Radio Veritas Asia - Sinhala

Radio Veritas Asia - Sinhala “වෙරිටාස්” යනු ලතින් බසින් “සත්‍යය”යි. වත්මනේ වෙරිටාස් සිංහල සේවය “වෙබ් රේඩියෝවක්” ලෙස ඔබ හමුව

 Reaching the hearts and minds of the people through new media platforms.
 To promote communication policies that ensure Christian human, moral and spiritual values that are upheld, through the media of Social Communication.
 To arouse in the minds of Catholics the immense potentialities of mass media in the service of the Church.
 Being an agent and bridge-builder in fostering peace and promoting evangelization, building a value based and media literate community.

අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 17වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ රොබෙර්ත් බෙල්ලාර්මිනේ මුනිඳුන් යදිමු.ධර්මෝපදේශකයින්...
17/09/2025

අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 17වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ රොබෙර්ත් බෙල්ලාර්මිනේ මුනිඳුන් යදිමු.

ධර්මෝපදේශකයින්ගේ නාමසාන්තුවරයෙකු වන, ශුද්ධ වූ රොබෙර්ත් බෙල්ලාර්මිනේ මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.




'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

පිය සටහන් "කිසිවෙකු ශූරයෙකු ලෙස උපත නොලබන්නාක් මෙන්, කිසිවෙකු සාන්තුවරයෙකු ලෙස උපත නොලබයි.එය ආදරය පිළිබඳ දිනපතා පුහුණුවක...
17/09/2025

පිය සටහන්

"කිසිවෙකු
ශූරයෙකු ලෙස
උපත නොලබන්නාක් මෙන්,
කිසිවෙකු
සාන්තුවරයෙකු ලෙස
උපත නොලබයි.
එය ආදරය පිළිබඳ
දිනපතා පුහුණුවකි."

-දාහතර වන ලියෝ පාප්තුමන්


'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!

දවසේ සුපුවත 2025 සැප්තැම්බර් 17ශු. ලූක් 7 : 31 – 3531 තවදුරටත් උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: ”මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට...
17/09/2025

දවසේ සුපුවත 2025 සැප්තැම්බර් 17
ශු. ලූක් 7 : 31 – 35
31 තවදුරටත් උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: ”මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම් ද? කුමන දෙයකට මොවුහු සමාන ද? ඔව්හු වනාහි, වෙළඳ පොළේ හිඳ ඔවුනොවුන්ට හඬගා,
32 ‘අපි ඔබට නළා පිම්බෙමු.
ඔබ නැටුවේ නැත;
අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැතැ’යි
කියන දරුවන් හා සමාන වෙති. 33 ස්නාවක ජොහන් නිරාහාර ව ද මිදියුසින් තොර ව ද සිටි කෙනෙකි; එබැවින් ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකැ’යි ඔබ කියන්නහු ය. 34 මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක; ‘බලන්න, ඔහු කෑදරයෙකි, බේබද්දෙකි, අයකැමියන්ගේත්, පව්කාරයන්ගේත් යහළුවෙකි’යි ඔබ කියන්නහු ය. 35 දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරැදි බව එය පිළිගන්න සියලු දරුවන් මඟින් දිස් වන්නේ ය.”


'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

වෙරිටාස් කෙටි චිත්‍රපට උළෙල - අදම අයදුම් කර වටිනා ත්‍යාග දිනාගන්න..."සුරකිමු මිහිමඬල" යන තේමාව ඔස්සේ පරිසරය සුරැකීම ගැන ...
16/09/2025

වෙරිටාස් කෙටි චිත්‍රපට උළෙල - අදම අයදුම් කර වටිනා ත්‍යාග දිනාගන්න...
"සුරකිමු මිහිමඬල" යන තේමාව ඔස්සේ පරිසරය සුරැකීම ගැන සමාජය දැනුම්වත් කෙරෙන කෙටි චිත්‍රපට උළෙලක් ජාත්‍යන්තර වෙරිටාස් ආසියානු ගුවන්විදුලිය විසින් සංවිධානය කර තිබේ.

🎞️ මිනිත්තු 3–5 කෙටි චිත්‍රපටය | 🌐 ඕනෑම ආසියානු භාෂාවක් (ඉංග්‍රීසි උපසිරැසි සමඟ)
💰 සහතිකපත්‍ර සමඟින් ඩොලර් 1,000 දක්වා ත්‍යාග!

වැඩි විස්තර සඳහා පහත සබැඳියට පිවිසෙන්න.
https://www.rvasia.org/laudato-si-film-making-contest



'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

සසුන් පිය සටහන් "දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරයි, දෙවියන් වහන්සේ ඔබ සැමට ප්‍රේම කරයි, එබැවින් නපුර ජය නොගනු ඇත!"-දාහතර වන...
16/09/2025

සසුන් පිය සටහන්

"දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරයි, දෙවියන් වහන්සේ ඔබ සැමට ප්‍රේම කරයි, එබැවින් නපුර ජය නොගනු ඇත!"

-දාහතර වන ලියෝ පාප්තුමන්



'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 16වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ කොර්නේලියස් මුනිඳුන් යදිමු.කන් ආශ්‍රිත රෝගයන්ගෙන් ප...
16/09/2025

අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 16වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ කොර්නේලියස් මුනිඳුන් යදිමු.

කන් ආශ්‍රිත රෝගයන්ගෙන් පීඩා විඳින්නන්ගේ, අපස්මාර රෝගීන්ගේ සහ ගෘහාශ්‍රිත සතුන් කෙරෙහි නාමසාන්තුවරයා වන, ශුද්ධ වූ කොර්නේලියස් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.




'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

16/09/2025

දවසේ මෙනෙහි කිරීම - 2025 සැප්තැම්බර් 16
අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම
ශු. ලූක් 7 : 11 – 17
යෞවනය, නැඟිටින්නැ යි මම ඔබට කියමි.

'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

දවසේ සුපුවත 2025 සැප්තැම්බර් 16ශු. ලූක් 7 : 11 – 1711 ඉන්පසු ජේසුස් වහන්සේ නායින් නම් නුවරකට වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍...
16/09/2025

දවසේ සුපුවත 2025 සැප්තැම්බර් 16
ශු. ලූක් 7 : 11 – 17
11 ඉන්පසු ජේසුස් වහන්සේ නායින් නම් නුවරකට වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද මහත් සමූහයක් ද උන් වහන්සේ පිරිවරා ගියහ. 12 උන් වහන්සේ නුවර දොරටුවට ළං වූ කල, මළ මිනියක් පිටතට ගෙනෙන ලද්දේ ය. මළ තැනැත්තේ, සිය මවගේ එක ම පුත්‍රයා ය. ඈ ද වැන්දඹුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමඟ ආහ. 13 සමිඳාණන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට, ”හැඬීම නවත්වන්නැ”යි වදාළ සේක. 14 උන් වහන්සේ ළං වී දෙණට අත තැබූ සේක. එවිට දෙණ උසුලන්නෝ නැවතුණාහ. උන් වහන්සේ, ”යෞවනය, නැඟිටින්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. 15 එවිට මළ මිනිසා නැඟිට හිඳගෙන කතා කරන්න පටන්ගත්තේ ය. උන් වහන්සේ ඔහු සිය මෑණියන්ට භාර දුන් සේක. 16 එකල සියල්ලෝ ම බිය පත් ව, ”ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. 17 උන් වහන්සේ ගැන මේ පුවත මුළු ජුදයෙහි ද අවට පෙදෙස්වල ද පැතිර ගියේ ය.


'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 15වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ වැලරියන් මුනිඳුන් ගැන කතා කරමු.177 වර්ෂයේදී මාකස් ඕ...
15/09/2025

අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 15වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ වැලරියන් මුනිඳුන් ගැන කතා කරමු.
177 වර්ෂයේදී මාකස් ඕරේලියස්ගේ හිංසා පීඩාවලදී ලියොන්හි ප්‍රාණ පරිත්‍යාගිකයින් ඔවුන්ගේ බිෂොප්වරයා වන ශාන්ත පෝතිනස් සමඟ සමූලඝාතනය කිරීම සිදු විය. කොමෝඩස් අධිරාජ්‍යයා (ර. 177-192) යටතේ සභා පීඩා වලදී අත්අඩංගුවට ගත් ඔහු සිරෙන් පැන යාමට සමත් වූ නමුත් පසුව ප්‍රංශයේ ඔටුන්හිදී අල්ලා හිස ගසා දමන ලදී. ඔහු මාර්සලස් සමගම සිරගෙයින් පැන ගිය බවත්, ඔටුන් අසල ටෝර්නුස් හිදී ඇදහිල්ල වෙනුවෙන් හිස ගසා දැමූ බවත් කියනු ලැබේ. ශාන්ත වැලරියන් මංගල්ය දිනය සැප්තැම්බර් 15 වේ.
හිංසා පීඩා නොතකා දෙවිඳුන්ට සාක්ෂි දරා ප්‍රාණ පරිත්‍යාගී වූ, ශුද්ධ වූ වැලරියන් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.




'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

15/09/2025

දවසේ මෙනෙහි කිරීම - 2025 සැප්තැම්බර් 15

අද දිනට නියමිත සුපුවත මෙනෙහි කිරිම
ශු. ලූක් 02: 33 - 35
ඔබේ ම හදවත කඩුවකින් අනිණු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත.


'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

දවසේ සුපුවත 2025 සැප්තැම්බර් 15ශු. ලූක් 2 : 33 – 3533 උන් වහන්සේ පිළිබඳ ව කී දේ ගැන උන් වහන්සේගේ පියා ද මවු ද මවිත වූ හ....
15/09/2025

දවසේ සුපුවත 2025 සැප්තැම්බර් 15
ශු. ලූක් 2 : 33 – 35
33 උන් වහන්සේ පිළිබඳ ව කී දේ ගැන උන් වහන්සේගේ පියා ද මවු ද මවිත වූ හ. 34 සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, ”මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී. 35 එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙ‍න් තුවාළ වනු ඇත. මෙ‍සේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය.


'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

Address

19, Balcombe Place
Colombo

Alerts

Be the first to know and let us send you an email when Radio Veritas Asia - Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Radio Veritas Asia - Sinhala:

Share

Our Story

 Reaching the hearts and minds of the people through new media platforms.  To promote communication policies that ensure Christian human, moral and spiritual values that are upheld, through the media of Social Communication.  To arouse in the minds of Catholics the immense potentialities of mass media in the service of the Church.  Being an agent and bridge-builder in fostering peace and promoting evangelization, building a value based and media literate community.