබැයි සිදුවීමට සම්බන්ධ පුද්ගලයා උනේ ‘අබයසිංහ‘ මහත්මියගේ අධ්‍යයන අධීක්ෂකයා හෙවත් senior academic supervisor වූ මහාචාර්ය W.M. තිලකරත්න. ඒ වගේම අබයසිංහ මහත්මියගේ M.Phil. එකේ සම අධීක්ෂකවරයෙක් විදිහටත් මේ මහාචාර්යවරයා කටයුතු කෙරුවා.

හිරිහැරයට ලක් වූ ‘අබයසිංහ‘ මහත්මිය සහ, හිරිහැරය සිදු කරපු මහාචාර්යවරයා අතර තිබුණු මේ සම්බන්ධය නඩුවේදී බොහොම වැදගත් උනා. මොකද ඇය සහ මහාචාර්යවරයා අතර ලොකු ගැප් එකක් තිබීම, ඒ කියන්නෙ කාන්තාව අඩු බලයක් සහිත තනතුරක සිටීම මේ සිදුවීමේදී බළපෑම්සහගත දෙයක් උනා.

මොකක්ද උනේ?

සිදුවීම උනේ 2017 ජූලි 1 වැනිදාත්, 2018 අප්‍රේල් 30 වැනිදාත් අතර කාලයේදි. මෙන්න මේ කියපු කාල සීමාවෙදි මහාචාර්යවරයා විසින් කරපු පහත වැරදි සම්බන්ධයෙන්,

-නිතරම සිදු වූ වැළඳගැනීම
-ඇයගේ අතින් ඇල්ලීම
-ඇයගේ විරෝධය නොතකා පසු පෙදෙස සහ කකුල් ස්පර්ශ කිරීම
-ජංගම දුරකතනයෙන් සයිබර් ක්‍රමයට ස්ටෝක් කිරීම
-දැඩි ලෙස මානසිකව බළපෑමට ලක් කිරීම
-ලිංගික හිරිහැර සම්බන්ධව විශ්ව විද්‍යාල මට්ටමෙන් තිබුණු රෙගුලාසි කඩකිරීම
-අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධිවිධාන සංග්‍රහය කඩකිරීම
-විශ්ව විද්‍යාලය අපකීර්තියට පත්කිරීම
-ජ්‍යෙෂ්ට මහාචාර්යවරයෙකු ලෙස ඔහු කෙරේ තබා තිබුණු විශ්වාසය කඩකිරීම

ආදී චෝදනා ගණනාවක් අධිකරණය විසින් ගොනු කෙරුවා. මේ සියල්ල සිද්ධ උනේ, අදාල කාන්තාව, මහාචාර්යවරයා යටතේ ඉගෙනගනිමින් ඉන්නකොට. මේ මහාචාර්යවරයාගේ අධීක්ෂණය යටතේ අධ්‍යයන කටයුතුවල නිරතවෙනකොට.

ඇයි මේක අපරාධ නඩුවක් නොවී, මානව හිමිකම් නඩුවක් උනේ?

මේක තමයි මේ නඩුවේ වැදගත්ම කොටස. සාමාන්‍යයෙන් ලිංගික හිරිහැරයක් අධිකරණයට එන්නෙම අපරාධයක් හැටියට. හැබැයි මේ නඩුව එතැනින් වෙනස්ම මාර්ගයකින් අධිකරණයට ආවෙ.

මේ වෛද්‍යවරියට උවමනා උනේ නෑ, අපරාධ නඩුවක් ගොනු කරන්න. නඩු තීන්දුව පැහැදිලිවම කියනවා ඇයට උවමනා උනේ, තමන් සේවය කළ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය ගැන විශ්වාසය තියලා, ආයතනික මට්ටමෙන් මේ ප්‍රශ්නය විසඳාගන්න බව.

මේ හින්දා,

-අදාල වෛද්‍යවරිය සිදුවීම උනාට පසුව පොලිසි ගියෙ නෑ
-අපරාධ නඩුවක් ආරම්භ කෙරුවෙ නෑ
-මේ වෛද්‍යවරිය බලාපොරොත්තු උනා, විශ්ව විද්‍යාලය විසින් නිසි විමර්ශනයක් කරලා, අවශ්‍ය දඬුවම් අභ්‍යන්තර ක්‍රමයකට ලබාදෙයි කියලා.

මේ හේතුමත ඇය අපරාධ නඩුවකට යෑම මඟහැරියා.

මේ අනුව, 2018 ජූලි 02 වැනිදා, අබයසිංහ මහත්මියගේ අම්මා විසින් විශ්ව විද්‍යාලයට අදාල පැමිණිල්ල ඉදිරිපත් කෙරුවා. ඒ තමන්ගෙ දුවට සිදු වූ ලිංගික හිරිහැර ගැන කියමින්. වෛද්‍යවරියගේ අම්මා, විශ්ව විද්‍යාල උපකුලපතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුවා.

මේ පැමිණිල්ල දුන්නෙ, අපි කලින් සාකච්ඡා කරපු මහාචාර්යවරයාට. එයා තමයි නඩුවේ පළමු වග උත්තරකරු උනෙත්.

වෛද්‍යවරියගේ අම්මා විසින් උපකුලපතිට භාර දුන් පැමිණිල්ලේ 2017 ජූලි සිට 2018 අප්‍රේල් වනතුරු සිද්ධ වූ, ලිංගික හිරිහැර, මානසික හිරිහැර සියල්ල සඳහන්ව තිබුණා.

විශ්ව විද්‍යාලය මොකද කිව්වෙ?

පැමිණිල්ල ලැබුණට පස්සෙ, විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින්, 2018 සැප්තැම්බර් 26 වැනිදා විමර්ශන කමිටුවක් පත් කෙරුවා. මේ කමිටුවේ අරමුණ තමයි, අදාල අකටයුත්ත ගැන හොයලා බලන එක. මේ කමිටුව විසින් සිදුවීම ගැන හෙව්වා. තීරණයකට ආවා. කමිටුව නිර්දේශ කෙරුවා මේ සිදුවීම ගැන විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුයි කියලා.

මේ කමිටු තීරණය, පසු කාලයේදි අධිකරණයට වැදගත් උනා. මොකද කමිටු තීරණයෙන් පේනවා, මේක ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය කියන මතයේ, විශ්ව විද්‍යාලය හිටපු බව.

විනය පරීක්ෂණයේදි මොකද උනේ?

මේ අනුව, 2019 ජනවාරි මාසෙදි, අදාල මහාචාර්යවරයාට විරුද්ධ චෝදනා ගැන දැනුම් දුන්නා. පරීක්ෂණය ආරම්භ උනා. 2019 මැයි මාසෙදි මේ චෝදනාවල සංශෝධන කීපයකුත් සිද්ධ කෙරුවා. 2019 මැයි 24 වැනිදා, මහාචාර්ය තිලකරත්න විසින් මේ චෝදනාවලට පිළිතුරු දුන්නා.

විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින්, මහාචාර්ය තිලකරත්නට විරුද්ධ චෝදනා ගැන පත් කරපු විනය කමිටුවේ සාමාජිකයින් 3 දෙනෙක් හිටියා. කමිටුව විසින් නිල වශයෙන් තමන්ගෙ කටයුතු 2019 ජූලි 8 පටන් ගත්තා. 2019 සැප්තැම්බර් 29 වැනිදා අවසන් කෙරුවා. සැළකිය යුතු කාලයක් ගත කරමින් සිදු කරපු විනය පරීක්ෂණයක් මේක.

මේ පරීක්ෂණය සිද්ධ උනේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පනතෙ තියෙන නීතිවලට අනුව.

විශ්ව විද්‍යාල විනය කමිටුවේ තීරණය මොකක්ද?

නඟලා තිබුණු චෝදනා අතරින් කීපයකට, අදාල මහාචාර්යවරයා වැරදිකරු බවත්, තවත් කීපයකට ඔහු වැරදිකරු නොවන බවත් තමයි විනය කමිටුවේ තීරණය උනේ.

ඒ අනුව, ලිංගික හිරිහැර සම්බන්ධ හැම චෝදනාවකටම, මහාචාර්ය තිලකරත්න වැරදිකරුවෙක් බව විශ්ව විද්‍යාල විනය කමිටුව විසින් පිළිගත්තා.

ඊට පස්සෙ මොකද උනේ?

ඊට පස්සෙ තමයි, මේ නඩුවේ හැරවුම් ලක්ෂ්‍යය.

අදාල විනය කමිටුව තමන්ගෙ තීරණ සියල්ල සහිත වාර්ථාව, යුනිවසිටි කවුන්සිලයට බාර දුන්නා. ඒ 2020 මැයි මාසෙ තිබුණු කවුන්සිල මීටිමේදි.

යුනිවසිටි කවුන්සිලය විසින් බොහොම අදූරදර්ශී, අසාධාරණ තීරණයක් ගත්තා. ඒ අනුව, 2020 ජූලි මාසෙදි කවුන්සිලය විසින්, අදාල පෙත්සම්කාරියට (ඒ කියන්නෙ අගතියට පත් කාන්තාවට) කිව්වා, මහාචාර්යවරයාට විරුද්ධ චෝදනා සහ එම වාර්ථාව, කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කරන බව. ඔවුන් මහාචාර්ය W.M.තිලකරත්නට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ. විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ අදහස උනේ, ‘අපි සහනයක් සළසන්නෑ, කැමති නම් වෙන තැනකින් සහනයක් හොයාගන්න‘ කියන එක.

මේකට හේතුවකුත් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් කිව්වා. අදාල විනය කමිටුව විසින්, මේ සිදුවීම වෙච්ච කාලය සහ, පැමිණිල්ල ඉදිරිපත් කිරීම අතර ලොකු කාලයක් ගත කිරීම ගැන අවධානය යොමු කරලා නෑ කිව්වා. ඒක තමයි හේතුව උනේ.

මහාචාර්යවරයා W.M.තිලකරත්න අදාල ලිංගික හිරිහැර කළ බවට, විනය කමිටුව තීරණය කරලාත්, විශ්ව විද්‍යාලය විසින් එය සුළුකොට තකමින් ක්‍රියාමාර්ග නොගැනීම, වෙද්‍යවරිය තවත් අපහසුතාවයට පත් කෙරුණා.

ඊළඟට මොකද උනේ?

අදාල වෛද්‍යවරිය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගියා. ඒ අනුව, 2020 අගෝස්තු මාසෙදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති විසින් ඇයට දැනුම් දුන්නා, විනය කමිටුවේ වාර්ථාව නැවත සළකා බලන්නැයි කියලා විශ්ව විද්‍යාලයට කියපු බව.

මේ අනුව, 2020 නොවැම්බර් මාසෙදි තිබුණු යුනිවසිටි කවුන්සිල හමුවෙදි නැවත මේක සාකච්ඡා උනා. කවුන්සියල මෙවරත් තමන්ගෙ තීරණය වෙනස් කෙරුවෙ නෑ. ඒ අනුව විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ තීරණය උනේ, විනය කමිටුවේ වාර්ථාව පිළි ගන්නෙ නැති බව. මහාචාර්යවරයාට විරුද්ධව පියවර ගන්නැති බව.

ඊළඟට?

මීළඟ පියවර විදිහට, වෛද්‍යවරිය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරුවා. ඒ 2020 දෙසැම්බර් මාසෙදි යවපු ඊමේල් එකකින්.

මේ පැමිණිල්ල අනුව, මානව හිමිකම් කොමිසම විසින් පරීක්ෂණයක් කෙරුවාද නැද්ද ගැන, සඳහනක් නෑ. මාස ගණනාවක් පුරාම සහනයක් නොලැබුණු තැන, වෛද්‍යවරිය අවසාන පියවරක් විදිහට අධිකරණයට ගියා.

ඒ, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින්. ඇය මේ පෙත්සම ගොනු කෙරුවෙ 2021 මාර්තු මාසෙදි.

මොකක්ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් කියන්නෙ?

මූලික අයිතිවාසිකම් පෙත්සමක් කියන්නෙ, කෙලින්ම ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කරන පෙත්සම් වර්ග අතරින් එකක්. යම්කිසි රාජ්‍ය ආයතනයකින් හරි, රාජ්‍ය නිළධාරියෙකුගෙන් හරි සිද්ධ වන අසාධාරණයකට එරෙහිව තමයි මේ පැමිණිලි ගේන්නෙ. හැබැයි ඉතින් රජයේ නිළදාරියෙක්, අදාල නිළයේ නාමයෙන් කරන වැඩකට එරෙහිව වෙන්නත් ඕන.

මෙවැනි පෙත්සම් ගේන විදිහ ගැන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 17 සහ 126 වගන්තිවල පැහැදිලිව තිබෙනවා.

ඇයි අදාල වෛද්‍යවරිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගෙනාවෙ?

මේ පෙත්සම ගෙනාවෙ, විශ්ව විද්‍යාල පාලනාධිකාරියට එරෙහිව. විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියන්නෙ රාජ්‍ය ආයතනයක්. ඒ හින්දා ඊට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගේන්න හැකියාව තිබෙනවා.

වෛද්‍යවරිය කිව්වා, විශ්ව විද්‍යාල කවුන්සිලය විසින් තමන්ගෙ ප්‍රශ්නයට නිසි ක්‍රියාමාර්ග නොගත්තු බව. ඒක නීති විරෝධී, බලය අවභාවිත කළ, අත්තනෝමතික, අසාධාරණ ක්‍රියාවක් බව කිව්වා.

මෙහිදී වැදගත් නීති මූලධර්මයක් ගැනත් කතා උනා. ඒ තමයි “Ultra vires” කියන මූලධර්මය.
(ඒ කියන්නෙ, යම් ආයතනයක් විසින්, තමන්ට නීතියෙන් ලැබිලා තියෙන බලයට එපිටින් කටයුතු කරන එක.)

ඒ වගේම වෛද්‍යවරිය කිව්වා, විශ්ව විද්‍යාලය විසින් තමන්ගේ “Legitimate expectation” එක කඩකරපු බව.
(ඒ කියන්නෙ, යම් රජයේ ආයතනයක්, සාධාරණව සහ නීතිගරුකව කටයුතු කරාවි කියලා මිනිස්සු තුළ තිබෙන විශ්වාසය)

ඇත්ත, බැලූ බැල්මට මේ දෙකම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් උල්ලංඝනය කෙරුවා.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන පහත වගන්තිවල සඳහන් මූලික අයිතිවාසිකම් කඩ වූ බව වෛද්‍යවරිය කිව්වා.

- 11 වන ව්‍යවස්ථාව: කෘෘර අමානුෂික සහ අවමන්සහගත සැළකිලිවලින් මිදීමට තියෙන අයිතිය
- 12(1) වන ව්‍යවස්ථාව: නීතිය ඉදිරියේ සමානව සැළකීමක් ලැබීමට තිබෙන අයිතිය
- 12(2) වන ව්‍යවස්ථාව: වෙනස්කොට සැළකීමෙන් මිදීමේ අයිතිය

වෛද්‍යවරිය මේ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන්, පහත දැක්වෙන සහන ඉල්ලුවා.

- විශ්ව විද්‍යාල කවුන්සිලයේ තීරණය අවලංගු කරවීම
- විනය කමිටුවේ තීරණය පිළිගන්නා ලෙස කවුන්සිලයට නියෝග කරවීම
- අදාල මහාචාර්යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නියෝග කරවීම
- ලිංගික හිරිහැර පිළිබඳව විශ්ව විද්‍යාල මට්ටමෙන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අධිකරණ මඟපෙන්වීමක් ලබාදීම
- ඊට අදාල වාර්ෂික සමුළුවක් ක්‍රියාත්මක කිරීම
- වන්දි ලබාගැනීම

අධිකරණය මේ පෙත්සම සළකා බලන්න තීරණය කෙරුවා. ඊට හේතුව මේ සිද්ධියේදී බරපතළ ලෙස ඇයගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව පේන්න තිබීම.

හැබැයි, අධිකරණයට මේ නඩුව අහන්න ප්‍රධාන බාධාවක් ආවා.

ඒ මොකක්ද?

ලංකාවෙ නීතියට අනුව, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න ඕන, අදාල සිද්ධිය වෙලා මාසයක් ඇතුළත. නැතිනම් කාලය බාධාවක් වෙලා, ක්‍රියාමාර්ග ගන්න බැරිව යනවා. මේ බව, වග උත්තරකරුවන් (මහාචාර්යවරයාගේ පාර්ශ්වය) තර්ක කෙරුවා.

ඒ අනුව කවුන්සිලය විසින් ඇගේ අයිතිවාසිකම් කඩකිරීම සහ, ඇය අධිකරණයට පැමිණීම අතර මාසයකට වැඩි පරතරයක් තිබුණා.

- කවුන්සිලයේ තීරණය, වෛද්‍යවරිය දැනගත්තේ කවදාද?
- ඊට පසුව සිදු වූ වැදගත් යමක් විසින්, කාලය ගතවීම සාධාරණීකරනය වෙනවාද?

මේ තමයි අධිකරණය සළකා බලපු දේවල්. ඒ අනුව අධිකරණයට පහත දේවල් පෙනී ගියා.

- කවුන්සිල තීරණය, ඇය දැනගෙන තිබුණෙ 2020 ජූලි.
- පසුව ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ කටයුතු කෙරුවා. ඒක නීතියට අනුව, අධිකරණයට ඒම සඳහා නිසි පටිපාටියක් නෙවෙයි
- මේ අනුව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හේතුවෙන් කල්ගතවීම සාධාරණ හේතුවක් නෙවෙයි
- ඇය විසින් මානව හිමිකම් කොමිසමටත්, හුදු පැමිණිල්ලක් කළා මිස, ඊට අදාල පරීක්ෂණයක් සිදු උනාදැයි නොදන්නා හෙයින්, ඒකත් අදාල කරගත්තෙ නෑ.

මේ අනුව, අධිකරණය තීරණය කෙරුවා, මේ නඩුව ගොනු කරන්න ඇය ප්‍රමාද වැඩි බව. ප්‍රමාදයට සාධාරණ නෛතික හේතුවක් නැති බව.

හැබැයි, මේ නඩුවේ විශේෂ තැන ඒක නෙවෙයි.

එහෙනම්?

එවැනි තත්ත්වයක් තිබියදීත්, නඩුව ඉවත නොදමා ඉදිරියට ගෙනිච්චා. ඒ තමයි සුවිශේෂීත්වය. මේක ඉතාම දුර්ලබ එහෙත්, අතිශයින් යුක්තිසහගත අවස්ථාවක්.

ගරු විනිසුරු ජනක්ද සිල්වා විසින් තීරණය කෙරුවා, මෙවන් තත්ත්වයකදී පවා අධිකරණයට අපක්ෂපාතීව සිය අධිකරණ බලය මෙහෙයවන්න පුළුවන් බව. යුක්තිය පසිඳලන්න පුළුවන් බව.

ඊට හේතු උනේ,
- නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළයුතු වීම
- රාජ්‍ය ආයතනයක් විසින් කරපු නීති විරෝධී වැඩක් නොතකා ඉන්න අධිකරණයට නොහැකි වීම
- හුදු තාක්ෂණික කාරණයක් හේතුවෙන්, රාජ්‍ය ආයතනයකට සිය වගකීමෙන් පැන යන්න ඉඩදිය නොහැකි වීම

මේ අනුව, අධිකරණය මේ නඩුවේදී, අගතියට පත් තැනැත්තිය වෙනුවෙන් සහන සැළසිය හැකිදැයි විමසා බැලුවා.

මේ නඩුවේදී, අදාල මහාචාර්යවරයා තමන්ට තිබුණු ලිංගික හිරිහැර ගැන ඔප්පුවීම ප්‍රශ්න කෙරුවෙ නෑ. නඩුයන්න කල්ගත වීම වැනි තාක්ෂණික කාරණා තමයි ප්‍රශ්න කෙරුවෙ. අධිකරණය ඒ ගැන සිය අවධානය යොමු කෙරුවා.

ඊට අමතරව, සෑම සේවකයෙකුටම ආරක්ෂාකාරී සේවා වටපිටාවක් සහ සහයෝගී පරිසරයක් තිබෙන්න ඕනි බවත් කිව්වා.

ඒ වගේම, අන්තර්ජාතික නීතියේ එන CEDAW සම්මුතියත් අධිකරණය විසින් අදාල කරගත්තා.

මොකක්ද මේ CEDAW?

ඒ කියන්නෙ, Convention on the Elimination of All Forms of Discrimination Against Women හෙවත්, කාන්තාවන්ට එරෙහි සෑම අකාරයකම වෙනස්කම් පිටුදැකීම වෙනුවෙන් වූ සම්මුතිය.

මේ අනුව, ලංකාවේ නීතිය තුළ, සේවාස්ථානවලදී කාන්තාවන් ආරක්ෂා කෙරෙන නීති මූලධර්ම තිබෙන බව පැහැදිලි කෙරුවා. එවැනි තැනක සිදුවන ලිංගික හිරිහැරයක් නිසා, ඇයගේ කායික මානසික හානිය, වෘත්තීය ජීවිතය පළුදු වීම වැනි දෑ ඇති වෙන්න පුළුවන් බව පැහැදිලි කෙරුවා.

ලිංගික හිරිහැරයක් කියන්නෙ අතිශය සංවේදී ප්‍රබල සිදුවීමක්. මෙවැනි වෙලාවක කාන්තාවන් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න බය වෙනවා. ඒ වගේම විවිධ තර්ජන හින්දා ඔවුන් නිහඬ වෙනවා. එයින් කම්පනයට පත් වෙනවා. මේ අනුව, යුනිවසිටි කවුන්සිලය විසින් විනය කමිටුවේ වාර්ථාව ප්‍රතික්ෂේප කරන්න හේතුව ලෙස කියූ “පළමු ප්‍රමාදයේ ස්වභාවය“ පැහැදිලි උනා.

එය, මේ නඩුව, “ඇගේ දෙවැනි ප්‍රමාදය“ නොතකා ඉදිරියට ගෙනයන්නත් හේතුවක්.

මොකක්ද අධිකරණ තීරණය උනේ?

මේක අපරාධ නඩුවක් නෙවෙයි. ඒ හින්දා අපරාධ නඩුවක් ගොනු කෙරුවා නම් ලැබෙන තීන්දුව මෙහිදී ලැබෙන්නෑ. මේක මූලික අයිතිවාසිකම් නඩුවක්. (අපරාධ නඩුවක් ගොනු කරන්න අදාල වින්දිත කාන්තාව අකැමැති වූ බව ලිපියේ මුලදී සඳහන් කෙරුවා)

ඒ අනුව, මූලික අයිතිවාසිකම් නඩුවකදී ලැබිය හැකි සහන ගණනාවක් සහිත නඩු තීන්දුවක් ලබාදෙන්න අධිකරණය කටයුතු කෙරුවා.

නඩු තීන්දුව ලබා දීමේදී, කාල සීමාවේ ප්‍රශ්නය නිසා මේ නඩුව පසුබෑමට ලක් උනා. නමුත්, නඩුව විභාග කොට අවසානයේදී, පැහැදිලි තනි තීන්දුවක් වෙනුවට අතිශය වැදගත් නියෝග කීපයක් නිකුත් කරන්න අධිකරණය තීරණය කෙරුවා.

පළමු නියෝගය:

අධිකරණය විසින්, ලිංගික හිරිහැර සිදුකළ පුද්ගලයා වූ, මහාචාර්ය W.M.තිලකරත්නට කිසිඳු අධ්‍යාපන ආයතනයක රැකියාවක් ලබාගැනීම තහනම් කෙරුවා. මහාචාර්ය තනතුර හෝ වෙනත් කිසිඳු තනතුරක් ඔහුට අධ්‍යාපන ආයතනයක් තුළ මින් ඉදිරියට දරන්න බෑ. ගෙවීම් කරන තනතුරක් හෝ ගෙවීම් නොකරන ස්වේච්ඡා තනතුරක් දරන්නත් බෑ. මේ අනුව අදාල මහාචාර්යවරයාව අතිශයින්ම තදබල “රැකියා තහනමකට“ ලක් කෙරුවා. මේක නඩුවෙන් ලැබුණු වටිනාම නියෝගයක්.

දෙවැනි නියෝගය:

මේක ලබාදුන්නෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට. මේ නියෝගයෙන් අධිකරණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කිව්වා, මහාචාර්ය W.M.තිලකරත්නව කිසිම ආයතනයක සේවයට බඳවාගන්න එපා කියලා. ඒ කියන්නෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ තිබෙන විශ්ව විද්‍යාල හෝ අනෙක් අධ්‍යාපන ආයතන කිසිවක ඔහුට සේවය කිරීම තහනම්. මේ අනුව, ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට නැවත ඔහුට එන්න බෑ.

තුන්වැනි නියෝගය:

මේක නිකුත් කෙරුවෙ විශ්ව විද්‍යාලයට. මේ අනුව, මෙම විශ්ව විද්‍යාලය විසින් ලිංගික හිරිහැර පිළිබඳව අදාල විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕන. ඒක නිසි විදිහට ක්‍රියාත්මක කරන්න ඕන. සිසුන් සහ කාර්ය මණ්ඩලයට ඒ ගැන දැනුවත් කිරීම් කරන්න ඕන. වාර්ෂිකව ප්‍රගතිය සමාලෝචනය කරන්න ඕන. මේ නියෝගය කලින් දෙක වගේ දඬුවමක් නෙවෙයි. අනාගත සුබ සිද්ධිය තකා කරන ආයතනික වෙනස්කමක්.

ඔය තමයි අධිකරණ තීරණය.

අදාල වෛද්‍යවරිය අපරාධ නඩුවක් ගොනු කෙරුවා නම් තත්ත්වය වෙනස් වෙනවා ද? ඔව්. එවැන්නක් අධිකරණයේදී ඔප්පු උනා නම්, මහාචාර්යවරයා උපරිම සිර දඬුවම් ලබනවා. නමුත් මේක මූලික අයිතිවාසිකම් නඩුවක්. මේක ගොනු කෙරුවෙ, අදාල සිදුවීමට අභ්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීම පිණිස විශ්ව විද්‍යාලයට බළපෑම් කරන්න.

ලෝකයේ මූලික අයිතිවාසිකම් ක්ෂේත්‍රය දෙස බලද්දී, මේක බොහොම සුවිශේෂී එකක්.

ඊට හේතුව, බාධක ගණනාවක් තිබියදී, අදාල වින්දිත වෛද්‍යවරියගේ පාර්ශ්වයෙන් පවා නෛතික හිඩැස් තිබියදී, ඒ සියල්ල අතරින් ගමන් කොට, උපරිම යුක්තිය දිනාදීපු අවස්ථාවක් මේක. නඩු පවරන කාල සීමාව ඉක්මවීම නිසා අවසන් තීරණයක් නොදී, නියෝග කීපයක් හරහා යුක්තිය ඉටුකළ අවස්ථාවක් මේක.

ඒ වගේම, ලංකාවේ අධ්‍යාපන ආයතන පද්ධතියේ අකටයුතුකම් හෙළි වූ අවස්ථාවක්. ලිංගික හිරිහැර කරන මහාචාර්යවරුන්, ඔවුන්ව ආරක්ෂා කරන පාලනාධිකාරීන් හෙළි වූ අවස්ථාවක්. ඊට අමතරව මේ ආයතනවල තනතුරුවල බලය, ධූරාවලියේ ඉහළ සිටින අයගේ ආකල්ප, අයුක්තිය, නිසි අවබෝධයක් නැතිකම ආදී ප්‍රශ්න ගණනාවක ප්‍රතිපලයක් මේක.

විශ්ව විද්‍යාල පද්ධතිය වඩාත් විනිවිද පෙනෙන, වගකියන, ගරුත්වයක් සහිත, ආරක්ෂාකාරී, සමානාත්මතාවය අගයන තැනක් බවට පත් කරන්න අවශ්‍ය මූලික පියවර මේ නඩුවෙන් ලබාදුන්නා. මේ තීරණය ලබා දුන්නේ ගරු විනිසුරු ජනක් ද සිල්වා, ගරු විනිසුරු අචල වෙන්ගප්පුලි, ගරු විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අය විසින්. ⚖️

වැඩිදුර කියවන අයට නඩු අංකය: S.C.F.R. Application No. 81/2021


සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

10/11/2025

Dear colleagues in forensic science & legal medicine!

Abstract submission for the 24th Triennial Meeting of the International Association of Forensic Sciences (IAFS 2026) — Sofia, Bulgaria, 25–30 May 2026 — is OPEN.

We kindly encourage you to submit your abstracts by the end of this week so your work can be included in the scientific review process.

IAFS 2026 will welcome experts from around the world and will include two integrated meetings:

🔹 ISFRI 2026 – International Society of Forensic Radiology and Imaging
🔹 BAFS 2026 – Balkan Academy of Forensic Sciences

👉 Submit your abstract following the link https://iafs2026.com/abstracts/

Let’s shape the scientific programme together — we look forward to your contributions and to welcoming you in Sofia next year!

07/11/2025

Emotional Fatigue: The Weight You Don’t See

No one prepares you for the silence after a tough scene.
The hum of the lab fades, the adrenaline dips — and that’s when it hits you.

CSIs don’t just collect evidence. They carry stories of loss, violence, and tragedy.
You may not shed a tear at the scene, but later — when you’re home — the images replay.

That’s emotional fatigue, and it’s real.
This work asks for resilience, but it also demands recovery.

💬 Lesson: Strong CSIs know when to take a breath, reach out, and reset — because the job takes more than skill; it takes balance.

06/11/2025

මේ සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද ?
#මේ_ඔබේ_පොලිසියයි

05/11/2025

He injected thousands with fake disease—and the N***s never realized they were quarantining healthy people from death camps.
Poland, 1941. The N**i occupation had transformed the country into a landscape of terror. Jews rounded up and herded into ghettos before deportation to camps. Polish intellectuals executed. Resisters tortured. Every day brought new horrors, new disappearances, new reasons to fear.
In the small town of Rozwadów, 28-year-old Dr. Eugeniusz Lazowski treated patients under impossible conditions—scarce supplies, almost no medicine, constant German surveillance. He'd already watched friends executed, Jewish neighbors deported, families destroyed.
Then a desperate Jewish friend came to him: the N***s were planning to liquidate his village. Was there any way to avoid deportation?
Lazowski considered what terrified even the ruthless SS. They seemed fearless in their brutality, unstoppable in their cruelty. But there was one thing that made them hesitate: epidemic disease.
The Germans were paranoid about typhus—a bacterial infection spread by lice that killed quickly and spread rapidly through crowded conditions. During World War I, typhus had killed millions. N**i command had strict protocols: quarantine infected areas, avoid all contact, let no one in or out.
Lazowski had an idea. Crazy, dangerous, brilliant.
What if he could fake a typhus outbreak?
He contacted his friend Dr. Stanisław Matulewicz, who had been studying the Weil-Felix test—the standard diagnostic for typhus. The test detected antibodies the body produced responding to typhus bacteria.
But Matulewicz had discovered something remarkable: a completely harmless bacteria called Proteus OX19 triggered the exact same antibody response.
Inject someone with dead Proteus OX19 bacteria, and they would test positive for typhus—while being perfectly healthy.
The two doctors looked at each other. This could work. This could save lives.
This could also get them killed.
They started small. Late 1941, Lazowski injected a few Polish patients with the dead bacteria. Within days, when tested by German medical authorities, they showed positive for typhus.
The Germans immediately quarantined the area around Rozwadów.
It worked.
The Germans, terrified of outbreak, declared the region infected and prohibited their soldiers from entering. No German doctors examined patients personally—they simply trusted test results and stayed away.
No deportations occurred in quarantined zones.
Lazowski and Matulewicz realized they'd found a weapon.
For the next three years, they ran a secret operation. When word spread that N***s were planning deportation in a nearby village, someone would get word to Lazowski. He'd travel there, often at night, with vials of harmless bacteria hidden in his medical bag.
He'd inject dozens, sometimes hundreds—Jews hiding in villages, Polish families at risk, anyone needing protection. Within a week, German medical teams would test the population, find widespread "typhus," and declare quarantine.
Germans would mark the area on maps with red circles and stay away.
To maintain the illusion, Lazowski had to be strategic. He couldn't create too many outbreaks or patterns would look suspicious. He had to spread "infections" realistically—concentrating them in specific villages, creating apparent "transmission chains" following normal disease patterns.
He forged medical records showing disease progression. He trained local nurses how to describe typhus symptoms to German inspectors. He created fake patient histories.
It was elaborate performance art that had to be perfect every single time—because one mistake meant death.
The risks were enormous. If Germans discovered the deception, Lazowski and Matulewicz would be executed immediately, along with their families and probably everyone they'd "infected." If a German doctor actually examined a "typhus patient" closely, healthy appearance would expose the ruse.
But the Germans' own paranoia protected the scheme. They were so terrified of typhus they avoided close contact with infected areas. They accepted test results from distance and stayed away.
For three years, Lazowski and Matulewicz maintained the phantom epidemic. Villages around Rozwadów and in the Łańcut region became known as typhus zones—areas N***s marked on maps but never entered.
Approximately 8,000 people—Jews and Poles—lived in these "infected" areas, protected by disease that didn't exist.
Some people lived in quarantine zones for years, working farms, raising children, living relatively normal lives while surrounded by war that should have killed them. They'd watch German patrols stop at village boundaries, check maps, and turn around.
The invisible disease was their shield.
By 1944, the Soviet army advanced from the east. Germans began retreating from Poland.
The fake epidemic had lasted just long enough.
After the war, Lazowski and Matulewicz said nothing about what they'd done. It was too dangerous—Poland was now under Soviet control, and Communists were suspicious of anyone who'd survived through cleverness rather than joining partisans. Drawing attention could lead to collaboration accusations.
Lazowski emigrated to the United States in 1958, settling in Chicago and working as a doctor. For decades, he never spoke about the fake typhus epidemic.
Not until the 1970s did the story begin emerging. A researcher interviewing Holocaust survivors heard whispers about "the doctor who created the disease that saved us." Eventually, the trail led to Lazowski, who was finally convinced to tell what happened.
He was in his sixties then, a quiet man working at a hospital, taking the bus to work, living an unremarkable American life. When he finally explained what he'd done during the war, people could barely believe it.
He'd saved thousands using nothing but fake disease, clever science, and extraordinary courage.
In 2000, Lazowski was nominated for the Nobel Peace Prize. He received Israel's Righteous Among the Nations honor. Medical schools began teaching his story as example of ethical courage.
When asked about his actions, Lazowski was characteristically modest: "I didn't do anything special. I just did what I could with what I had."
What he had was medical knowledge and moral courage.
What he did was save 8,000 lives.
Think about the audacity of this plan. Lazowski wasn't creating real resistance infrastructure—no weapons, no safe houses, no escape routes. He was creating an illusion so convincing that the N***s themselves enforced the protection.
He turned German paranoia into a weapon against them. Their fear of disease became a shield for those they wanted to murder.
It required understanding your enemy's psychology. The N***s were brutal but not stupid—they'd see through crude deceptions. The fake epidemic had to be believable: realistic spread patterns, proper medical documentation, trained people who could describe symptoms convincingly.
It required nerves of steel. Every injection, every forged document, every trained nurse was a risk. One nervous mistake, one suspicious German doctor, one person who talked—and the entire scheme would collapse, killing everyone involved.
And it required sustained courage over years. Not one heroic moment, but three years of constant danger, constant deception, constant fear of discovery.
Lazowski didn't just save lives once. He saved them continuously, day after day, injection after injection, forged document after forged document, maintained lie after maintained lie.
For three years.
The people living in those quarantine zones knew they were healthy. They knew the disease was fake. They understood they were part of an elaborate deception that kept them alive.
Imagine living that way: appearing sick to Germans while living normal lives when they weren't watching. Teaching children to cough convincingly if Germans approached. Maintaining the performance constantly because dropping it meant death.
Entire communities participated in sustained theater where the stage was their village and the audience was an army that would kill them if the performance failed.
And it never failed. For three years.
Dr. Eugeniusz Lazowski died in 2006 at age 92, in Eugene, Oregon (he'd moved there and coincidentally lived in a town with the American version of his name—Eugene/Eugeniusz).
His obituary appeared in major newspapers worldwide, finally giving him recognition that had eluded him for sixty years.
Today, his story is taught in medical schools as example of how doctors can use knowledge to resist tyranny. It's cited in discussions of medical ethics, creative problem-solving, and moral courage.
Because Dr. Lazowski proved something important: you don't need an army to fight evil. Sometimes all you need is a vial of harmless bacteria, clever understanding of your enemy's fears, and courage to risk everything.
He weaponized science against tyranny.
He turned a diagnostic test into a shield.
He created disease to cure injustice.
And 8,000 people lived because of it.
Their children lived. Their grandchildren live today. Entire family trees exist because one doctor realized that sometimes the best way to fight evil isn't confrontation—it's deception so brilliant your enemy enforces your protection while thinking they're protecting themselves.
The N***s thought they were avoiding typhus.
They were actually avoiding justice for their intended victims.
And they never realized the disease they feared didn't exist.
That might be the most satisfying part of this story: the N***s were completely fooled. Their own paranoia, their own protocols, their own fear—all turned against them by one doctor with a vial of harmless bacteria.
Dr. Lazowski didn't overpower evil. He outsmarted it.
And 8,000 people—and their tens of thousands of descendants—exist because he did.

31/10/2025

Free Webinar for Students & Trainees: "Management of Undocumented Border Crosser Remains" by Gene Hernandez, B.S., F-ABMDI, Chief Medicolegal Death Investigator, Pima County Office of the Medical Examiner, Tucson, Arizona
Thursday, November 20, 2025 at 4:00 PM ET
Link to register for event: https://us06web.zoom.us/webinar/register/WN_hXUwadIvSVubLz22FSySuQ #/registration

21/09/2025

සල්ලි නැහැ කියලා නීතිය ඉදිරියේ අසරණ වෙන්න එපා! 👋 නොමිලේ නීතියේ පිළිසරණ ලබා ගන්නා ආකාරය. 🇱🇰

"අනේ උසාවි ගිහින් නඩු කියන්න අපිට සල්ලි කොහෙන්ද? 😥"

"ඔය නීතිය තියෙන්නේ සල්ලි තියෙන මිනිහට විතරයි. 😠"

"අයුක්තියක් වුණත් කමක් නෑ, නඩු කියාගෙන ගියොත් තියෙන ටිකත් නැතිවෙයි. 💸"

මේ වගේ කතා අපේ සමාජයේ කොතෙකුත් ඇසෙනවාද? තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නීතියේ පිහිට පැතීමට බොහෝ දෙනෙක් බිය වන්නේ ඒ සඳහා විශාල මුදලක් වැය වේය යන වැරදි මතය නිසයි. නමුත් එය සම්පූර්ණ ඇත්තක් නොවේ. මුදල් නොමැතිකම නිසා කිසිවෙකුටත් යුක්තිය අහිමි නොවිය යුතුය යන උදාර සංකල්පය මත පිහිටුවන ලද, ඔබට නොමිලේම නීතියේ සරණ ලබා දෙන රාජ්‍ය ආයතනයක් ලංකාවේ පවතින බව ඔබ දන්නවාද? 🤔

ඒ තමයි, ⚖️ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ⚖️. අද අපි කතා කරන්නේ මේ සුවිශේෂී ආයතනයෙන් ඔබටත් පිහිටක් ලබාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳවයි. 👇

මොකක්ද මේ නීති ආධාර කොමිෂන් සභාව කියන්නේ?🏛️

සරලවම කිවහොත්, නීති ආධාර කොමිෂන් සභාව යනු මූල්‍යමය අපහසුතා නිසා නීතිඥ සහාය ලබා ගැනීමට නොහැකි ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට නොමිලේ නීති උපදෙස් සහ නීතිඥ සේවය 🧑‍⚖️ ලබා දීම සඳහා රජය විසින් පිහිටුවා ඇති ආයතනයකි. 1978 අංක 27 දරණ නීති ආධාර පනත මගින් ස්ථාපිත කර ඇති මෙහි ප්‍රධාන අරමුණ වන්නේ, "දරිද්‍රතාවය" යුක්තිය පසිඳලීමට බාධාවක් නොවිය යුතු බව සහතික කිරීමයි. ✅

මට මේකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? නීතිඥවරයෙක්ම ලැබෙනවාද? 🙋‍♀️🙋‍♂️

ඔව්! ඔබට අනිවාර්යයෙන්ම සුදුසුකම් ලත් නීතිඥවරයෙකුගේ සහාය මෙහිදී ලැබේ. නීති ආධාර කොමිෂන් සභාවෙන් ඔබට ප්‍රධාන වශයෙන් සේවා දෙකක් ලබාගත හැකියි.

👉 නොමිලේ නීති උපදෙස් 🗣️

ඔබට යම් නීතිමය ගැටලුවක් ඇත්නම්, ඒ පිළිබඳව කුමක් කළ යුතුදැයි දැනගැනීමට අවශ්‍ය නම්, කිසිදු ආදායම් සීමාවකින් තොරව ඕනෑම කෙනෙකුට මෙහි පැමිණ නොමිලේම නීති උපදෙස් ලබාගත හැකිය.

👉 අධිකරණයේ පෙනී සිටීමට නීතිඥ සහාය 🏛️

ඔබගේ නඩුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට නොමිලේ නීතිඥවරයෙකු ලබා දීම මෙහි ප්‍රධානතම කාර්යයයි.

මේ සේවාව ලබාගන්න සුදුසුකම් මොනවාද?

අධිකරණයේ පෙනී සිටීමට නීතිඥ සහාය ලබා දීමේදී, කොමිෂන් සභාව ඔබගේ ආදායම් තත්ත්වය සලකා බලයි. සාමාන්‍යයෙන්, මාසික ආදායම රුපියල් 25,000 කට අඩු 📉 පුද්ගලයින්ට මෙම සේවාව හිමිවේ. ඒ සඳහා ඔබ පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත් ආදායම් සහතිකයක් 📜 ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
🚨 හැබැයි, මේ අවස්ථාවලදී ඔබගේ ආදායම කොහෙත්ම සලකා බලන්නේ නැහැ!

සමහර විශේෂ සහ සංවේදී අවස්ථාවලදී, ඔබගේ ආදායම කොපමණද යන්න නොසලකා ඔබට නොමිලේ නීතිඥ සහාය ලබා දීමට කොමිෂන් සභාව කටයුතු කරයි. ඒ අවස්ථා නම්

👩‍👧‍👦 කාන්තාවන් සහ දරුවන් සම්බන්ධ නඩත්තු නඩු.

🏠 ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ නඩු.

💔 අපරාධවලට ගොදුරු වූවන් (වින්දිතයන්) සම්බන්ධ නඩු.

👶 දරුවෙකුගේ යහපත උදෙසා දෙමාපියන් හෝ භාරකරුවන් විසින් කරනු ලබන ඉල්ලීම්.

ඇත්තටම සතයක්වත් යන්නේ නැද්ද? 💰

මෙය බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක්. නීති ආධාර කොමිෂන් සභාව හරහා නීතිඥ සහාය ලබා ගැනීමේදී, ඔබට නීතිඥවරයාට ගාස්තු ගෙවීමට කිසිසේත්ම අවශ්‍ය නැත. 🙅‍♂️

කෙසේ වෙතත්, සේවාලාභියෙකු ලෙස ලියාපදිංචි වීමේදී රුපියල් 200ක පරිපාලන ගාස්තුවක් 📝 අය කරනු ලැබේ. නමුත්, ඔබ සහාය ඉල්ලන්නේ නඩත්තු නඩුවක් සඳහා නම්, එම රුපියල් 200 ක ගාස්තුවෙන්ද ඔබව නිදහස් කෙරේ. 🎉 ඒ හැර වෙනත් කිසිදු ගාස්තුවක් මෙහිදී අය නොකෙරේ.

මොන වගේ නඩු වලටද සහාය ලැබෙන්නේ?

පහත දැක්වෙන බොහෝ නඩු වර්ග සඳහා ඔබට නීති ආධාර කොමිෂන් සභාවේ පිහිට ලබාගත හැකියි:

🔹 නඩත්තු නඩු

🚗 රිය අනතුරු සඳහා වන්දි ලබාගැනීමේ නඩු

🏡 ඉඩම් ආරවුල් සහ නීති විරෝධීව නෙරපීම් සම්බන්ධ නඩු

💵 මුදල් ගනුදෙනු සහ අනෙකුත් සිවිල් නඩු (ආදායම් සීමාවට යටත්ව)

✊ මූලික අයිතිවාසිකම් නඩු

⛓️ ඇප ලබා ගැනීම්

📄 අභියාචනා සහ ප්‍රතිශෝධන නඩු (විශේෂ නීති රීති වලට යටත්ව)

(බෙදුම් නඩු සහ බූදල් නඩු සඳහා සහාය ලබා දෙන්නේ ඉතා විශේෂ අවස්ථාවලදී පමණි.)

කොහෙටද යන්න ඕනේ? කොහොමද සම්බන්ධ වෙන්නේ? 📍

නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල පිහිටා ඇත. නමුත් ඔබට කොළඹටම ඒමට අවශ්‍ය නැත. රට පුරා දිස්ත්‍රික්ක බොහොමයක් ආවරණය වන පරිදි මෙහි ප්‍රාදේශීය කාර්යාල 80කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා තිබේ.

ඔබට වැඩිදුර තොරතුරු දැනගැනීමට හෝ ඔබගේ ප්‍රදේශයට ආසන්නම කාර්යාලය සොයා ගැනීමට පහත ලිපිනයෙන් සහ දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකිය.

🏢 ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව,
ප්‍රධාන කාර්යාලය,
අංක 129, අලුත්කඩේ වීදිය,
කොළඹ – 12.

📞 දුරකථන අංක:

👉 011-5335329
👉011-5335281
👉011-2433618

📧 ඊමේල්: [email protected]

✅ 📝 සේවාව ලබා ගැනීමට යන විට සූදානම් විය යුතු ආකාරය (Documentation) 📂

නීති ආධාර කාර්යාලයකට යන විට, ඔබගේ කාලය ඉතිරි කර ගැනීමට ⏳ සහ නිලධාරීන්ට ඔබගේ ගැටලුව ඉක්මනින් අවබෝධ කර දීමට පහත දේවල් රැගෙන යෑම ඉතා වැදගත් වේ: 👇

🆔 ජාතික හැඳුනුම්පත - ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට.

📄 ගැටලුවට අදාළ සියලුම ලියකියවිලි

🏡 ඉඩම් නඩුවක් නම් - ඔප්පු, පිඹුරු, පත්තිරු, නගර සභා/ප්‍රාදේශීය සභා ලිපි.

👩‍👧‍👦 නඩත්තු නඩුවක් නම්:ග - දරුවන්ගේ උප්පැන්න සහතික, විවාහ සහතිකය.

🚗💥 රිය අනතුරක් නම් - පොලිස් පැමිණිල්ලේ පිටපතක්, රෝහල් වාර්තා, හානි වූ වාහනයේ ඡායාරූප.

✉️ ඕනෑම ගැටලුවකදී - ඔබට ලැබුණු නීතිඥ ලිපි (එන්තරවාසි), උසාවි කැඳවීම් (සිතාසි) ආදිය.

💰📜 ග්‍රාම නිලධාරී ආදායම් සහතිකය - ඔබ ආදායම් සීමාව යටතේ නීතිඥ සහාය ඉල්ලන්නේ නම්, මෙය අනිවාර්යයෙන් රැගෙන යා යුතුය.

👥 සිද්ධියට අදාළ පාර්ශ්වයන්ගේ තොරතුරු - ඔබට නඩු පැවරීමට අවශ්‍ය පුද්ගලයාගේ හෝ ආයතනයේ නිවැරදි නම, ලිපිනය වැනි දන්නා තොරතුරු.

💡 මේ සියල්ලේම පිටපත් (photocopies) කිහිපයක්ද ඔබ සතුව තබා ගැනීම නුවණට හුරුය.

එසේනම්, ඔබට හෝ ඔබ දන්නා හඳුනන කෙනෙකුට අසාධාරණයක්, අයුක්තියක් සිදුවී, මුදල් නොමැතිකම නිසා නීතිය ඉදිරියට යෑමට පසුබට වන්නේ නම්, තවදුරටත් අසරණ නොවන්න. යුක්තිය යනු මිලදී ගත යුතු දෙයක් නොවේ; එය ඔබගේ අයිතියකි. ✨ ඒ අයිතිය දිනාගැනීමට ඔබට ශක්තියක් වීමට නීති ආධාර කොමිෂන් සභාව සූදානමින් සිටී.

සැකසුම: ✍️නීතිඥ නාලින්ද දිසානායක.

🤝 ​මෙම තොරතුර ඔබට වැදගත් යැයි සිතනවා නම්, එය ආර්ථික අපහසුතා නිසා නීතිය ඉදිරියේ අසරණ වූ තවත් කෙනෙකුට බලාපොරොත්තුවේ ආලෝකයක් විය හැකියි. එම නිසා, කරුණාකර මෙම සටහනට Like 👍 එකක් දමා, ඔබගේ අදහස Comment කර, ඇත්තටම අවශ්‍යතාවයක් ඇති කෙනෙකුට දැකගැනීම සඳහා Share කරන්න.

ඔබගේ එක 'Share' එකක්, යුක්තිය සොයන නමුත් මගක් නොදත් කෙනෙකුගේ ජීවිතය වෙනස් කිරීමට සමත් විය හැකියි. අපි එක්ව මෙම පණිවිඩය ශ්‍රී ලංකාව පුරාම පතුරවමු!

Admins Law Guide ©️

#නීතිආධාර #නොමිලේනීතිඋපදෙස් #යුක්තියසැමට #යුක්තියසැමට #නොමිලේනීතිඋපදෙස් #නීතිආධාර #දැනුවත්කිරීම #අයිතිවාසිකම් #නීතිය #දැනුවත්කිරීම #අයිතිවාසිකම් #නීතිය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Forensic Medicine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share