Sri Puvath

Sri Puvath වෙබ් පුවත් කලාවේ සදාචාරාත්මක, අපක්ෂප?

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ 2025/2026 නව නිලධාරි මඬුල්ල... අනුශාසක මණ්ඩලය  සිසිර යාපා, අජන්ත කුමාර අගලකඩ, ආචාර්ය ...
20/03/2025

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ 2025/2026 නව නිලධාරි මඬුල්ල...

අනුශාසක මණ්ඩලය
සිසිර යාපා,
අජන්ත කුමාර අගලකඩ,
ආචාර්ය අමිල කංකානමිගේ,
අනුර ජයතිලක.

සභාපති
පැතුමි පැස්කුවල්

මහ ලේකම්
නිශාන්ත අල්විස්

භාණ්ඩාගාරික
සංජීව තිසේරා

ජාතික සංවිධායක
ප්‍රසන්න අධිකාරි

ප්‍රධාන ලේකමි
තුෂාර හෙටිටිආරචිචි

අන්තර් ජාතික ක⁣ටයුතු ලේකම්
පැතුමි වික්‍රමරත්න

උප සභාපති
ජයසිරි මුණසිංහ
අනුෂ එදිරිමුණි

උප ලේකම්
සංජය මුතුමුණි

උප භාණ්ඩාගාරික
භද්‍රජිත් සෞම්‍ය කුමාර

නීතී උපදේශක
නීතීඟද සන්තුෂ් ප්‍රනාන්දු

කාරක සභාව
කුමුදු වජිර
සුසිල් සුරවීර
දමිසිරි අජිත්
උදයශාන් ඉඩමෙිගෙදර,
රංජන් කස්තුරි,
සුරේන්ද්‍ර අබෙිපාල,
චාමර සමිපත්,
ධර්ම ශ්‍රී අබෙිරත්න,
නපාගු සුබ්‍රමනියම්,
සුමිත් මායාදුන්නේ,
දිළිණි සමන්මලී,
දුමින්ද ගුරැගේ,
ගාමිණී බණ්ඩාරනායක,
ආශිකා බ්‍රාහ්මණ,
හෙලජීව රන්දෙනිය ,
උදයජීව ඒකනායක,
දීපාල් වර්ණකුලසූරිය ,
තරක වික්‍රමසේකර,
රසික සෝමරත්න,
මොහොමඩ් බාරී,
මිතිල කොඩිතුවක්කු,
තිලාන් පුංචිහේවා,
ජීවනී රිදීවිට,

අද දින බොරැල්ල කොටා පාරේ nm පෙරේරා ශ්‍රවණාගාරයේදී ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ 2026/ 27 සාංවත්සරික නිලධාරී මණ්ඩල පත්කිරීම සිදුවිය.

ඉහත ප්‍රවෘත්තිය ඔබ මාධ්‍යය මඟින් පළකර පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.

ඔබ ලබා දෙන සහයෝගයට බෙහෙවින් කෘතඥවෙමි.

ස්තුතියි
මෙයට
විශ්වාසී

නිශාන්ත අල්විස්
මහා ලේකම්
ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය
0773558162

The new board of officers of the Asian Media and Cultural Association (AMCA) for the year 2025/2026 were elected at the Annual General Meeting held at Dr. N.M. Perera Centre at Borella on Thursday (20).

Accordingly, Sisira Yapa, Ajantha Kumara Agalakada, Dr. Amila Kankanamige and Anura Jayathilaka were appointed as the Board of Advisors.

Pathumi Pascual and Nishantha Alwis were elected as the Chairman and the General Secretary respectively.

Sanjeewa Thisera was appointed as the Treasurer while Prasanna Adhikari was appointed as the National Organizer.

Thushara Hettiarachichi and Pathum Wickramaratne were appointed as the General Secretary and International Affairs Secretary respectively.

Jayasiri Munasinghe and Anusha Edirimuni were appointed as Vice Chairmen.

Sanjaya Muthumuni and Bhadrajith Soumya Kumara were appointed as Deputy Secretary and Vice Treasurer respectively.

Meanwhile Attorney at Law Santus Fernando was appointed as the Legal Advisor whilst Kumudu Vajira, Susil Suraweera, Dharma Sri Abeyratne, Damisiri Ajith, Udayashan Idamegedara, Ranjan Kasthuri, Surendra Abeypala, Chamara Samipath, Napagu Subramaniam, Sumith Mayadunne, Dilini Samanmali, Duminda Guruge, Gamini Bandaranaike, Ashika Brahmana, Helajeewa Randeniya, Udayajeewa Ekanayake, Deepal Warnakulasuriya, Tharaka Wickramasekera,
Rasika Somaratne, Mohammed Bari, Mithila Kodithuwakku, Thilan Punchihewa,
Jeewani Ridiwita were appointed as the Working Committee members.

19/01/2025
https://youtu.be/oCIjNx2FZm0live Link
26/01/2023

https://youtu.be/oCIjNx2FZm0

live Link

ලංකා විදුලි බල මණ්ඩලය සතු සම්පත් විකිණීමට එරෙහිව සහ සැබෑ ප්‍රතිව්‍යුහගතකරණයක අවශ්‍යතාව වෙනුවෙන් වන "මහජන කතිකා.....

ලාභයෙන් නැව් පවා මිලදී ගත් ඛනිජ තෙල් සංස්ථාව අද බංකළොත් කරලා...දේශපේ‍්‍රමී යැයි කියපු ආණ්ඩුව පුද්ගලික අංශයට දෙන්න පනත සං...
09/06/2021

ලාභයෙන් නැව් පවා මිලදී ගත් ඛනිජ තෙල් සංස්ථාව අද බංකළොත් කරලා...
දේශපේ‍්‍රමී යැයි කියපු ආණ්ඩුව පුද්ගලික අංශයට දෙන්න පනත සංශෝධනය කරනවා...
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා
කොරෝනා වසංගතය අස්සේ ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. 1961 වෙනකොට අපේ රටට තෙල් ආනයනය, ගබඩා කිරීම සහ බෙදාහැරීම ඇතුලූ සියලූ කටයුතු පාලනය කළේ ෂෙල්, එසෝ, කැල්ටෙක්ස් කියන බහුජාතික සමාගම්. මේ සමාගම් ලෝකය පුරාම තෙල් ඒකාධිකාරය පවත්වාගෙන යනවා. 50 දශකය අග භාගයේ ඇතිවුණු ප‍්‍රගතිශීලී ජනතා නැගිටීම් එක්ක එවකට තිබුණු ආණ්ඩුවලට තෙල් පිළිබඳ ඒකාධිකාරී බලය රජය අතට ගන්න සිදුවුණා. ජනසතු කිරීමේ ව්‍යාපාරවල ප‍්‍රතිඵලයක් විදිහට 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සම්මත කරගත්තා. තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම, අලෙවි කිරීම, වගේම අපනයනය කියන සියලූ කටයුතු ඛනිජ තෙල් සංස්ථාවට පැවරුවා. ඒ අනුව පිරිපහදුවත් පසු කාලයකදී ස්ථාපිත කළා. මේ නිසා මුල් වකවානුවේදී අති විශාල ලාභයක් ලැබුවා. 1969 වසරේ සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබාගත් ආදායමෙන් තෙල් ආනයනයේ වියදමෙන් 25%ක් ඉතිරි කරගත්තා. කොළොන්නාවේ ලිහිසි තෙල් යන්ත‍්‍රාගාරයෙන් ඝන තාර, ඉටි පන්දම්, පොහොර, ඇතුළු අතුරු ඵලයන් රැුසක් නිෂ්පාදනය කළා. ඒ නිසා ලාභය තවත් විශාල වශයෙන් වැඩිවුණා. ඒ ලාභයෙන් විතරක් එදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නැව් 3ක් මිලදී ගත්තා.
1976 දක්වා ලාභ ලබමින් තිබුණා. 76දී තෙල් ගේන්න ගිය සල්ලිවලින් 45%ක් අතුරු නිෂ්පාදන අපනයනයෙන් උපයා ගත්තා. එවැනි අසීමිත ලාභ ලබන ආයතනයක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව පැවතුණා. මේ කර්මාන්ත ශාලා නිසා විශාල රැුකියා ප‍්‍රමාණයක් ලැබී තිබුණා. ඒ නිසා ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වූවා. නමුත් 1987 එක්සත් ජාතික පක්‍ෂය ඉන්දියාවත් එක්ක අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමත් එක්ක ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවර දීමත් එක්ක පාවාදීම ආරම්භ කළා. එදා ඉන්දියාව රටේ ජාතික ප‍්‍රශ්නයට මැදිහත්වීමෙන් පළාත් සභා පෙන්නලා ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ටික ලබාගන්න ඒ ගිවිසුම පාවිච්චි කළා. ඒ පළමු පාවාදීමෙන් පස්සේ 2002 වසරේදී නැවත මේ පනත සංශෝධනය කර එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවෙන්ම රජයේ තෙල් ඒකාධිකාරී බලය පුද්ගලික අංශයට පැවරීමේ මුල පිරුවා. එදා 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත ගෙනත් 61 පනතේ මූලික හරය වෙනස් කළා. ඒ අනුව 61 අංක 28 දරන පනතේ 5කේ., 5ජේ. ආදී වශයෙන් වගන්ති ගණනාවක් සංශෝධනය කළා. ඒ අනුව 2002 අංක 2 දරන බලශක්ති සැපයුම් තාවකාලික විධිවිධාන පනත සම්මත කරගත්තා. මේ ආකාරයට පනත් දෙකක් සම්මත කරගෙන අවුරුදු දෙකක කාලයක් සඳහා බලශක්ති සැපයුම් කමිටුවක් පිහිටුවා ගත්තා.
පවතින තත්වය නිරීක්‍ෂණය කරලා පුද්ගලික ආයතනවලට ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේ බලය පැවරුවා. රජය සතුව තිබුණු ඛනිජ තෙල් සම්බන්ධ ඒකාධිකාරයන් පවාදීම මේ සමග ආරම්භ කළා. නමුත් මෙයින් ලැබුණේ තාවකාලික බලයක් විතරයි. අවුරුදු දෙකක් සඳහා කමිටුව පත්කළ නිසා ඒ කාලය තුළ බලපත‍්‍ර 3ක් දීමේ හැකියාව ලබාගත්තා. ඒ අනුව අයි. ඕ.සී. සමාගමට අවුරුදු 20ක කාලයක් සඳහා පමණක් බලපත‍්‍රයක් ලබාදුන්නා. මේ බලපත‍්‍රය දුන්නේ 2003දී. ඒ අනුව 2023දී අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා.
වර්තමානය වනවිට උදය ගම්මන්පිල මහත්මයා මේ පනතේ සංශෝධනය කරන්න යන්නේ මොනවාද? අරමුණ විදිහට පෙන්වන්නේ ”මෙතෙක් කල් පැවති තෙල් ආනයනය, අපනයනය, ගබඩා කිරීම, පිරිපහදු කිරීම, බෙදාහැරීම සහ අලෙවිය” කියන සියලූ කර්තව්‍යයන් වෙනත් ඕනෑම කෙනෙකුට පැවරීමේ බලය ලබාගැනීමටයි. කොවිඞ් සංචරණ සීමාවලට ජනතාව කොටුවී තිබියදී ගම්මන්පිල දේශපේ‍්‍රමී කඩතුරාවට මුවාවී මේ දේශද්‍රෝහී පනත් සංශෝධනය ගෙනත් තිබෙනවා. මේ අනුව ඇමතිවරයා අතට ඛනිජ තෙල් සම්බන්ධ සියලූම බලය පවරාගන්න යනවා. ඩොලර් මිලියන 3,000ක ආයෝජනයක් අරගෙන අලූත් ව්‍යවසායකයෙක් එන බව ඇමතිවරයා කියනවා. ඒ නිසා මේ පනත සංශෝධනය කර අලූත් පිරිපහදුවකට අවස්ථාව දිය යුතු බවට පට්ට පල් බොරු කියනවා. අපේ රටේ ජාතික සම්පතක් වෙච්ච තෙල් පිරිපහදුව කොම්පැණිවලට පැවරීමේ බලය ඇමතිවරයා අතට ගන්නවා.
අයි. ඕ.සී. සමාගමට තිබෙන කාලය 2023 දෙසැම්බර් 31 වෙනකොට අවසන් වෙනවා. නැවත ඒ බලය අයි. ඕ.සී. එකට දෙන්න පවතින පනත් අනුව බැහැ. ඒ නිසා ඇමතිවරයාට බලය පවරාගෙන පිරිපහදුවේ කතාවක් දාලා අයි. ඕ.සී. එකට දීපු ලයිසන් එක නැවත දීර්ඝ කරන්න මේ හදන්නේ. පළවැනි උවමනාව ඒක. අයි. ඕ.සී. ගිවිසුම අවසන්වී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නැවත පූර්ණ ඒකාධිකාරිත්වය එනවා. ඒක වළක්වන එකයි පළවැනි උවමනාව. ඊළඟට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලාබා දෙන එක තහවුරු කිරීමයි. ලෝක දේශපාලනයේ බල අරගලය නිසා ඇමරිකාවට, චීනයට, ඉන්දියාවට අපේ රට මැදිවී තිබෙනවා. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ටික අයි. ඕ.සී. එකට පවරලා හම්බන්තොට වරාය සමාගමට අයිති සිනෝපෙක් ආයතනය තෙල් ආනයනය කරලා නැව්වලට ලබාදෙනවා. සිනෝපෙක් කොම්පැණියෙන් ගෙන්වන නැව් තෙල් අයි. ඕ.සී. කොම්පැණියෙන් ගන්නවා. ආණ්ඩුව මේ කරන්න හදන්නේ හම්බන්තොට වරායෙන් නැව් තෙල් ගේන සිනෝපෙක් ආයතනයට ඒ පරිශ‍්‍රයේ ඊළඟ තෙල් පිරිපහදුව හදන්න අවසර දීමයි.
පහුගිය කාලයේ කළ වංචා-¥ෂණවල ප‍්‍රතිඵලයක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුව, මහජන බැංකුව, කියන ප‍්‍රධාන බැංකු දෙකට ඩොලර් මිලියන 3300ක ණයක් තියෙනවා. රු. කෝටි 66,000ක් විතර. හිටපු පාලකයෝ තෙල් සංස්ථාව පාඩු කරලා දැන් වෙනකොට කෝටි 66,000ක ණයකරුවෙක් කරලා. එදා නැව් 03ක් තිබුණු තෙල් සංස්ථාවේ අද තත්වය ඒක.
තෙල් ආනයනය, පිරිපහදුව සහ බෙදාහැරීම එක පැත්තකින් අයි. ඕ.සී. සමාගමටත් අනෙක් පැත්තෙන් චීන සමාගමටත් ලබාදෙනවා. ඊට අමතරව වෙනත් ඕනෑම බහුජාතික සමාගම්වලටත් අවසර දෙන්න හැකියාව ලබාගන්නවා. මෙතෙක් රාජ්‍යය සතුව තිබුණු තෙල් ඒකාධිකාරයේ සියලූ බලතල පුද්ගලික අංශයට දෙනවා. මේ නිසා තෙල් සංස්ථාව මුළුමනින්ම විනාශවී යනවා. අලූත් ආයෝජනයක් ගේන බව කීවාට තාමත් ශක්‍යතා අධ්‍යයන වාර්තාව වත් හදලා නැහැ. නමුත් හදිසියේ ජනතාව රවට්ටලා අපේ ජාතික සම්පත් දැනට තියෙන ටිකත් විකුණන්න උත්සාහ කරනවා.
සපුගස්කන්දේ පිරිපහදු සංකීර්ණයේ දැවිතෙල් වැහි කාලෙට පිටාර ගලන එක වළක්වා අවට ජනතාවගේ ආරක්‍ෂාව හදන්නවත් මේ ඇමතිටත් ආණ්ඩුවටත් බැහැ. ගංවතුර ඉවර වෙලත් ඒ අවට ජනතාව පීඩා විඳිනවා. ගෙවල්වල කළුතෙල් තට්ටු බැඳිලා. ඒ තත්වයට විසඳුම් දෙන්නවත් බැරි ආණ්ඩුව මහා පරිමාණ ව්‍යාපෘති ගැන බොරු කතා කියනවා. ජනාධිපතිවරයා ජාත්‍යන්තර ආයෝජන සමුලූවේදී කිව්වේ 2030 වෙනකොට ලංකාවේ බලශක්ති නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියට මාරු වෙනවා කියලා. ගම්මන්පිල ඇමතිවරයා ගේන මේ කැබිනට් පති‍්‍රකාවත්, ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයටත් පරස්පර විරෝධීයි. ලෝකයේ අද වෙනකොට පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත‍්‍රයට මාරුවෙමින් යනවා. නමුත් ගම්මන්පිල ඇමතිවරයා අවුරුදු 20 කාලයකට බහුජාතික සමාගමකට තෙල් සංස්ථාව පවරා දෙන්න යනවා.
අබලන් වෙච්ච අපේ පිිරිපහදුව තියාගෙන ඔය කියන ආයෝජකයත් එක්ක අපිට තරග කරන්න පුළුවන්ද? හම්බන්තොට වරායේ හදන පිරිපහදුවත් එක්ක අපට තරඟ කරන්න පුලූවන්ද? මේ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුළුමනින්ම අභාවයට යනවා. මේ පනත සංශෝධනය කරන්නේ එක අතක තිබෙන පෑනට බලය ගන්නයි. ඒ පෑන විකණෙන මිල අනුව, එහෙම නැත්නම් සාක්කුවට වැටෙන ප‍්‍රමාණය අනුව සියල්ල තීරණය කරන්න. රටම මෙහෙයවිය හැකි බලශක්තිය එක පෑනකට ඌණනය කිරීමයි මේ කරන්නේ. මේක ඉතාම භයානකයි. බොරු දේශපේ‍්‍රමියෙක් වෙච්ච ගම්මන්පිල මහත්මයා රටේ ජාතික ආරක්‍ෂාව පවා අනතුරට හෙළනවා. බලශක්තිය කියන්නේ රටේ ආරක්‍ෂාවේ කොටසක්. කවර හෝ සමාගමකට පුුළුවන් රටක මුළු කි‍්‍රයාකාරිත්වයම නතර කරන්න. මේකෙන් සිද්ධ වෙන්නේ රටේ ජාතික ආරක්‍ෂාව බිලිදී ඛනිජ තෙල් සංස්ථාවත් මුළුමනින්ම අභාවයට යැවීමයි. මේ අපරාධයට ඉඩ දෙන්න එපා කියලා රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ජනතා ද්‍රෝහී, දේශද්‍රෝහී ආණ්ඩුවේ මේ කි‍්‍රයාකාරිත්වය නතර කරන්න පෙළ ගැහෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා දුරදිග නොබලාගත් තීන්දුව නිසා ගොවියන් කාබනික ගොවිතැන ප්‍රතික්‍ෂේප කිරීමේ අවදානමක් තිබෙනවා...ජනතා විමුක්ති පෙ...
04/06/2021

ජනාධිපතිවරයා දුරදිග නොබලාගත් තීන්දුව නිසා ගොවියන් කාබනික ගොවිතැන ප්‍රතික්‍ෂේප කිරීමේ අවදානමක් තිබෙනවා...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා

රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය නතර කිරීමේ ගැසට් නිවේදනය මැයි මාසේ 06වැනිදා ප්‍රකාශයට පත්කළා. ඒ තුළින් සමාජය තුළ ආන්දෝළනයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම ඒ තීන්දු-තීරණ විසින් රටට සිදුකෙරෙන බලපෑම පිළිබඳව සමාජයේ කතාබහක් ඇතිවිය යුතුයි. අපේ රටේ ශ්‍රම බලකායෙන් 27%කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ නියැළෙන අතර එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 7%ක් පමණ වෙනවා. කර්මාන්ත ක්‍ෂේත්‍රයේ 25%ක් පමණ කෘෂි නිෂ්පාදන පදනම් කරගත් කර්මාන්ත වශයෙන් රටේ ආර්ථිකයේ ප්‍රබල කොටසක් කෘෂිකර්මාන්තය නියෝජනය කරනවා. නමුත් ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයට වගේම ගොවි ජනතාවටත් බරපතළ ගැටළු ඇතිවී තිබෙනවා. මේ තීන්දුව ගැනීමේදී මතුවිය හැකි ගැටළු පිළිබඳව, ගැටළුවලට විසඳුම් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බව පැහැදිළියි. මේ නිසා ගොවි ජනතාවත් කෘෂි කර්මාන්තයත් බරපතළ අනතුරක තිබෙනවා.

වී වගාව, එළවලු වගාව සහ පොල්, රබර් වැනි දීර්ඝ කාලීන වගාවන් ආදී ක්‍ෂේත්‍ර ගණනාවකට කෘෂි රසායන යෙදවුම් අවශ්‍ය වෙනවා. එයින් මූලිකම අවධානමක් කෙටි කාලීන එළවලු වගාවට ඇතිවී තිබෙනවා. වී, බෝංචි අර්තාපල් සහ ගෝවා මාස දෙක තුනක් වගේ කෙටි කාලීන බෝග. ඒ නිසා නිසි කලට, නිසි පරිදි යෙදවුම් ලබාදිය යුතුව තිබෙනවා. අද නිසි කලට සුදුසු යෙදවුම් ලබාදීමට නොහැකි වී ගොවි ජනතාව බරපතළ ගැටළු ඇතිවී තිබෙනවා. කෙසෙල් වගාවත් මේ වගේම තර්ජනයකට ලක්වෙලා. ආණ්ඩුව රසායනික පොහොර නතර කරනවා නම් ඒ සඳහා සුදුසු පොහොරක් ලබාදීමට කටයුතු කළ යුතුයි. නමුත් එසේ නොකිරීමෙන් වගාවන් විශාල විනාශයකට පත්වෙලා. ගොවි ජනතාව පොහොර ගබඩා වට කරනවා. විශාල දුක් අඳෝනාවන් ප්‍රකාශ වෙනවා. ගොවි ජනතාවට සුදුසු පොහොර ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතුයි. ඒ වගේම වල් නාශක සහ කෘමි නාශක ප්‍රශ්නයත් ඉතාම බරපතළයි. 20% සිට 40% දක්වා ගොවියට වට්ටම් ලැබුණු කෘෂි රසායන අද ඉහළම මිලකට මිලදී ගන්න සිදුවෙලා. ආණ්ඩුව මේ තීන්දු ගැනීමේදී සියලු ක්‍ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු නොකර ක්‍රියාත්මක කළ බවයි පේන්න තියෙන්නේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ජනාධිපතිවරණයේ දී ගොවි ජනතාවට පොරොන්දු වුනේ පොහොර සහනාධාරය යටතේ රු.500ට ලබාදුන් පොහොර මිටිය නොමිලේ ලබාදෙන බවයි. ඔහු ප්‍රකාශ කළේ සියලු පොහොර වර්ග නොමිලේ ලබාදෙන බවක්. වත්මන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසද සියලු පොහොර නොමිලේ ලබාදෙන බව ප්‍රකාශ කළා. ඒ මොහොතෙත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ප්‍රකාශ කළේ පොහොර සහනාධාරය ලබාදෙමින් ක්‍රමානුකූලව කාබනික යෙදවුම් ප්‍රමුඛතාවයට ගෙන දිරි ගන්වන බවයි. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවට පිටුපා පහුගිය අපේ්්‍රල් මාසයේදී රසායනික පොහොර තහනම් කිරීමෙන් වර්තමානයේ විශාල ගැටළුවක් ඇතිවී තිබෙනවා.

පක්‍ෂයක් හැටියට අපේ වැඩපිළිවෙළේ මූලික අරමුණු 3ක් තිබෙනවා. ආහාර සුරක්‍ෂිතභාවය එයින් මූලිකයි. එය ජාතික ආරක්‍ෂාවෙත් ප්‍රධානතම කොටසක්. ඊළඟට කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවගේ ජීවන තත්වය සහ සමාජ තත්වය උසස් කිරීමයි. තුන්වැනිව ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම.
අපේ රටේ මහ පොළොව නිසරුභාවයට පත්ව තිබෙනවා. වස විෂවලන් පිරිලා තිබෙනවා. මේ පස යළි නිරෝගී පසක් බවට පත්කළ යුතුයි. අපේ රටේ පුරවැසියන්ට ලබාදෙන ආහාර වේල වස විෂවලින් තොර විය යුතුයි. ඒ වෙනුවෙන් දැක්මක් සහ සැලැස්මක් තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම සහ පස නිරෝගීභාවයට පත්කිරීම කියන සටන් පාඨයට මුවාවී මේ තීන්දුව අරන් තිබෙනවා. එයින් මතුවෙන ගැටළු පිළිබඳව දැන් තමයි අවධානය යොමුකර තිබෙන්නේ. ආරම්භයේදී ජනාධිපතිවරයා කිව්වේ, කාබනික වගාවෙන් අඩුවන අස්වැන්නට මුදල් ලබාදෙන බවයි. එහෙම නම් ඒ තීරණයේ තවමත් ඔබ ඉන්නවාද කියලා දැන ගන්න කැමතියි. අඩුවන අස්වැන්න ගැන ඇස්තමේන්තුවක් තිබෙනවාද? ඒ වෙනුවෙන් මුදල් ලබාදීමට ඇස්තමේන්තුවක් හඳුනාගෙන තිබෙනවාද? මේ කිසිවක් නැතිව තීන්දුව ක්‍රියාත්මක කිරීමෙන් මතුවූ ගැටළුවලට අනුව ගොවි ජනතාවට සල්ලි ලබාදෙන බව ප්‍රකාශ කිරීම පැහැදිළියි. ඒ වගේම අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණවත් නොවේ නම් පිටරටින් ආනයනය කරන බව මෑතදී කීවා. ගම සමඟ පිළිසඳර වැඩසටහනකදී ඔහුගේ ප්‍රකාශය ගැසට් නිවේදනයන් බව කියා තිබෙනවා. ඒ නිසා ඔහු කරන ප්‍රකාශ අවසාන තීන්දුවක් වශයෙන් ඔහු හිතනවා විය යුතුයි.

මෙම තීන්දුව ගැනීමේදී තමන්ගේ සමීපතමයන් ලවා ලෝකයේ තිබෙන කුණු ගොඩවල් කාබනික පොහොර හැටියට ගෙන්වීමේ උවමානවෙන් ක්‍රියා කළාද කියන සැකය තිබෙනවා. කාබනික පොහොර ආනයනය කරනවා කියන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් එම සැකය තහවුරුවී තිබෙනවා. ඒ සඳහා තමන්ගේ සමීපතමයන් සමාගම් පිහිටුවීමට, බලපත්‍ර ලබාගැනීමට උත්සාහ කරමින් සිටිනවා. 1981 පනවපු ශාක ආරක්‍ෂණ පනත යටතේ කිසිම කාබනික පොහොරක් මේ රටට ගෙන එන්න බැහැ. දිරා යන සත්ව සහ ශාක කොටස් එක්ක විවිධ රෝගකාරක එන්න පුළුවන්. මේ මහ පොළොවත් ජීව පද්ධතියත් ශාක පද්ධතියත් මේ තුළින් විශාල අනතුරකට මුහුණ දිය හැකියි. අපේ රටට කාබනික ද්‍රව්‍ය ආනයනය සඳහාත් එහි ගුණාත්මකභාවයන් සඳහාත් නීති-රීති පනවා නැහැ. පොහොර ගෙන එන්නේ නම් අවුරුදු 3ක තරම්වත් දීර්ඝ පර්යේෂණ සිදුකළ යුතු බව ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් සඳහන් කර තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා මේ මහ කන්නයට කාබනික පොහොර ගේන බව ප්‍රකාශ කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කාබනික පොහොර වගාවට යෙදවීම පිළිබඳව අවශ්‍ය මූලික නිර්නායකයන් තාම සකස් කර නැහැ. මෙවැනි තත්වයක් යටතේ කාබනික පොහොර ආනයනයෙන් විෂ, අහිතකර ජීවීන්, අහිතකර ශාක වර්ග, බැර ලෝහ වර්ග අපේ රටට පැමිණීමේ විශාල අනතුරක් තියෙනවා.

මේ නිසා අපි ජනාධිපතිවරයාට බලකරලා කියන්නේ දිගු කාලීන පරීක්‍ෂණ සැලැස්මක් සහ දිගු කාලීන තත්ව පරීක්‍ෂාවේ සැලැස්මක් අනුව පමණක් කාබනික පොහොර ආනයනය කළ යුතු බවයි. එසේ නැතිව කඩිමුඩියේ ගෙන ඒමට කරන මේ ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව අවධාරණය කරනවා. අපේ රටේ කෘෂිකර්මාන්තය බීජ, ඉඩම්, ජලය යෙදවුම් තාක්‍ෂණය, ගබඩාකරණය හා අතුරු නිෂ්පාදනය වගේම ප්‍රවාහනය සහ සිල්ලර වෙළඳාම කියන ක්‍ෂේත්‍ර ගණනාවක ගැටළු තිබෙනවා. ඒ සියල්ල තිබියදී ජනාධිපතිවරයා පොහොර සම්බන්ධයෙන් පමණක් ගනු ලැබූ තීන්දුවේ බලපෑම් ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා. එකක් ලෝකයේ තිබෙන බීජ මාෆියාව සම්බන්ධයෙන්. අපේ රට බීජ මාෆියාවේ ගොදුරු බවට පත්වී අවසන්. අපේ රටේ තිබුණු විවිධ බීජ ප්‍රභේද සියල්ල අපිට අහිමි වී අවසන්. ස්වදේශීය බීජ නිෂ්පාදනය මුළුමනින්ම ඇනහිට තිබෙනවා. ඒ නිසා බහුජාතික සමාගම්වල බීජ මාෆියාවට යටත් වුණු වෙළඳපොළෙක් තිබෙන්නේ. අපේ රටේ තිබුණු බීජ සම්පත සම්පූර්ණයෙන්ම අහිමි වෙලා. අද ගෙන්වන බීජ සඳහා රසායනික පොහොර අවශ්‍යයි. අනෙකුත් රසායනික යෙදවුම්ද අවශ්‍යයි. මේ නිසා රසායනික පොහොර සහ යෙදවුම්වලින් ඉවත්වීමේ තීන්දුවක් ගන්නවා නම් කාබනික පොහොර සහ යෙදවුම්වලට ඔරොත්තු දෙන බීජ සම්බන්ධ සැලැස්මක් අවශ්‍යයි. මේ කාබනික යෙදවුම් සහ පොහොර නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඊට අදාළ තාක්‍ෂණය එක්රැස් කරගන්නේ කොහොමද? ගොවි ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙළ කුමක්ද යන කිසිවක් කෙරෙහි ජනාධිතිවරයා අවධානය යොමුකර නැහැ.

අපේ රටට 60-70 දශකවල ඉතාමත්ම හොඳ කෘෂි ව්‍යාප්ත සේවයක් තිබුණා. කෘෂි උපදේශක යාන්ත්‍රණයක් තිබුණා. දැන් එය මුළුමනින්ම කඩා වැටිලා. රූපවාහිනී දැන්වීම් සහ කඩේ මුදලාලි අදාල කෘෂි රසායන ගැන ගොවි ජනතාවට කරුණු කියන්න පටන් ගත්තා. කෘෂි ව්‍යාප්ත සේවය බිඳ වැටීමෙන් ඒ උපදේශකයෝ බවට පත්වුනේ ව්‍යාපාරික සමාගම්. ඒ තුළින් මේ මහ පොළොව වස-විෂවලින් පිරී ගොවි ජනතාවට ජීවත් වීමේ ආදායම් මාර්ග අහිමි වීමත් පාරිභෝගික ජනතාවට වස විෂවලින් පිරි ආහාර ලැබීමත් සිදුවුණා. මෙයට විසඳුම් වශයෙනුයි ජනාධිපතිවරයා කාබනික පොහොර සම්බන්ධයෙන් ක්‍ෂණික තීරණ ක්‍රියාත්ම කරන්නේ. මේ නිසා අපිට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කර ගන්න පුළුවන්ද කියල ගැටළුවත්, ගොවි ජනතාව කෘෂි කර්මාන්තය අත්හැරීමට විශාල වශයෙන් පෙළඹවීමත් කියන මූලික ගැටළු දෙක මතුවී තිබෙනවා. ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් පළවා හැර ඒ ඉඩම් බහුජාතික සමාගම්වලට පවරා දීමේ සැලැස්මේ කොටසක් ලෙස ජනාධිපතිවරයා මේ ක්‍රියාමාර්ගය ගත්තාද කියන ප්‍රශ්නය මතුවෙනවා. අනෙක් පැත්තෙන් මේ දක්වා ස්වේච්ඡාවෙන් මැදිහත් වී කාබනික ගොවිතැන ප්‍රචලිත කළ විශාල පිරිසක් ඉන්නවා. එයට අපේ පක්‍ෂයත් ප්‍රබල දායක්තවයක් ලබා දෙමින් තිබෙනවා. ක්‍රමානුකූලව කාබනික ගොවිතැන පිළිබඳව සමාජයේ අවධානයත් යොමු වී තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයාගේ මේ තීරණයේ කාබනික ගොවිතැන මුළුමනින්ම ප්‍රතික්‍ෂේප වීමේ අනතුර අද තිබෙනවා.

මතුවිය හැකි ගැටළු පිළිබඳව විසඳුම් නැතිව එක එක වර්ගයේ කතා කීමෙන් පමණක් විසඳුම් සෙවීම නිසා කාබනික වගාව පිළිබඳව තිබූ සියලු අපේක්‍ෂා මේ ව්‍යාපෘතිය තුළින් අසාර්ථක වීමේ අනතුර තිබෙනවා. ජනාධිපතිවරයා කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමෙන් මුලු කෘෂිකර්මාන්තයම කඩා වැටුණු බවට මතයක් ගොඩනැගීමේ අනතුර තිබෙනවා. කාබනික ගොවිතැන සම්බන්ධයෙන් තිබුණු සියලු බලාපොරොත්තු ප්‍රතික්‍ෂ්ප වීමේ අනතුරක් තිබෙනවා. එළවලු වගාව, තේ වගාව, කෙසෙල් වගාව තුළින් එදිනෙදා ආදායම් ලැබූ සියල්ලන්ගේ ජීවන මාර්ග බිඳවැටී තිබෙනවා. නිෂ්පාදනය කඩා වැටීමෙන් ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඈත් වීමත්, ගොවි ජනතාවගේ ජීවන තත්වය බිඳ වැටීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම විසඳුම් ලබාදිය යුතුයි. ඒ නිසා සුදුසු යෙදවුම් නිසි කලට ලබාදීමට කටයුතු කළ යුතුයි. සුදුසු පොහොර, සුදුසු වල් නාශක සහ සුදුසු කෘමි නාශක නිසි කලට ගොවි ජනතාවට ලබාදිය යුතුයි. මේ කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නිවසේ තියෙන එළවලු කොටුව ගැන නෙවෙයි. ජීවනෝපාය බවට කෘෂිකර්මාන්තය පත්කරගත්, රටේ ආහාර සුරක්‍ෂිතභාවය නියෝජනය කරන සහ අපනයන සම්බන්ධයෙන් බලපාන ක්‍ෂේත්‍ර පිළිබඳව මතුවන ගැටළුවලට විවිධ පිළිතුරු සැපයීමට යාමෙන් තව තවත් අර්බුද ඇතිවී තිබෙනවා. මේ තත්වයන් කෙරෙහි වහාම පිළිතුරු ලබාදෙන ලෙස අපි ජනාධිපතිවරයාට බල කරනවා.

වසංගතය අස්සේ ආණ්ඩුව වටිනා දේපොළ කුණුකොල්ලයට විකුණන්න හදනවා...ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා  ක...
30/05/2021

වසංගතය අස්සේ ආණ්ඩුව වටිනා දේපොළ කුණුකොල්ලයට විකුණන්න හදනවා...
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා

කොවිඩ් වසංගතය නිසා රටේ මුලුමහත් ජනතාවම පීඩාවට පත්වෙලා ඉන්නේ. සංචරණ සීමා පැනවීමෙන් කොවිඩ් වසගංතය පාලනය කරන්න තිබුණු බලාපොරොත්තුව ප්‍රතිඵලය දිහා බලපුවම පේන්නේ නැහැ. ආසාධිතයින්, මරණ සහ වසංගතයේ ව්‍යාප්තවීම පාලනය කරන්න ආණ්ඩුව නිසි වෙලාවට නිසි තීන්දු-තීරණ ගත්තේ නැහැ. ඒ නිසි ක්‍රියාමාර්ග නිසි වෙලාවට ගත්තා නම් මේ ව්‍යසනය වෙන්නේ නැහැ. වෛරසය පාලනය කිරීමට තිබෙන එන්නත් ලබාගැනීමට ආණ්ඩුව හරියාකාරව ක්‍රියා කළෙත් නැහැ. දැනට තිබෙන එන්නත් සොයාගත් මුල් අවස්ථාවේදීම ලංකාවට ලබාගන්න ක්‍රියා කළේ නැහැ. ජනවාරි 05වැනිදා සහ 07වැනිදා ඉන්දීය විදේශ ඇමතිවරයා ලංකාවට ආවා. ඉන්දියාවෙන් එන්නත ලබාදීමේදී ප්‍රමුඛ රට සේ සලකා ලංකාවට ලබාදෙන්න සූදානම් බව විදේශ ඇමතිවරයා කිව්වා. නමුත් රටක් හැටියට කවර හෝ එන්නතක් ලබාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් අනුමත කරලා තිබුණේ නැහැ. ඉන්දියාව අපිට දෙන්න ලැහැස්ති වෙනකොට ඒ ටික ගන්න අනුමැතිය ලබාගෙන තිබුණේ නැහැ. ඒ නිසා ප්‍රධානයක් හැටියට දෙන්න ලැහැස්ති වුණු ටිකත් ගන්න බැරි වුණා.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලංකාවට සුදුසුයි කියලා අනුමත කළේ ජනවාරි 22වැනිදා. ලලිත් වීරතුංග මහත්තයා එන්නත් ලබාගැනීමේ කටයුතුවලට පත්කළා කිව්වට මාස ගණනක් ගතවුණා. අද එන්නත් අර්බුදයක් නිර්මාණය වී තිබෙන්නේ මේ පසුබිම තුළයි. අපිට වඩා ආර්ථිකය දුර්වල මොරොක්කෝව වගේ රටවල් පවා ජනවාරි 21වැනිදා වෙනකොටම මේ එන්නත ගෙන්වාගෙන තිබුණා. මියන්මාරය ලක්‍ෂ 37ක් ලබාගෙන තිබුණා. බංගලිදේශය ලක්‍ෂ 70ක් ලබාගෙන තිබුණා. බංගලිදේශය වගේ රටවල් ජනවාරි මුල වෙනකොටම ඇනවුම් කර ජනවාරි 21වැනිදා වෙනකොට ලබාගත්තා. අපි තවමත් එන්නත් ලබාගන්න අසමත් වෙලා තිබෙනවා. දැන් මුදල් ගෙවලා හරි ගන්න විදිහක් නැහැ. ආණ්ඩුවේ ඇමතිවරු කිව්වේ මැයි මාසේ මැද වනවිට රටෙන් බාගයකට එන්නත් ලබාදී අවසන් කරන බව. දැනුත් එවන් කතා විතරයි අහන්න ලැබෙන්නේ. ලැබුණු එන්නත් ටිකත් නිවැරදි විදිහට ජනතාවට ලැබෙන්නේ නැහැ. පළවැනි ලක්‍ෂ 06ක් ලබාදීලා දෙවැනි මාත්‍රාව ලබාදෙන්න ඉතිරි තොගය අරන් තිබ්බේ නැහැ.
පළවැනි මාත්‍රාව ලබාගත් අය වැළ නොකැඩී අභයාරාමයට දෙවැනි මාත්‍රාව ලබාගන්න එක්කාසු වුණා. කොරෝනා ව්‍යසනය නොසළකා විශාල ජනකායක් එකතු වුනත් එන්නත ලැබුණේ නැහැ. හාමුදුරුවන්ටත් කියන්න සිදුවුනා එන්නත් වැඩපිළිවෙල අසාර්ථකයි කියලා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ චිට් එකට එන්නත් ලබාදෙන්න බලපෑම් කරනවා. දේශපාලන බලපෑම්වලට යට නොවී බොහෝ තැන්වලදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ක්‍රියා කරනවා.

සංචරණ සීමා තුළ ආණ්ඩුව බලන්නේ රටේ ආර්ථිකය ගැන විතරයි. බොහෝ ඇඟළුම් කම්හල් වැඩ කරනවා. කර්මාන්ත ශාලාවල 1,000ක් 1,500ක් වැඩ කරන නිසා බරපතල අනතුරක් තියෙන්නේ. පහුගිය දින කිහිපය තුළ ඇඟළුම් සේවිකාවන් විශාල සංඛ්‍යාවක් ආසාධිත වුණා. සමහර ඇඟළුම් කම්හල් ඔවුන්ගේ වියදමින් පී.සී.ආර්. පරීක්‍ෂණ කර දෙන්න ඉදිරිපත් වුණා. ආණ්ඩුව එම තත්වය වැළැක්වූ නිසා ආසාධිතයන් අඩුවෙන් වාර්තා වුණා. සංචරණ සීමාවලට පෙර හඳුනාගත්ත ආසාධිතයන් 2,500ක් 3,000ත් අතර තත්වයක් අදත් තියෙන්නේ. එහෙම නම් මේ යාන්ත්‍රණයේ දුබලතා විශාල ප්‍රමාණයක් පේන්න තියෙනවා.

ගොවි ජනතාව, ව්‍යාපාරිකයින් අසරණභාවයට වැටිලා. ආණ්ඩුවේ සමහර තීන්දු නිසා තත්වය බරපතළයි. උදේට ආර්ථික මධ්‍යස්ථාන අරිනවා කිව්වාම ගොවි ජනතාව එළවලු අරන් එනවා. නමුත් ආර්ථික මධ්‍යස්ථානය වහලා. හවසට ආණ්ඩුව කියනවා අරින්න කිව්වේ නෑ කියලා. තොග මධ්‍යස්ථාන අරිනවා. නමුත් බඩු ගන්න කවුරුත් නෑ. ඇත්තම ගත්තොත් මේ ක්‍රියාවලිය කිසිම තැනක නිසි ආකාරයෙන් සිදුවෙන්නේ නැහැ. පීඩාවට පත්වුණු අයට රු.5,000ක් දෙන බව ආණ්ඩුව පුන පුනා කියනවා. නමුත් කිසිම තැනක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොරෝනා වසංගතය නිසා අස්වැන්න අලෙවි කරගන්න බැරිව ඉන්න ගොවි ජනතාව පොහොර ආනයනය නැවැත්වීමත් එක්ක තවත් වටයකින් පීඩාවට පත්වෙලා.

කාබනික පොහොර යෙදීම සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැහැ. නමුත් කාබනික පොහොර ගොවියාට ලබාදීමේ වැඩපිළිවෙළක් ඇතිව තමයි රසායනික පොහොර ආනයනය නවත්වන්න ඕනෑ. නමුත් එහෙම වැඩපිළිවෙළක් නැහැ. අද තේ වගාවත් ලොකු අර්බුදයකට පත්වෙලා. මාලදිවයින වගේ රටවලට එළවලු අපනයන කළ අයගේ නිෂ්පාදන බිඳ වැටීම නිසා ඒ වෙළඳපොළත් අපිට අහිමි වෙලා ඉන්දියාව ආක්‍රමණය කරලා තියෙනවා. රජය පිළිගත් කිසිදු ආයතනයක් කාබනික පොහොර පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් සිදුකර නැහැ. ගොවියා අවශ්‍ය කාබනික පොහොර ගන්නේ කොහෙන්ද? ජනාධිපතිවරයා කියනවා, අපේ රටේ නැත්නම් ආනයනය කරන්න කියලා. සාමාජිකයන් 46දෙනෙකුගෙන් යුක්ත කාබනික පොහොර කාර්ය සාධන බලකායක් පිහිටුවලා තියෙනවා. විවිධ ක්‍ෂේත්‍රවල ආචාර්ය මහාචාර්යවරු, විවිධ ක්‍ෂේත්‍රවල වෘත්තිකයන් පවා ඉන්නවා. ව්‍යාපාරවලට සම්බන්ධ අයත් ඉන්නවා. ඒ අයට අතර දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මැතිතුමාත් ඉන්නවා. පිටරටින් කාබනික පොහොර ආනයනය කරන්න යන්නේ කොහෙන්ද? චීනයෙන්. චීනයේ නාගරික කසළ ගේන්න සූදානම් වෙනවා. ඒවා කාබනික පොහොර නෙවෙයි. බැහැර කරන නාගරික කසළවලට යූරියා ස්ප්‍රේ කරලා කාබනික පොහොර හැටියට ලෝකයේ බොහෝ රටවලට යවනවා. කාබනික පොහොර ලබාදෙනවා කියන දේට මුවා වෙලා කොරෝනා අස්සේ තවත් හොර ජාවාරමක් පටන් ගන්න යනවා. අපේ පරිසරයට, පසට, උචිත නැති කාබනික පොහොර කියලා වෙනත් රටකින් බැහැර කරන නාගරික කසළවලට යූරියා ඉහලා ගේන දේවල් කොහෙත්ම අනුමත කරන්න බැහැ. ඒ අපරාධය මේ රටේ ගොවි ජනතාවට කරන්න එපා කියලා අපි ආණ්ඩුවට බල කරනවා. රසායනික පොහොරවලින් වන විනාශයට නොදෙවැනි විනාශයක් මේ තුළින් සිද්ධ වෙනවා.
තමන්ගේ චෞර වළල්ලේ කට්ටිය දාලා අලුත් බිස්නස් එකක් හදල දෙන්න මාෆියාවකුත් කොරෝනා අස්සේ ක්‍රියාත්මක වෙනවා. කඩිමුඩියේ ඒවාට තීන්දු තීරණ ගන්නවා. කාබනික පොහොර ලංකාව තුළ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අවශ්‍ය ප්‍රමිතීන් හදන්න. අපේ රටේ ඒ සඳහා මැදිහත්වීමක් ජපානයේ කාබනික පොහොර භාවිතාව ආශ්‍රයෙන් සිදුකර තිබෙනවා. පොහොර ප්‍රශ්නය දඩමීමා කරගෙන තවත් මාෆියාවකට පාර කපන්න එපා කියලා අපි අවධාරණය කරනවා. පරිසරයට සිදුකර තිබෙන හානිය හොඳටම ඇති.

මේ අස්සේ කොහෙද යන නැවක් විෂ සහිත කන්ටේනර් පිටින් ලංකාවට එන්න ඉඩ දුන්නා. ගින්නක් ඇතිවුණාම නිවන්න සම්පූර්ණයෙන් මැදිහත් වන බව රෝහිත අබේගුණවර්ධණ ඇමතිවරයා කයිවාරු ගැහුවා. නයිටි්‍රක් ඇසිඩ් ගිණි ගැනීමට ලක්වුණු වෙලාවේ වතුර ගහලා නිවන්න ගිහිල්ලා මහා විනාශයක් ඇතිකළා. මෑත ඉතිහාසයේ ලංකාවට සිදුවුණු විශාලතම සාගර දූෂණය මේ නිසා සිදුකර තිබෙනවා. ඒ හානිය තව අවුරුදු ගාණකට මගහරවන්න බැහැ. සාගර පතුළේ කොරල් පර දක්වා විනාශ වී තිබෙනවා. මීගමුවේ ඉඳලා හික්කඩුව දක්වා වෙරළ තීරය දූෂණයට ලක්වෙලා. මීගමුව කළපුවටත් රසායන ද්‍රව්‍ය ඇවිල්ලා මාළුවෝ මැරෙනවා.
කොරෝනා නිසා ධීවර කර්මාන්තය අහිමිවූ ජනතාව මේ නැව නිසා තවත් අසරණ තත්වයකට වැටුණා. මේ ධීවර ජනතාවට රු. 5,000ක් දෙන බව සේමසිංහ ඇමතිවරයා කියනවා. දැල් ආම්පන්න විනාශ වෙච්ච ඒවා රු. 5,000න් ගන්න බැහැ. සංචරණ සීමා ඉවත් වුණාම ධීවර කර්මාන්තයේ යෙදෙන්න දැල් ආම්පන්න කිසිවක් නැහැ. සියල්ලම මේ නැවේ රසායන ද්‍රව්‍ය නිසා විනාශ වෙලා. රු. 5,000ක් වගේ සොච්චමක් දීලා ඇඟ බේරා ගන්න එපා කියලා අපි අවධාරණය කරනවා. මේ තරම් විශාල සාගර දූෂණයක් වෙලා, ධීවර ජනතාව විශාල ප්‍රමාණයක් පීඩාවට පත්වෙලා තියෙද්දී වාසුදේව ඇමතිවරයා කීයක් හරි හම්බ වෙනවා කීවා. එච්චර බංකොළොත් තත්වයට ආණ්ඩුව වැටිලා තියෙන්නේ. කීයක් හරි හම්බ වෙනවා නම් සියල්ල විනාශ වුණත් කමක් නැහැ කියන තැනට ආණ්ඩුව පත්වෙලා ඉන්නේ.

ලෝකයේ ඕනෑම නැවක් තවත් රටක මුහුදු සීමාවට ඇතුල් වෙනකොට සියලු විස්තර අදාල රටට ලබාදෙනවා. නැවේ ඉන්නේ කවුද, තියෙන්නේ මොනවාද, කන්ටේනර් කොපමණ තියෙනවාද, රසායන ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ මොනවාද, නැවේ කාර්යමණ්ඩලය කොපමණද, වරායට එන්නේ කොයි කාලය තුළද, වගේ සියලු දත්ත ඒ රටේ වරායට ලබාදිය යුතුව තිබෙනවා. දැන් ඇමතිවරයා කියනවා නම් දන් නැහැ කියලා ජාතික ආරක්‍ෂාවට ඒක බරපතළ ප්‍රශ්නයක්. ජාතික ආරක්‍ෂාව සහතික කිරීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. ඒක සම්පූර්ණයෙන් ආණ්ඩුව අතහැරලා. මේ මෑතකදී සිදුවුණු දෙවැනි නැව විනාශවීම. නැවේ භාණ්ඩ විනාශවීමක් නිසා රක්‍ෂණ සමාගමෙන් ඒ නැව් සමාගමට වන්දි ලැබෙනවා. ඒකෙන් අපේ රටේ පරිසරයට සිදුවූ හානියට වන්දියක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ ගුවන් හමුදාව, නාවික හමුදාව යොදවලා සිදුකළ කාර්යභාරයට අදාල ගෙවීමක් විතරයි ලැබෙන්නේ. පරිසරයට සිදුවන හානිය පිළිබඳව නිවැරදි තක්සේරුවක් සහිතවයි ආණ්ඩුව මේ ප්‍රශ්නය දිහා බලන්න ඕනෑ. කොරෝනා තත්වය තුළ මේ නැවට එන්න ඉඩ දීලා තවත් කරගත්ත ඔළමොට්ටල වැඩක් තමයි මේක. දැන් වෙන්න තියෙන හානිය සිද්ධ වෙලා ඉවරයි.

රටේ ජනතාවට සංචරණ සීමා පනවලා තියෙද්දී වරාය නගර කොමිෂන් සභා පනත පුදුම හදිසියකින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. ඒ හදිසිය කොරෝනා එන්නත ගන්න තිබුණා නම් අපේ රට මේ ව්‍යසනයට පත්වෙන්නේ නැහැ. මේ සියල්ල සිද්ධ වෙන අතරෙ මැයි මාසේ 05වැනිදා කැබිනට් මණ්ඩලයට සුපුරුදු පරිදි රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණන කැබිනට් පත්‍රිකාවක් දැම්මා. සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයෝජන සහ ක්‍රමෝපාය සංවර්ධන කියන කැබිනට් පත්‍රිකාව දැම්මා. මේකේ හරය තියෙන්නේ සෙලෙන්දිවා කියන ආයතනය මහ භාණ්ඩාගාර 100%ක් කොටස් අයිතිය සතුව හදන බව. ඊට පස්සේ සෙලෙන්දිවා සමාගමට අනුබද්ධ තවත් සමාගමක් හදනවා. ස්පෙෂල් පර්පස් වෙහිකල් කියලා අලුතින් හදන සමාගමේ කොටස් 49%ක් සෙලෙන්දිවා සමාගමේ අයිතියට පත් කරනවා. මේ කොම්පැණිය හරහා රටේ සම්පත් විකිණිල්ල සම්පූර්ණයෙන් සිදුකරනවා. කැබිනට් පත්‍රිකාවේ 2.4 වගන්තියේ ඒ ගැන සම්පූර්ණයෙන් සඳහන් වෙනවා. “එකී පරිපාලන සමාගමේ වත්කමක කොටස්වලින් 49%ක් දක්වා මූලිකව නිදහස් කරනු ඇති අතර එහිදී පාලනය සහ පාලන බලය රඳවා ගනු පිණිස නිදහස් කළ වත්කමේ රන්මුවා කොටස් ප්‍රමාණයක් සෙලෙන්දිවා ආයතනය විසින් දරනු ලැබේ.” ඒවගේම 6 වැනි වගන්තියේ “දිගු කාලීන බදු අයිතිය හෝ කළමනාකරණ අයිතිය පමණක් පෞද්ගලික ආයෝජකයෙකු වෙත පැවරීමේ විකල්ප ක්‍රමය අනුගමනය කිරීමටද සෙලෙන්දිවා ආයතනය බලාපොරොත්තු වේ” ඒ වගේම 7 වැනි වගන්තියේ “වඩාත් සුදුසු ප්‍රාග්ධන ව්‍යූහය සාක්‍ෂාත් කිරගැනීම සඳහා ණය හෝ ව්‍යාපාරික වස්තු පොදුවේ අලෙවි කිරීම යන දෙක අතුරින් සුදුසු අංගය අනුගමනය කර අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට නියමිතය.”

ඒ වගේම “නව අනුබද්ධ සමාගමේ කොටස් නිකුත් කිරීම හෝ මුලින් ගෙවීම් කිරීමට සෙලෙන්දිවා ආයතනය විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග අන්‍යොන්‍ය වශයෙන් එකඟත්වයකට පත්විය හැකිය.” කියනවා. අපේ රටේ වානිජ වශයෙන් ඉතාම වටිනා ඉඩම් අක්කර 1.7ක භූමි ප්‍රමාණයක් තියෙන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, අක්කර 0.75ක භූමි ප්‍රමාණයක් පිහිටි ගපූර් ගොඩනැගිල්ල, අක්කර 1.5ක පිහිටි විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, අක්කර 0.18ක පිහිටි මහ තැපැල් කාර්යාලය, අක්කර 1.37 පිහිටි සීනෝර් රෙස්ටුරටන් දේපළ, අක්කර 05ක වෝටස් ඒජ් මිශ්‍ර සංවර්ධනය කියන අක්කර 11 විකුණන්න සූදානම් වෙනවා. ඒ වගේම කංකසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන භූමිය විකුණන්න දාලා තියෙන්නේ. එස්.පී.වී. කියන සමාගම හදන්නේ මේ විකිණීමේ ක්‍රියාවලියට. උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ සියලු බදු සහන ලබාදෙන බව සඳහන් වෙනවා. හම්බන්තොට වරාය චීනයට දුන්නේ එහෙම. ඒ හා සමානම තත්වයක් මේකෙන් එනවා. වැලිකඩ බන්ධනාගාරය සම්බන්ධයෙන් වෙනම කැබිනට් පත්‍රිකාවක් තියෙනවා. ඒත් මැයි 05වනිදා කොරෝනා අස්සේම ගෙනා තවත් පත්‍රිකාවක්. මිනිස්සු මාරාන්තික බියකින් ජීවත් වෙන අතරේ ඉඩම් ටික විකුණන්න කැබිනට් පත්‍රිකා දානවා. වැලිකඩ බන්ධනාගාරයේ අක්කර 42ක භූමි ප්‍රමාණයක් විකුණලා හම්බ වෙන සල්ලිවලින් කළුතර බන්ධනාගාරයක් හදන්න යනවා. බිලියන 30.6ක මුදලක් ගන්න බලාපොරොත්තු වෙන බව පැහැදිලිව සඳහන් වෙනවා. අවුරුදු 99, අවුරුදු 198ක්, වගේ කාලවලට කොළඹ නගරයේ වටිනා ඉඩම් පුද්ගලික කොම්පැණිකාරයන්ට දෙනවා. ආණ්ඩුව බලයට එන්න කලින් කීවේ එක්සත් ජාතික පක්‍ෂයෙන් විකුණන ඒවත් ආපහු ගන්නවා කියලා. හැබැයි ආපු ගමන් ෂැංග්‍රිලා හෝටලයේ පිටුපස්සේ ඉඩම සිංගප්පූරු සමාගමකට වික්කා.

පෝට් සිටිය පාර්ලිමේන්තුවේ සම්මත වෙනකොටම ඊට සමාන්තරව කොළඹ ඉඩම් ටික විකුණන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තා. මේ පාර කපන්නේ මේ රටේ දුප්පත් ජනතාවටද? මේ බරපතල අපාරධයක්.
හේන රකින්න තමයි පඹයා හැදුවේ කියලා ටයි කෝට් අන්දලා පෙන්වනවා. කොළඹ වානිජ නගරයේ ඉඩම් රකින්න සෙරෙන්දිවා සමාගම් හදන බව පෙන්වලා ජනතාව රවටනවා. එක පැත්තකින් කොරොනාවලින් බැටකන ජනතාවට උත්තර නැහැ. ඒ අස්සේ ඉඩම් ටික විකුණනවා. අනික් පැත්තෙන් අහක යන නැව් ගෙන්වාගෙන පරිසරය විනාශ කරනවා. පොහොර ගෙන්වන එක නවත්වලා ගොවි ජනතාව විපතට හෙළා කාබනික පොහොර ගෙන්වන්න වෙනම මාෆියාවක් හදන්න යනවා. මුලු රටේම ජනතාව විපතෙන් විපතට පත්වෙලා. ඒ නිසා මේ ආණ්ඩුවේ ඔළමොට්ටල සහ චෞරයන් රකින වැරදි ප්‍රතිපත්තියට එරෙහිව අවධානය යොමු කරන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටේ සම්පත් රැක ගැනීම වෙනුවන් අවදි වෙන්න, නැගිටින්න කියලා ඉතා ඕනෑකමින් ජනතාවට කියා සිටිනවා.

පරිපාලන සේවා සංගමය නිද්‍රාවකට වැටිල වගේ අපට පේන්නේ...හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතාමේ වෙලාවේ මතුවෙලා තිබෙන වාතා...
24/05/2021

පරිපාලන සේවා සංගමය නිද්‍රාවකට වැටිල වගේ අපට පේන්නේ...
හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා
මේ වෙලාවේ මතුවෙලා තිබෙන වාතාවරණය යටතේ විශේෂයෙන්ම මම කරුණු දක්වන්නේ ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපතිවරයාද වශයෙන්. මේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාව තියන්න ආසන්නතම හේතුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු විදිහට ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ වැඩ කරන චමිල ජයසිංහ මහත්මයා හදිසියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම. ඊට කලින් වෙනත් හේතු ගණනාවකුත් තිබුණා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන් දෙනෙක් ඒ මහත්තයාගේ ගෙදරට ගිහිල්ලා මීට මාස කිහිපයකට ඉස්සර සමාජ මාධ්‍ය ජාලයේ ගිය පෝස්ටුවක් වෙනත් අය එක්ක ෂෙයා කර ගැනීම ගැන ප‍්‍රශ්න කරලා තිබුණා. මේ පෝස්ට් එක නිසා රාජ්‍ය නිලධාරියෙක් විදිහට රජය අපහසුතාවයකට පත් කරනවා කියන චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (22* ඇපමත මුදාහැර තිබුණා.
නමුත් මෙයින් රාජ්‍ය නිලධාරීන්ට බරපතල අනතුරු ඇඟවීමක් කරනවා. රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිට විශාල තර්ජනයක් මතුවී තිබෙන බව පැහැදිලියි. ස්වාධීනව රාජ්‍ය නිලධාරියෙක් වැඩ කරනවා නම් හෝ යම් විවේචනාත්මක අදහසක් පළ කරනවා නම් රාජකාරී ජීවිතයට පමණක් නොව පෞද්ගලික ජීවිතයට පවා බලපෑම් එල්ල කෙරෙන බව මෙයින් පැහැදිලි වෙනවා. මීට සමාන්තරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහත්මයා සෞඛ්‍ය අංශයේ සියලූම දෙනාට මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කිරීම තහනම් කරලා චක‍්‍රලේඛයක් නිකුත්කර තිබුණා. මේ චක‍්‍රලේඛය පළාත් සභාවල වැඩකරන සෞඛ්‍යයට සම්බන්ධ නිලධාරීන්ටත් අදාල විදිහට නිකුත් කරලා වැරැුද්දකුත් කර තිබුණා. කොහොම වුණත් මීට විරුද්ධව වෘත්තීය සමිති මත පළකර තිබුණා. මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිිළිබඳව මතුකර තිබුණා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අයිතියක් අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ චක‍්‍රලේඛයකින් උල්ලංඝනය කරන්න බැහැ කියලා ඉදිරිපත්කළ තර්කවලින් මේ මේජර් ජනරාල්වරයා හාස්‍යයට ලක්වුණා.
අදහස් ප‍්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරින්ට තිබෙන අයිතිය සහ තොරතුරු දැනගැනීමට මහජනතාවට තිබෙන අයිතිය යන මූලික කාරණා දෙකම මෙතැනදී උල්ලංඝනය වෙනවා. සෞඛ්‍ය ලේකම්තුමා චක‍්‍රලේඛය නිකුත් කරන්න නිමිත්ත වුණෙත් වෛද්‍යවරයෙක් කොවිඞ් වසංගතය පිළිබඳව ජනමාධ්‍යයට තොරතුරු දැක්වීමයි. චමිල ජයසිංහ මහත්මා උසාවියට ඉදිරිපත් කළ දිනයේම අර වෛද්‍යවරයාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිදහසට කරුණු විමසලා තිබුණා. මෙයින් පැහැදිලි කෙරෙන්නේ ආණ්ඩුවේ කි‍්‍රයා කලාපය ගැන විවේචනය කරන 1,350,000ක් විතර රාජ්‍ය සේවකයින්ගේ පැත්තෙන් බරපතල ප‍්‍රශ්නයක්. ශී‍්‍ර ලංකා පරිපාලන සේවය පැත්තෙන් ගත්තාමත් බරපතල තත්වයක්. චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීමෙන් ”ඔය ගොල්ලො ලංකාවේ ප‍්‍රමුඛම සේවය වුණාට ඔය ගොල්ලන්ටත් අත තියන්න අපි බය නැහැ” කියන අනතුරු ඇඟවීම කරනවා. මේ යන්න යන ගමන විරුද්ධ මත සම්පූර්ණයෙන් ඉවතලන තත්වයක්.
මාස 3-4කට කලින් ෆේස්බුක් එකේ පෝස්ට් එකක් ෂෙයා කළා කියලා ඇදලා ගන්නේ මේ අනතුරු ඇඟවීම කරන්න. මේ තත්වය හමුවේ ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය නිද්‍රාවක සිටීම අපිට බරපතල ප‍්‍රශ්නයක්. අනික් පැත්තෙන් මේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ නැති දේවල් කි‍්‍රයාත්මක කරනවා. මේ නිසා පරිපාලන සේවා සංගමය තමන්ගේ සාමාජිකයන් 2800ක් විතර වෙනුවෙන් ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්න ඕනෑ. නමුත් ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වූයේ නැහැ. ඇතැම් නිලධාරීන් පෞද්ගලිකව මැදිහත් වුණත් සංගමයක් විදිහට ඉදිරිපත් වුණේ නැහැ. මේ තත්වයට විරුද්ධව අදහස් දැක්වූවොත් තමන්ගේ පැවැත්මට බාධාවක් වෙයි කියලා කල්පනා කළොත් ලංකාවේ පරිපාලන සේවය කණගාටුදායක තත්වයකට පත්වෙන්න පුළුවන්. රාජ්‍ය සේවය කියන්නේ බලයට පත්වන ආණ්ඩුවලට මෙහෙයවන්න පුළුවන් සේවයක් නෙවෙයි. ඉන්දියාවේ සිවිල් සේවාව නිදහසින් පසුවත් ඒ විදිහටම පවත්වාගෙන යන්න කියලා ශී‍්‍ර නේරු අගමැතිවරයා කීවා. ලංකාවේ දේශපාලඥයො ඔවුන්ට අවශ්‍ය විදිහට මැදිහත්වීම් කරන්න පටන් ගත්තා. අදවෙනකොට දේශපාලඥයන්ට හීලෑ වුණු රාජ්‍ය සේවයක් බිහිකර ගන්න දරන උත්සාහයට එරෙහිව රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්න ඕනෑ. හේතුව ඔවුන්ට වැටුප් ගෙවන්නේ මහජනතාව වන නිසා. මේ තත්වයට විරුද්ධව පරිපාලන නිලධාරින් විතරක් නෙවෙයි සියලූම රාජ්‍ය නිලධාරීන් එකතු වෙන්න ඕනෑ

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Sri Puvath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Puvath:

Share

Sri Puvath.com

වෙබ් පුවත් කලාවේ නවතම අක්ෂපාතී පුවත් වාර්තාකරණය