Ceylon Journal

Ceylon Journal The path to purity. 🤍

"මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ,මුදලින් මිල කරන්න බැරි සතුටකින් නිදහසකින්,තමංගේ ආත්මයම පිරිලා යන කාලයක් හැමෝගෙම,...
11/08/2026

"මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ,
මුදලින් මිල කරන්න බැරි සතුටකින් නිදහසකින්,
තමංගේ ආත්මයම පිරිලා යන කාලයක් හැමෝගෙම,
ජීවිත වලට ලැබෙන්න ඕනේ.."

"තමංගේ වටේ ඉන්න අයගේ ජීවත ඇතුලේ,
වෙන දේවල් හැමදෙයක් දැනගෙන,
ඒ අයගේ පුද්ගලික ජීවිතවලට ඕනවටත් වඩා,
සම්බන්දවෙලා ගෙවන ජීවිතයේ විඩාව දැනුනට පස්සේ,
සමහර මිනිස්සු,
හැමකෙනාගෙම, හැමදේම දැනගන්න එක නතර කරනවා.
මිනිස්සුන්ට මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්න දීලා,
තමං තමංගේ පාඩුවේ ඉන්න පටං ගන්නවා..
ඒ මිනිස්සුන්ගේ හිත් වල හිරවෙලා තිබුනු,
ඕනේ නැති කුනු ටික ටික අයින් වෙලා,
ඒ ආත්ම නිදහස් වෙන්න පටං ගන්නවා.."

"සතුටු හිතෙ, දුක හිතෙන හැමදේම හයියෙන් අල්ලගෙන,
ජීවිතයේ හැමදේම තමංගේ control එකේ තියාගන්න,
උත්සහ කරගෙන,
ජීවිතේ සිද්ධ වෙන්න ඕන හැමදේම,
Plan කරගෙන, බලාපොරොත්තු තියාගෙන,
ගෙවන ජීවිතයේ විඩාව දැනුනට පස්සේ,
සමහර මිනිස්සු,
හැමදේම ඒ මොහොතෙම අත් හරින්න පුරුදු වෙනවා,
ඕනම දෙයක් ඕනෙම වෙලාවක වෙන්න පුලුවං කියන ඇත්ත තේරුම් ගන්නවා..
බලාපොරොත්තු අඩු වෙන්න අඩු වෙන්න,
දැනෙන නිදහස වැඩී කියලා තේරුම් ගන්නවා..
මේ මොහොතේ ජීවත් වෙන්න පටං ගත්තම,
ඒ ආත්ම නිදහස් වෙන්න පටං ගන්නවා.."

"ලෝකේ සිද්ධ වෙන හැමදේටම ප්‍රතිචාර දක්වගෙන,
ඒ ඒ Situations අනුව තමංගේ Perosonality වෙනස් කරගෙන,
ලෝකේ කියන කියන පදේට නටලා හති වැටුනම,
සමහර මිනිස්සු,
වටපිටාවේ වෙනදේවල් වලට, දෙන Reactions අඩු කරනවා,
අනිත් උන් බනිද්දි තරහ අරං කුලප්පු වෙන්නේ නෑ,
අයිති දෙයක් නැති උනාම අඩන්නේ නෑ,
හොද දෙයක් උනාම සතුටු වෙලා party දන්නේ නෑ..
හැමදෙයක් දිහාම මැද ඉදං බලං,
Discipline තියාගෙන,
තමංගේම කියලා පෞර්ශත්වයක් ගොඩනගාගත්තම,
ඒ ආත්ම නිදහස් වෙන්න පටං ගන්නවා.."

“ලෝකයෙන් සිද්ධ වෙන ආසාධාරනකම්,
වෙනුවෙන් රංඩු කරලා,
යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කරලා,
හෙම්බත් උනාම,
සමහර මිනිස්සු,
පලිගන්න එක නතර කරනවා,
අසාධාරණය වෙනුවෙන් රංඩු කරන එක නතර කරනවා,
යුක්තිය හා සාධාරණය ස්වභාධර්මයට භාර දීලා,
ඒ ආත්ම නිදහස් වෙන්න පටං ගන්නවා.."

"හැමෝම තමංගේ වැරදී කියනකොට,
තමංගේ ජීවිතයේ flow එකට ඇගිල්ල දිග්වෙනකොට,
නෑ තමං වැරදි නෑ කියලා ලෝකයට කෑගහලා,
හති වැටුනනම,
සමහර මිනිස්සු,
තමං කවුද, තමං ඇයි මෙහෙම කරන්නේ,
තමං කැමති මේ විදියට,
මං මේ නිසයි මෙහෙම කරේ,
මට මෙහෙම කරන්න උනා..
වගේ විස්තර කිරීම් නතර කරලා දානවා..
ඕන මනුස්සයෙක් ඕන විදියකට හිතපුදෙන් කියලා,
ඒ ආත්ම නිදහස් වෙන්න පටං ගන්නවා.."

“ඒ මිනිස්සුන්ට ඕනේ නෑ,
මානසිකව ලොකු බරක් ඔලුවේ තියාගෙන ජීවත් වෙන්න,
ඒ මිනිස්සු දන්නවා,
ජීවිතය තියෙන්නේ මේ ගෙවෙන තත්පරයේ විතරයි කියලා,
ඉතිං ඒ මිනිස්සුන්ට ඕනේ,
ඒ ගෙවන හැමමොහොතකම,
තමංගේ ආත්මය නිදහස් කරගන්න.."

✨🍃🤍

"තමංගේ කෙල්ලගේ එක චූටි හිනාවකින්,තමංගේ මුලු හදවතම පුරවගන්න පුලුවං,ඒ හිනාව ආයේ ආයේ දකින්න ආස කරන පිරිමි හිතක්,ප්‍රේමයෙන් ...
10/08/2026

"තමංගේ කෙල්ලගේ එක චූටි හිනාවකින්,
තමංගේ මුලු හදවතම පුරවගන්න පුලුවං,
ඒ හිනාව ආයේ ආයේ දකින්න ආස කරන පිරිමි හිතක්,
ප්‍රේමයෙන් වැලදගන්න.."

"තමංගේ කෙල්ලගේ, එක msg/call එකකින්,
තමංගේ මූන හිනවෙන් පිරවෙන,
පිරිමි හිතක් ප්‍රේමයෙන් වැලදගන්න.."

"කොච්චර අවස්ථාව තිබුනත්,
තමංගේ කෙල්ලගෙන් පිට කිසිම දෙයක් දැනෙන්නේ නැති,
එක ගැහැනු ආත්මයකට ජීවිතය කැප කරපු,
පිරිමි හිතක් ප්‍රේමයෙන් වැලදගන්න.."

“ලෝකයක් ඉස්සරහ තමංගේ කෙල්ලගේ අත් පටලවගන්න,
ඒ අත් අතහරින්න ලෝභ හිතෙන තරමට,
ඒ උනුහුමට ඒ සැනසීමට ආස කරන,
පිරිමි හිතක් ප්‍රේමයෙන් වැලදගන්න.."

"තමංගේ කෙල්ල මේ ලෝකේ තනිවෙලා නෑ කියන,
හැගීම දෙන්න පුලුවං,
තමංගේ කෙල්ලට හිතේ තියෙන හැමදේම,
කියන්න පුලුවං,
තමංගේ කෙල්ලට නිවහනක් වෙන,
පිරිමි හිතක් ප්‍රේමයෙන් වැලදගන්න.."

"පොරොන්දු රකින, වචන වල වගකීම ගන්න,
විශ්වාසය හා අවංකකම ජිවිතයේ කොටසක් කරගත්තු
පරිණත පිරිමි හිතක් ප්‍රේමයෙන් වැලදගන්න.."

"එහෙව් පිරිමි හිතකට,
ප්‍රේම කරන ගැහැනු,
තමංගේ ආත්මයේ එක අංශු මාත්‍රයක්වත්,
තවත් පිරිමියෙක්ට ඉතුරු කරන්නේ නෑ.."

"තමංගේ හදවත කුට්ටි කරලා,
වැඩිම ලංසු වලට වෙන්දේසි දාන සමාජයක,
මේ වගේ ආත්මීය බැදීම් හමුවෙන්නේ,
පිරිසිදු, ප්‍රේමයනීය හා ගාම්භීර මනුස්ස ආත්මයන්ට විතරමයි.."
✨🍃🤍

"මං හිතන්නේ,එකම මනුස්සයෙක් ඉස්සරහ විශ්වාසය කඩවෙලා,ආයේ ආයේ රැවටෙනවා නම්,ඒක මගේ අවුලක්..එකම මනුස්සයෙක් ඉස්සරහා බාල්දු වෙවී...
07/08/2026

"මං හිතන්නේ,
එකම මනුස්සයෙක් ඉස්සරහ විශ්වාසය කඩවෙලා,
ආයේ ආයේ රැවටෙනවා නම්,
ඒක මගේ අවුලක්..

එකම මනුස්සයෙක් ඉස්සරහා බාල්දු වෙවී,
ආයේ අයේ වඩා තමංගේ පෞරුෂත්වය,
හෑල්ලු වෙනවා නම්,
ඒක මගේ අව්ලක්.."

"මේ සමාජයේ ඇතුලේ ජීවත් වෙද්දි,
මිනිස්සු රැවටෙනවා, නොසලකාහැරීම් වෙනවා,
පෞරුෂත්වයට හානි වෙනවා..
හැබැයි එකම මනුස්සයෙක්ගෙන් එහෙම වෙන්න පුලුවං,
එක පාරයි..
එක පාරකට වඩා එහෙම වෙනවා නම් මං හිතන්නේ,
අපිට තවදුරටත් ඇගිල්ල එලියට දිග් කරන්න බෑ.."

""මං මගේ ජීවිතය ඇතුලේදී, මගේ හදවතින්ම,
ඒ මනුස්සයට අවංකව හිටියනම්,
ඒ මනුස්සයට ගරු කරා නම්,
ඒ මනුස්සයගේ ආත්මයට උදව්වක් කරා නම්..

ඒ මනුස්සයා ඇවිත් විශ්වාසය නැති කරලා,
නොසලකා හැරලා, Perosonality එක Damage කරන
එක ඒ මනුස්සයගේ දෙයක් මිසක්,
මට අදාල දෙයක් නෙවෙයි..."

"ඒ මනුස්සයට අවංකව ජීවත් වෙන්න,
ඒ මනුස්සයට ගරු කරන්න,
ඒ මනුස්සයට උදව් කරන්න ගත්ත තීරණය,
100% මගේ තීරණයක්...
ඉතිං,
ඒ රැවටීම්, ඒ නොසලකා හැරීම් මට පිලිගන්න සිද්ධ වෙනවා.."

"ඒ වගේම මං තීරනය කරනවා,
එහෙම මනුස්සයෙක් මගේ ජීවිතයේ,
හිටපු නැති විදියට ජීවත් වෙන්න..
මට ඕනේ නෑ පලිගන්න රිද්දන්න..
මට ඕනේ ඒ මිනිස්සු ජීවිතයෙන් ඈත් කරන්න වගේම,
මගේ හිත් ඇතුලිනුත් අයින් කරලා දාන්න.."

"ඒ නිසා ඔයා මගේ විශ්වාස කඩ කරලා තියෙනවා නම්,
මාව රවට්ටලා තියෙනවා නම්,
මාව පහත් කරලා තියෙනවා නම්,
මාව නොසලකා හැරලා තියෙනවා නම්...
ඔයා තව දුරටත් මට දැනෙන මනුස්සයෙක් නෙවෙයි..
ඔව් අපි කතා කරනවා ඇති හිනාවෙනවා ඇති..
ඒත් මං 100% වගකීමකින් කියනවා..
ඔයාට ඒ දේවල් ආයේ කරන්න බැහෑ..
මොකද ඔයා කියන මනුස්සයාට මගේ ලෝකේ ඇතුලේ,
දීලා තිබුනු වටිනාකම දැන් නෑ..
ඔයා නිකම්ම නිකම් මනුස්සයෙක්.."

"ජීවිතේ ඉස්සරහට යද්දී,
මේ විදියට මිනිස්සු ඈත් වෙනවා,
මිනිස්සුන්ට හුදකලාව ප්‍රිය වෙන්න පටං ගන්නවා..
මොකද ඒ හුදකලාව ඇතුලේ,
මිනිස්සුන්ගේ තියෙන බොරු චරිත නැති නිසා.."

"ඉතිං මට දැනුත් මගේ හුදකලාව,
හරිම නිදහස් හා හරිම සාමකාමියි..
මම ඔබේ ඇසුරට ප්‍රිය කරන්නේ
ඔබේ ඇසුර, මගේ හුදකලාවට වඩා,
නිදහස් හා සාමකාමී නම් පමනි.."

"අවුරුදු 25න් පස්සේ,මනුස්සයෙක්ට දැනෙන තනිකමහරි ගැඹුරුයි.ඒ වගේම ආධ්‍යාත්මිකයි.""ඉස්සර,මට කතා කරන්න කෙනෙක් නැති වෙනකොට,මාව...
05/08/2026

"අවුරුදු 25න් පස්සේ,
මනුස්සයෙක්ට දැනෙන තනිකම
හරි ගැඹුරුයි.ඒ වගේම ආධ්‍යාත්මිකයි."

"ඉස්සර,
මට කතා කරන්න කෙනෙක් නැති වෙනකොට,
මාව අහං ඉන්න කෙනෙක් නැති වෙනකොට,
මගේ වටේ මිනිස්සු නැති වෙනකොට,
තනිකම දැනෙද්දී...
දැන්
මිනිස්සු කොච්චර වට වෙලා හිටියත්
දැනෙන තනිකම හිස්කම පාලුව හරිම ගුප්තයි.."

"විශ්වාස කඩවීම්, රැවටීම්, බාල්දු වීම්,
වටිනාකම් නොලැබීම් වලින් ජීවිතයට ලැබෙන,
අත්දැකීම් එක්ක,
මට ඕනේ උනේ මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න..
ඈත් වෙනවා කියලා මට කැලෑවකට ගිහිං තනි වෙන්න,
ඕනේ කමක් නෑ..
මට ඕන උනේ මිනිස්සු 1000ක් මැද්දේ උනත්,
ඒ අය එක්ක මං තනිවම හදාගන්න,
මානසික ගනුදෙනුව නවත්තන්න වගේම
මං එක්ක එයාලා හදාගන්න මානසික ගනුදෙනුවත්,
නවතින විදියට ජීවිතය අරං යන්න.."

"මට කාවවත් මට ඕන විදියට තියාගන්න ඕන කමක් නෑ,
වගේම,
මමත් කාටවත් ඕන විදියට ජීවත් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි..
අපි හැමෝම මිනිස්සු,
අපි හැමෝටම සම අයතීන් තියෙනවා,
තමංට කැමති විදියට ජීවිතේ අරං යන්න.."

"ජීවිතයේ ඉරණම තනියම ලියාගන්න ලැබෙන නිදහස,
හරිම සුන්දරයි..
තමං කැමති විදියට අදින්න,
තමං කැමති තැන්වල ඇවිදින්න,
ඔව් මේ ලෝකයට ඇවිත් හිතෙන හැමදේම,
අත්විදින්න නිදහස හම්බවෙනවා.."

"ලෝකයත් එක්ක තියෙන මානසික ගනුදෙනුව නවත්තලා,
තමංගේ පැත්තට හැරිලා,
තනියම නිදහසේ ජීවත් වෙන මිනිස්සුන්ටත්,
තනිකම පාලුව දැනෙනවා...
ඒත් ඒ මිනිස්සු තනිකම පාලුව කියන හැගීම්,
උපදින සිතුවිලි දිගේ, දිගින් දිගට ගිහිං
තමංගේ සතුට,නිදහස,සාමය හා ආදරය නැති කරගන්නේ නෑ..

ඒ වෙනුවට ඒ මිනිස්සු,
ලස්සන පොත් වල පිටු අතරේ අතරමං වෙනවා,
ඉර බහින හවස් වරු දිහා බලං ඉන්නවා,
එක එක දේවල් ගැන කවි ලියනවා,
ඇගට දාඩිය දානකල් Exercise කරනවා,
ඒ වගේම මිනිස්සු එක්ක එක එක මාතෘකා ගැන,
ගැබුරු සංවාද කරනවා.."

"සිහියෙන් ජීවත් වෙන හැම මනුස්සයෙක්ටම,
හැම මොහොතකම තෝරාගැනීමක් තියෙනවා..
තමංට නොදැනිම හේතු නිසා හටගන්න,
සිතුවිලි දිගේ ගිහිං මානසික විඩාවකට පත් වෙනවද?

එහෙමත් නැත්තම්,
ඒ හේතු නිසා හටගන්න සිතුවිල්ල දැකලා,
ඒ දිගේ යන්නේ නැතුව,
මේ ගෙවෙන මොහොත
මේ ගෙවන ජීවිතය,
තවත් ලස්සන කරගන්නවද කියලා.."

"මේ ලෝකේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට,අනිත් මිනිස්සු ජීවත්විය යුතු ආකාරය ගැන,පැහැදිලි අදහසක් තිබුනත්,තමංගේ ජීවිතයේ තමං කරන්...
03/08/2026

"මේ ලෝකේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට,
අනිත් මිනිස්සු ජීවත්විය යුතු ආකාරය ගැන,
පැහැදිලි අදහසක් තිබුනත්,
තමංගේ ජීවිතයේ තමං කරන්න ඕනේ මොනවද කියලා,
කිසිම අදහසක් නෑ..."

"මේ ජීවිතය හරිම පුදුමයි,
මේ ජීවිතය ඇතුලේදි මිනිස්සුන්ට මිනිස්සුන්ට හම්බවෙනවා,
ඒ හමුවීම් ඇතුලෙදි අනිත් මිනිස්සු,
ඉන්න මානසික මට්ටම් අදුරගන්න,
ඒ අයට නොපෙනෙනු වැරදි අඩුපාඩු දකින්න,
ඒ අය හිරවෙලා ඉන්න Thinking patterns අදුරගන්න,
ඒ අයගේ ජීවිත වෙනස් කරගන්න මොනවද කරන්න ඕනේ,
ඔය වගේ හැම දේ ගැනම මිනිස්සු දන්නවා..."

"ඒත් මිනිස්සුන්ට ඕනේ,
තමංගේ වට පිටාව සුරපුරයක් කරගෙන,
පස්සේ තමංව සාර්ථක කරගන්න..."

"මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙම,
එලියේ ලෝකය වෙනස් කරන්න මිසක්,
තමංව වෙනස් කරගන්න නෙවෙයි.."

"හැබැයි මේ Mechanism එක වැඩ කරන්නේ,
අනික් පැත්තට..
මිනිස්සු ඉස්සෙල්ලම හැරෙන්න ඕනේ,
තමංගේ පැත්තට,
ඊට පස්සේ අපිට පුලුවං මේ ලෝකය සුර පුරයක් කරන්න.."

"මිනිස්සු ඉස්සෙල්ලා තමංට ආදරය කරන්න ඔනේ,
තමංව හරියට රැක බලාගන්න ඕනේ,
තමංගේ සිතුවිලි රටා තේරුම් ගන්න ඕනේ,
තමංව දවසින් දවස දියුනු කරගන්න ඕනේ,
තමංගේ ජීවිතය ඇතුලේ සතුට නිදහස ආදරය පිරුනු,
මිනිස් ආත්මය අවදි කරගන්න ඕනේ.."

"තමංගේ ජීවිතයේ අබමල් රේනුවක තරම්වත්,
අදහසක් නැති මිනිස්සු?
ලෝකය ලස්සන කරන්න හදන එක අව්‍යාජයි..."

"මේ ජීවිතය ඇතුලේ තමංගේ අරමුන,
තමං කියන මනුස්සයා ජීවත් විය ආකාරය හොයාගෙන,
ඒ විදියට ජීවත් වෙන මනුස්සයෙක්ට විතරමයි,
තවත් මනුස්ස ජීවිතයක් එලිය කරන්න පුලුවං වෙන්නේ.."

"කාලයක් මගේ මුලු ජීවිතයම වෙලා හිටපු කෙල්ල,මගේ ආත්මයේ හැම අංශු මාත්‍රයම තේරුම් ගත්තු කෙල්ල,වචනයක් කතා නොකරත් මගේ හැම හැගී...
22/07/2026

"කාලයක් මගේ මුලු ජීවිතයම වෙලා හිටපු කෙල්ල,
මගේ ආත්මයේ හැම අංශු මාත්‍රයම තේරුම් ගත්තු කෙල්ල,
වචනයක් කතා නොකරත් මගේ හැම හැගීමක්ම,
අදුරගත්තු කෙල්ල,
ජීවිතේ තනිවෙලා නෑ කියන හැගීම දුන්නු කෙල්ල..

මේ ලෝකයේ මම වැඩියෙන්ම ගරු කරන මනුස්ස ආත්මය,
මේ ලෝකයේ මම වැඩියෙන්ම විශ්වාස කරන මනුස්ස ආත්මය,
හැම උදේම නැගිට්ට ගමං මට එන සිතුවිල්ල..

මගහැරෙනවා නේද කියලා මතක් වෙද්දි,
අවුරුදු ගානක් කාටවත් රිද්දන්න බැරි උනු හිතේ,
පොඩි අකුනු සැරයක් යනවා වගේ මට දැනුනා..."

"ඔව් මං දන්නවා මට කොච්චර දැනුනත්,
කොච්චර ජීවිතය බෙදාගත්තත්,
කොච්චර ආදරය බෙදාගත්තත්,
මේ වගේ වෙලාවක් එනවා කියලා...
මොකද හැමදේම හැමදාම වෙනස් වෙනවා කියලා,
අපි දෙන්නම දැනගෙන හිටියා.."

"අපි දෙන්නගේ ජීවිතකතාව ලියවිලා තියෙන්නේ,
මේ විදියට නම් අපිට සිද්ධ වෙනවා ඒක පිලිගන්න..
අපි දෙන්නම පොඩි ලමයි නෙවෙයි..
අපිට අපි දෙන්නව හම්බවෙන්න කලිං,
අපි දෙන්නා තනි තනිවම ආපු ජීවිතයේ,
අහිමි වීම්, කඩාවැටීම්, බලාපොරොත්තු සුන් වීම් නිසා,
ජීවිතයේ මනුස්සයෙක් වැටෙන්න ඕනේ අඩියටම වැටිලා,
ඒ දේවල් වලින් ජීවිතය තේරුම් අරං,
තනිවම Heal වෙලා ජීවිතේ ආයේ අලුත් විදියකට පටං,
ගත්තු මිනිස්සු දෙන්නෙක්.."

"ඉතිං එයාවත් මමවත් අහිමි වීම් වලින්,
දුකක් දැනෙන්න තරම් දුර්වල මිනිස්සු නෙවෙයි..
ලෝකයේ කාටත් වඩා අපිට අපිව දැනෙන්න ඇත්තේ,
අයිතිකරගන්න උවමනාවක් නැතුව ප්‍රේමයේ හැගීම්,
උපරිමයෙන් විදිපු නිසා වෙන්න ඇති..

මට හොදටම විශ්වාසයි අපිට අපිව මගහැරුනත්,
අපිට දුකක් දැනෙන එකක් නෑ..
සුන්දර මතකයන්ම විතරක් ඉතිරි වේවි.."

"Office එකේ ඉන්න ගමං මට හිතුනා,
ජීවිතයේ ගලායාම වෙන්නේ අපිට අපිව මගහැරිලා නම්,
ඒ සමුගැනීම සුන්දර මතකයන් කරගන්න ඕනේ කියලා.."

"මං ඒ විදියටම type කරලා මැසේජ් එකක් දැම්මා.."

"If the flow of life is meant to carry us in different directions, I’d like our parting to become a beautiful memory. Would you meet me today?"

"tea time එකේ තේ එකක් බොන ගමං,
මං කල්පනා කරේ,
කලිං relationship වලදී,
පොඩි ප්‍රශ්නයක් උනත් කේන්ති ගන්න මම,
මෙච්චර ආදරේ කරලා, ජීවිතේ සතුටින්ම නිදහසින්ම,
ගෙවලා කෙනෙක් මෙහෙම ඈත් වෙද්දි,
කිසිම හැගීමක් නැතුව ඒක බාරගන්න තරම් මම,
මම පරිණත වෙලාද?
එහෙමත් නැත්තම් මම හැගීම් දැනීම් නැති මනුස්සයෙක් වෙලාද..?"

"ow meet wemu.. Matath one eka lassana memory ekak karaganna.. Keeytda kohedida meet wenne? Heta sunday nisa ra inna plwn mata.."

එයාගෙන් මැසේජ් එකක් ආවා..

“රෑට හම්බවෙන එක අපිට අලුත් දෙයක් නෙවෙයි..
සතියේ දවස් වල වැඩ කරන නිසා,
අපිට නිවාඩුවක් තිබුනේ ඉරිදට.
අපි ගොඩක් දවසට සෙනසුරාදා හවස මීට් වෙලා,
එදා රෑ ඉදලා ඉරිදා දවසත් ඉදලා,
ඉරිදා හවස තමා ගෙවල් වලට යන්නේ..
මේත් එහෙම දවසක්.."

To be continued...

"මං හරි කැමති Genuine මිනිස්සුන්ට,මං හරි කැමති Quality මිනිස්සුන්ට,මං හරි කැමති ඇත්ත මිනිස්සුන්ට,මං හරි කැමති චරිත රගපාන...
20/07/2026

"මං හරි කැමති Genuine මිනිස්සුන්ට,
මං හරි කැමති Quality මිනිස්සුන්ට,
මං හරි කැමති ඇත්ත මිනිස්සුන්ට,
මං හරි කැමති චරිත රගපාන්නේ නැති,
කියන්න තියෙන දේ මූනටම කියන,
පැහැදිලි මිනිස්සුන්ට..."

"මේ ජීවිතයේ අපිට හම්බවෙන මිනිස්සු ගොඩක්ම,
හරිම ගුප්තයි,
තව විදියකට කිව්වොත්,
ඇතුලේ එක දෙයක් තියාගෙන, කතා කරන්නේ හැසිරෙන්නේ,
තවත් විදියකට,
ඒ මිනිස්සු පුරුදු වෙලාම තියෙන්නේ,
එක එක මනුස්සයා ඉස්සරහා චරිත රගපාන්න..”

“මොකද මිනිස්සුන්ට ඕනේ හැම තිස්සෙම,
හැම මනුස්සයා ඉස්සරහාම,
තමං හොද චරිතයක් කියලා පෙන්නන්න,
නැත්තම් තමයි හරි කියලා පෙන්නන්න,
නැත්තම් තමංගේ වැරදි අඩුපාඩු වහලා තියාගන්න.."

"ඒත් මම දවසක තේරුම් ගත්තා,
මේ ජීවිතේ ඇතුලේදි හැම මනුස්සයෙක් ඉස්සරහම,
හොද වෙන්න කවදාවත් බෑ කියලා..
මොකද මිනිස්සු එකම ලෝකයක ජීවත් උනත්,
එයාලට හම්බවුනු ඇත්දැකීම් එක්ක,
ජීවත් වෙන්නේ විවිධ මානසික මට්ටම් වල,
ඒ විවිධ මානසික මට්ටම් වල ඉදං,
මාත් එක්ක ගනුදෙනු කරන්නේ ඒ විදියට..

මේක තමයි පවතින යතාර්ථය.."

ඒ වගේම,

"මේ ජීවිතය ඇතුලේ අපිට හම්බවෙන මිනිස්සු,
ජීවත් වෙන්නේ එයාලට ආවේනික විදියකට,
මට කවදාවත් බෑ එයාලා වැරදි හෝ හරි කියන්න..
මං දන්නේ එක දෙයයි..
ඒ එයාලගේ ජීවිතය,
මේ මගේ ජීවිතය.."

"එයාලගේ ජීවිතය ඇතුලේ එයාලට ඕන විදියට,
ජීවත් වෙන්න අයිතිය තියෙනවා වගේම,
මගේ ජීවිතය ඇතුලේ මට ඕන විදියට ජීවත් වෙන්නත්,
මට අයිතියක් තියෙනවා..
ඒ නිසා මට හිතෙන්නේ අපි එකිනෙකාගේ ජීවන ගමනට,
ගරු කල යුතුයි, ඒ වගේම ඒ ගමන් පහසු කරගන්න,
එකිනෙකාට උදවු කරගත යුතුයි.."

"මං කොච්චර හොද මනුස්සයෙක් උනත්,
මගේ වැරදිම දකින මනුස්සයෙක්ට,
මං හැමදාම වැරදි කාරයෙක්..
ඒ වගේ මිනිස්සු ඉස්සරහා හොද වෙන්න හදන එක,
ලොකු මහන්සියක්...
ඔව් ලෝකය මෙහෙමයි ගලන්නේ;
කිසිම දෙයක් මගේ පාලනයේ නෑ.."

"මං අකැමැති දේවල් වලට ඔයා කැමති වෙන්න පුලුවං
මං කැමති දේවල් වලට ඔයා අකැමැති වෙන්න පුලුවං..

ඔයා ඉස්සරහා හොද කෙනෙක් වෙන්න,
මං අකමැති දෙයක්, ඔයා කැමති නිසා,
මම කවදාවත් ඔයා ඉස්සරහා කරන්නේ නෑ..
ඒ වගේම,
මං කැමති දෙයක්, ඔයා අකමැති නිසා,
ඔයා ඉස්සරහා නොකර ඉන්නෙත් නෑ..."

ඒ විදියට ඔයාටත් පුලුවං ඔයා කැමති, අකමැති විදියට,
මාගේ ඉස්සරහා ඔයාම වෙලා ජීවත් වෙන්න..
මං අකමැති දෙයකට ඔයා කැමති උනා කියලා,
ඔයා කවදාවත් මට නරක මනුස්සයෙක් නෙවෙයි..
මං කැමති දෙයකට ඔයා අකමැති උනා කියලත්,
ඔයාව කවදාවත් වෙනස් විදියකට දකින්න ඕනේ නෑ.."

"මේක තමයි අපි නොදකින යතාර්ථය,
අපි මේක පිලිගෙන මේ ජීවිතය ඉස්සරහට යන්න වෙනවා..

මේ ජීවිතය ඇතුලේ,
ඉපදුන දවසේ ඉදං මට ලැබුනු අත්දැකීම් එක්ක,
මං කැමති දේවල් තියෙනවා මං අකමැති දේවල් තියෙනවා.
ඉතිං කැමති ඒක පැහැදිලිව මාත් එක්ක ඉන්න මිනිස්සුන්ට,
කෙලින් කියන්න,
එතකොට මගේ ඇතුලේ ඉන්න ඇත්තම,
මනුස්සයව මට එලියට දාන්න පුලුවං,
එතකොට අනිත් අයටත් පුලුවං පැහැදිලිව,
මං කියන මනුස්සයව තේරුම් ගන්න..
කැමති අය ඉදීවි, අකමැති අය අයින් වෙයි,

කිසිම මානසික ගනුදෙනුවක් ඉතුරු වෙන්නේ නෑ,
බොරු චරිත නඩත්තු කරන්න ගිහිං මහන්සියකුත් නෑ,
මගේ කාලය වගේම අනිත් අයගේ කාලයත් ඉතුරු වේවි.."

"චරිත රගපාන එකෙන් වෙන්නේ
තමංගේ කාලයත්,
අනුන්ගේ කාලයත් නාස්ති වෙන එක..
අපිට හෙට යන්න වෙයිද කියලා,
අපිවත් දන්නේ නැති නිසා,
අද Genuine මනුස්සයෙක් වෙන්න.."

“මනුස්සයෙක් එලියේ ලෝකය එක්ක,තියෙන ගනුදෙනුව නවත්තලා,තමංගේ ඇතුලාන්තයට හැරෙනවා කියන්නේ,ඒ මනුස්සයට තමංව තේරුම් ගන්න,අවස්ථාවක...
14/07/2026

“මනුස්සයෙක් එලියේ ලෝකය එක්ක,
තියෙන ගනුදෙනුව නවත්තලා,
තමංගේ ඇතුලාන්තයට හැරෙනවා කියන්නේ,
ඒ මනුස්සයට තමංව තේරුම් ගන්න,
අවස්ථාවක් ලැබෙනවා..."

"ඒත් මනුස්සයෙක්ට තමංව තේරුම් ගත්තු පමණනින්,
මනුස්සයෙක්ට සතුට නිදහස හා සාමය උදාවෙයිද?
මං හිතන්නේ නෑ..."

"තමංගේ Thinking Patterns,
Emotions වලට react කරන විදිය,
අනිත් මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිය,
තමං සමාජ සම්මත දිහා බලන විදිය,
තමංගේ Personality එක වගේ දේවල්,
ගැඹුරින් අධ්‍යනය කරන්න පටං ගත්තට පස්සේ,
තමංගේ ඇතුලාන්තයේ හොද නරක මොනවද කියලා,
තේරෙන්න පටං ගන්නවා.."

"තමංගේ ඇතුලාන්තය තේරුම් ගෙන,
ජීවිතයේ සතුට නිදහස හා සාමය උදාවෙන,
මාවත අවබෝධ උනාට පස්සෙත්,
මිනිස්සු පරන ජීවන රටාවෙම ජීවත් වෙනවා නම්,
ඒ අවබෝධයේ තේරුමක් නෑ කියලයි,
මට හිතෙන්නේ.."

"ඒ නිසා මේ අවබෝධය, තේරුම් ගැනීම,
යථාර්තයක් කරගන්න,
මිනිස්සු අවදිවෙන්න ඕනේ,
මෙච්චර කාලයක් මානසික නින්දක,
එකම ජීවන රටාවක ජීවත් වුනු මිනිස්සු,
ජීවිතාවබෝධයත් එක්ක,
ඒ නිවීම ඒ ගැලවීම උදෙසා ඒ ඒ මොහොත,
සිහියෙන් ජීවත් වෙන්න ඕනේ..."

"ජීවිතය ඇතුලේ සතුට, නිදහස හා සාමය හොයන,
ගවේශකයා කවදාවත් එකම ජීවන රටාවකට,
කොටු වෙන්නේ නෑ,
ඔහු ජීවිත අත්දැකීම් වලින් පරිණත වෙවී,
තමංගේ ජීවිතයත්, තමං අවට ඉන්න අනිත් ජීවිත වලටත්,
අලෝකයක් වෙවී,
මොහොතින් මොහොත Mentally and Physically,
Update වෙවී ගලාගෙන යනවා.."

✨🍃🤍

"මං හිතන්නේ මට තවදුරටත්,සමාජ සම්මතයේ ඉන්න, සාමාන්‍ය ගැහැනු ලමයෙක්ව,දැනෙන්නේ නැති වෙයි..සමාජයේ රාමු වලට එහා ලෝකය දකින,කාට...
13/07/2026

"මං හිතන්නේ මට තවදුරටත්,
සමාජ සම්මතයේ ඉන්න, සාමාන්‍ය ගැහැනු ලමයෙක්ව,
දැනෙන්නේ නැති වෙයි..
සමාජයේ රාමු වලට එහා ලෝකය දකින,
කාටවත් තේරුම් ගන්න අමාරු,
අසම්මත ගැහැනු ආත්මයක් හමුවෙන කල්,
මං බලං ඉන්නවා..."

"මේ ලෝකේ තියෙන කිසිම දෙයක් වෙනස් නොවී,
තමංට ඕන විදියට තියෙනවා කියන මායාවට අහුවෙලා,
හැමදේටම දුක් වෙන අඩන කෙල්ලෙක්ව,
නොදැනුනාට,
හැමදේම ඕනම මොහොතක වෙනස් වෙන්න පුලුවං,
කියන යතාර්ථය තේරුම් ගත්තු,
ඒ වෙනස් වීම් දරාගන්න ශක්තිය තියෙන,
ගැහැනියෙක්ව මට තදින් දැනෙනවා,
තදින් වැලදගන්න හිතෙනවා.."

"අවංකත්වය, විශ්වාසනීය බව, පක්ශපාතීත්වය,
ප්‍රේමය, මනුස්සකම්, වගකීම්, යුතුකම්,
කියන දේවල් නිකම්ම වචන බවට පත් නොකර,
ඒවා තමංගේ ජීවිතයේ,
තමංගේ ආත්මයේ,
අත්තිවාරමක් වගේ, ඒ මතින් ගොඩනැගුනු,
පැහැදිලි ගැහැනියක්ව මට තදින් දැනෙනවා,
පරිස්සම් කරන්න හිතෙනවා.."

"පොත් වලට පිටු අතරේ අතරමං වෙන,
ඉරබහින හැන්දෑවරු හිනාවෙන් බලං ඉන්න,
කොලපාට පිරුනු ලෝකයට ප්‍රේම කරන,
වේලුන පොලවට වතුර බිංදු අහසින් වැටෙන කොට,
ඇස් පියන් ඒ නැවුම් සුවද විදින,
සරල ගැහැනියක්ව මට තදින් දැනෙනවා,
ඇයගේ නිදහසට ශක්තියක් වෙන්න හිතෙනවා.."

“බෞද්ධ දර්ශනය ගැන, දේශපාලනය ගැන,
සමාජ සම්මත ගැන, සංස්කෘතිය ගැන,සාහිත්‍ය ගැන,
ඉතිහාහසය ගැන, ජීවිතය ගැන, මිනිස්සු ගැන,
ඉවරයක් නැති ගැබුරින් සංවාද කරන්න උනන්දුවක් තියෙන,
නිදහස් ගැහැනියක්ව මට තදින් දැනෙනවා,
ඒ ඇස් දිහාම බලං ඉන්න හිතෙනවා.."

ඉතිං,

"මට තවදුරටත් ඕනේ නෑ කෙල්ලක්ට ප්‍රේම කරන්න,
මට ඕනේ පරිණත ගැහැනියකට ප්‍රේම කරන්න.."

✨🍃🤍

"මානව සම්බන්ධතාවක් ඇතුලේ,තියෙන්න ඕන වටිනමදේ මොකද්ද කියලා ඇහුවොත්,හැමෝම කියන්නේ එකිනෙකාව තේරුම් ගන්න එක කියලා..මං කියනවා ...
12/07/2026

"මානව සම්බන්ධතාවක් ඇතුලේ,
තියෙන්න ඕන වටිනමදේ මොකද්ද කියලා ඇහුවොත්,
හැමෝම කියන්නේ එකිනෙකාව තේරුම් ගන්න එක කියලා..
මං කියනවා නෑ. එකිනෙකාව තේරුම් ගත්ත පමනින්,
ඒ සම්බන්ධතා නිදහස් හා සාමකාමි වෙන්නේ නෑ."

"මේ ජීවිතය ඇතුලේ අපිට හම්බවෙන,
ඕනම සම්බන්ධතාවයක් ඇතුලේ,
මිනිස්සු එකිනෙකට වෙනස් ප්‍රමාණයන්ගෙන්,
එකිනෙකාව කොහොමත් තේරුම් ගන්නවා..
ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඒ තේරුම් ගැනීම් වලින්,
එකිනෙකා එකිනෙකාට අව්‍යාජව අනිත් කෙනාගේ,
සතුට නිදහස වෙනුවෙන් කැපවෙනවද කියන එක.."

"මං හිතන්නේ මේ සමාජ ක්‍රමය හැදිලා තියෙන්නෙම,
අනිත් කෙනාට වඩා තමංගේ උවමනා හා අවශ්‍යතා,
සපුරාගන්න ගන්න විදියකට කියලා...

මානව සම්බන්ධතා ඇතුලෙදි,
අනිත් කෙනාගේ Thinking patterns,
Emotions වලට react කරන විදිය,
ඒ කෙනා අනිත් මිනිස්සු එක්ක සම්බන්ධතා පවත්වන විදිය,
ජීවත් වෙන ලෝකය දකින විදිය,
සමාජ සම්මත ගැන හිතන විදිය,
තේරුම් අරං,
මිනිස්සු කරන්නෙම අනිත් කෙනාව තමංට ඕන විදියට,
පාවිච්චි කරන එක, තමංගේ උවමනා හා අවශ්‍යතා වලට,
මුල් තැන දෙන්න අනිත් අයව හසුරවන එක..."

"පොඩ්ඩක් හිතලා බලන්න මේ ජිවිතේ ඇතුලේ
අපි වැරදි මනුස්සයෙක් ඉස්සරහා fully open වෙලා,
තමංගේ ආත්මයේ හැම අංශු මාත්‍රයක්ම,
එලියට දාලා කොච්චරක් නම් පාවිච්චි වෙලා ඇත්ද?
Emotionally බ්ලැක් මේල් වෙලා ඇතිද?
ඉතිං අපිට මානව සම්බන්ධතා ඇතුලේ හොයන,
සතුට නිදහස සාමය ඇත්තටම හම්බවෙයිද?.."

"ඇත්තටම, මේ ජීවිතය ඇතුලේදි හම්බවෙන ඕනෙම,
මනුස්සයෙක්ව තේරුම් අරං,
ඒ මොහොතේදි ඒ ගනුදෙනුව නිදහස් හා සාමකාමිව,
පවත්වන එක මානසික දෙයක් නෙවෙයි...
ඒක මේ ස්භාවධර්මයත් එක්ක බද්ධ උනු විශ්වීය දෙයක්.."

"අපි මිනිස්සුන්ව තේරුම් ගන්න ඕනේ,
කවදාවත් ඒ මනුස්සයව Judge කරන්න නෙවෙයි..
තවත් මනුස්සයෙක් අවංකව තමංගේ ජීවිතය ගැන,
අපිත් එක්ක කතා කරනවා නම්,
අපිට පුලුවං වෙන්න ඕනේ,
අපි හදාගත්තු මානසික ලෝකයෙන් ඒ මනුස්සයව,
Judge නොකර ඉන්න...
අපිට පුලුවං වෙන්න ඕනේ,
ඒ මනුස්සයා කතා කරන දේවල්,
ඒ වෙලාවේ ඒ මනුස්සයගේ situation අනුව,
ඒ වෙලාවේ ඒ මනුස්සයගේ feelings අනුව,
ඒ වෙලාවේ ඒ මනුස්සයගේ පැත්තෙන් තේරුම් ගන්න,
එතකොට අපිට සිද්ධ වෙනවා ඒ වෙලාවට,
ඒ මනුස්සයගේ සතුට නිදහස සාමය වෙනුවෙන්,
තමංගේ Ego එක පැත්තකින් තියන්න...
එතකොට ඇත්තටම පුලුවං තවත් මනුස්සයෙක්ව,
තේරුම් ගන්න.."

"තවත් මනුස්සයෙක්ව ඒ විදියට තේරුම් අරං,
තමංව සුලු මොහොතකට අමතක කරලා,
අනිත් මනුස්සයගේ සතුට නිදහස හා සාමය වෙනුවෙන්ම,
ලබාදෙන සිතුවිලිලකින්, වචනයකින් හෝ ක්‍රියාවකින්,
මනුස්සයෙක් නිවෙනවා නම්,
මතක තියාගන්න ඒ නිවෙන්නේ,
ඒ මනුස්සයම විතරක් නෙවෙයි...
ඔයාගේ ආත්මයත් නිවෙනවා...
ප්‍රේමයේ සැබෑ අරුත මේ ලෝකයට ජීවමාන වෙනවා.."

✨🍃🤍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share