Green Voice Media Network

Green Voice Media Network Greenvoice Media Network Green Voice Media Network (Official)
රට දිනවන අපි

20/09/2025

"කන්ටේනර් 323 පරික්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කිරිම පිලිබදව පරික්ෂන වාර්තාව සගවා තබාගෙන තිබෙන්නේ ඇයි ? එහි නිර්දේශයන් හා හෙලිකල කරුණු ජනතාවට දැනගන්න ප්‍රසිද්ධ කල යුතුයි . මෙය මහා වංචාවක් බව පැහැදියි .නිතියට පටහැනිව මෙම කන්ටේනර් නිදහස් කිරිමට උපදෙස් ලබාදුන් අය හෙලි කරන්නැයි අපි ආන්ඩුවට අභියෝග කරනවා "

චින සමුහ ආන්ඩුවේ ආධාර මත ඉදිකරවු බංඩාරනායක ජාතියන්තර සම්මන්ත්‍රන ශාලාව ( BMICH ) කොළඹ බෞද්ධාලෝක මාවත ඉදිකිරිමේ පරිශ්‍රයට...
19/09/2025

චින සමුහ ආන්ඩුවේ ආධාර මත ඉදිකරවු බංඩාරනායක ජාතියන්තර සම්මන්ත්‍රන ශාලාව ( BMICH ) කොළඹ බෞද්ධාලෝක මාවත ඉදිකිරිමේ පරිශ්‍රයට එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බංඩාරනායක මැතිනිය නිරික්ෂනය සදහා පැමිනි අවස්තාවේ ගත් චායාරුපයකි .

මෙම චායාරුපයේ එවකට රජයේ අමාත්‍යවරයකුවු ආචාර්‍ය කොල්වින් ආර් .ද සිල්වා මහතා සහ චින රජයේ නිලධාරින් සිටි .

ශ්‍රීමත් ලලිත අභය රාජපක්ෂ, QC (උපත ලුවී ඇලෙක්සැන්ඩර් රාජපක්ෂ ; [1] 1900 මැයි 3- 1976 මැයි 25) ලංකා නීතිඥයෙක් සහ දේශපාලනඥ...
19/09/2025

ශ්‍රීමත් ලලිත අභය රාජපක්ෂ, QC (උපත ලුවී ඇලෙක්සැන්ඩර් රාජපක්ෂ ; [1] 1900 මැයි 3- 1976 මැයි 25) ලංකා නීතිඥයෙක් සහ දේශපාලනඥයෙක් විය. ඔහු ලංකාවේ ප්‍රථම අධිකරණ අමාත්‍යවරයා වූ අතර ලංකාවේ සෙනෙට් සභිකයෙකු ද විය.

දකුණු වෙරළබඩ නගරයක් වන බලපිටියේ හේරඹේ වලව්වේදී ලුවී ඇලෙක්සැන්ඩර් රාජපක්ෂ උපත ලැබූ රාජපක්ෂ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ආනන්ද විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි . ඔහු කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලයට ඇතුළත් වූ පළමු ශිෂ්‍ය කණ්ඩායමට සම්බන්ධ වූ අතර එහිදී ඔහු පළමු ක්‍රිකට් නායකයා වූ අතර 1922 දී මලල ක්‍රීඩා ඉසව්වෙන් ඔබේසේකර රන් පදක්කම දිනා ගත්තේය. ඔහු 1922 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර වැඩසටහනෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත් අතර ලන්ඩන් වෙත ගොස් ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. ඔහු 1924 දී නීතිවේදී උපාධියක් ලබා ගත් අතර, 1924 දී ලින්කන්ගේ තානායමෙන් බාර්එක වෙත කැඳවා නීතිඥයෙකු බවට පත් විය. 1925 දී, ඔහු ලොව ලාබාලතම නීති ආචාර්ය (LLD) ලබා ගත් පුද්ගලයාගේ ජයග්‍රහණය අත්කර ගත්තේය.

1925 ලංකාවට ආපසු පැමිණි රාජපක්ෂ, ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණවල සිවිල් නීතිය පිළිබඳ නිල නොලත් නීතිඥයකු ලෙස නීතිඥයකු ලෙස සිය නීතිඥ පුහුණුව ආරම්භ කළේය. ඔහු ලංකා නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු සහ පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ අතර නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකයෙකු ද විය. 1944 දී, ඔහු රජුගේ නීතීඥයෙකු ලෙස සේද රැගෙන 1946 දී සහකාර කොමසාරිස් ලෙස පත් කරන ලද අතර, එම පත්වීම ඔහු ඉක්මනින් අත්හැර දමා ඔහුගේ ලාභදායී නීතිමය පරිචය වෙත ආපසු ගියේය.

රාජපක්ෂ 1947 දී එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ අතර ලංකා සෙනෙට් සභාවට පත් කර සභාවේ නායකයා බවට පත් විය. ඔහු ඉක්මනින්ම අගමැති ඩී.එස්. සේනානායක විසින් පළමු අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. 1948 දී SWRD බණ්ඩාරනායක, JR ජයවර්ධන, ජෝන් කොතලාවල, TB ජයා, GG පොන්නම්බලම් සහ S. නඩේසන්ගෙන් සමන්විත සත් පුද්ගල කොඩි කමිටුවට ඔහු පත් කරන ලදී. ඔහු 1952 අලුත් අවුරුදු ගෞරව සම්මානයෙන් නයිට් පදවිය ලැබීය. අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමෙන් පසු ඔහු 1953 දී අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී නැවත සිය නීතීඥ සේවයට පිවිසියේය.

1965 දී ඔහු ලේක්හවුස් ආයතනය ජනසතු කිරීමට ගත් උත්සාහයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනෝමතික ක්‍රියා ගැන විස්තර කරමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීව ප්‍රචාරක කටයුතු කළේය. 1965 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසුව, ඔහු 1965 දී ප්‍රංශයේ ලංකා තානාපතිවරයා ලෙස පත් කරන ලදී. 1967 පෙබරවාරියේදී ඔහු එක්සත් රාජධානියේ ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලද අතර එය 1969 ඔක්තෝබර් දක්වා ඔහු දැරීය

රාජපක්ෂ මිය ගියේ 1976 මැයි 25 වැනිදා, ඒ කියන්නේ වයස අවුරුදු 76 දී.

රාජපක්ෂ විවාහ වූයේ ක්‍රිසෝබල් මෙන්ඩිස් ගුණසේකර සමඟ වන අතර ඇයගේ සොහොයුරිය වන රූබි මෙන්ඩිස් ගුණසේකර ලංකාවේ ප්‍රොක්ටර් ආර්යාව බවට පත්විය. ඔවුන්ගේ පුත් බිමල්, ලින්කන්ගේ තානායමේ බැරිස්ටර්වරයකු වූ අතර ඔවුන්ට දියණියන් දෙදෙනකුද, රමණී ප්‍රොක්ටර්වරියක වී සමස්ත ලංකා කාන්තා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධානියාද, ජනාධිපති නීතිඥ ජයන්ත ගුණසේකර සමඟ විවාහ වූ විනීතාද සිටියාය.

උපුටා ගැනීම = Wikipedia

18/09/2025

ප්‍රීමා පිටි කම්හල 1980 දී ත්‍රිකුණාමලයේ දී ජේ ආර් ජයවර්ධන අතින් විවෘත වු මොහොත.

බ්‍රිතාන්‍ය මහ රැජින " වික්ටෝරියා " - සිහිපත් කරමින් නම් කල " වික්ටෝරියා ජලාශය - (Victoria Reservolr ) කඩිනම් මහවැලි ව්‍...
18/09/2025

බ්‍රිතාන්‍ය මහ රැජින " වික්ටෝරියා " - සිහිපත් කරමින් නම් කල " වික්ටෝරියා ජලාශය - (Victoria Reservolr )

කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකල විශේෂ ව්‍යාපෘති අතර වික්ටෝරියා ව්‍යාපෘතිය ( Victoria Dam ) ස්විශේෂ ස්ථානයක් ගනි .එයට හේතුව එම ව්‍යාපෘතිය සදහා සම්පුර්ණයෙන්ම අපට අධාර ලබාදුන්නේ බ්‍රිතාන්‍ය රජයයි .එය අපසු නොගෙවන මුල්‍ය ආධාරයකි .මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රි ලංකා මුදලින් රුපියල් මිලියන 4500 පමණ එකල වැයවු බව වාර්තාවේ . මහවැලි ගග තෙල්දෙනියෙන් හරස් කොට මෙම ජලාශය ඉදිකල අතර විදුලි බල නිෂ්පාදය මෙන්ම ජල කලමනාකරනය හා කෘෂි හා පාරිසරික සංරක්ෂනය ද මෙහි මුලික අරමුන විය .මෙම ජලාශයේ ජලය අක්කර අඩි මිලියන 722 ගබඩාවන අතර විදුලි බලය මෙගා වෙට්ස් ( MW ) 210 නිෂ්පාදනය කොට ජාතික විදුලිබල පද්දතියට එකතු කරයි .

මෙහි ඉදිකිරිම් කටයුතු කලේ බ්‍රිතාන්‍යයේ කිර්තිමත් ඉදිකිරිම් සමාගමක් වන Balfour Beatty Edmund Nuattyall & Costain Group සමාගම්‍ වේ .එයට මහවැලි අධිකාරිය සහ CECB ආයතනය ඇතුලු ශ්‍රි ලාංකික ආයතනද එක්විය .ඉදිකිරිම් ආරම්භ කලේ 1978 දි වු අතර අවසන් කලේ 1985 දිය .එවකට ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ මග පෙන්විමෙන් තරුණ අමාත්‍යවරයෙක්වු ගාමිණි දිසානායක මහතාගේ සුජු අධික්ෂණය යටතේ මෙහි සම්පුර්ණ කටයුතු සිදුවිය .එම ව්‍යාපෘතිය වෙනුවෙන් තෙල්දෙනිය ප්‍රදේශයේ ජනතාව තම පාරම්පරික ඉඩම් අක්කර දහස් ගනනාවක මතු පරපුර වෙනුවෙන් ව්‍යාපෘතියට දායද කලේය .තෙල්දෙනිය පැරණි නගරය ජලාශයට යටවු හෙයින් ඒ වෙනුවෙන් කරල්ලියද්ද ප්‍රදේශයේ නව නගරයක් ඉදි කලේය .

ව්‍යාපෘතිය ආරම්භ කලේ එවකට බ්‍රිතාන්‍ය අගමැතිනිය මාග්‍රට් චැතර් මැතිනියද සහභාගි කරගෙන අතර ව්‍යාපෘතිය නිම කර ජනතා අයිතියට පවරන අවස්තාවේ බ්‍රිතාන්‍ය මහරැජිනවු එලිසබත් මහරැජිණද එක්විය .මෙම ව්‍යාපෘතියට මුල්‍ය පහසුකම් ලබාගැනිමේදි එවකට අගමැති ආර් ප්‍රේමදාස මහතා සහ මුදල් අමාත්‍ය රෝනි ද මෙල් මහතාද විශාල සහයක්වු බව වාර්තාවේ .

මෙම ව්‍යාපෘතියට මුදල් ලබාගැනිමට ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා අනුගමනය කල අපුරු උපාය මාර්ගයක් පිලිබදවද එකල කතාබහට ලක්විය . බ්‍රිතාන්‍ය මහරැජිණ මුන ගැසුනු ජේ ආර් ඇයගේ මිත්තනියවු " වික්ටෝරියා " මහරැජින සිහිපත් කොට එතුමිය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ඉදිකරන මෙම ජලාශය නම් කරන බවත් එම ජලාශය ජනතා අයිතියට පැවරිමට සහභාගි වන ලෙසත් මහරැජිණට ආරාධනා කල ජේ.ආර් මෙම මුදල් ලබාදෙන ලෙස ඉල්ලිමක් කලේය තෙල්දෙනිය ප්‍රදේශයේ මහවැලි ගගට එක්වන කුඩා ජලමාර්ගයක් වික්ටෝරියා ඇල ලෙස තිබෙන බව දැනගෙන ජේ.ආර් මෙම උපාය පාවිච්චි කර මුදල් ලබාගැනිමට පියවර ගත්තේය .තම මිත්තනිය නමින් ශ්‍රි ලංකාවේ ඉදිවන දැවැන්ත ව්‍යාපෘතියක් නම් කිරිම පිලිබදව සතුටට පත්වු එලිසබත් මහරැජින මෙම ව්‍යාපෘති ණය මුදල සම්පුර්ණ ආධාරයක් ලෙස ශ්‍රි ලංකාවට ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය රජයට උපදෙස් ලබාදුන් බව එකල කතාබහට ලක්විය .

මිට වසර 47 පෙර දුරදිග බලා රට වෙනුවෙන් ඉදිකල වික්ටෝරියා ව්‍යාපෘතිය රටට මොන තරම් සේවයක් ඉටුකර තිබේද ...

18/09/2025

"යුක්ති සහගතව ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනේ, ඒකටනේ බලය දුන්නේ"

17/09/2025

බුද්ධි තොරතුරු ලැබි තිබියදි ප්‍රශ්න සහගත බහාලුම් 2 වරායෙන් පිට වුනේ කොහොමද ? මේ පිලිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රටට කල හෙලිදරව්ව නොසලකා හරින්නට බැහැ .

ලෝකයේ පලමු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බංඩාරනායක මැතිනිය සහ ඉංදියානු අග්‍රාමාත්‍ය ඉංදිරා ගාන්ධි මැතිනිය .....
16/09/2025

ලෝකයේ පලමු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බංඩාරනායක මැතිනිය සහ ඉංදියානු අග්‍රාමාත්‍ය ඉංදිරා ගාන්ධි මැතිනිය .....

පුලසිතිපුර ජනතාවගේ ගොවි පුතා - එච් ජි.පි නෙල්සන් පොලොන්නරුව ජනතාව වෙනුවෙන් කැපවි මහජන සේවාව ඉටු කල ගොවි පුත්‍රයෙක් ලෙස ඉ...
16/09/2025

පුලසිතිපුර ජනතාවගේ ගොවි පුතා - එච් ජි.පි නෙල්සන්

පොලොන්නරුව ජනතාව වෙනුවෙන් කැපවි මහජන සේවාව ඉටු කල ගොවි පුත්‍රයෙක් ලෙස ඉතිහාසයක් එක්ව ඇති එච් ජි පි නෙල්සන් මහතා 1953 පොලොන්නරුව ගම්කාර්‍ය සභාවේ නියෝජිතයෙක් ලෙස ජනතා සේවයට එක්විය .තම පියා පොලොන්නරුවේ පවත්වාගෙනගිය " රජරට හෝටලයේ " ව්‍යාපාරික කටයුතු වලට සහයවිම සදහා තංගල්ලේ ගමේ සිට පොලොන්නරුවට පැමිනි තරුණ නෙල්සන් මහතා එහි ජිවත් ගැමි ජනතාව වෙනුවෙන් යමක් කල යුතු බවට හිතේ තිබු අදහස නිසාම දේශපාලනයට එක්විය .

1965 - 70 කාලපරිච්චේදයේ පොලොන්නරුව නගර සභාවේ සභාපතිවරයා ලෙස පත්වු නෙල්සන් මහතා ජනතාව අතර ජනප්‍රිය දේශපාලන චරිතයක් විය ඊට හේතුව වුයේ හැමවිටම එම ජනතාව වෙනුවෙන් පෙනිසිටිම නිසාය .එවකට දේශපාලන ප්‍රභල චරිතයක්වු සි.පි.ද සිල්වා සහ කේ. ඒ ලිලාරත්න මහතාගේ අභාෂයෙන් දේශපාලන අත්දැකිම් ලබාගත් ඒ මහතා 1977 පාර්ලිමේන්තු මැතිවරණය තරග කලේ එක්සත් ජාතික පක්ෂයෙනි .සිංහල දෙමල මුස්ලිම් වාර්ගික සංයුතියක් තිබෙන පොලොන්නරුව මැතිවරන කොට්ඨාසයෙන් ඉතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නට නෙල්සන් මහතාට හැකිවිය .

එම මැතිවරණයේදි නෙල්සන් මහතාගේ සටන් පාඨය වුයේ " පැරකුම් යුගයක් " නැවත පුලතිසිපුරවරයේ බිහි කරමු යනුවෙනි .විශේෂයෙන්ම මැතිවරණ ව්‍යාපාරයේදි පොලොන්නරුව වැව් අමුණු ප්‍රතිසංස්කරණ පිලිබදව වැඩි උනන්දුවකින් කතා කල නෙල්සන් මහතා " කන්ඩිකඩුල්ල හෙවත් මාදුරාඔය ව්‍යාපාරය පිලිබදව දැඩි උනනන්දුවකින් ක්‍රියා කලේය .ජේ.ආර ජයවර්ධන මහතා එම මැතිවරණ ව්‍යාපාරයේදි පොලොන්නරුවට පැමින " නෙල්සන් දිනවන්න අපි මාදුරුඔය ව්‍යාපාරය හදලා දෙන්නම් " යැයි පොරොන්දුවක් ජනතාවට ලබාදුන් බව කියවේ .

1977 සිට 2004 දක්වා පාර්ලිමේන්තු නියෝජනය කල නෙල්සන් මහතා එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ විවිධ තනතුරු දැරිය .ත්‍රිකුණාමලය දිසා අමාත්‍යවරයා ලෙස මුලින්ම පත්වු නෙල්සන් මහතා ඉන් අනතුරුව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය , කුඩා කර්මාන්ත, කෘෂිකාර්ම වැනි රාජ්‍ය හා නියෝජ්‍ය තනතුරු දරමින් පොලොන්නරුව ප්‍රදේශයේ තම ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කලේය .දරුවන් 7 දෙනෙකුගේ පියකුවු නෙල්සන් මහතාගේ කනිෂ්ක පුත්‍රයාවු කිංස් නෙල්සන් මහතා දේශපාලනට අවතිරණ පොලොන්නරුව දිස්ත්‍රික් මංත්‍රිවරයකු ලෙස ක්‍රියා කරයි

නෙල්සන් මහතාගේ විශේෂත්වය වන්නේ හැම දෙනාටම හැකි අයුරින් උදව් උපකාර කිරිමට ඇති කැමැත්තය .එතුමා පාර්ලිමේන්තුවට පැමිනෙන විට සිය මොටර් රථයේ පොලොන්නරුවේ සිට එලවලු , කිරි , සහල් ගෙනවිත් මංත්‍රිවරුන්ට බෙදදෙන අවස්තාවන්ද ප්‍රචලිතය .කිසිවෙකු සමග අමනාප විමට අකමැති නෙල්සන් මහතා හැමවිටම සිනා මුසු මුහුණින් සිටිමද විශේෂත්වයකි .

නෙල්සන් මහතාට එවකට හිටපු ජනාධිපතිවරයා ජේ.ආර් ජයවර්ධන මහතා විශාල ගෞරවයක් දැක්වු බව කියවේ බොහෝ විට නෙල්සන් මහතාට ජේ.ආර් අමතන්නේ " Lord Neson " යනුවෙනි .මෙවන් ජනතාවදි නායකයන් අපට සිටිම ආඩම්බරයට කරුණකි .

හිටපු අගමැතිවරු දෙදෙනෙක් - ඩඩ්ලි සේනානායක හා එස් .ඩබ් .ආර්.ඩි බංඩාරනායක
15/09/2025

හිටපු අගමැතිවරු දෙදෙනෙක් - ඩඩ්ලි සේනානායක හා එස් .ඩබ් .ආර්.ඩි බංඩාරනායක

ජේ.ආර් රටට දායද කල පවුලේ දේපල - ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානය ( Jayawardana Center ) කොළඹ 7 ධර්මපාල මාවත පිහිටි ජයවර්ධන මධ්...
15/09/2025

ජේ.ආර් රටට දායද කල පවුලේ දේපල - ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානය ( Jayawardana Center )

කොළඹ 7 ධර්මපාල මාවත පිහිටි ජයවර්ධන මධ්‍යස්ථානය (Jaywardana Center ) ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාට අයත්ව තිබු දේපලක් වන අතර ජයවර්ධන ජනාධිපතිවරයා ඉපදුනු සහ හැදිවැඩුනු නිවසද ඒ අතර ඇත .එම නිවස "වෛජයන්ති " ලෙස නම් කර තිබුනි .අද එම නිවස ජපන් කෞතුකාගාරක් ( Japanees Museum ) ලෙස වැඩිදියුනු කර තිබේ .ජයවර්ධන මධ්‍යස්ථානය 1987 අංක 77 පනත අනුව භාරයක් හරහා පාලනය වන අතර අධ්‍යාපනික, පර්යේෂණ හා සම්මන්ත්‍රන වෙනුවෙන් වෙන්කර තිබේ .ජේ ආර් ජයවර්ධන මහතා පාවිචිකල පොත්පත් සහ වෙනත් මෙන්ම එතුමාට විදේශ රටවලින් ලද විවිධ තිළිණ එකතුවක්ද එහි තිබෙන බව වාර්තා වි තිබේ .

මෙහි පාලනය රජය විසින් පත්කරනු ලබන අධ්‍යක්ෂවරයකු හරහා සිදුවන අතර මෙම භුමිය ඉතා මිල අධික බිම් කොටසකි .මෙය ජයවර්ධන පවුලේ දේපලක් උවද ජනතාව වෙනුවෙන් එය ප්‍රධානය කිරිමට ජයවර්ධන ජනාධිපතිවරයා ගත් එම පියවර මෙවන් යුගයක කොතරම් අගය කල යුතුද ? විශේෂයෙන්ම ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා සිය පවුල් උරුමයෙන් ලද දේපල මෙන්ම උපයාගත් දේපල හා වත්කම්ද මෙලෙස ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් පරිත්‍යාග කිරිම රටට හා සමාජයට මොන තරම් ආදර්ශයක් යන්න මතු දිනක අගය කරනු ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය නාමය ගාමිණී දිසානායක.... ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් සහ අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය ලබ...
14/09/2025

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය නාමය ගාමිණී දිසානායක....
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් සහ අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීම සහ ඒ වෙනුවෙන් ගාමිණී දිසානායකයන් ඉටුකළ අසමසම මෙහෙවර

ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් පිටියේ අභිමානවත් සාමාජිකයෙකු ලෙස අද සිටියත්, අපට ටෙස්ට් වරම් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය ලැබීමේ ගමන පහසු එකක් නොවීය. එය වසර ගණනාවක් පුරා කළ දැඩි කැපවීමක, අරගලයක සහ අඛණ්ඩ උත්සාහයක ප්‍රතිඵලයකි. මෙම ගමනේදී දිවංගත ගාමිණී දිසානායක මහතා විසින් කරන ලද මෙහෙවර අතිමහත්ය.

ආරම්භය සහ අයි.සී.සී. ආශ්‍රිත සාමාජිකත්වය

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය බ්‍රිතාන්‍ය යටත්විජිත සමය දක්වා දිව යයි. 1832 දී කොළඹ ක්‍රිකට් සමාජය ආරම්භ වීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ස්ථාපිත වූ අතර, ක්‍රමයෙන් දේශීය ජනතාව අතරට ව්‍යාප්ත විය. 1965 වසරේදී ශ්‍රී ලංකාවට අයි.සී.සී. හි ආශ්‍රිත සාමාජිකත්වය (Associate Membership) හිමි වූ අතර, මෙය ටෙස්ට් වරම් ලබා ගැනීමේ ගමනේ පළමු වැදගත් පියවර විය. ආශ්‍රිත සාමාජිකයෙකු ලෙස, ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජික රටවල් සමඟ සීමිත අවස්ථා ගණනකදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණි. 1975 පළමු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේය.

ටෙස්ට් වරම් සඳහා අරගලය

ටෙස්ට් වරම් යනු ඕනෑම ක්‍රිකට් ක්‍රීඩා කරන රටකට හිමි වන ඉහළම ගෞරවයයි. 1970 දශකය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා පෙන්වමින් සිටියද, ටෙස්ට් වරම් ලබා ගැනීම සිතූ තරම් පහසු නොවීය. 1975 වසරේදී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා දීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වුවද, එවකට පැවති යටිතල පහසුකම් සහ මූල්‍යමය ශක්තිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය පරාජයට පත් විය. එහෙත්, අපගේ ක්‍රිකට් පරිපාලකයින් සහ ක්‍රීඩකයින් කිසි විටෙකත් සිය සිහිනය අත්හැරියේ නැත. 1979 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායම් පරාජය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම ජයග්‍රහණ ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට සමත් විය.

ගාමිණී දිසානායකයන්ගේ අසමසම දායකත්වය

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා ගැනීමේ කඩඉම සාක්ෂාත් කරගැනීමේදී දිවංගත ගාමිණී දිසානායක මහතාගේ දායකත්වය අතිවිශාලය. 1981 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට පත් වූ ගාමිණී දිසානායක මහතා, ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා දීම සිය ප්‍රමුඛතම අරමුණ කර ගත්තේය.

ඔහුගේ විචක්ෂණ බුද්ධිය, පෞරුෂය, ව්‍යක්තභාවය, ක්‍රියාශීලීත්වය සහ දුරදර්ශී ප්‍රඥාව මේ සඳහා තීරණාත්මක විය. 1981 වසරේ ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවකදී ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් මහතා පෞද්ගලිකව හමුවී, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනයට ඔහුගේ සහය ලබා ගැනීමට ගාමිණී මහතා සමත් විය. සෝබර්ස් මහතා ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු කඳවුරු පැවැත්වීම, අපගේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනයට මහත් රුකුලක් විය.

ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේදී ගාමිණී දිසානායක මහතා කළ දේශනය ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා දීමේදී තීරණාත්මක සාධකයක් විය. ප්‍රේමසර ඈපාසිංහ මහතා සඳහන් කරන අන්දමට, ඔහුගේ සාරගර්භ දේශනයට අයි.සී.සී. නියෝජිතයෝ වශී වූහ. "මුහුදේ රළ මෙන් අලුත්වෙමින් නැඟුණු එකී ක්‍රිකට් හඬ හා උද්දාමය ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ රැව් පිළිරැව් දෙමින් අහස් කුසට විහිදුණේ සියලුම නියෝජිතයන් තම වසඟයට පත් කරමිනි." මෙම දේශනයෙන් පසු පාකිස්ථානයේ නියෝජිතයන් දෙදෙනා ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා දිය යුතු යැයි යෝජනාව ස්ථිර කළහ.

ටෙස්ට් වරම් සහ පූර්ණ සාමාජිකත්වය හිමිවීම

වසර ගණනාවක අරගලයකින් සහ ගාමිණී දිසානායක මහතාගේ අසමසම මෙහෙවරින් පසුව, 1981 ජූලි 21 වන දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් පිරිනමන ලදී. ඒ අනුව, ටෙස්ට් වරම් හිමි කරගත් 8 වන රට බවට ශ්‍රී ලංකාව පත් විය. මෙම දිනය අපගේ ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් විය. ටෙස්ට් වරම් ලැබීමත් සමඟම ශ්‍රී ලංකාවට අයි.සී.සී. හි පූර්ණ සාමාජිකත්වය ද හිමි විය.

ගාමිණී දිසානායක මහතා ක්‍රිකට් පරිපාලනයට පැමිණියේ ටෙස්ට් වරම් ලබා ගැනීමෙන් පමණක් සෑහීමකට පත් වීමට නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි. ඔහු ක්‍රිකට් මූලස්ථානයක් ඉදිකිරීමට මූලිකත්වය ගත් අතර, අස්ගිරිය ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමටද ක්‍රියා කළේය. එසේම, දිවයින පුරා ක්‍රිකට් දක්ෂතා හඳුනාගෙන, තරුණ ක්‍රීඩකයන්ට විදේශ පුහුණුව ලබා දීමට කටයුතු කිරීමද ඔහුගේ දැක්මෙහි කොටසක් විය.

පළමු ටෙස්ට් තරගය සහ ඉදිරි ගමන

ටෙස්ට් වරම් ලැබීමෙන් මාස කිහිපයකට පසු, 1982 පෙබරවාරි 17 වන දින කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී විය. බන්දුල වර්ණපුර ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා ලෙස ඉතිහාසයට එක් විය. මෙම තරගයෙන් කඩුලු 7කින් පරාජය වුවද, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව යුගයක ආරම්භය සනිටුහන් කළේය. 1985 වසරේදී ඉන්දියාවට එරෙහිව සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ගාමිණී දිසානායක මහතාගේ පූර්ණ සහයෝගය සහ දැක්ම නොතිබුණා නම්, ශ්‍රී ලංකාවට මෙතරම් ඉක්මනින් ටෙස්ට් වරම් සහ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට නොහැකි වන්නට ඉඩ තිබුණි. 1996 ලෝක කුසලානය දිනා ගැනීමෙන් ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රමුඛ බලවේගයක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ, ගාමිණී දිසානායක මහතා විසින් දමා ගිය ශක්තිමත් පදනම මතය. ඔහුගේ නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය සමඟ සදාකාලිකව බැඳී පවතිනු ඇත.

( මෙම සටහන ප්‍රියන්ත පෙරෙරා මහතාගේ " අතිතාවර්ජනා " ලිපියෙන් උපුටා ගන්නා ලදි )


Address

Colombo

Opening Hours

Monday 08:00 - 23:59
Tuesday 08:00 - 23:59
Wednesday 08:00 - 23:59
Thursday 08:00 - 23:59
Friday 08:00 - 23:59
Saturday 08:00 - 23:59
Sunday 08:00 - 23:59

Alerts

Be the first to know and let us send you an email when Green Voice Media Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Green Voice Media Network:

Share