SATHIYA.info

SATHIYA.info The weekly memorandum.We also provide you information regarding Breaking news and updates in the Local, Foreign,Sports, Business & Entertainment News.

That is most popular, while also keeping you updated on all other special events occurring.SATHIYA info Music Only

17/07/2024

කවදාහරි හරියන්න ඕනි මිනිස්සු

16/07/2024

නාමල් උඩුගම - ෆ්ලෑෂ්බැක් සමග

14/07/2024

ප්‍රතික්ෂේප වීම තමයි ජීවිතේ ලැබෙන හොදම මෝටිවේෂන් එක

14/07/2024

විශ්වයේ බලගතුම වෙලාවේ ඔබ මේ උපදෙස් පිළිපදින්න . ඔබ නිසිතූ අන්දමින් වාසනාව ඔබව සොයා එයි.

14/07/2024

රාජිත නැවතත් එක්සත් ජාතික පක්ශයට.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට පත් කර ඇත.එම පක්ෂයේ නායක හිටපු ජ...
27/03/2024

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට පත් කර ඇත.
එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පැවති පක්ෂ විධායක කමිටුවේදී මෙම තීරණය ගෙන ඇත.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය මීට පෙර දරනු ලැබීය.

කඩුවෙල පෙරපාසල් ගුරු වුර්තිකයන්ගේ සංගමයේ අනුශාසක ධූරයෙන් කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍...
27/03/2024

කඩුවෙල පෙරපාසල් ගුරු වුර්තිකයන්ගේ සංගමයේ අනුශාසක ධූරයෙන් කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා ඉල්ලා අස්වී ඇත.

ඒ බව මන්ත්‍රීවරයා තම සමාජ ජාලා ගිණුමේ සටහනක්ද දමා ඇත.
මේ වන විට සමස්ථ ලංකා පෙරපාසල් ගුරු සංගමයේ බලය නව සන්ධානයට ලැබීමත් සමග මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා අස්වී ඇතැයි එහි සභාපතිවරයා පැවසීය.

25/03/2024

සිරිසේන ඔයා බබාද ? විජිතගෙන් සැර කතාවක්..

මෙතෙක් සිදු කිරීමට නොහැකි වූ දේවල් ගැන ඉතිහාසයට දොස් පැවරීම වෙනුවට වර්තමානයෙහි එම වගකීම් භාරගත් විෂය භාර අමාත්‍යවරයා වශය...
25/03/2024

මෙතෙක් සිදු කිරීමට නොහැකි වූ දේවල් ගැන ඉතිහාසයට දොස් පැවරීම වෙනුවට වර්තමානයෙහි එම වගකීම් භාරගත් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් හැකි උපරිමය රටේ දරුවන් වෙනුවෙන් ඉටුකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ දීපව්‍යාප්තව පාසල්වල 1-5 ශ්‍රේණි සිසුන් සඳහා පාසල් ආහාර වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාවට නැංවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි .

නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී අද පෙරවරුවේ පැවැති මෙම සමාරම්භක උත්සවයේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රුපියල් බිලියන 16.6 ක් මහා භාණ්ඩාගාරයෙන් මේ වර්ෂය වෙනුවෙන් ලබා දී ඇති බවයි.

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු වන අයුරින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට අදාල සියලූ උපදෙස් මේ වන විට සියලු‍ පාසල් වෙත ලබා දී ඇති බව ද මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස්කම් සඳහා දරුවන් සූදානම් කරවීමට මෙමගින් සැබෑ පිටුබලයක් සැලසෙනු ඇති බවද වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙස සියලු‍ පාසල් වෙත උපදෙස් ලබා දී ඇති බව ද පැවසීය .

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍‍ ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීන් වන අතර මේ සඳහා රජය විසින් අදාළ ප්‍රතිපාදන සෘජු ව ම සියලු‍ පළාත් වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද මීට අනුග්‍රාහකත්වය සපයනු ලබයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් මේ වන විට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂ ව රු. 110/-දක්වා වැඩි කර ඇත.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන බවත් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී පැවති මෙම පාසල් ආහාර වැඩසටහන ජාතික සමාරම්භක උත්සවයට සමගාමී ව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පවත්වනු ලැබිණි .

මේ අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන ලේකම්
වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය

25/03/2024

“යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” සමඟ පොළොන්නරුවේදී පැවති සුහද හමුව- ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීම සඳහා ශ්‍රී ලාංකීය ජාතිය අභිප්‍රේරණය කිරීමට තමන් පෞද්ගලිකව මැදිහත් වූ බව මව්බිම ජනතා පක්ෂ...
25/03/2024

තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීම සඳහා ශ්‍රී ලාංකීය ජාතිය අභිප්‍රේරණය කිරීමට තමන් පෞද්ගලිකව මැදිහත් වූ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
යුද්ධය කාලේ ‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය ඒ සඳහා සකස් කරන ලද්දේ තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරමින් තම හිතවතුන් පිරිසක් සමග එක්වී බවද හෙතෙම පැවසීය.
තම අතින් මුදල් වියදම් කරමින් සකස් කළ ‘අපි වෙනුවෙන් අපි’
වැඩසටහනනිසා හමුදාවට බැඳීම සඳහා තරුණයන් පෝලිම් පිටින් පැමිණි බවද ඒ හරහා යුද්ධය අවසන් කර ගැනීමට හැකියාවක් ලැබූ බවද ඒ මහතා පවසයි.
මවුබිම ජනතා පක්ෂයේ ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

25/03/2024

රට ඉන්න ඔබගේ ප්‍රශ්න විසඳන අලුත්ම ක්‍රමය.

Address

WV7F+37R, Barnes Place
Colombo
00700

Telephone

+94726313159

Website

Alerts

Be the first to know and let us send you an email when SATHIYA.info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SATHIYA.info:

Share

Sathiya.net - The Weekly Memorandum

Sathiya - The weekly memorandum. We also provide you information regarding Breaking news and updates in the Local, Foreign, Sports, Business & Entertainment News. That is most popular, while also keeping you updated on all other special events occurring