16/09/2026
SAARC (South Asian Association for Regional Cooperation) හෙවත් දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය 1985 දෙසැම්බර් 8 දින බංග්ලාදේශයේ ඩකා නුවර පැවති පළමු SAARC සමුළුවේදී නිල වශයෙන් පිහිටුවන ලදී. එහි මූලික අරමුණු අතර දකුණු ආසියානු ජනතාවගේ සුබසාධනය හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම, ආර්ථික වර්ධනය, සමාජ ප්‍රගතිය සහ සංස්කෘතික සංවර්ධනය සඳහා රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුළත් වේ.
අද SAARC සංවිධානයට ප්‍රධාන සාමාජික රටවල් 8ක් ඇතුළත් වන අතර, ඇෆ්ගනිස්ථානය 2007දී අටවැනි සාමාජිකයා ලෙස එක්විය. SAARC ලේකම් කාර්යාලය නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටා ඇත.
SAARC හරහා වෙළෙඳාම, කෘෂිකර්මය, අධ්‍යාපනය, විද්‍යා හා තාක්ෂණය, බලශක්තිය, සංස්කෘතිය, සංචාරක කර්මාන්තය, දේශගුණික විපර්යාස සහ ආපදා කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක කලාපීය සහයෝගීතාව සඳහා අවධානය යොමු කර ඇත.
මේ වගේ තොරතුරු දැනගන්න අපිව follow කරලා තියාගන්න.
#සාමාන්‍යදැනීම