Evanji

Evanji Once a gaming streamer 🎮 Now a mama sharing my kitchen adventures 🍳 daily vlogs ✨ & motherhood journey 💕

10/12/2025

චුටි අපේ කෙල්ල කෑම කන්නයි යන්නෙ.ඉතින් බඩු වගයක් ගත්තා.ගන්න ගියපු දේවල් නෙමේ ගත්තේ😍

දැන් මෙහෙත් සීතලයි වැස්ස පටන් ගත්තා 🥹❤️
10/12/2025

දැන් මෙහෙත් සීතලයි වැස්ස පටන් ගත්තා 🥹❤️

07/12/2025

කෑවා නෙවෙයි නෑවා 😂❤️

06/12/2025

මේ වගේ හදන අය ඉන්නවද? ලන්කාවේ? 😍❤️

06/12/2025

පොඩ්ඩක් නිවෙනකන් බලන් ඉන්න බැහැ මේ චූටි ලමයට 🥹🥰

02/12/2025

වතුර බැහැලා ගියාට වැස්ස නැවතුනාට මේ මිනිස්සුන්ගේ ජීවිත ආයෙත් බිංදුවේ ඉදන් පටන් ගන්න ඕන නේද කියලා හිතුනම පපුව පිච්චිලා ගියා. සමහර අයගේ ගෙවල් දොරවල් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඒත් ගෙදර තිබුණත් ආයේ එකට ඉන්න පවුලේ අය නෑ කියලා දැනෙන සමහර මිනිස්සු 💔😢

02/12/2025

පුලුවන් කවුරුහරි ඉන්නවනන් නුවරඑළිය මේ පැත්තෙ අයට උදව් කරන්න 🙏

අනේ නංගා පුලුවන් නම් පොස්ට් එකක් share කරලා උදවු කරන්න.නුවරඑලිය වලපනේ කදවුරු වල ඉන්න අයට කැම වතුර නෑ.එයාලා බඩගින්නේ.වලපනේ බටගොල්ල පාසලේ,හරස්බැද්ද පාසලේ ගොඩාක් අයට කැම වතුර මොකුත්ම නැ.එහේ නාය ගිහින් මිනිස්සුත් මැරුනා.අනේ එත් කදවුරු වල අයට කැම නැ 🙏😥🥺
ඒ පැත්තට යන්න තියෙන හැම මාර්ගයක්ම අවහිර වෙලා...පුලුවන් නම් කෑම වතුර සනීපාරක්ෂක දේවල් ලැබෙන්න එයාලට උදවු කරන්න 😥🙏
0704146218
0707485408

01/12/2025

🛑බත් දැම්මා කියලා බනින්න එපා පෝස්ට් එක කියවන්න.

🛑ඔයත් කඳවුරු වලට කෑම දෙන්න ඉන්න කෙනෙක්ද? මේක පොඩ්ඩක් කියවලා ශෙයාර් කරන්න. නරක් නොවි පැය ගානක් තියාගන්න පුළුවන් විදිහට කෑම වේල දෙමු.

🛑කැකුළු හාලක් උයන්න. ( කැකුළු බත හොඳට නිවෙන්න තියලා බත් බඳින්න ගන්න. පැය 26 ට වඩා තියාගන්න පුළුවන් )

🛑උයන එලවළු තෝරගනිද්දි කල්පනාකාරි වෙන්න.

🛑 බිත්තර එකතුකරනවා නම් ( බිත්තර බැදලා දෙන්න. ) බිත්තර තම්බලා දෙන්න එපා හේතුව බඩේ කැක්කුම් හැදෙන්න තියන ප්‍රවනතාවය වැඩියි. ලොකු පොඩි භේදයකින් තොරව.

🛑 පරිප්පු උයනවා නම් ( වතුරෙන් උයලා හොඳ තෙම්පරාදුවක් දාන්න.. පැය 24 ට වඩා තියාගන්න පුළුවන්.. වතුර ටික හිදෙන්න තියලා හදාගන්න)

🛑 පොල්සම්බෝල හදනවානම් ( හොඳට තෙම්පරාදු කරලා හදන්න පැය 24 ට වඩා තියාගන්න පුළුවන් )

🛑 අල තෙල්දාලා දෙනවානම් ( අල ගැඹුරු තෙලේ බැදලා අරගෙන හදන්න.. දවසක් උනත් තියාගන්න පුළුවන් )

නරක් නොවි බතට බෙදන්න පුළුවන් දේවල්

🛑 සෝයා තෙම්පරාදු කර වතුරෙන් මිරිසට හින්දෙන්න හදලා

🛑 අඹ මාලුව (වතුරෙන් හදන්න කිරි එකතුකරන්න එපා. කන්න පුළුවන් රසයි)

🛑 ටින් මාලු (සැමන් ගම්මිරිස් රසට හදන්න වේලෙන්න කල්තියාගන්න පුළුවන් )

🛑 චිලිපේස්ට්

🛑 උම්බලකඩ බැදුමක්

🛑 රටකජු බැදුමක්

🛑 වම්බටු දෙන අයට වම්බටු තෙල්දාලා දෙන්කොට නරක් වෙනවා.. තෙලෙන් බැදලා සෝස් චිලිපේස්ට් දාලා හදලා දෙන්න නරක් වෙන්නෙ නෑ.. ( අඩු වියදමකින් නරක් නොවි තියාගන්න පුළුවන් විදිහ)

200/500 ට ඉව්වත් අපි උයන්නෙ මේ අතරින් තෝරගත්ත කිහිපයක්.. ඉතින් ඒ දේවල් නරක් නොවි තියාගන්න පුළුවන්. ඔයාලා රෑ 12 ට ඉව්වත් පහුවදා දවසම තියාගෙන අවශ්‍ය වෙලාවට කෑම එක දිග ඇරගෙන කන්න පුළුවන්.

හිතෙන්න පුළුවන් ලොකු ප්‍රමාණය කට උයනකොට ඕවා හිත හිත ඉන්න බෑ කියලා. නමුත් අපි උයන කෑම එක පිළුනු වෙලා විසි උනොත්.. සල්ලි දෙන කෙනා වගේම ශ්‍රමයෙන් උයන ඔයාගේ මහන්සියත් අපරාදේ.. කෑමත් අපරාදේ... පුළුවන් තරම් කැකුළු හාලක් නාඩු හාලක් ගන්න බලන්න නරක් වෙන්නෙ නෑ ඒ හාල් ඉව්වම.

කෑම උයන කෙනෙක් විදිහට අත්දැකිම් තියෙන කෙනෙක් විදිහට විතරයි මම මේක ලිව්වේ. පුංචිම හරි අදහසක් ඔයාලට ලැබෙනවානම් සතුටුයි.

පහලින් තියෙන්නෙ එහෙම පැය 26 ට වඩා තියාගත්ත කෑම එකක්.

චන්දි

කළුතරට අයත් ප්‍රදේශවල උදව් කරන්න කැමති අය ඉන්නවනන් පහල තියන අංක වලට කතා කරල පුලුවන් උපකාරයක් කරන්න ❤️
29/11/2025

කළුතරට අයත් ප්‍රදේශවල උදව් කරන්න කැමති අය ඉන්නවනන් පහල තියන අංක වලට කතා කරල පුලුවන් උපකාරයක් කරන්න ❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Evanji posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Evanji:

Share