Wulshi thanasha opatha

Wulshi thanasha opatha ගොක්කොල දර්ම ආසන ,පිරිත් මන්ඩප
coconut leaf ❤️

🚨 අම්පාරේ බුද්ධංගල සහ ගල්ඔය රක්ෂිතය මැදින් යන ප්‍රධාන අලි මංකඩ විනාශ කරන්න ලෑස්තියක්? 🐘🌾 💪අපි එකතු වෙමු අලි ඇතුන්  වෙනුව...
23/09/2026

🚨 අම්පාරේ බුද්ධංගල සහ ගල්ඔය රක්ෂිතය මැදින් යන ප්‍රධාන අලි මංකඩ විනාශ කරන්න ලෑස්තියක්? 🐘🌾

💪අපි එකතු වෙමු අලි ඇතුන් වෙනුවෙන් පෙල ගැසෙමු💪 අභය භූමික් හා ජාතික වන උද්‍යානයක් එකතු වෙන අලිමන්කඩක්
අපේ හඩ අවැසිම මොහොතක් 💪

අම්පාර දිස්ත්‍රික්කයේ බුද්ධංගල අභයභූමිය සහ ගල්ඔය ජාතික වනෝද්‍යානය අතරමැද පිහිටි, අලි-ඇතුන් 500-600ක් පමණ නිරන්තරයෙන් ගැවසෙන ප්‍රධාන අලි මංකඩ අසල අක්කර 80ක මහ වනාන්තරයක් එළිපෙහෙළි කරලා මහා පරිමාණ වී මෝල් ව්‍යාපෘතියකට පෞද්ගලික ආයෝජකයන්ට දෙන්න හදනවා කියන්නේ සැබෑවක්ද? ❌🌲

අම්පාරේ වෙනත් ඕනෑ තරම් හිස් ඉඩම් තියෙද්දී, අලි-ඇතුන් පාර මාරුවෙන, ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ මූවරංචු වෙසෙන මෙවැනි අතිශය සංවේදී පරිසර පද්ධතියක් විනාශ කරන්න හදන්නේ කාගේ උවමනාවටද? ⚠️

⚖️ නීතියෙන් පැහැදිලිවම කියන්නේ කුමක්ද?
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව:

1️⃣ හෙක්ටයාර් 1කට වැඩි වනාන්තරයක් වෙනත් වැඩකට යොදා ගැනීම
2️⃣ හෙක්ටයාර් 5කට වැඩි භූමියක් එළිපෙහෙළි කිරීම
3️⃣ ජාතික වනෝද්‍යානයක හෝ අභයභූමියක මායිමේ සිට මීටර් 100ක් ඇතුළත සිදුකරන ඕනෑම ව්‍යාපෘතියක්
"නියමිත ව්‍යාපෘති" (Prescribed Projects) ගණයට වැටේ!

එබැවින් මේ සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA) පිළියෙල කර, දින 30ක් මහජන අදහස් සඳහා විවෘත කර, නිසි පාරිසරික අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. කිසිදු නිලධාරියෙකුට හෝ ආයතනයකට මෙය EIA එකෙන් නිදහස් කිරීමට නීතිමය ඉඩක් නැත! 🛑

🔍 අපගේ මූලික ඉල්ලීම් සහ ක්‍රියාමාර්ග:

✅ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI Act):

මධ්‍යම පරිසර අධිකාරිය (CEA), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත RTI අයදුම්පත් යොමු කරමින් මේ පිටුපස සිටින ආයෝජකයින් සහ ලබා දී ඇති අනුමැතීන් මොනවාදැයි වහාම හෙළිදරව් කර ගැනීමට කටයුතු කරමු!

✅ නීතිමය ක්‍රියාමාර්ග (Litigation):

ජනතාවගේ මූලික අයිතිවාසිකම් (12(1) වගන්තිය) උල්ලංඝනය කරමින් සහ පාරිසරික පනත් උල්ලංඝනය කරමින් සිදුකරන මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිමය පියවර ගැනීමට පසුබට නොවෙමු!

✅ සොබාදහම රැකගැනීම සැමගේ වගකීමකි:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28(ඡ) වගන්තියට අනුව සොබාදහම සහ වනජීවීන් සුරැකීම අප සැමගේ මූලික යුතුකමකි.
අලි-මිනිස් ගැටුම තවත් උග්‍ර කරන, පරිසර පද්ධතිය වනසන මෙම ව්‍යාපෘතියට එරෙහිව සියලුම පරිසරවේදීන්, ප්‍රදේශවාසීන් සහ ජනතාව එකමුතුව හඬ අවදි කරමු! ✊

📌 මෙම තොරතුරු උපරිමයෙන් Share කර බලධාරීන්ගේ ඇස් අරවන්න එකතු වන්න!

- මධුශංක මල්ලවආරච්චි මහත්මයාගෙන් උපුටා ගන්නා ලදි

අම්මා තාත්තට සෙනෙහස තිබ්බා නම් නිවාසයකට දානවද, නෑනෙ මේ මනුස්සයා මුදලකට හරි කරේ අම්මා තාත්තා උන උබලටවත් කරන්න බැරි දෙයක්,
04/06/2026

අම්මා තාත්තට සෙනෙහස තිබ්බා නම් නිවාසයකට දානවද, නෑනෙ මේ මනුස්සයා මුදලකට හරි කරේ අම්මා තාත්තා උන උබලටවත් කරන්න බැරි දෙයක්,

උබ මේ වෙලාවෙ අසරණයි බන් ඉසුරු, උබේ ඇස් දෙකෙන් ඒක පේනවා 😪 උබ කොහොමද ඔය මිනිස්සුන්ට සැලකුවෙ කියලා මුලු රටම දන්නවා බන්,🙏  3...
04/06/2026

උබ මේ වෙලාවෙ අසරණයි බන් ඉසුරු, උබේ ඇස් දෙකෙන් ඒක පේනවා 😪 උබ කොහොමද ඔය මිනිස්සුන්ට සැලකුවෙ කියලා මුලු රටම දන්නවා බන්,🙏 35000 ගානෙ දුන්නා කියන උන් එකෙක්ට බැරි උනා ඒ ඒ මිනිස්සු බලාගන්න,උබ ඒක ලස්සන කරා ඒත් දැන් එනවා හෑලි කියාගෙන සනෙහස ගැන කතා කරන්න උන්ට දැන් තමා ලමයි මතක් වෙලා තියෙන්නෙ, උබට අසාදරනයක් වෙන්නෙ නෑ බන් උබ හොද මිනිහෙක්🙏

28/05/2026

දැඩිසත්කාර ඒකකයෙ ප්‍රතීකාර ලබන ඒ පුන්චි දරුවටත් එයාගෙ අම්මටත් ඉක්මන් සුවය පතමු, 🙏🙏🙏🙏🙏 මිය ගිය ඒ තාත්තත් එයාගෙ යාලුවටත් මතු උපදින භවයක මෙවන් අකල් මරනයක් නොවේවා

රෝහලේ ඉන්න අම්මටයි දරුවට ඉක්මන් සුවය පතමු🙏🙏🙏, මිය ගිය දෙදේනාට නිවන් සුවයම ලැබේවා
28/05/2026

රෝහලේ ඉන්න අම්මටයි දරුවට ඉක්මන් සුවය පතමු🙏🙏🙏, මිය ගිය දෙදේනාට නිවන් සුවයම ලැබේවා

😢💔 උපන්දිනය සැමරූ සතුට කඳුළක් කළ බුද්ධංගල මාරක රිය අනතුරඅහිංසක පියවරුන් දෙදෙනෙකුට නිවන් සුව පතමු!😪මැයි 26 වැනිදා රාත්‍රී...
28/05/2026

😢💔 උපන්දිනය සැමරූ සතුට කඳුළක් කළ බුද්ධංගල මාරක රිය අනතුර

අහිංසක පියවරුන් දෙදෙනෙකුට නිවන් සුව පතමු!😪

මැයි 26 වැනිදා රාත්‍රී 8:32 ට පමණ අම්පාර බුද්ධංගල මංසන්ධියෙන් ඇසුණු ඒ මහා ශබ්දය, අහිංසක පවුල් දෙකක මුළු අනාගතයම එකම මොහොතකින් අඳුරු කර දැමීය.😪

පසුගිය 25 වැනිදා සිය උපන්දිනය සමරා, ඊයේ රාත්‍රියේ තම බිරිඳ සහ කුඩා දියණිය සමඟ රාත්‍රී ආහාරය ලබා ගැනීමට ගිය දුලාංජන ඉමේෂ් සහ 1992 වසරේ උපන්, කුඩා දරුවෙකුගේ ආදරණීය පියෙකු වූ ත්‍රීරෝද රථ රියදුරු ක්‍රිස් චානක යන දෙදෙනාම බුද්ධංගල දෙසින් අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.😪

අනතුර සිදුකිරීමෙන් පසු ටිපර් රථය පළා ගියද, පොලිසියේ කඩිනම් ක්‍රියාත්මක වීම මත පැයකට පමණ පසු රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.😪😪

නමුත්, අනතුරින් බරපතළ තුවාල ලැබූ දුලාංජනගේ අහිංසක බිරිඳ සහ කුඩා දියණිය මේ වන විටත් අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙති😪😪😪.

ඇයට සහ ඒ කුඩා දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු! 🙏🙏🙏🙏

🚦 රිය පදවන ඔබ සැමට බලවත් අනතුරු ඇඟවීමකි!

ඔබ අත රැඳී ඇත්තේ සුක්කානමක් පමණක් නොව, මහා මාර්ගයේ යන තවත් අහිංසක මිනිසුන්ගේ සහ පවුල්වල ජීවිත බව මොහොතකටවත් අමතක නොකරන්න.🙏

අධික වේගය පාලනය කරගන්න.🙏

මාර්ග නීති සපුරා පිළිපදින්න.❤️

නිදිවැරීම හෝ විඩාව පවතින විට රිය පැදවීමෙන් වළකින්න.🙏

මහා මාර්ගයේදී සැමවිටම ඉවසීමෙන් කටයුතු කරන්න.❤️❤️

ඔබේ එක් කුඩා නොසැලකිලිමත්කමකින් තවත් පවුලක කඳුළු කතාවක් ලියැවෙන්නට ඉඩ නොතබන්න. එය සැමගේ වගකීමකි! 😪😪😪😪😪😪

24/05/2026

පැරණිගම හිගුරාන

24/05/2026

🙏🙏🙏🙏🙏

24/05/2026

මෙන්න වැඩක් 😀

24/05/2026

හිතන්නට යමක් අපිට

Address

Colombo

Telephone

0703654197

Website

Alerts

Be the first to know and let us send you an email when Wulshi thanasha opatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wulshi thanasha opatha:

Shortcuts

Share

Category