22/10/2023
Sujeewani Allepola
වෙනදා මෙන් නොව මේ දවස් ටිකේ උදෙන්ම පැමිණ පාසල් ගේට්ටුවෙන් ඇතුලට පා තබන විටම මාගේ දෑස් සොයන්නේ ඇයවයි. ඇගේ සුදු කැකුළු දත් පෙනෙන මතුවන සිනහවයි, ඇගෙන් පිටවන වචන පෙළත් කණ වැකීමට මා තුළ ඇතිවන නොඉවසිල්ල දැඩි කුසගින්නට ලක්වූ කුඩා දරුවකු පරිදිය.
ඇය වෙන කවුරුත් නොව වුල්වන්දාල් බාලිකාවේ විදුහල්පති වන සුජීවනී ඇල්ලේපොළ මගේ විදුහල්පති මෑණියන්ය.
ගසේ වැඩෙන රසැති පලතුරු,විසිතුරු මල් , ගහේ විසිතුරු හැඩති කොළ , වැනි දේ අපට දක්නට ලැබෙන්නේ බාහිරෙන් වුවද, ඒ ගසට මෙවැනි දේ ලබා ලබා දී කන්දත් ආරක්ෂා කර, පෝෂණය ලබාදී පැමිණෙන තර්ජන, බාධා වලට මුහුණ දී අපට නොපෙනී අභ්‍යන්තරව දරා සිටිමින් ශක්තිමත් ව සිටින්නේ මුදුන් මුලයි . ඇය එතරම්ම ශක්තිමත්ය.
ඇත්තටම මගේ ජීවිතේ මට ඇයව හැගුනේ මවක් මෙන් ය. ඒ ඇයි දැයි මා නොදන්නා නමුත් ,එවැනි හැඟීමක් මට දැනේ. මා මීට පෙර දැක ඇති , අහපු කිසිම විදුහල්පති තුමියක් මෙසේ නොවේ. ඇයව මා දකින සෑම වාරයක් ම මගේ හිතේ තිබෙන සියලුම දුක් යටපත්වී ඇයගේ සුදු කැකුළු දත් පෙළ අතරින් පිටවන වචන හිතට සහනයක් ගෙන දේ.ඇය ඇත්තටම මා සමග හැසිරෙන්නේ සියල්ලම බෙදා බෙදාහදා ගන්නා මිතුරියක් සේය.මං හිතන්නේ මා සමග පමණක් නොව පාසලේ මා මෙන්ම සුදු ඇඳුමෙන් හැඩ බලන සෑම බාලිකාවක් සමගම ඇගේ සම්බන්ධය එලෙසය.
ඇය මුණගැහෙන හැම දිනකම මට පවසන්නේ,
" ඕන දෙයක් කරන්න මයේ පුතේ... මා ඕන දේකට ඔයාලා එක්ක ඔයාලගේ පැත්තේ...."
" ඔය ළමයින්ට සැර වෙලා බෑ මයේ පුතේ ඔය ඉන්න හැම දරුවෙකුටම ආදරේ මිසක් සැර නොවේ අවශ්‍ය. මට පුළුවන් ආදරෙන් සැර කරන්න."
ඇය පවසන්නේ එසේය. ඇය හිතන්නේත් එසේය. ඒ ඇගේ හිතේ හැටිය.
ඇගේ ඒ ස්වභාවය නිසාදෝ මා මේ පාසලට පැමිණ අවුරුද්දකටත් අඩු පුංචි කාලයක් වුණත් ලණුවකින් ගැට ගසා ඇති ගැටයක් මෙන් මාත් ඇගේ ග්‍රහණයේ ඉතා ආසාවෙන් කොට වී සිටිමි. මා පමණක් නොව මා පරිදි සුදු කොකුන් රෑනක් ම ඇගේ ග්‍රහණයෙන් ආශාවෙන් එක්රොක් වී ඇත.
ඇය මේ පරිදිම සැමදා සිනාසී ලෙඩ දුක් වලින් මිදී නිරෝගී ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවායි ! මම මගේ හද පතුලින් ඇයට ප්‍රාර්ථනා කරමි....❤️
●නුස්කා●